bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 16
Numbers 16
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 17 →
1
ලෙවීගේ පුත්‍රයා කොහාත් ය; ඔහුගේ පුත්‍රයා ඉශ්හාර් ය. ඔහුගේ පුත්‍රයා වන කෝරා ද රූබන්වරුන්ගේ පුත්‍රයන් වන එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් ද පෙලෙත්ගේ පුත් ඕන් ද
2
ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.
3
ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ.
4
මෙය ඇසූ මෝසෙස් මුණින්තලා වැටිණි.
5
ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක.
6
කෝරා සහ ඔහුගේ සගයෙනි, මෙය කරන්න, ඔබ හැම ධූම පාත්‍ර ගෙන
7
හෙට උදෑසන ඒවායේ ගිනි අඟුරු බහා, සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට සමිඳාණන් වහන්සේ තෝරාගත්, උන් වහන්සේට කැප වූ තැනැත්තා කවරෙක් ද කියා දැනගත හැක. ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ හැමගේ මහන්තත්වය පමණට වැඩි”යි කීවේ ය.
8
මෝසෙස් තවදුරට කෝරාට කතා කරමින්, “ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ සැම කරුණාකර මට සවන් දෙන්න.
9
සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයේ සේවය කරමින් තමන් වහන්සේ ළඟට ඔබ හැම ළඟා කරගැනීමටත්, පූජකයන් වශයෙන් කටයුතු කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මුළු ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔබ හැම වෙන් කොට ගැනීම ඔබ සුළු කොට සලකන්නහු ද?
10
උන් වහන්සේ තමන් ළඟට ඔබත්, ලෙවීගේ දරුපරපුර වන ඔබේ සහෝදරයන් සියලු දෙනාත් ගෙනා සේක. ඔබ හැම දැන් පූජකවරයන් සොයන්නහු ද?
11
එබැවින් ඔබත්, ඔබේ මුළු පිරිසත් පෙරමුණු බැඳ ඇත්තේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව බව දැනගන්න. ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කීමට තරම් ඔහු කවරෙක් දැ”යි ඇසී ය.
12
ඉන්පසු මෝසෙස්, එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් කැඳවූ විට, ඔව්හු පිළිතුරු දෙමින්, “අපි නො එමු.
13
මේ පාළුකරයේ අප මරා දමනු පිණිස, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කෙළේ සුළු අපරාධයක් ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නට ද?
14
ඇත්තට ම ඔබ නම් අපට කිරි සහ මී පැණි ඉතිරෙන රටකට අප නොගෙනාවෙහි ය. කෙත් සහ මිදි වතු අපට උරුම කොට නුදුන්නෙහි ය. මේ මිනිසුන්ට යථා තත්ත්වය නොපෙනේ ය කියා ඔබ හිතන්නෙහි ද? අපි නම් නොඑන්නෙමු”යි කීවෝ ය.
15
මෝසෙස් ද එවිට තදින් රොස් වී සමිඳාණන් වහන්සේ අමතමින්, “ඔබ ඔවුන්ගේ පඬුරු නොපිළිගනු මැනවි. මම නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට නපුරක් නොකෙළෙමි. ඔවුන්ගේ කොටළුවෙකු වත් නොගතිමි”යි කී ය.
16
මෝසෙස් කෝරාට කතා කොට, “හෙට ඔබත්, ඔබගේ මුළු පිරිසත් සමිඳාණන් වහන්සේ ඉදිරියට ආ යුතු ය. ආරොන් ද එහි එනු ඇත.
17
තවද, සැම කෙනෙක් ම තම තමාගේ ධූම පාත්‍රය රැගෙන, ඒවායේ සුවඳ ද්‍රව්‍ය දමා, සමිඳාණන් වහන්සේ ඉදිරියට ඒ ධූම පාත්‍ර ද ගෙන ආ යුතු ය. මෙලෙස එහි ධූම පාත්‍ර දෙසිය පණහක් වනු ඇත. ආරොන් ද සිය ධූම පාත්‍රය ගෙන ආ යුතු ය”යි කී ය.
