bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 5
Leviticus 5
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 6 →
1
“යමෙක් සාක්ෂිකරුවෙකු වී සිටිය දී උසාවියේ ප්‍රසිද්ධ දිවුරුම් වචන ඇසූ පසුත්, ඒ පිළිබඳ ව තමා දුටු කරුණු හෝ දත් කරුණු හෝ නොදන්වන්නේ නම්, ඔහු ඒ ගැන වගකිව යුතු ය.
2
යමෙකු නොදැනුවත්කමින් ආගමික පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සැලකෙන හීලෑ සතෙකුගේ, වන සතෙකුගේ හෝ බඩගා යන අපවිත්‍ර සතෙකුගේ මළකඳක් ස්පර්ශ කළොත්, ඔහු එය දැනගත් කල අපවිත්‍ර වී වරදකරුවෙක් වන්නේ ය.
3
යමෙකු නොදැනුවත්කමින් ආගමික පිළිවෙත් අනුව මනුෂ්‍යයෙකු කෙලෙසන යම්කිසි අපවිත්‍ර දෙයක් ස්පර්ශ කළොත්, ඔහු එය දැනගත් කල වරදකරුවෙක් වන්නේ ය.
4
යමෙකු නොදැනුවත්කමින් හොඳක් හෝ නපුරක් හෝ කරන්නට වචනයෙන් දිවුරා යමක් ගැන අනිසි ලෙස භාරයක් වුවහොත්, ඔහු එය දැනගත් කල වරදකරුවෙක් වන්නේ ය.
5
“ඉහත දැක්වූ කරුණුවලින් එකක් ගැන යමෙකු වරදකරුවෙකු වූ කල ඔහු තමා කළ පාපය උච්චාරණය කළ යුතු ය.
6
තවද, ඔහු තමා වරදකරුවෙකු කළ පාපය වෙනුවට සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාවක් පිණිස රැළෙන් ගැහැණු සතෙකු වන එළු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ ගෙනා යුතු ය. පූජකවරයා ද ඔහු කළ පාපයට සමාව අයැදිනු ඇත.
7
“එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි.
8
පූජකවරයා වෙත උන් ගෙනා පසු ඔහු පළමුවෙන් පාප පූජාව ඔප්පු කරමින්, උගේ බොටුව මිරිකා, හිස වෙන් නොකොට
9
උගේ ලෙයින් ස්වල්පයක් පූජාසනයේ පැත්තට ඉසිය යුතු ය. ඉතිරි ලේ පූජාසනයේ පාමුල වත් කළ යුතු ය. මෙය පාප පූජාවකි.
10
දෙ වන සතා ද සිරිත් ප්‍රකාර දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙලෙස ඒ තැනැත්තා කළ පාපයට පූජකවරයා කමාව අයැදින කල, එය ඔහුට කමා කරනු ලැබේ.
11
“තවද, ඔහුට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනෙන්නට වත්කම නැති නම්, ඔහු තමා කළ පාපය වෙනුවට පාප පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ගෙනා යුතු ය. ඔහු එය මත තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. මන්ද, එය පාප පූජාවකි.
12
ඔහු පූජකවරයා වෙත එය ගෙනා විට පූජකවරයා එයින් අහුරක් ගෙන, සිහිවීමේ කොටස වශයෙන් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් මෙන් එය පූජාසනයේ දැවිය යුතු ය. මෙය පාප පූජාවකි.
13
මෙලෙස ඉහත දැක්වූ කරුණුවලින් යමකට විරුද්ධ ව යමෙකු කළ පාපයට පූජකවරයා පව් කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ. ධාන්‍ය පූජාවෙන් ඉතිරි වූ කොටස මෙන්, මෙයින් ඉතිරි කොටස ද පූජකවරයාට අයිති ය.”
14
සමිඳාණන් වහන්සේ නැවතත් මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
15
“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි.
16
ඔහු ශුද්ධ දේ නොදීමෙන් කළ වංචාවට ගෙවිය යුතු වන්දි ගෙවා, තව පහෙන් පංගුවක් ද ඊට එකතු කොට පූජකවරයාට දිය යුතු ය. පූජකවරයා ද වන්දි ගෙවීමේ බැටළුවා පුදමින්, ඒ තැනැත්තාගේ පාපයට කමාව අයැදින කල ඔහුට කමා කරනු ලැබේ.
17
“මෙලෙස යමෙකු සමිඳාණන් වහන්සේගේ ආඥාවලින් තහනම් කරන ලද යමක් නොදැනුවත්කමින් හෝ කළොත්, ඔහු වරදකරුවෙක් වේ, කළ වරද ගැන ඔහු වගකිව යුතු ය.
18
ඔහු වන්දි ගෙවීමේ පූජාවට තක්සේරු කළ ලෙස රැළෙන් එතරම් වටිනා, නොකැළැල් බැටළුවෙකු පූජකවරයා වෙත ගෙනා යුතු ය. පූජකවරයා ද ඒ තැනැත්තා නොදැනුවත්ව, අදහස් නොකර, කළ දෙයට කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ.
19
එය සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කළ වැරැද්දට පුදන වන්දි ගෙවීමේ පූජාවකි.”
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27