bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 7
Leviticus 7
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 8 →
1
“වන්දි ගෙවීමේ පූජාව පිළිබඳ නීතිය මේ ය: එය අතිශුද්ධ දෙයකි.
2
දවන යාග පූජාව පිණිස සතා මරන ස්ථානයේ දී වන්දි ගෙවීමේ පූජාව පිණිස ගත් සතා ද මැරිය යුතු ය. පසුව උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.
3
උගේ තෙල සම්පූර්ණයෙන් ම ද එනම්, උගේ වල්ගය ද අතුණු වසා ඇති තෙල ද
4
වකුගඩු දෙක ද ඒවා මත තුනටිය ළඟ ඇති තෙල ද අක්මාව පිට සිවිය ද වකුගඩු සමඟ ඉවතට ගත යුතු ය.
5
පූජකවරයා ඒවා පූජාසනය මත ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙය වන්දි ගෙවීමේ පූජාවකි.
6
පූජකවරුන් අතර සිටින සෑම පිරිමියෙකුට ම ඉන් වැළඳිය හැකි ය. එය වැළඳිය යුත්තේ ද ශුද්ධස්ථානයක ය. එය අතිශුද්ධ දෙයකි.
7
“පාප පූජාවට වලංගු නීතිය වන්දි ගෙවීමේ පූජාවට ද වලංගු වේ. පූජා ඔප්පු කරන පූජකවරයාට ඒවා අයිති ය.
8
යමෙකුගේ දවන යාග පූජාව පුදන පූජකවරයාට, ඔහු පිදූ සතාගේ හම අයිති ය.
9
උදුනක පිසූ ධාන්‍ය පූජාව මුළුමනින් ද කබලක හෝ තාච්චියක හෝ පිළියෙළ කළ සියල්ල ද පිදූ පූජකවරයාට අයිති ය.
10
තෙල් මිශ්‍ර සහ අමිශ්‍ර ධාන්‍ය පූජා සියල්ල ම ආරොන්ගේ පුත්‍රයන් සියලු දෙනා සම සේ බෙදාගත යුතු ය.”
11
“සමිඳාණන් වහන්සේට පිදිය යුතු සහභාගිකමේ පූජා පිළිබඳ නීතිය මේ ය:
12
යමෙක් ස්තුති දීමක් වශයෙන් එය පුදන්නේ නම්, ස්තුති දීමේ පූජාවක් සමඟ තෙල් මිශ්‍ර නුමුහුන් රොටි ද තෙල් ගෑ නුමුහුන් රොටි පෙති ද සිහින් පිටිවලින් බදින ලද තෙල් මිශ්‍ර රොටි ද පුද කළ යුතු ය.
13
තවද, රොටි සමඟ මුහුන් මිශ්‍ර රොටි ද තම පූජාවට එකතු කොට සහභාගිකමේ පූජාව සමඟ ස්තුති පූජාවක් වශයෙන් පුද කළ යුතු ය.
14
ඔහු සෑම රොටි වර්ගවලින් ම එක් කොටසක් බැගින් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. එය සහභාගිකමේ පූජාවට පිදූ සතාගේ ලේ ඉසින පූජකවරයාට අයිති ය.
15
ස්තුති දීම සඳහා සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය ඌ පුදන දවසේ දී ම වැළඳිය යුතු ය. ඉන් කිසිවක් පසුදින උදය දක්වා නොතැබිය යුතු ය.
16
“එහෙත්, පූජා කරන සතා පුදන්නේ භාරයක් හෝ ස්වේච්ඡා පූජාවක් හෝ වශයෙන් නම්, ඔහු එය පුදන දවසේ දී වැළඳිය යුතු ය. ඉන් ඉතිරි කොටස පසුදින ද වළඳන්නට පුළුවන.
17
එහෙත් ඌගේ මාංසයෙන් ඉතිරි වන කොටස තුන් වන දවසේ දී ගින්නේ දැවිය යුතු ය.
