bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 14
Numbers 14
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 15 →
1
එදින රාත්රියේ මුළු සෙනඟ ම ශබ්ද නඟා කෑගසමින් හඬන්නට වූ හ.
2
ඉශ්රායෙල් ජනයා, මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කී හ. මුළු ජනතාව ම ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ අපි මැරී ගියෙමු නම් කොතරම් හොඳ ද! එසේ නැත් නම් පාළුකරයේ මිය ගියෙමු නම් කොතරම් හොඳ ද!
3
යුද්ධයෙන් අප නසාලන්නටත්, අපේ අඹුදරුවන් බිලි කරන්නටත්, සමිඳාණන් වහන්සේ මේ දේශයට අපව ගෙනාවේ ඇයි දැ”යි කී හ.
4
ඉන්පසු ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නායකයෙකු තෝරාගෙන මිසර දේශයට යමු”යි කතා කරගත් හ.
5
එවිට මෝසෙස් සහ ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව ම ඉදිරියෙහි මුණින්තලා වැටුණාහ.
6
රටේ ඔත්තු සොයා ගියවුන් අතර නූන්ගේ පුත් ජෝෂුවා ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද දුකින් තම වස්ත්ර ඉරාගත්හ.
7
ඉන්පසු ඔව්හු මුළු ඉශ්රායෙල් ජනතාව ම අමතා, “අප ඔත්තු සොයමින් ගිය රට ඉතා ම සාරවත් රටකි.
8
සමිඳාණන් වහන්සේ අප ගැන ප්රසන්න වන සේක් නම්, උන් වහන්සේ අප මේ රටට පමුණුවා, එය අපට ලබා දෙන සේක. ඒ රට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි.
9
සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.
10
එහෙත්, මුළු ජනතාව ගල් ගසා ඔවුන් මැරීමට ලකලෑස්ති වූ හ. එවිට මුළු ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපය මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.
11
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මේ සෙනඟ කොපමණ කල් මා හෙළා දකින්නෝ ද? ඔවුන් මැද මා කළ හාස්කම් දැක දැකත් ඔවුන්ට මා කෙරෙහි විශ්වාසය තැබීමට තව කොපමණ කල් ගතවේ ද?
12
මම වසංගතයකින් ඔවුන්ට පහර දී, ඔවුන්ගේ උරුමය අහෝසි කරදමමි. ඔවුන්ට වඩා බලසම්පන්න, විශාල ජාතියක් නුඹ මඟින් ඇති කරන්නෙමි”යි වදාළ සේක.
13
එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට පිළිතුරු දෙමින්, “මහ බලපරාක්රමය පාමින් මේ සෙනඟ මුදාගෙන පැමිණියේ ඔබ වහන්සේ බව මිසර වැසියෝ දනිති. ඔවුන් මෙය අසන විට,
14
එරට වැසියන්ට ද එය කියනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ වන ඔබ මේ සෙනඟ මැද වැඩ වසන බවත්, ඔබ ඔවුන්ට මුහුණට මුහුණ ලා පෙනෙන බවත්, ඔබගේ ලකුණ වන වලාකුළ ඔවුන්ට ඉහළින් රඳා සිටින බවත්, ඔබ ඔවුන්ට පෙරටුව, දවල් කාලයේ දී වලා ටැඹක් මඟින් ද, රාත්රි කාලයේ දී ගිනි ටැඹක් මඟින් ද වැඩම කරන බවත් ඔවුන් අසා ඇත.
15
දැන් ඉතින්, ඔබ වහන්සේ ඔවුන් සමූලඝාතනය කරන සේක් නම්, ඔබ වහන්සේගේ කීර්තිය ගැන ඇසූ ජාතීහු කතා කොට,
16
‘සමිඳාණන් වහන්සේ ඔවුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙනෙන්නට නොහැකි වූ බැවින්, උන් වහන්සේ ඔවුන් පාළුකරයේ දී මරාදැමූ සේකැ’යි කියන්නාහ.
17
ඔබ වදාරා ඇති පරිදි, සමිඳාණන් වහන්සේ වන ඔබ පහසුවෙන් නොකිපෙන සුලු ය, ඉමහත් සේ දයා පාන සේක, අදමිටුකම් හා නපුරුකම් කමා කරන සේක, වැරදිකරුට දඬුවම් නොකර නොහරින සේක, පියවරුන්ගේ දමිටුකම් නිසා ඔවුන්ගේ දරු මුණුබුරන්ට තුන් වන හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක. එසේ පොරොන්දු වූ ලෙස දැන් කරුණාකර ඔබ වහන්සේගේ බලපරාක්රමය විදහා පෑව මැනව.
18
***
19
එබැවින්, කරුණාකර, ඔබ වහන්සේගේ ඉමහත් දයාව පෑම අනුව, මොවුන් මිසරයෙන් පැමිණි දින සිට අද දක්වා කමා කළ ලෙස, මේ සෙනඟට කමා කරනු මැනවැ”යි අයැදී ය.
20
සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹේ ඉල්ලීම පරිදි මම ඔවුන්ට කමා කෙළෙමි.
21
එහෙත්, මාගේ නාමයෙන් ද, මුළු ලෝකය මාගේ මහිමාලංකාරයෙන් පිරී පවතින තෙක් ද මා දිවුරා කියන්නේ මේ ය:
22
‘ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරයේ සහ පාළුකරයේ මා කළ හාස්කම් දැක දැකත්, දස වාරයකට වඩා මා පරීක්ෂා කොට, මා හඬට සවන් නුදුන් බැවින්
23
මා ඔවුන්ගේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ දේශය ඔව්හු සත්තකට ම නොදකින්නෝ ය. ඔවුන් අතර සිටින, මා හෙළා දුටු කිසිවෙකු ද එය නොදකිනු ඇත.
