bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 11
Leviticus 11
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 12 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින් ඔවුන්ට කතා කොට,
2
“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මිහි පිට සිටින සියලු මෘගයන් අතරෙන් නුඹලාට කන්නට සුදුසු සත්තු නම් මොවුහු ය.
3
කුරය දෙකට බෙදී, වෙන් ව තිබෙන, වමාරා කන මෘගයන් කෑමට සුදුසු ය.
4
එහෙත්, වමාරා කන හෝ කුරය දෙකට බෙදී ඇති හෝ පහත දක්වන මෘගයන් ඔබ නොකෑ යුතු ය. එනම්, ඔටුවා වමාරා කන නමුත් උගේ කුර දෙකට බෙදී නැත. ඌ අපවිත්‍ර සතෙකු ලෙස සැලකිය යුතු ය.
5
පොළොවේ බෙන් හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.
6
හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.
7
ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.
8
ඉහත දැක්වූ සතුන්ගේ මස් නොකෑ යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතු ය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.
9
“තවද, ජලජ සතුන්ගෙන් පහත දක්වන සත්තු නුඹලාට කන්නට සුදුසු ය. මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ වසන වරල් සහ කොරපොතු සහිත උන් නුඹලාට කෑමට සුදුසු ය.
10
එහෙත්, මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ හැසිරෙන අනෙක් ජලජ සතුන් අතර වරල් හා කොරපොතු රහිත උන් නුඹලා පිළිකුල් කොට සැලකිය යුතු ය.
11
නුඹලා උන් පිළිකුල් කොට, උන්ගේ මාංස නොකෑ යුතු ය. තවද, නුඹලා උන්ගේ මළකුණු පවා පිළිකුල් කළ යුතු ය.
12
නුඹලා වරල් හා කොරපොතු රහිත ජලජ සතුන් පිළිකුල් කළ යුතු ය.
13
“තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් නොකෑ යුතු ය; පිළිකුල් කළ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා;
14
සාමාන්‍ය උකුස්සා, නා නා විධ කුරුළුගොයි;
15
නා නා විධ කපුටුවෝ සියල්ල;
16
පැස්බරා, රෑ උකුස්සා, මූදු ලිහිණියා, නා නා විධ වෙනත් උකුස්සෝ;
17
බස්සා, දියකාවා, බකමූණා;
18
උලමා, කරවැල්කොකා, ගිජු ලිහිණියා;
19
මානකොකා, නා නා විධ වෙනත් කොක්කු, හුපුවා සහ වවුලා වෙත්.
20
“පියාපත් සහිත, පා හතරින් ඇවිදින සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය.
21
එහෙත්, පා හතරින් බිම පැන පැන යන, දිග කකුල් ඇති පහත දක්වන සත්තු නුඹලාට කෑමට සුදුසු ය.
22
එනම්, නා නා විධ පළඟැටි ගිරව්, නා නා විධ රැහැයියන්, නා නා විධ වාලුකා පළඟැටි ගිරව් කෑමට සුදුසු ය.
23
එහෙත්, පා හතරින් යන, පියාපත් සහිත අන් සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය.
24
“පහත දක්වන සතුන් නිසා නුඹලා අපවිත්‍ර වන්නහු ය; උන්ගේ මළකුණු ස්පර්ශ කරන කවරෙක් නමුත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.
25
තවද, යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු සිය වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.
26
කුර ඇති නමුත් ඒවා නොබෙදී ඇති නම්, හෝ වමාරා නොකන හෝ සියලු මෘගයන්ගේ මළකුණු අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා ස්පර්ශ කරන සියල්ලෝ අපවිත්‍ර වෙති.
27
පා සතරින් ඇවිදින සියලු වර්ගවල සතුන් අතර පතුල් තබා යන සතුන් අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.
28
යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ. නුඹලා උන් අපවිත්‍ර සතුන් ලෙස සැලකිය යුතු ය.
29
“බිම බඩගා යන සතුන් අතර පහත දක්වන සතුන් අපවිත්‍ර ලෙස නුඹලා සැලකිය යුතු ය. උන් නම්, නා නා විධ මුගටි, මීයෝ, ඉබ්බෝ;
30
හිකනැල්ලු, කටුස්සෝ, හූනෝ, ගොළුබෙල්ලෝ සහ වැලි මීයෝ වෙත්.
