bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 28
Numbers 28
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 29 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්‍රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ”
3
“නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය.
4
එක බැටළු පැටවකු උදය ද, අනිකා සවස ද ඔප්පු කළ යුතු ය.
5
සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙන, ඊට ඉස්තරම් තෙල් ලීටර් එකක් මිශ්‍ර කර එක එක බැටළු පැටවා සමඟ ඔප්පු කළ යුතු වේ.
6
මෙය වනාහි සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේට ප්‍රසන්න, ගින්නෙන් දවා සීනයි කන්දේ දී පිදීමට නියම, සදහට ම වලංගු, දවන යාග පූජාවකි.
7
ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය.
8
අනික් බැටළු පැටවා සවස ඔප්පු කළ යුතු ය. උදය පිදූ ධාන්‍ය පූජාව සහ පානීය පූජාව පරිදි සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන්, එය ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”
9
“අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද, ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර එය ද, පානීය පූජාව ද, සබත් දින ඔප්පු කළ යුතු ය.
10
නිරන්තර දවන යාග පූජාව සහ ඊට අදාළ පානීය පූජාවට අමතර ව, ඒ ඒ සබත් දින පුද කළ යුතු දවන යාග පූජාව මෙය වේ.”
11
“මාසය ආරම්භයේ දී නුඹලා සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු වේ. එය නම්, ගොන් වස්සන් දෙදෙනෙක් ද, බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.
12
එක එක ගොන් වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් සමඟ තෙල් මිශ්‍ර කර, එක එක බැටළු වස්සා සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර,
13
එක එක බැටළු පැටවා සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් එකකට තෙල් මිශ්‍ර කර, ඒවා ද ඔප්පු කළ යුතු ය. මේවා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින ගින්නෙන් දවා උන් වහන්සේට පිදූ දවන යාග පූජාවකි.
14
පිදිය යුතු පානීය පූජාව නම් එක එක ගොන් වස්සෙකු සමඟ මිදියුස ලීටර් දෙකකි, බැටළු වස්සා සමඟ මිදියුස ලීටර් එකහමාරකි, එක එක බැටළු පැටියා සමඟ මිදියුස ලීටර් එකකි. අවුරුද්දේ සෑම මාසයක ම මේ දවන යාග පූජාව පිදිය යුතු ය.
15
මේ නිරන්තර දවන යාග පූජාව සහ පානීය පූජාවට අමතර ව, පාප පූජාවක් වශයෙන් එළුවෙකු ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”
16
“පළමු වන මාසයේ දහහතර වන දින සමිඳාණන් වහන්සේගේ පාස්කුව ය.
17
ඒ මාසයේ පසළොස් වන දින මංගල්‍ය පටන්ගනු ලැබේ. දින හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.
18
පළමු වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු ය.
19
නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා දවන යාග පූජාවක් පිදිය යුතු ය. එය නම්, කැළැල් නැති ගොන් වස්සන් දෙන්නෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.
20
ධාන්‍ය පූජාව වශයෙන් තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ද පිදිය යුතු ය. ගොන් වස්සෙකු සඳහා සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද බැටළු වස්සෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් දෙකක් ද,
21
එක එක බැටළු පැටියෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් එකක් ද, ඔප්පු කළ යුතු ය.
22
නුඹලා පව් කමාව ලබාගැනීම සඳහා, පාප පූජාවක් වශයෙන් එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.
23
සෑම දින ම උදය පුදන දවන යාග පූජාවට අමතර ව, නුඹලා මේවා පිදිය යුතු වේ.
24
මෙලෙස දවස් හතක් තුළ හැම දා ම ඔප්පු කළ යුතු ය. ගින්නෙන් දවා පුදන මේ ධාන්‍ය පූජා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේට ප්‍රසන්න ය. නිරන්තර දවන යාග පූජාවට හා ඊට අදාළ පානීය පූජාවට අමතර ව එය ඔප්පු කළ යුතු ය.
25
හත් වන දින නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.”
26
“සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.
27
එහෙත්, එදින සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාව ඔප්පු කළ යුතු ය. එය නම් ගොන් වස්සන් දෙන්නෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.
28
මේවා සමඟ පිදිය යුතු තෙල් ඇනූ ධාන්‍ය පූජා නම්, එක එක ගොන් වස්සෙකු සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් තුනකි, එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද
29
එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද වේ.
30
නුඹලාට පව් කමාව ලබාගැනීම සඳහා එක එළුවෙකු ද පිදිය යුතු ය.
31
නිරන්තර දවන යාග පූජාවට ද කැළැල් නැති සතුන් විය යුතු ය. පුදන ධාන්‍ය පූජාවට අමතර ව පානීය පූජාව ද ඉහත කී පූජා ද ඔප්පු කළ යුතු ය.
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 29 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36