bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 17
Leviticus 17
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 18 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,
2
“ආරොන්ට ද ඔහුගේ පුත්රයන්ට හා මුළු ඉශ්රායෙල් ජනයාට ද කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙය අණ කළ සේක කියා පවසන්නැ’යි මෙසේ වදාළ සේක.
3
‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් ගොනෙකු හෝ බැටළු පැටවෙකු හෝ එළුවෙකු හෝ සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි උන් වහන්සේට පූජා කිරීමට සම්මුඛ මණ්ඩපයේ දොරකඩට නොගෙන, කඳවුර ඇතුළත හෝ ඉන් පිටත හෝ ඌ මරන්නේ නම්, ඔහු තමා වැගුරූ ලේ ගැන වගකිව යුතු ය. ඔහු ලේ සිඳ හෙළූ බැවින් සිය සෙනඟ කෙරෙන් ඔහු නෙරපාදැමිය යුතු ය.
4
***
5
මෙම නියෝගයේ තේරුම නම්, ඉශ්රායෙල් ජනයා යාග පූජා පිණිස එළිමහනේ මරන්නට පුරුදු ව සිටිය සතුන් සමිඳාණන් වහන්සේ වෙත රැගෙන යා යුතු බව ය. තවද, ඔවුන් එම සතුන් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටින පූජකවරයා වෙත ගෙනවුත්, සහභාගිකමේ පූජා වශයෙන් සමිඳාණන් වහන්සේට පිදීමට එහි දී උන් මැරිය යුතු ය.
6
පූජකවරයා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත ලේ ඉස, සතුන්ගේ ලේ සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන් දැවිය යුතු ය.
7
තවද, ඔවුන් යකුන් පසුපස ගොස් මට අවිශ්වාසවන්ත වී ඔවුන් වැළඳගෙන ඔවුන්ට පුද කළ පරිදි මින්පසු තවත් පූජා නොකළ යුතු ය. මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.
8
‘ඔබ ඔවුන්ට මෙසේ ද කියන්න, ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, දවන යාග පූජාවක් හෝ පඬුරක් හෝ සමිඳාණන් වහන්සේට පුදන්නේ නම්,
9
සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එය ගෙනා යුතු ය. එසේ නොකළොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.
10
‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, ලේ සහිත මාංස කෑමට ගතහොත්, එසේ කන තැනැත්තාට විරුද්ධ ව මාගේ මුහුණ හරවා ගනිමින් ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.
11
මන්ද, සත්ත්වයෙකුගේ ප්රාණය ඇත්තේ ලේවල ය. නුඹලාගේ පාපවලට, පූජාසනය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට මා නුඹලාට එය දී ඇත. පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන්නේ ලේ මඟිනි.
12
ඉශ්රායෙල්ගේ ජනයා අතර යමෙකුට වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙකුට වේවා, ලේ කෑමට ගැනීම මා තහනම් කර ඇත්තේ ඒ නිසා ය.
13
‘ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, කෑමට අවසර ඇති මෘගයෙකු හෝ පක්ෂියෙකු හෝ දඩයම් කර අල්ලා ගතහොත්, උගේ ලේ ගලා යන්නට හැර, එය පස්වලින් වසාදැමිය යුතු ය.
14
මන්ද, සෑම සත්ත්වයෙකුගේ ප්රාණය ඇත්තේ ලේවල ය. එබැවින් මම ඉශ්රායෙල් ජනයා අමතා, ‘ලේ සහිත කිසි ම මාංසයක් අනුභව නොකළ යුතු ය. සෑම සත්ත්වයෙකුගේ ප්රාණය රඳා ඇත්තේ එහි ඇති ලේ පිට ය. යමෙක් එවැන්නක් කන්නේ ද ඔහු නෙරපාදමනු ඇතැ’යි කීවෙමි.
15
‘ඉශ්රායෙල් ජාතිකයෙක් හෝ විදේශිකයෙක් හෝ වේවා, ඉබේ ම මැරුණු හෝ වන සතුන් විසින් මරාදමනු ලැබූ හෝ මෘගයෙකුගේ මාංස කෑවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්ර ය. ඉන්පසු පවිත්ර යයි සැලකෙනු ඇත.
16
ඔහු ඇඳුම් සෝදාගෙන ජලස්නානය නොකළොත්, තමාගේ වරද ගැන වගකිව යුතු ය.’ ”
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27