bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 16
Leviticus 16
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 17 →
1
ආරොන්ගේ පුත්‍රයන් දෙදෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නීති විරෝධි ගිනි ඔප්පු කොට මළ පසු, සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
2
“නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි.
3
ඔහු ශුද්ධස්ථානයට ඇතුළු වන විට පාප පූජාවක් සඳහා ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා බැටළුවෙකු ද ගෙන ආ යුතු ය.
4
“ඔහු පූජක හණ කබාය හැඳ, හණ කලිසම් ලාගෙන, හණ පටිය ඉණ වටා බැඳ, හණ මකුටයෙන් සැරසී සිටිය යුතු ය. මේවා ශුද්ධ වස්ත්‍ර වන බැවින්, ඒවා ලාගත යුත්තේ ජලස්නානය කළ පසුව ය.
5
මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට පාප පූජාවක් සඳහා එළුවන් දෙදෙනෙකු ද දවන යාග පූජාවක් සඳහා එක බැටළුවෙකු ද දිය යුතු ය.
6
ආරොන් තමා උදෙසා පුදන පාප පූජාවේ ගොන් වස්සා ඔප්පු කොට, තමා උදෙසාත්, තමාගේ ගෘහයේ වැසියන් උදෙසාත් පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
7
ඔහු එළුවන් දෙදෙනා ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්විය යුතු ය.
8
ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේට එකෙකු ද අශාශෙල්ට හෙවත් කාන්තාර යක්ෂයාට එකෙකු ද වශයෙන් තෝරාගැනීම සඳහා, එළුවන් දෙදෙනාට දාදු දැමිය යුතු ය.
9
ආරොන් සමිඳාණන් වහන්සේට පිදීමට දාදුව වැටුණ එළුවා ගෙන, පාප පූජාවක් සඳහා ඌ පිදිය යුතු ය.
10
එහෙත්, අශාශෙල්ට දීමට දාදු වැටුණු එළුවා, පණපිටින් ම සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කොට, පව් කමාව ලබාගැනීම සඳහා ඌට පාළුකරයට යෑමට ඉඩ හැරිය යුතු ය.
11
“ඉන්පසු ආරොන් තමා උදෙසා පුදන පාප පූජාවේ ගොන් වස්සා ගෙන තමා උදෙසා ද ගෙදර වැසියන් උදෙසා ද පව් කමාවේ පිළිවෙත ඉටු කර ඌ මැරිය යුතු ය.
12
ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාසනයෙන් දැල්වෙන ගිනි අඟුරු ගෙන දුම් බඳුනක් පුරවා, හොඳට කුඩු කළ සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක් ද ගෙන, තිරය පිටුපසට පැමිණ
13
උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් වලාකුළකින් ගිවිසුම් කරඬුව උඩ ඇති කරුණාසනය වැසෙන පිණිස ගිනි අඟුරු මත සුවඳ ද්‍රව්‍ය දැමිය යුතු ය. මෙසේ කළොත්, ඔහු මැරෙන්නේ නැත.
14
ඉන්පසු ඔහු ගොන් වස්සාගේ ලෙය ඇඟිල්ලෙන් ගෙන, කරුණාසනයේ නැගෙනහිර පැත්තට ඉස, එහි ඉස්සරහ පැත්තට ද හත්වරක් ඉසිය යුතු ය.
15
මෙසේ කළ පසු ඔහු සෙනඟ උදෙසා ඇති පාප පූජාවේ එළුවා මරා, තිරය පිටුපසට උගේ ලේ ගෙනැවිත්, ගොන් වස්සාගේ ලේ ගෙන කළ පරිදි, කරුණාසනය උඩටත්, ඉස්සරහටත් ලේ ඉසිය යුතු ය.
16
මෙසේ ඔහු ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකම් හා ඔවුන්ගේ පාප අපරාධයන් නිසා කළ යුතු ව ඇති ශුද්ධස්ථානයෙහි පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. තවද, ඔවුන්ගේ අපවිත්‍රකම් මධ්‍යයේ පිහිටා ඇති සම්මුඛ මණ්ඩපයට ද ඔහු එලෙස කළ යුතු ය.
17
ආරොන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ශුද්ධස්ථානයට ඇතුළු වී, තමා උදෙසාත්, තමාගේ ගෘහ වාසීන් උදෙසාත්, මුළු ඉශ්රායෙල් ජනතාව උදෙසාත් පව් කමා වීමේ පිළිවෙත ඉටු කර, පිටතට එන තෙක් කිසිවෙකු සම්මුඛ මණ්ඩපයට ඇතුළු නොවිය යුතු ය.
