bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 26
Numbers 26
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 27 →
1
වසංගතයෙන් පසු සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට කතා කොට,
2
“මුළු ඉශ්රායෙල් ජනතා අතර, ඔවුන්ගේ පෙළපත් අනුව, හමුදාවට බැඳෙන්නට පුළුවන්, අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් සංගණනය කළ යුතු ය”යි වදාළ සේක.
3
මෝසෙස් සහ පූජක එලෙයාසර් ජොර්දාන් ගඟබඩ මෝවබ් මිටියාවතේ, ජෙරිකෝව අසල දී, සෙනඟට කතා කොට,
4
“සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ මිසර දේශයෙන් නික්ම ආ ඉශ්රායෙල් ජනයාට අණ කළ පරිදි අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන්ගේ සංගණනය ගත යුතු ය”යි කීහ.
5
ඔව්හු වනාහි ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුල් පුත් රූබන් ය; මොහුගේ පරපුර නම්, හනොක්ගෙන් පැවතෙන හනොක් පවුල ය; පල්ලුගෙන් පැවතෙන පල්ලු පවුල ය;
6
හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; කර්මීගෙන් පැවතෙන කර්මී පවුල ය;
7
රූබන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්තුන්දාස් හත්සිය තිස්දෙනෙක් ය.
8
පල්ලුගේ පුත්‍රයෝ නම් එලියාබ් ය.
9
මොහුගේ පුත්‍රයෝ නම් නෙමුවෙල්, දාතාන් සහ අබිරාම් ය. දාතාන් සහ අබිරාම් නම් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට අයත්, මෝසෙස්ට හා ආරොන්ට අභියෝග කළ, සෙනඟ අතර සුප්‍රසිද්ධ දෙදෙනා ය.
10
පොළොව පැළී ඔවුන් ගිලදැමී ය. ගින්නෙන් දෙසිය පණස්දෙනෙකු වැනසී ගිය විට, ඔවුන් සමඟ කෝරා සහ ඔහුගේ පිරිස ද මළහ. මෙසේ ඔව්හු අනතුරු ඇඟවීමේ ලකුණක් වූ හ.
11
එහෙත්, කෝරාගේ දරුපරපුර නොමළෝ ය.
12
පවුල් අනුව සිමියොන්ගේ දරුපරපුර නම්, නෙමුවෙල්ගෙන් පැවතෙන නෙමුවෙල් පවුල ය; ජාමීන්ගෙන් පැවතෙන ජාමීන් පවුල ය; ජාකීන්ගෙන් පැවතෙන ජාකීන් පවුල ය;
13
ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය; ෂාවුල්ගෙන් පැවතෙන ෂාවුල් පවුල ය.
14
සිමියොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ඔවුන්ගේ මුළු ගණන විසි දෙදාස් දෙසීයයක් ය.
15
පවුල් අනුව ගාද්ගේ පරපුර නම්, ශෙපොන්ගෙන් පැවතෙන ශෙපොන් පවුල ය; හග්ගීගෙන් පැවතෙන හග්ගී පවුල ය; ෂුනීගෙන් පැවතෙන ෂුනී පවුල ය;
16
ඔශ්නිගෙන් පැවතෙන ඔශ්නි පවුල ය, ඒරීගෙන් පැවතෙන ඒරී පවුල ය;
17
අරොද්ගෙන් පැවතෙන අරොද් පවුල ය; අරේලිගෙන් පැවතෙන අරේලි පවුල ය.
18
ගාද්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්දාස් පන්සියයක් ය.
19
ජුදාගේ පුත්‍රයෝ, ඒර් සහ ඕනාන් ය, මේ දෙදෙන කානාන් දේශයෙහි මළහ.
20
පවුල් අනුව ජුදාගේ පරපුර නම්, ෂේලාගෙන් පැවතෙන ෂේලා පවුල ය; පෙරෙශ්ගෙන් පැවතෙන පෙරෙශ් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය;
21
පෙරෙශ්ගේ පරපුර නම් හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; හාමුල්ගෙන් පැවතෙන හාමුල් පවුල ය.
22
ජුදාගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැත්තෑහයදාස් පන්සියයක් ය.
