bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 25
Leviticus 25
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 26 →
1
සමිඳාණන් වහන්සේ සීනයි කන්දේ දී මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න: මා නුඹලාට දෙන්නට යන දේශයට පැමිණි කල, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස එම දේශයට සබත් විවේකයක් දිය යුතු ය.
3
අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය.
4
එහෙත්, හත් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උදෙසා දේශයට ශුද්ධ සබත් විවේකයක් දිය යුතු ය. ඒ අවුරුද්දේ නුඹලා නොවපුළ යුතු ය. මිදි වතුවල අතු නොපෑහිය යුතු ය.
5
ඉබේ ම වැඩෙන අස්වැන්න ද නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වැල්වල පල රැස් නොකළ යුතු ය. එය දේශයට ද දෙන අවුරුද්දක නිවාඩුවකි.
6
වගා නොකළ කෙත් වතුවලින් නුඹලාට ද නුඹලාගේ දැසිදසුන්ට ද කුලීකරුවාට ද නුඹලා සමඟ සිටින විදේශිකයාට ද
7
නුඹේ ගවයන්ට ද ඉඩම්වල සිටින මෘගයන්ට ද ආහාර ලැබෙනු ඇත. වගා නොකළ කෙත් වතුවලින් ඇති වන සියල්ල නුඹලාට කෑ හැකි ය.”
8
“අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත.
9
එවිට හත් වන මාසයේ දහ වන දින, එනම්, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දින, මුළු රට පුරා හොරණෑව රැව් පිළිරැව් දීමට සැලැස්විය යුතු ය.
10
මෙලෙස නුඹලා පණස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය.
11
පණස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය.
12
එය ජුබිලියක් බැවින්, එය නුඹලාට ශුද්ධ වර්ෂයක් විය යුතු ය. නුඹලා වගා නොකළ කෙත්වලින් ලැබෙන අස්වැන්න නුඹලාට කන්නට පුළුවන.
13
“මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය.
14
එබැවින් නුඹලා තවත් ඉශ්රායෙල් ජාතිකයෙකුට යමක් විකුණන විට හෝ ඔහුගෙන් යමක් මිලට ගන්න විට හෝ ඔහු සමඟ අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතු ය.
15
ජුබිලියෙන් පසු යමක් කෙනෙකුගෙන් මිල දී ගන්න විට, එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ඊළඟ ජුබිලිය දක්වා පලදාව ලබාගන්නට පුළුවන් අවුරුදු ගණන අනුව ය.
16
අවුරුදු ගණන වැඩි නම්, මිල වැඩි විය යුතු ය. අවුරුදු ගණන අඩු නම්, මිල අඩු විය යුතු ය. මන්ද, විකුණනු ලබන්නේ අස්වනු ගණන බැවිනි.
17
එබැවින් නුඹලා එකිනෙකාට වංචා නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”
18
“නුඹලා මාගේ නීති සහ විනිශ්චයයන් පිළිපදිමින් ඒවා ඉටු කරන්න. එවිට නුඹලා දේශයේ සුරැකි ව වසනු ඇත.
19
දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය.
20
හත් වන අවුරුද්දේ දී වපුරන්නේ වත්, පලදාව එකතු කරන්නේ වත් නැති බැවින් එම අවුරුද්දේ දී අපි කුමක් කන්නෙමු ද කියා කෙනෙකුට ඇසිය හැකි ය.
21
හය වන අවුරුද්දේ දී තුන් අවුරුද්දක ආශීර්වාදය ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා වෙත පැමිණීමට මම අණ කරමි.
22
අට වන අවුරුද්දේ නුඹලා වපුරන විට නව වන අවුරුද්ද දක්වා කලින් ලැබූ පලදාව නුඹලාට අනුභව කළ හැකි ය. මෙසේ ඒ අවුරුද්දේ අස්වැන්න නෙළන තෙක් නුඹලාට කෑමට කලින් ලැබුණු පලදාව ප්‍රමාණවත් වේ.”
23
“දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.
24
“ඉඩකඩම් විකුණන විට ඒවා ආපසු මිල දී ගැනීමට මුල් හිමිකරුගේ අයිතිය පිළිගත යුතු ය.
