bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 10
Numbers 10
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 11 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“තැළූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදන්න. මුළු ජනතාව කැඳවීම සඳහාත්, කූඩාරම් ගැලවීම සඳහාත් ඒවා භාවිතා කළ යුතු ය.
3
ඒවා පිඹින කල මුළු ඉශ්රායෙල් ජනතාව ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ නුඹ වෙතට රැස්විය යුතු ය.
4
එහෙත්, එක හොරණෑවක් පමණක් පිඹින කල ඉශ්රායෙල් ගෝත්‍රයන්හි මූලිකයන් වන ප්‍රධානීන් පමණක් ඔබ වෙතට රැස්විය යුතු ය.
5
හොරණෑව රණ හඬ නැඟුව විට පූර්ව දිශාවේ පිහිටි කූඩාරම්වල අය පිටත් විය යුතු ය.
6
හොරණෑව දෙ වන වරටත් රණ හඬ නැඟුව විට දක්ෂිණ දිශාවේ කූඩාරම්වල අය පිටත් විය යුතු ය. මෙලෙස පිටත් වී යාම රණ හඬ අනුව විය යුතු වේ.
7
එහෙත්, මුළු ජනතාව එක්රැස් කිරීමට නම්, රණ හඬ නොනඟා හොරණෑව පිඹිය යුතු ය.
8
හොරණෑ පිඹිය යුත්තෝ ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරු ය. පහත දක්වන මේ නීතිය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු විය යුතු වේ.
9
නුඹලාගේ දේශයෙහි, නුඹලාට පීඩා කරන සතුරාට විරුද්ධ ව නුඹලා සටන් කරන විට රණ හඬ නඟින ලෙස හොරණෑ පිඹිය යුතු වේ. නුඹලාගේ දෙවියන් වන සමිඳාණන් වහන්සේ එවිට නුඹලා සිහිපත් කොට සතුරාගෙන් නුඹලා මුදාගනු ලබන්නහු ය.
10
ප්‍රීතිදායක අවස්ථාවල දී, ප්‍රසිද්ධ මංගල්‍යවල දී හා පෝය දින සිදුකරන උත්සවවල දී, දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතු වේ. එය මඟින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”
11
දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ විසි වන දින දී, සම්මුඛ මණ්ඩපයට ඉහළින් වලාකුළ ඉවතට ගන්නා ලදී.
12
එවිට ඉශ්රායෙල් ජනයා සීනයි පාළුකරයෙන් නික්ම යන්නට පිටත් වූ හ. වලාකුළ පාරාන් නම් පාළුකරයේ රැඳී නැවතිණි.
13
එවිට මෝසෙස් මඟින් සමිඳාණන් වහන්සේ දුන් අණ පරිදි ඔව්හු ඉදිරියට ගමන් ගත්හ.
14
පළමුකොට ජුදාගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. ජුදාගේ සේනාංකයේ සෙන්පතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් විය.
15
ඉස්සාකර්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ශූවර්ගේ පුත් නෙතනේල් විය.
16
සාබුලොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා හේලොන්ගේ පුත් එලියාබ් විය.
17
එවිට මණ්ඩපය බාන ලදින්, ගේර්ෂොන්ගේ හා මෙරාරීගේ දරුපරපුර එය උසුලාගෙන පිටත් ව ගියහ.
18
ඉන්පසු රූබන්ගේ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. රූබන්ගේ සේනාංකයේ සෙන්පතියා ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් විය.
19
සිමියොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් විය.
20
ගාද්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා දෙවුයෙල්ගේ පුත් එලියාසාප් විය.
21
එවිට කොහාත්ගේ දරුපරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යළි ඉදි කොට තිබිණි.
22
ඉන්පසු එප්‍රායිම්ගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. එප්‍රායිම්ගේ සේනාංකයේ සෙන්පතියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා විය.
23
මනස්සේගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් විය.
24
බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ගිදෙයොනිගේ පුත් අබිදාන් විය.
25
ඉන්පසු දාන්ගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක කඳවුර පිටුපසින් යන ආරක්ෂක භටයන් මෙන් පිළිවෙළට ගමන් ගත්හ. දාන්ගේ සේනාංකයේ සෙන්පතියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් විය.
26
ආෂෙර්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඔක්‍රාන්ගේ පුත් පගියෙල් විය.
27
නප්තලීගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඒනාන්ගේ පුත් අහිරා විය.
28
ඉශ්රායෙල් ජනයා පෙරටුවට ගමන් කළ විට ඔවුන්ගේ සේනාංක ගමන් කළ පිළිවෙළ මෙසේ විය.
29
මෝසෙස් තම මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත් හොබාබ්ට කතා කොට, “ ‘මම නුඹට දෙන්නෙමි’ කියා සමිඳාණන් වහන්සේ වදාළ ස්ථානයට අපි පිටත් ව යන්නෙමු. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට ශුභසිද්ධිය සැලසීමට පොරොන්දු වී ඇති බැවින්, ඔබ ද අප සමඟ එන්න; අපි ඔබටත් ශුභසිද්ධිය සලසන්නෙමු”යි කී ය.
30
එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “මම නම් නොඑමි. මාගේ ම රටටත්, මාගේ ම නෑයන් වෙතටත් මම පිටත් ව යන්නෙමි”යි කීවේ ය.
31
එවිට මෝසෙස් කතා කොට, “ඔබ කරුණාකර අප අත්හැර නොයන්න. පාළුකරයේ කොතැන අප කඳවුරු බැඳිය යුතු ද කියා ඔබ දන්නවා ඇත. මෙලෙස ඔබ අපට ඇස් දෙක මෙන් වටිනා මාර්ගෝපදේශකයෙකු වනු ඇත.
32
ඔබ අප සමඟ එන්නෙහි නම්, සමිඳාණන් වහන්සේ අපට සලසන ශුභසිද්ධිය අපි ද ඔබට ම සලසා දෙන්නෙමු”යි කීවේ ය.
33
මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් තුනක් ගමන් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයනු පිණිස ඔවුන්ට පෙරටුව, තුන් දිනක් ගමනෙහි යෙදිණි.
34
ඔවුන් නික්ම යන සෑම විට ම සමිඳාණන් වහන්සේගේ වලාකුළ දවල් කාලයේ දී ඔවුන්ට ඉහළින් තිබිණි.
35
ගිවිසුම් කරඬුව පිටත් ව යන සෑම විට ම, මෝසෙස් මෙසේ යැදී ය: “සමිඳුනි, නැඟිටිනු මැනවි, ඔබ සතුරෝ විසිර යෙත් වා! ඔබට වෛර කරන්නෝ ඔබෙන් පලා යෙත් වා!”
36
එය නැවතුණු සෑම විට ම ද, “ඉශ්රායෙල් ජනයාගේ පවුල් දස දහස් ගණන් වෙත, සමිඳුනි, ඔබ යළි වැඩම කළ මැනව” කියා යැදී ය.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36