18
සියල්ලෝ ම තම තමන්ගේ ධූම පාත්‍ර රැගෙන ඒවායේ ගිනි අඟුරු බහා, ඒ මත සුවඳ ද්‍රව්‍ය දමා, මෝසෙස් සහ ආරොන් සමඟ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටගත්හ.
19
ඔවුන්ට මූණ ලා සිටින පරිදි, කෝරා තම මුළු පිරිස සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එක්රැස් කොට ගත්තේ ය. එවිට මුළු ජනතාවට ම සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.
20
උන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට,
21
“සැණෙකින් මා මොවුන් වනසාලන්නට යන බැවින් මේ ජනතාවගෙන් අහකට යන්නැ”යි වදාළ සේක.
22
ඔව්හු ද මුණින්තළා වැටී, “අහෝ දෙවිඳුනි! සකල සත්ත්වයන්ට ජීවනය දෙන දෙවිඳුනි, එක මිනිසෙකුගේ පාපයට, ඔබ මුළු ජනතාවට ම එරෙහි ව රොස් වන සේක් දැ”යි ඇසූ හ.
23
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට උත්තර දෙමින්,
24
“මේ සෙනඟට කතා කොට: ‘කෝරාගේ ද දාතාන්ගේ ද අබිරාම්ගේ ද කූඩාරම්වලින් අහකට යන්න’ කියා කියන්නැ”යි වදාළ සේක.
25
මෝසෙස් නැඟිට ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් සමඟ දාතාන් සහ අබිරාම් වෙත ගියේ ය.
26
මෙසේ ගොස්, ඔහු සෙනඟට කතා කොට, “කරුණාකර මේ අදමිටුන්ගේ කූඩාරම්වලින් අහකට යන්න. ඔවුන් සතු කිසිවකට අත නොතබන්න. එසේ කළොත් ඔවුන්ගේ පාපයන් නිසා නුඹලාත් වැනසෙනු ඇතැ”යි කීවේ ය.
27
එවිට ඔව්හු කෝරා, දාතාන් සහ අබිරාම් යන අයගේ කූඩාරම්වලින් අහකට ගියහ. දාතාන් සහ අබිරාම් පිටතට අවුත්, තමන්ගේ භාර්යාවන්, පුත්‍රයන් සහ සිඟිත්තන් සමඟ තම කූඩාරම්වල දොරකඩ සිටගත්හ.
28
මෝසෙස් කතා කොට, “මේ කාරණා ඉටු කිරීමට සමිඳාණන් වහන්සේ මා එවූ බව නුඹලා මෙයින් දැනගන්නහු ය. මේවා කරන්නේ මාගේ ම බලයකින් නොවේ.
29
සියල්ලන්ට පොදු වූ මරණයට මේ මිනිසුන් පාත්‍ර වී, පොදු ඉරණමට ලක් වූවොත්, සමිඳාණන් වහන්සේ මා නො එවූ සේක.
30
එහෙත්, උන් වහන්සේ අමුතු දෙයක් කරමින්, භූමියේ කට අයා ඔවුන් ද ඔවුන් සතු සියල්ල ද ගිලගෙන පාතාලයට ඔවුන් පණපිටින් වැටෙන්නට සැලැස්සුවොත්, මේ මිනිසුන් උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ බව නුඹලා දැනගත යුතු ය”යි කීවේ ය.
31
මේ වචන සියල්ල පවසා නිම වූ විගස, ඔවුන් සිටගෙන උන් තැන පැළිණි.
32
භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය.
33
ඔව්හුත්, ඔවුන් සතු සියලු දෙනත් පණපිටින් ම පාතාලයට කිඳා ගියෝ ය. මිහිතලය ඔවුන් වසාගත්තා ය. සෙනඟ අතරෙන් ඔව්හු වැනසී ගියහ,
34
ඔවුන්ගේ මොරගැසීම ඇසූ, අවට සිටි ඉශ්රායෙල් ජනයා, “මෙහි සිටියොත් පොළොව අප ද ගිලගන්නට පුළුවනැ”යි කියමින් එතැනින් පැන ගියහ.