23
පවුල් අනුව ඉස්සාකර්ගේ පරපුර නම්, තෝලාගෙන් පැවතෙන තෝලා පවුල ය; පුවාගෙන් පැවතෙන පුවා පවුල ය;
24
ජාෂුබ්ගෙන් පැවතෙන ජාෂුබ් පවුල ය; ෂිම්රොන්ගෙන් පැවතෙන ෂිම්රොන් පවුල ය.
25
ඉස්සාකර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදාස් තුන්සියයක් ය.
26
පවුල් අනුව සාබුලොන්ගේ පරපුර නම්, සෙරෙද්ගෙන් පැවතෙන සෙරෙද් පවුල ය; ඒලොන්ගෙන් පැවතෙන ඒලොන් පවුල ය; ජාලෙයෙල්ගෙන් පැවතෙන ජාලෙයෙල් පවුල ය.
27
සාබුලොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටදාස් පන්සියයක් ය.
28
පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම්ගෙන් ය.
29
මනස්සේගේ පරපුර නම්, මාකීර් පවුල ය. මාකීර්ට දාව ගිලියද් උපන්නේ ය. මොහුගෙන් පැවතෙන පවුල ගිලියද් පවුල ය.
30
ගිලියද්ගේ පරපුර නම්, ඊයෙසෙර්ගෙන් පැවතෙන ඊයෙසෙර් පවුල ය; හේලෙක්ගෙන් පැවතෙන හේලෙක් පවුල ය;
31
අශ්‍රීයෙල්ගෙන් පැවතෙන අශ්‍රීයෙල් පවුල ය; ෂෙකෙම්ගෙන් පැවතෙන ෂෙකෙම් පවුල ය;
32
ෂෙමිදාගෙන් පැවතෙන ෂෙමිදා පවුල ය; හේපෙර්ගෙන් පැවතෙන හේපෙර් පවුල ය.
33
හෙපෙර්ගේ පුත් ශෙලෝපෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියහ. ඒ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.
34
මනස්සේගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පණස්දෙදාස් හත්සියයක් ය.
35
පවුල් අනුව එප්‍රායිම්ගේ පරපුර නම්, ෂුතෙලාගෙන් පැවතෙන ෂුතෙලා පවුල ය; බෙකෙර්ගෙන් පැවතෙන බෙකෙර් පවුල ය; තහන්ගෙන් පැවතෙන තහන් පවුල ය.
36
ෂුතෙලාගේ පරපුර නම් එරාන්ගෙන් පැවතෙන එරාන් පවුල ය.
37
එප්‍රායිම්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන තිස්දෙදාස් පන්සියයක් ය. පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මොවුහු ය.
38
පවුල් අනුව බෙන්ජමින්ගේ පරපුර නම්, බෙලාගෙන් පැවතෙන බෙලා පවුල ය; අෂ්බෙල්ගෙන් පැවතෙන අෂ්බෙල් පවුල ය; අහිරාම්ගෙන් පැවතෙන අහිරාම් පවුල ය;
39
ෂෙපුපාම්ගෙන් පැවතෙන ෂෙපුපාම් පවුල ය, හුපාම්ගෙන් පැවතෙන හුපාම් පවුල ය.
40
බෙලාගේ පරපුර ඔහුගේ පුත්‍රයන් වන ආර්ද් සහ නාමාන් ය. ඒ පරපුර ආර්ද්ගෙන් පැවතෙන ආර්ද් පවුල හා නාමාන්ගෙන් පැවතෙන නාමාන් පවුල ය.
41
බෙන්ජමින්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන සතළිස්පන්දාස් හයසියයක් ය.
42
පවුල් අනුව දාන්ගේ පරපුර නම් ෂුහාම්ගෙන් පැවතෙන ෂුහාම් පවුල ය. දාන්ගේ පරපුරට අයත් පවුල එය වේ.
43
ෂුහාම්ගේ මුළු පරපුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහාරදහස් හාරසියයක් ය.
44
පවුල් අනුව ආෂෙර්ගේ පරපුර නම්, ඉම්නාගෙන් පැවතෙන ඉම්නා පවුල ය; ඉෂ්වීගෙන් පැවතෙන ඉෂ්වී පවුල ය; බෙරියාගෙන් පැවතෙන බෙරියා පවුල ය;
45
බෙරියාගේ පරපුර නම්, හේබෙර්ගෙන් පැවතෙන හේබෙර් පවුල ය. මල්කියෙල්ගෙන් පැවතෙන මල්කියෙල් පවුල ය.