18
එහෙත්, යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය තුන් වන දවසේ දී වැළඳුවහොත්, ඔහුගේ පූජාව නොපිළිගනු ලැබේ. පූජාව පුදන තැනැත්තාට එයින් වන ආනිශංසයක් නැත. එය පිළිකුලක් වනු ඇත. එයින් වළඳන තැනැත්තා එය ගැන වගකිව යුතු ය.
19
අපවිත්‍ර යමකට ස්පර්ශ වන ඒ මාංසය නොවැළඳිය යුතු අතර එය ගින්නේ දැවිය යුතු ය. “ඉතිරි මාංසය ආගමික චාරිත්‍ර අනුව පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම වැළඳිය හැක.
20
එහෙත්, ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පිදූ සතාගේ මාංසය කෑවහොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.
21
තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.”
22
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,
23
“ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්න, ‘නුඹලා ගවයෙකුගේ හෝ බැටළුවෙකුගේ හෝ එළුවෙකුගේ හෝ තෙල කෑමට නොගත යුතු ය.
24
ස්වාභාවික ලෙස මැරුණු සතෙකුගේ හෝ වන මෘගයෙකු විසින් ඉරාදමනු ලබන සතෙකුගේ හෝ තෙල කිසි සේත් නොකෑ යුතු ය. එහෙත්, එය යම්කිසි ප්‍රයෝජනයකට ගත හැකි ය.
25
මිනිසුන් විසින් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ තෙල යමෙක් කන්නේ ද, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.
26
නුඹ වසන කිසිම තැනක පක්ෂියෙකුගේ වේවා, මෘගයෙකුගේ වේවා ලේ කෑමට නොගත යුතු ය.
27
යමෙක් ලේ කෑමට ගන්නේ ද ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ ය’ ”යි වදාළ සේක.
28
නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
29
“ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙක් සහභාගිකමේ පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ ද, ඔහු ඉන් කොටසක් දීමනාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
30
ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාව ඔහු සිය අතින් ම ගෙනා යුතු ය. ඔහු සතාගේ ළපැත්ත සමඟ තෙල ද ගෙනවුත්, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
31
පූජකවරයා පූජාසනය මත තෙල දැවිය යුතු ය. සතාගේ ළපැත්ත ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ.
32
සහභාගිකමේ පූජාවේ විශේෂ පඬුරක් වශයෙන් සතාගේ දකුණු ගාතය නුඹ පූජකවරයාට දිය යුතු ය.
33
ආරොන්ගේ පුත්‍රයන් අතරෙන් සහභාගිකමේ පූජාවේ සතාගේ ලෙය සහ තෙල පුදන තැනැත්තාට තම කොටස වශයෙන් දකුණු ගාතය හිමි වේ.
34
මෙලෙස මම ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජා පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත කළ සතුන්ගේ ළපැත්ත සහ විශේෂයෙන් පිදූ දකුණු ගාතය පූජක ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට දෙමි. මෙය ඉශ්රායෙල් ජනයා අතර සදහට ම වලංගු නියෝගයකි.”
35
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිල තනතුරේ සමිඳාණන් වහන්සේට සේවය කරනු පිණිස ඉදිරිපත් කොට, ඔවුන් ආලේප කළ දවසේ දී ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවලින් ඔවුන්ට හිමි කොටස මෙය වේ.
36
මෝසෙස් ඔවුන් ආලේප කරන දවසේ දී ඉශ්රායෙල් ජනයා ඔවුන්ට දිය යුතු ලෙස සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ දේ මේ ය. තවද, මෙය ඔවුන්ගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.
37
දවන යාග පූජාව හා ධාන්‍ය පූජාව ද පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව ද ආලේප කිරීමේ හා සහභාගිකමේ පූජාව ද පිළිබඳ නීතිය මේ ය.
38
සීනයි පාළුකරයේ සීනයි කන්ද මත සමිඳාණන් වහන්සේට පූජා පිදීමට ඉශ්රායෙල් ජනයාට මෝසෙස් නියම කළ දවසේ දී උන් වහන්සේ ඔහුට අණ කෙළේ එසේ ය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27