35
ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පණස්දෙන දවාදැමී ය.
36
එකල සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
37
“පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට, ‘අළු මැදින් ධූම පාත්‍ර ඉවතට ගෙන ගිනි අඟුරු අහකට හළා දමන්නැ’යි කියන්න. මන්ද ඒවා ශුද්ධ ය.
38
සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඒවායින් පිදූ බැවින් ඒවා ශුද්ධ ය. එබැවින් හෘදය සාක්ෂියට විරුද්ධ ව පව් කළ මේ අයගේ ධූම පාත්‍ර ගෙන, පූජාසනය වැසීම සඳහා ඒවා පැතලි තහඩුවලට තැළිය යුතු ය. ඒවා ඉශ්රායෙල් ජනයාට ලකුණක් වනු ඇතැ”යි වදාළ සේක.
39
පූජක එලෙයාසර් දැවී ගිය අය පිදූ ලෝකඩ ධූම පාත්‍ර රැගෙන, පූජාසනය වැසීම සඳහා ඒවායින් පැතලි තහඩු සෑදී ය.
40
එසේ කෙළේ ආරොන්ගේ වංශයට අයිති නැති අන් කෙනෙකු සමිඳාණන් වහන්සේ ඉදිරියට සුවඳ දුම් පිදීම සඳහා ළඟා නොවිය යුතු බව සිහිගැන්වීමේ සිද්ධිය ඉශ්රායෙල් ජනයාට අනුස්මරණයක් වීම සඳහා ය. යමෙකු එසේ කළොත්, කෝරාට සහ ඔහුගේ පිරිසට වූ දේ ඔහුටත් වනු ඇත. මේ සියල්ල සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් එලෙයාසර්ට වදාළ පරිදි ඉටු විය.
41
පසු දින මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි දොඩමින්, “ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මරාදැමුවහු ය”යි කී හ.
42
ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී සම්මුඛ මණ්ඩපය දෙස නෙත් යොමා බැලූ හ. පුදුමයකි, වලාකුළකින් එය වැසී තිබිණි. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද දර්ශනය විය.
43
මෝසෙස් සහ ආරොන් සම්මුඛ මණ්ඩපය ඉදිරියට පැමිණියහ.
44
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්,
45
“සැණෙකින් මම මොවුන් වනසාලන්නට යමි. එබැවින් මේ ජනතාවගෙන් ඉවතට යන්නැ”යි වදාළ සේක. ඔව්හු මුණින්තලා වැටුණාහ.
46
මෝසෙස් ආරොන්ට කතා කොට, “ඔබේ ධූම පාත්‍රය ගෙන, පූජාසනයේ ගින්දර රැගෙන එහි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, කඩිනමින් සෙනඟ අතරට ගොස්, ඔවුන් උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරන්න. සමිඳාණන් වහන්සේ රොස් වී සිටින සේක. වසංගතයක් බෝවේගෙන එන්නේ ය”යි පැවසී ය.
47
ආරොන් මෝසෙස් අණ කළ පරිදි ධූම පාත්‍රය රැගෙන ජනතාව මැදට ගියේ ය. සෙනඟ අතර වසංගතය පැතිරී යන බව දුටු විට, ඔහු සුවඳ ද්‍රව්‍ය ධූම පාත්‍රයට දමා සෙනඟ උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කෙළේ ය.
48
මෙසේ මළවුන් හා ජීවතුන් මැද ඔහු සිටගත් කල වසංගතය නැවතිණි.
49
කෝරාගේ කැරලි ගැසීමෙන් නැසුණු අය හැරුණ විට වසංගතයෙන් නැසුණු අයගේ ගණන දහහතරදාස් හත්සියයක් විය.
50
වසංගතය පැතිරීම නැවතුණු පසු, ආරොන් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටි මෝසෙස් වෙත ආපසු ගියේ ය.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36