46
ආෂෙර්ගේ දුව සෙරා ය.
47
ආෂෙර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පණස්තුන්දාස් හාරසියයක් ය.
48
පවුල් අනුව නප්තලීගේ පරපුර නම්, ජාශීල්ගෙන් පැවතෙන ජාශීල් පවුල ය; ගුණීගෙන් පැවතෙන ගුණී පවුල ය,
49
ජේශෙර්ගෙන් පැවතෙන ජේශෙර් පවුල ය; ෂිල්ලෙම්ගෙන් පැවතෙන ෂිල්ලෙම් පවුල ය.
50
නප්තලීගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්පන්දාස් හාරසියයක් ය.
51
ඉශ්රායෙල් ජනයා අතරින් ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හයලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙකි.
52
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
53
“ලියාපදිංචි කළ අයගේ ගණන හැටියට, මොවුන්ට මේ රට උරුම කොට බෙදා දිය යුතු ය.
54
ගණනින් වැඩි අයට උරුමය වශයෙන් ලොකු කොටසක් ද, ගණනින් අඩු අයට කුඩා කොටසක් ද දිය යුතු ය. මෙලෙස ලියාපදිංචි කළ සංඛ්‍යා ප්‍රමාණයට අනුව ඔවුන්ට උරුමය බෙදා දිය යුතු වේ.
55
එහෙත්, රට බෙදා පංගු කිරීම කළ යුත්තේ දාදු දැමීමෙනි. ඔවුනොවුන්ගේ පිය පෙළපත්හි ගෝත්‍ර නාම අනුව උරුමය හිමි විය යුතු ය.
56
මෙලෙස ගණනින් වැඩි අයටත්, අඩු අයටත් දාදු දැමීමෙන් රට උරුම කර දෙනු ලැබේ”යි වදාළ සේක.
57
ලියාපදිංචි කළ ලෙවීවරුන්ගේ ගණනට ඇතුළත් වූ අය නම්, ගේර්ෂොන්ගෙන් පැවතෙන ගේර්ෂොන් පවුල ය; කොහාත්ගෙන් පැවතෙන කොහාත් පවුල ය; මෙරාරීගෙන් පැවතෙන මෙරාරී පවුල ය.
58
ලෙවීවරුන්ගේ සංඛ්‍යාවට ඇතුළත් වූ තවත් පවුල් නම්, ලිබ්නිවරුන්ගේ පවුල ය; හෙබ්‍රොන්වරුන්ගේ පවුල ය; මාලීවරුන්ගේ පවුල ය, මුෂිවරුන්ගේ පවුල සහ කෝරාවරුන්ගේ පවුල ය. කොහාත්ට දාව අම්රාම් උපන්නේ ය.
59
අම්රාම්ගේ බිරිඳ ජොකෙබෙද් ය. ඈ මිසරයේ දී ලෙවීට දාව උපන් ඔහුගේ දුවකි. ඈ අම්රාම්ගෙන් ආරොන් හා මෝසෙස් ද, ඔවුන්ගේ සොහොයුරිය මීරියම් ද ලැබුවා ය.
60
ආරොන්ට දාව නාදාබ් සහ අබිහු ද, එලෙයාසර් සහ ඊතාමාර් ද උපන්හ.
61
නාදාබ් සහ අබිහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට මළහ.
62
මාසයක් සහ ඊට වඩා වයසැති, ලියාපදිංචි කළ මුළු පිරිමින්ගේ ගණන විසිතුන්දාහකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම කොට යමක් නුදුන් බැවින්, මොවුහු ඉශ්රායෙල් ජනයාගේ සංගණනයට ඇතුළත් නොකරන ලදහ.
63
මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ.
64
එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය.
65
ඔවුන් පාළුකරයේ ම මියයන බව සමිඳාණන් වහන්සේ කියා තිබිණි. මෙලෙස ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද, නූන්ගේ පුත් ජෝෂුවා ද හැර ඔවුන්ගෙන් කිසිවෙක් ඔවුන් අතර ඉතුරු නො වූ හ.
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 27 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36