bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 13
Numbers 13
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 14 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
2
“මා ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන කානාන් දේශයට චරපුරුෂයන් යවන්න. නුඹලාගේ පිය ගෝත්‍ර සෑම එකකින් ම එක්කෙනා බැගින් ඔවුන් අතර මූලිකයන් වන අය යවන්නැ”යි වදාළ සේක.
3
ඔහු ද සමිඳාණන් වහන්සේගේ අණට කීකරු ව පාරාන් නම් පාළුකරයෙන් ඔවුන් යැවී ය. ඒ සියල්ලෝ ඉශ්රායෙල් ජනයා අතර මූලිකයෝ වූ හ.
4
මොවුන්ගේ නාමාවලිය මෙසේ ය: රූබන්ගේ ගෝත්‍රයෙන් සක්කුර්ගේ පුත් ෂම්මුවා ය.
5
සිමියොන්ගේ ගෝත්‍රයෙන් හෝරීගේ පුත් ෂාපාත් ය.
6
ජුදාගේ ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ් ය.
7
ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ජෝසෙප්ගේ පුත් ඉගාල් ය.
8
එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් නූන්ගේ පුත් හෝෂෙයා ය.
9
බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් රාපුගේ පුත් පල්තී ය.
10
සාබුලොන්ගේ ගෝත්‍රයෙන් සෝදිගේ පුත් ගද්දියෙල් ය.
11
ජෝසෙප්ගේ ගෝත්‍රයෙන්, එනම් මනස්සේගේ ගෝත්‍රයෙන් සුසිගේ පුත් ගද්දී ය.
12
දාන්ගේ ගෝත්‍රයෙන් ගෙමල්ලීගේ පුත් අම්මියෙල් ය.
13
ආෂෙර්ගේ ගෝත්‍රයෙන් මිකායෙල්ගේ පුත් සෙතූර් ය.
14
නප්තලීගේ ගෝත්‍රයෙන් වොප්සීගේ පුත් නාබි ය.
15
ගාද්ගේ ගෝත්‍රයෙන් මාබීගේ පුත් ගෙවුයෙල් ය.
16
ඉහත දැක්වූයේ මෝසෙස් කානාන් රටට යැවූ චරපුරුෂයන්ගේ නාමාවලිය යි. තවද, ඔහු නූන්ගේ පුත් හෝෂෙයාගේ නම වෙනස් කොට ඔහුට ජෝෂුවා යි යන නම තැබී ය.
17
මෝසෙස් කානාන් දේශයට ඔවුන් චරපුරුෂයන් සේ යවමින්, ඔවුන් අමතා, “දකුණු දිශාවට ගොස්, ඉන්පසු කඳුකරයට යන්න.
18
කුමන විධියේ රටක් ද? එහි වාසීන් බලසම්පන්න ද දුබල ද? එහි ජනගහනය හිඟ ද බහුල ද?
19
ඔවුන් පදිංචි භූමිය හොඳ ද නරක ද? ඔවුන් පදිංචි නුවර කුමන විධියේ ද? ඔවුන් පදිංචි ව සිටින්නේ කූඩාරම්වල ද බලකොටුවල ද?
20
ඒ රට සරු ද නිසරු ද? මූකලාන් එහි ඇද්ද නැද් ද? යන වග සොයා බලන්න. තවද, ධෛර්ය ගෙන, ඒ රටේ පලතුරුවලින් යමක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ කාලය පළමු වරට මිදි ගෙඩි නෙළන වාරය විය.
21
එවිට ඔව්හු උතුරට ගොස්, ශීන් නම් පාළුකරයේ සිට හමාත් නම් දුර්ගයේ පිහිටි රෙහොබ් දක්වා වූ රටෙහි ඔත්තු බැලූ හ.
22
ඉන්පසු ඔව්හු දකුණට ගොස් හෙබ්‍රොන් නම් ස්ථානයට පැමිණියහ. එහි අනාක්ගේ පරම්පරාවන් වූ අහීමන්, ෂේෂයි සහ තල්මයි යන අයගේ ගෝත්‍රිකයෝ සිටියහ. තවද, හෙබ්‍රොන් නුවර ගොඩනඟන ලද්දේ මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්රථමයෙනි.
23
ඉන්පසු ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත්, එහි දී මිදි පොකුරක් ඇති රිකිල්ලක් කපාගෙන, එය හරස් ලීයක එල්ලා, දෙදෙනෙක් එය තඩලාගෙන ආහ. ඔව්හු දෙළුම් සහ අත්තික්කා ද ගෙනාවෝ ය.
24
එම ස්ථානයට එෂ්කොල් මිටියාවත ය යි නම් කරන ලද්දේ ඉශ්රායෙල් ජනයා එහි දී කපාගත් මිදි පොකුර නිසා ය.
25
දවස් හතළිහකට පසු ඔව්හු රටේ ඔත්තු බලා ආපසු පැමිණියහ.
26
පාරාන් පාළුකරයේ කාදෙෂ් නම් ස්ථානයේ සිටි මෝසෙස්, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව වෙත ඔව්හු පැමිණ, ඔවුන් සියල්ලන්ට රටේ යථා තත්ත්වය වාර්තා කර, තමන් ඒ රටින් ගෙනා පලතුරු පෙන්වූ හ.
27
ඔව්හු මෝසෙස් අමතා, “ඔබ අප යැවූ දේශයට අපි ගියෙමු. ඇත්තට ම ඒ නම් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. මෙන්න, එහි පලතුරු.
28
එහෙත්, ඒ දේශවාසීහු බලසම්පන්න ය. ඔවුන්ගේ නගර පවුරුවලින් වට කොට ඇත; ඒවා අති විශාල ය; ඇරත් අපි එහි දී අනාක්ගේ දරුමුණුබුරන් ද දුටිමු,
29
අමලෙක්වරු රටේ දකුණු දිශාවේ වාසය කරති, හිත්තීවරු සහ ජෙබුසිවරු, අමෝරිවරු කඳුකරයේ වාසය කරති; කානානිවරු මුහුදුබඩ ද ජොර්දාන් ගඟ අසබඩ ද වාසය කරති”යි කී හ.
30
එවිට කාලෙබ්, මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී සෙනඟ නිහඬ කරමින්, “අපි වහා ම ගොස්, එය හිමි කර ගනිමු. ඔවුන් පරාජය කිරීම පහසුවෙන් ම කළ හැකි යැ”යි කී ය.
31
එහෙත්, ඔහු සමඟ ගිය සෙසු චරපුරුෂයෝ කතා කරමින්, “සෙනඟ පරාජය කිරීමට තරම් අප බලසම්පන්න නොවන්නට පුළුවන, ඔව්හු අපට වඩා ශක්ති සම්පන්න ය”යි කී හ.
32
මෙලෙස ඔව්හු තමන් ඔත්තු බැලූ රට ගැන අසත්‍ය වාර්තාවක් ඉශ්රායෙල් ජනයාට දෙමින්, “අප ඔත්තු බැලීමට ගිය රට නම්, වැසියන් කාදමන රටකි. එහි අප දුටු මිනිසුන් සියල්ලෝ ම උස මහත මිනිස්සු ය.
33
එහි දී, යෝධයන්ට නෑකම් කියන අනාක්ගෙන් පැවතෙන යෝධ පරපුරක් අපි දුටිමු. ඔවුන් ඉදිරියෙහි අප පළඟැටියන් මෙන් අපට ම පෙනුණේ ය. අප ද ඔවුන්ටත් එලෙස ම පෙනෙන්නට ඇතැ”යි කී හ.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36