31
බඩගා යන සතුන් අතර මොවුහු නුඹලාට අපවිත්‍ර ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.
32
උන්ගේ මළකුණු යම් දෙයක් පිට වැටුණොත්, එය ලී භාජනයක් වේ වා, වස්ත්‍රයක් වේ වා, හමක් වේ වා, මල්ලක් වේ වා, භාවිතයට ගන්න ඕනෑ ම බඳුනක් වේ වා ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා වතුරේ දැමිය යුතු අතර ඒවා සවස දක්වා අපවිත්‍ර වේ. ඉන්පසු ඒවා පවිත්‍ර ලෙස සැලකිය යුතු ය.
33
උන්ගේ මළකුණක් මැටි බඳුනකට වැටුණොත්, එහි තිබෙන සියල්ල අපවිත්‍ර වනු ඇත. එය ද බිඳ දැමිය යුතු ය.
34
කෑමට අවසර ඇති යම් ආහාරයක් පිට එවැනි බඳුනකින් වතුර වැටුණොත් ඒ ආහාර අපවිත්‍ර වනු ඇත. එවැනි බඳුනකින් බොන සියලු බීම ද අපවිත්‍ර වන්නේ ය.
35
උන්ගේ මළකුණුවලින් කිසිවක් යම් දෙයක් පිට වැටේ ද, එය උදුනක් වේ වා, වළං මැස්සක් වේ වා, ඒවා කඩාදැමිය යුතු ය. ඒවා අපවිත්‍ර ය. නුඹලා ද ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.
36
එහෙත් උල්පත්, තටාක හා ජලය ඇති වෙනත් ස්ථාන ද පවිත්‍ර යයි සැලකිය යුතු ය. එහෙත්, උන්ගේ මළකුණු ස්පර්ශ වන අන් සියල්ල අපවිත්‍ර ය.
37
තවද, උන්ගේ මළකුණුවලින් යමක් බිත්තර වී පිට වැටුණත් ඒවා පවිත්‍ර ය.
38
එහෙත්, ඒ බීජ පිට වතුර වත් කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒවා පිට වැටුණොත් ඒවා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.
39
“නුඹලාට කෑමට අවසර ඇති යම් මෘගයෙකු මළ පසු යමෙකු උගේ මළකුණ ස්පර්ශ කළොත්, සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි.
40
යමෙකු ඒ මළ සතාගේ මස් කෑවොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි. තවද, යමෙකු උගේ මළකුණ උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටිනු ඇත.
41
“බිම බඩගා යන සියලු සත්තු පිළිකුල් ය. උන් නොකෑ යුතු ය.
42
බඩගා යන සියලු සතුන්, පා හතරෙන් ඇවිදින සියලු සතුන් හා බඩගා යන සතුන් අතර බොහෝ පා ඇති සතුන් නුඹලා නොකෑ යුතු ය. උන් පිළිකුල් කොට සැලකිය යුතු ය.
43
තවද, නුඹලා බඩගා යන කොයි යම් සතෙක් වත් කෑමෙන් පිළිකුල් නොවී, අපවිත්‍ර නොවී සිටිය යුතු ය. උන්ගෙන් දූෂණය නොවිය යුතු ය.
44
මන්ද, මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද කැප වී ශුද්ධ විය යුතු ය. එබැවින් නුඹලා බිම බඩගා යන කොයි යම් සතෙකු වත් කෑමෙන් දූෂණය නොවිය යුතු ය.
45
නුඹලාගේ දෙවියන් වහන්සේ වනු පිණිස, නුඹලා පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද ශුද්ධ විය යුතු ය.
46
“මෘගයන් හා පක්ෂීන් ද ජලයේ හැසිරෙන සියලු ජලජ සතුන් හා බිම බඩගා යන සියලු සතුන් ද පිළිබඳ ව වලංගු නීතිය මෙය වේ.
47
මෙහි අදහස නම්, අපවිත්‍ර දේ හා පවිත්‍ර දේ පිළිබඳ ව ද කෑමට සුදුසු හා නුසුදුසු මෘගයන් පිළිබඳ ව ද නුඹලා වෙනසක් කළ යුතු බව ය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27