25
යමෙකු දිළිඳු තත්ත්වයට පත් ව, ඔහුගේ ඉඩකඩම් විකුණන්නට ඔහුට සිදු වී නම්, ඔහුගේ කිට්ටු ම නෑයෙකු ඉදිරියට අවුත්, ඒ තැනැත්තා විකුණූ ඉඩකඩම් ඔහුට මිල දී ආපසු ගත හැකි ය.
26
එහෙත්, යමෙකුට ඒවා මිල දී ගැනීමට කිට්ටු නෑයෙකු නැති වුවත්, ඒ තැනැත්තා පසුව ධනවත් ව මිල දී ගැනීමට සෑහෙන වත්කමක් ලබන්නට පුළුවන.
27
එවැනි අවස්ථාවක දී ඔහු විකුණූ දා සිට අවුරුදු ගණන ගණන් කොට, ඊළඟ ජුබිලිය දක්වා තිබෙන අවුරුදු ගණන අනුව, ඒවා මිල දී ගත් තැනැත්තාට ආපසු ගෙවා තම ඉඩකඩම් ආපසු ලබා ගන්නේ ය.
28
එහෙත්, ඔහුට මිල දී ගන්නට නොහැකි නම්, එය ජුබිලි වර්ෂය වන තෙක් ඊට මුදල් ගෙවූ තැනැත්තාට අයිති ය. ජුබිලි වර්ෂයේ දී නැවත එය පළමු අයිතිකාරයා සතු වන්නේ ය.
29
“යමෙකු පවුරකින් වට කළ නගරයක වූ නිවාසයක් වික්කොත්, විකුණූ දින සිට සම්පූර්ණ පළමු අවුරුද්ද තුළ දී ආපසු මුදල් ගෙවා එය ගත හැකි ය.
30
එහෙත්, සම්පූර්ණ අවුරුද්ද ඇතුළත දී ඔහු මුදල් ගෙවා ආපසු නොගතහොත්, එය මිල ගෙවා ගත් තැනැත්තාටත්, ඔහුගේ පරපුරටත් සදහට ම අයිති වේ. ජුබිලි වර්ෂයේ දී ද අයිතිය ආපසු මාරු නොවනු ඇත.
31
එහෙත්, පවුරුවලින් වට නො වූ ග්‍රාමවල ඇති නිවාස නම්, කෙත්වතු සමඟ ගණන් ගත යුතු වේ. මුදල් ගෙවා ඒවා ආපසු ගත හැක, ජුබිලි වර්ෂයේ දී ඒවායේ අයිතිය මාරු වනු ඇත.
32
එහෙත් ලෙවීවරුන්ට නම්, ඔවුන්ගේ නගරවල පිහිටි නිවාස කැමැති වේලාවක මුදල් ගෙවා ආපසු හිමි කරගත හැක.
33
ලෙවී කෙනෙකු විසින් විකුණන ලද පවුරුවලින් වට වූ නගරයක ඇති නිවාසයක් මුදල් ගෙවා ආපසු නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී එය ආපසු ඔහුට දිය යුතු ය. මන්ද, නගරවල පිහිටි ලෙවීවරුන්ගේ නිවාස, ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට සදහට ම අයිති වේ.
34
එහෙත්, ලෙවීවරුන්ගේ නගර වට කර ඇති තණ බිම් නම්, කවරදා වත් නොවිකිණිය යුතු ය. ඒවා ඔවුන්ට සදහට ම අයිති වනු ඇත.”
35
“යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිළිඳු බවට පත් වී, තමා නඩත්තු කරගැන්මට නොහැකි වේ නම්, ඔහුට නුඹලා සමඟ ජීවත් වීමට හැකි වන ලෙස, නුඹලා විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ ආධාර කරන්නා සේ ඔහුට ද ආධාර කළ යුතු ය.
36
ඔහුගෙන් පොළියක් හෝ ලාභයක් හෝ නොගත යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. එවැන්නෙකුට නුඹලා සමඟ ජීවත් වීමට ඉඩ හරින්න.
37
නුඹලා ඔහුට පොළියට මුදල් නොදිය යුතු ය. ලාභ අල්ලාගෙන ඔහුට ආහාර නොවිකිණිය යුතු ය.
38
කානාන් දේශය නුඹලාට දෙනු පිණිසත්, නුඹලාගේ දෙවියන් වහන්සේ වනු පිණිසත්, මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”
39
“යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිළිඳු බවට පත් වී, ඔහු තමා ම නුඹලාට විකුණාගනු ලැබුවහොත්, වහලෙකු මෙන් මෙහෙ කිරීමට ඔහුට බල නොකළ යුතු ය.