24
එහෙත් මාගේ සේවක කාලෙබ්ට සෙස්සන්ට වඩා වෙනස් ආකල්පයක් තිබුණු හෙයිනුත්, ඔහු මට සම්පූර්ණයෙන් ම පක්ෂපාත ව සිටි හෙයිනුත්, ඔහු ඇතුළු වූ රටට මම ඔහු පමුණුවන්නෙමි. ඔහුගේ පෙළපත ද එය හිමි කරගනු ඇත.’
25
දැනට එහි මිටියාවතේ අමලෙක්වරු සහ කානානිවරු පදිංචි ව සිටිති. එබැවින් හෙට, ආපසු හැරී රතු මුහුදට යන මාර්ගයෙන් පාළුකරයට යන්නැ”යි වදාළ සේක.
26
සමිඳාණන් වහන්සේ යළි මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට,
27
“මට විරුද්ධ ව මැසිවිලි කියන මේ නපුරු ජනතාව ගැන මම කොපමණ කල් ඉවසම් ද? ඉශ්රායෙල් ජනයා මට විරුද්ධ ව කී මැසිවිලි මා අසා ඇත.
28
එබැවින් ඔබ ඔවුන් අමතා මෙසේ කියන්න: ‘නුඹලා මාගේ කනට ඇසෙන සේ කී ලෙස මා නුඹලාට කරන බවට, මම දිවුරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
29
ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.
30
ජෙපුන්නේගේ පුත් කාලෙබ් හා නූන්ගේ පුත් ජෝෂුවා හැර, අන් කිසිවෙකු මා ඔබ හැම පදිංචි කරවීමට පොරොන්දු දුන් රටට කිසි සේත් ඇතුළු නොවනු ඇත.
31
‘මම ඔවුන් බිලි දෙන්නට යන්නෙමි’යි කියා නුඹ පැවසූ නුඹේ කුඩා දරුවන් නම් මම එහි ඇතුළු කරන්නෙමි. නුඹලා හෙළා දුටු ඒ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත.
32
එහෙත්, නුඹලා මේ පාළුකරයේ ම නසින්නහු ය.
33
නුඹලාගේ දරුපරපුර අවුරුදු හතළිහක් තුළ මේ පාළුකරයේ ඒ මේ අත යමින්, නුඹලාගේ මළකඳන් පසට හැරෙන තෙක්, නුඹලාගේ අවිශ්වාසවන්තකම නිසා දුක් විඳින්නහු ය.
34
නුඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් හතළිහක් නොවේ ද? හැබැයි, එක එක දවසකට, එක එක අවුරුද්ද බැගින් සලකා, අවුරුදු හතළිහක් තුළ නුඹලාගේ දුෂ්ටකම්වලට වග කියමින්, මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම් ද කියා දැනගන්නහු ය.
35
මෙය වදාළේ සමිඳාණන් වහන්සේ වන මම ය. මට විරුද්ධ ව පෙරමුණු බැඳගත් මේ මුළු නපුරු ජනතාවට ම මම සත්තකට ම දඬුවම් කරමි. මේ පාළුකරයේ ම ඔවුන් නැති නාස්ති වී වැනසී යනු ඇතැ”යි වදාළ සේක.
36
මෙලෙස මෝසෙස් විසින් රටේ ඔත්තු බැලීමට යවනු ලැබ, ආපසු පැමිණි චරපුරුෂයන් රට ගැන බොරු ආරංචි සැළ කළ බැවින් මුළු ජනතාව ම මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී හ.
37
තවද, මෙසේ රට ගැන බොරු ආරංචි සැළ කළ ඒ අය, සමිඳාණන් වහන්සේ විසින් එවන ලද වසංගතයකින් වැනසී ගියෝ ය.
38
එහෙත්, රට ගැන ඔත්තු බැලූ චරපුරුෂයන් අතර නූන්ගේ පුත් ජෝෂුවා සහ ජෙපුන්නේගේ පුත් කාලෙබ් පමණක් නොමැරී ඉතිරි වූ හ.
39
මෝසෙස් මේ සියල්ල මුළු ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට සෙනඟ තදින් වැලපුණාහ.
40
ඔව්හු පසු දින අලුයම නැඟිට, කඳුකර ප්රදේශයට යන්නට සූදානම් වෙමින්, “මෙන්න, දැන් අපි සමිඳාණන් වහන්සේ අපට පොරොන්දු වූ ස්ථානයට නැඟී යමු. අපි පව් කෙළෙමු”යි කී හ.
41
එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “දැන් ඉතින් ඔබේ සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? ඔබේ වෑයම නිෂ්ඵල වේ.
42
මෙලෙස නොයන්න, සමිඳාණන් වහන්සේ ඔබ මැද වැඩ සිටින්නේ නැත. ඔබේ සතුරන් ඔබට පහර දෙනු ඇත.
43
ඔබ, අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහු ය. ඔබ හැම සමිඳාණන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින්, උන් වහන්සේ ඔබ හැම මැද නතර නොවන සේකැ”යි කී ය.
44
එහෙත්, ඔව්හු හිතුවක්කාරකමින් නැඟී කඳුකර ප්රදේශයේ මුදුනට ගියහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වත් මෝසෙස් වත් කඳවුරෙන් නික්ම නොගියේ ය.
45
එවිට කඳුකර ප්රදේශයෙහි විසූ අමලෙක්වරු ද කානානිවරු ද බැස අවුත් ඔවුන්ට පහර දී හොර්මා නම් ස්ථානය දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36