bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 15
Leviticus 15
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 16 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින්,
2
“ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙකුගේ ශරීරයෙන් පුරුෂ ධාතු මෝචනය වේ නම්, ඔහු අපවිත්‍ර කෙනෙකි.
3
ඔහුගේ ශරීරයෙන් පුරුෂ ධාතු පිට වී ගියා වේවා, එය එහි රැඳී තිබුණා වේවා, එවැන්නක් ඔහුට අපවිත්‍රකමක් ලෙස සලකනු ඇත.
4
එවැන්නෙකු සයනය කරන හැම යහනක් ම අපවිත්‍ර ය, වාඩි වන හැම අසුනක් ම අපවිත්‍ර ය.
5
යමෙකු එවැන්නෙකුගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.
6
එවැන්නෙකු වාඩි වූ අසුනක යමෙකු වාඩි වුණොත්, මොහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. මොහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.
7
යමෙකු එවැන්නෙකුගේ ඇඟ ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍රය යයි සැලකෙනු ඇත.
8
එවැන්නෙකු පවිත්‍ර යයි සැලකෙන යමෙකුට කෙළ ගැසුවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.
9
එවැන්නෙකු නැඟී යන සෑදලය අපවිත්‍ර ය.
10
එවැන්නෙකු වාඩිගත් ආසනයක් යමෙකු ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර ය. යමෙකු එවැන්නෙකු වාඩිගත් යමක් උස්සාගෙන ගියොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
11
මෝචනය ඇති කෙනෙකු වතුරෙන් අත් නොසෝදා, වෙන කෙනෙකු ස්පර්ශ කළොත්, ඒ තැනැත්තා තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
12
එවැන්නෙකු මැටි බඳුනක් ස්පර්ශ කළොත්, එය බිඳදැමිය යුතු ය. එසේ ම එවැන්නෙකු ස්පර්ශ කරන සෑම ලී බඳුනක් ම වතුරෙන් සේදිය යුතු ය.
13
“අධික මෝචනය ඇති කෙනෙකු ඉන් සුව වූ විට, හත් දිනක් ගත වූ පසු ඔහු තම ඇඳුම් සෝදාගෙන, ගලා බසින පිරිසිදු වතුරෙන් ස්නානය කළ විට පවිත්‍ර වනු ඇත.
14
අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත පැමිණ ඒවා පූජකවරයාට දිය යුතු ය.
15
පූජකවරයා එක පඬුරක් පාප පූජාවක් සඳහා ද අනික දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කළ යුතු ය. මෙලෙස ඔහු ඔප්පු කරමින් ඒ තැනැත්තාගේ මෝචනය උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කළ යුතු ය.
16
“යම් පුරුෂයෙකුට ධාතු මෝචනය ඇති වුවහොත්, ඔහු ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
17
පුරුෂ ධාතු වැටුණු සෑම වස්ත්‍රයක් ම, සෑම සම් පිළියක් ම වතුරෙන් සේදිය යුතු ය. ඒවා සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
18
පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කළ පසු, දෙදෙනා ම ජලස්නානය කළ යුතු ය. සවස දක්වා ඔවුන් අපවිත්‍ර වනු ඇත.
19
“යම්කිසි ස්ත්‍රියකට මාසික ඔසප් වීම වූ විට ඈ හත් දිනක් අපවිත්‍ර වී සිටින්නී ය. යමෙකු ඈ ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.
20
ඇගේ ඔසප් වීමේ කාලයේ දී ඈ සයනය කරන, වාඩි වන, සෑම බඩුවක් ම අපවිත්‍ර වේ.
21
යමෙකු ඇගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු වේ. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
22
යමෙකු ඈ වාඩි වූ අසුනක් ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
23
යමෙකු ඇගේ යහන වේවා, ඈ වාඩි වූ ඕනෑ ම දෙයක් වේවා, ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
24
ඒ කාලය තුළ දී යම් පුරුෂයෙකු ඈ සමඟ සයනය කර ඇගේ අපවිත්‍රතාවය ඔහු පිටට පැමිණියහොත්, ඔහු හත් දිනක් අපවිත්‍ර වේ. ඔහු සයනය කරන යහන ද අපවිත්‍ර වනු ඇත.
25
“යම්කිසි ස්ත්‍රියකගේ ඔසප් වීමේ නියමිත කාලයෙන් පිට දින ගණනාවක් තුළ ද නියම කාලයෙන් පසු ද පවා ලේ ගලා යාම වුවහොත්, ඒ මුළු කාලය තුළ ම, ඇගේ ඔසප් වීමේ කාලයේ මෙන් ම, ඈ අපවිත්‍ර වන්නී ය.
26
ඒ මුළු කාලය තුළ ම, ඈ සයනය කරන සෑම යහනක් ම, වාඩි වන සෑම අසුනක් ම, ඇගේ ඔසප් වීමේ කාලය තුළ දී මෙන් අපවිත්‍ර වනු ඇත.
27
යමෙක් ඒ බඩු භාණ්ඩ ස්පර්ශ කරන්නේ ද ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
28
එහෙත්, ඇගේ ඒ ලේ ගලා යාම සුව වී හත් දිනකට පසු, ඈ පවිත්‍ර වනු ඇත.
29
අට වන දින ඈ කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත ගෙනා යුතු ය.
30
පූජකවරයා එක පූජාවක් පාප පූජාව පිණිස ද අනික් පූජාව දවන යාග පූජාවක් පිණිස ද ඔප්පු කළ යුතු ය. මෙසේ ඔහු ඇගේ ලේ ගලා යෑමෙන් පවිත්‍ර කිරීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කරන්නේ ය.
31
“මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර ඇති මාගේ මණ්ඩපය ඔවුන් කෙලෙසා, ඔවුන්ගේ අපවිත්‍රකම් නිසා ඔවුන් නොමැරෙන පිණිස, නුඹ ඔවුන්ට මේ අපවිත්‍රකම් ගැන උපදෙස් දිය යුතු ය.
32
“මේ දක්වන ලදුයේ, යමෙකුට මෝචනය ඇති වන කල ද පුරුෂ ධාතු මෝචනය වීමෙන් කෙලෙසෙන විට ද
33
ඔසප් වීමෙන් කාන්තාවන් අපවිත්‍ර වන විට ද පුරුෂයෙකුට මෝචනය වන විට ද ස්ත්‍රියකට ලේ ගලා යාම ඇති වන විට ද අපවිත්‍ර යයි සැලකෙන, ස්ත්‍රියක සමඟ සේවනයෙහි යෙදෙන කෙනෙකු පිළිබඳ ව ද වලංගු නීති වේ.”
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27