40
එහෙත්, කුලීකරුවෙකු මෙන් ද ආගන්තුකයෙකු මෙන් ද ඔහුට නුඹලා සමඟ විසිය හැක. ජුබිලි වර්ෂය දක්වා ඔහු නුඹලාට මෙහෙ කළ යුතු ය.
41
එවිට ඔහු ද ඔහුගේ දරුවන් ද නුඹලාගෙන් පිට වී, තමාගේ පවුලට හා පියාගේ උරුමයට ආපසු යනු ඇත.
42
මා විසින් මිසර දේශයෙන් පිටතට ගෙනෙන ලද මාගේ මෙහෙකරුවෝ ඔව්හු ය. එබැවින් වහලුන් මෙන් ඔවුන් නොවිකිණිය යුතු ය.
43
දැඩි ලෙස ඔවුන් පාලනය නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට නුඹලා ගරුබිය පෑ යුතු ය.
44
නුඹලාට වහල් දැසිදසුන් අවශ්‍ය නම්, නුඹලා අවට සිටින විජාතීන්ගෙන් නුඹලා එවැන්නන් මිල දී ගත යුතු ය.
45
නුඹලා අතර වසන විදේශිකයන්ගේ දරුවන් නුඹලාට මිල දී ගත හැක. නුඹලාගේ රටෙහි උපදින මෙවැන්නන් නුඹලාට උරුම වනු ඇත.
46
තවද, නුඹලාගෙන් පසු නුඹලාගේ දරුවන්ට ද ඔවුන් උරුම කොට හිමි කර දෙන්නට පුළුවන. ඔවුන් සදහට ම නුඹලාගේ වහලුන් වනු ඇත. එහෙත්, නුඹලාගේ ජාතිකයන් වන ඉශ්රායෙල් ජනයා දැඩි ලෙස පාලනය නොකළ යුතු ය.
47
“නුඹලා සමඟ සිටින තාවකාලික ව වසන්නෙකු හෝ විදේශිකයෙකු හෝ පොහොසත් වන අතර, ඉශ්රායෙල් ජාතිකයෙකු දුගී බවට පත් වී, ඔහු විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ විදේශිකයෙකුගේ පරපුරෙන් පැවතෙන යමෙකුට හෝ තමා ම විකුණාගතහොත්
48
නුඹලාට ඔහු ආපසු මිල දී ගත හැකි ය. ඔහුගේ සහෝදරයෙකුට හෝ
49
ඔහුගේ මාමාට හෝ මාමාගේ පුතුට හෝ තම පවුලේ කිට්ටු නෑයෙකුට හෝ මුදල් ගෙවා ඔහු ආපසු ගත හැක. ඔහුට වත්කමක් තිබේ නම්, මුදල් ගෙවා තමාට ම නිදහස ලබාගත හැකි ය.
50
ඔහු තමා මිල දී ගත් තැනැත්තා සමඟ එකඟ වී, තමා ම විකුණාගත් දින සිට ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කළ යුතු ය. පසුව ඔහුට නිදහස දීම සඳහා ගෙවිය යුතු මිල නියම කළ යුත්තේ, කුලීකරුවෙකුට ගෙවන වේතනය අනුව ය.
51
ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන බොහෝ නම්, ඒ අවුරුදු ගණන අනුව මිල දී ගත් මුදලින් කොටසක් නිදහස දීමේ දී ඔහුට ආපසු ගෙවිය යුතු ය.
52
අවුරුදු ගණන ස්වල්ප නම්, ඒ අවුරුදු ගණන අනුව මුදලින් කොටසක් ආපසු ගෙවිය යුතු ය.
53
තවද, ගෙවිය යුතු මුදල ගණන් ගත යුත්තේ කුලීකරුවෙකුට අවුරුදුපතා ගෙවන වේතනය අනුව ය, ඔහුගේ ස්වාමියා ද දැඩි ලෙස ඔහු පාලනය නොකළ යුතු ය.
54
මේ කාලය ඇතුළත දී ඔහු නිදහස ලබා නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී ඔහුත්, ඔහුගේ දරුවනුත් නිදහස ලැබිය යුතු ය.
55
මන්ද, ඉශ්රායෙල් ජනයා මාගේ වහල්ලු වන්නෝ ය. මා මිසර දේශයෙන් පිටතට ගෙනා ඔව්හු මාගේ වහල්ලු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 26 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27