18
පසුව ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පුදන පූජාසනය වෙත ගොස් එය උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. ඔහු ගොන් වස්සාගේ ලේ මඳක් ද එළුවාගේ ලේ මඳක් ද ගෙන පූජාසනය වටේට ඇති අංවල තැවරිය යුතු ය.
19
ඒවා මත සිය ඇඟිල්ලෙන් හත්වරක් ලේ ඉසිමින්, ඒවා පවිත්‍ර කළ යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකමින් ඒවා විශුද්ධ කළ යුතු ය.”
20
“ආරොන් මෙසේ ශුද්ධස්ථානය ද සම්මුඛ මණ්ඩපය ද පූජාසනය ද පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කර හමාර කළ පසු, ඔහු පණපිටින් සිටින එළුවා ගෙන ආ යුතු ය.
21
ඔහු උගේ හිස මත අත් දෙක තබා ඉශ්රායෙල් ජනයාගේ දුෂ්ටකම් සහ නපුරුකම් වන සියලු පාප ඌ මත උච්චාරණය කොට, ඒ සඳහා පත් කළ කෙනෙකුට බාර දී ඌ පාළුකරයට ගෙන යන්නට හැරිය යුතු ය.
22
එළුවාට ද ඔවුන්ගේ සියලු දුෂ්ටකම් දරාගෙන, ජන වාසයක් නැති පාළුකරයට යන්නට හැරිය යුතු ය.
23
“ඉන්පසු ආරොන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වී ශුද්ධස්ථානයට යන විට, ලාගෙන සිටි හණ වස්ත්‍ර ලිහා ඒවා එහි තැබිය යුතු ය.
24
මෙසේ තමා ශුද්ධස්ථානයෙහි ම ජලස්නානය කොට, තමාගේ ඇඳුම් ලාගෙන, පිටතට අවුත් තමා උදෙසා ද සෙනඟ උදෙසා ද තමාගේ දවන යාග පූජාවත්, සෙනඟගේ දවන යාග පූජාවත් පව් කමා කිරීමක් වශයෙන් ඔප්පු කළ යුතු ය.
25
පසුව පාප පූජාවට ගත් සතාගේ තෙල පූජාසනය මත දැවිය යුතු ය.
26
පාපයන් දරාගෙන අශාශෙල් වෙත පාළුකරයට ගිය එළුවා දක්කාගෙන ගිය තැනැත්තා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.
27
ශුද්ධස්ථානය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට ලේ ගෙනෙන ලද, පාප පූජාවට පිදූ ගොන් වස්සා සහ එළුවා කඳවුරින් පිටතට ගෙනගොස්, උන්ගේ හම්, මස්, අතුණු සහ ගොම ගින්නේ පිළිස්සිය යුතු ය.
28
එලෙස පුළුස්සන්නා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.”
29
“පහත දක්වන නියෝගය නුඹලා කෙරෙහි සදහට ම වලංගු වේ: එනම්, හත් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ජනයා වන නුඹලා ද නුඹලා අතර වසන විදේශීන් ද උපවාසයෙහි යෙදෙමින්, බර වැඩ කිරීමෙන් වැළකිය යුතු ය.
30
එදින පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සියලු පාපවලින් නුඹලා පවිත්‍ර කරනු පිණිස, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
31
එදින නුඹලාට මහා සබත් දිනයක් වනු ඇත. එදින නුඹලා වැඩ නොකළ යුතු ය. නුඹලා උපවාස කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි.
32
තම පියා වෙනුවට පූජක නිලයේ සේවා කරනු පිණිස පූජකවරය ලබමින් ආලේප කරනු ලබන පූජකවරයා හණ පිළියෙන් සෑදූ ශුද්ධ වස්ත්‍ර ලාගෙන පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
33
මෙසේ ඔහු අතිශුද්ධස්ථානය, සම්මුඛ මණ්ඩපය සහ පූජාසනය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ද පූජකවරුන් හා මුළු සෙනඟගේ පව් කමා කිරීමේ පිළිවෙත ද ඉටු කළ යුතු ය.
34
මෙය වනාහි අවුරුද්දකට වරක් ඉශ්රායෙල් ජනයාගේ සියලු පාප කමා කිරීම පිණිස ඉටු කළ යුතු නුඹලා කෙරෙහි සදහට ම වලංගු නියෝගයකි.” සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ ලෙස ඔහු ද ඒවා ඉටු කෙළේ ය.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27