bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 33
Numbers 33
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 34 →
1
මෝසෙස්ගේ හා ආරොන්ගේ නායකත්වය යටතේ මිසර දේශයෙන් නික්මුණු ඉශ්රායෙල් ජනයාගේ සහ ඔවුන්ගේ හමුදාවන්ගේ ගමන් විස්තර මේවා ය.
2
සමිඳාණන් වහන්සේ අණ දුන් පරිදි, මෝසෙස් ඔවුන් පිටත් වූ ස්ථාන අනුව ගමන් විස්තර සටහන් කෙළේ ය. පිටත් වූ ස්ථාන අනුව ඒවායේ විස්තර මෙසේ ය.
3
ඉශ්රායෙල් ජනතාව පළමු වන මාසයේ පසළොස් වන දින, පාස්කු දිනට පසු දින, මිසර වැසියන් බල බලා සිටිය දී මහා උදාර ලීලාවෙන් රාමෙසෙස් නම් නුවරින් පිටත් වූ හ.
4
එකල මිසර වාසීහු සමිඳාණන් වහන්සේ මැරූ ඔවුන්ගේ කුලුඳුලන් වළලමින් සිටියහ. මෙලෙස උන් වහන්සේ ඔවුන්ගේ දෙවි දේවතාවන්ට ද දඬුවම් කළ සේක.
5
ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවරින් නික්ම සුක්කොත්හි ද,
6
සුක්කොත් නුවරින් නික්ම පාළුකරයේ අද්දර වූ ඒතාම්හි ද,
7
ඒතාම් නුවරින් නික්ම බාල්-ශෙපොන් ඉදිරිපිට වූ පී-හාහිරොත් බලා හැරී ගොස් මිග්දෝල් ඉදිරිපිට ද,
8
පී-හාහිරොත් නම් නුවරින් නික්ම, මුහුද මැදින් පාළුකරයට ගොස්, ඒතාම් නම් පාළුකරයේ තුන් දිනක් ගමන් කොට මාරාහි ද කඳවුරු බැන්දහ.
9
මාරා නම් ස්ථානයෙන් ද නික්ම, ඒලිම්ට පැමිණියහ. මෙහි දිය උල්පත් දොළහක් ද තල්ගස් හැත්තෑවක් ද තිබිණි. එහි ද ඔව්හු කඳවුරු බැඳ
10
ඉන් නික්ම රතු මුහුදුබඩ ද,
11
එතැනින් නික්ම සීන් නම් පාළුකරයේ ද,
12
එතැනින් නික්ම දොප්කාහි ද,
13
එතැනින් නික්ම අලුෂ්හි ද කඳවුරු බැන්දහ.
14
එතැනින් නික්ම සෙනඟට බීම සඳහා ජලය නොතිබුණු රෙපිඩිම්හි ද,
15
එතැනින් නික්ම සීනයි පාළුකරයේ ද කඳවුරු බැන්දහ.
16
එතැනින් නික්ම කිබ්රොත්-හත්තාවාහි ද,
17
එතැනින් නික්ම හශේරොත්හි ද,
18
එතැනින් නික්ම රිත්මාහි ද,
19
එතැනින් නික්ම රිම්මොන්-පෙරෙශ්හි ද,
20
එතැනින් නික්ම ලිබ්නාහි ද,
21
එතැනින් නික්ම රිස්සාහි ද,
22
එතැනින් නික්ම කෙහේලාතාහි ද,
23
එතැනින් නික්ම ෂෙපෙර් කන්දෙහි ද,
24
එතැනින් නික්ම හරාදාහි ද,
25
එතැනින් නික්ම මක්හෙලොත්හි ද,
26
එතැනින් නික්ම තාහත්හි ද,
27
එතැනින් නික්ම තෙරාහි ද,
28
එතැනින් නික්ම මිත්කාහි ද,
29
එතැනින් නික්ම හෂ්මොන්හි ද,
30
එතැනින් නික්ම මොසේරොත්හි ද,
31
එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද,
32
එතැනින් නික්ම හෝර්-හග්ගිද්ගාද්හි ද,
33
එතැනින් නික්ම ජොට්බාතාහි ද,
34
එතැනින් නික්ම අබ්රොනාහි ද,
35
එතැනින් නික්ම එශිමෙයාන්-ගෙබෙර්හි ද,
36
එතැනින් නික්ම ශීන් පාළුකරයෙහි එනම් කාදෙෂ්හි ද,
37
එතැනින් නික්ම ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් කන්දෙහි ද කඳවුරු බැඳගත්හ.
38
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ගිය හතළිස් වන අවුරුද්දේ පස් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේගේ අණ පරිදි පූජක ආරොන් හෝර් නම් කන්දට නැංග පසු, එහි දී මියගියේ ය.
39
ඔහු එහි මියයන විට ඔහුගේ වයස අවුරුදු එකසිය විසිතුනකි.
40
කානාන් දේශයේ දකුණු දිශාවේ විසූ කානානිය අරාද් නම් රජු හට ඉශ්රායෙල් ජනයා සැපත් වන බව සැළ විය.
41
ඔව්හු හෝර් කන්දෙන් නික්ම සල්මොනාහි ද,
42
එතැනින් නික්ම පූනොන්හි ද,
43
එතැනින් නික්ම ඔබොතෙහි ද,
44
එතැනින් නික්ම මෝවබ් දේශ සීමාවේ පිහිටි ඉයේ-ආබාරිම්හි ද,
45
එතැනින් නික්ම දීබොන්-ගාද්හි ද,
46
එතැනින් නික්ම අල්මොන්-දිබ්ලාතයිම්හි ද,
47
එතැනින් නික්ම නෙබෝ ඉදිරිපිට අබාරිම් කඳු වැටියේ ද,
48
එතැනින් නික්ම ජොර්දාන් ගං තෙර වූ ජෙරිකෝ නුවර මෝවබ් මිටියාවතේ ද කඳවුරු බැඳගත්හ.
49
මෙලෙස ඉශ්රායෙල් ජනයා ජොර්දාන් ගං තෙර බෙත්-ජෙෂිමොත් පටන් ආබෙල්-ෂිත්තිම් දක්වා මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ.
50
ජොර්දාන් ගං තෙර පිහිටි ජෙරිකෝ නුවර අසල මෝවබ් මිටියාවතේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
51
“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න; ‘නුඹලා ජොර්දාන් ගඟෙන් එතෙර වී, කානාන් දේශයට සැපත් වූ විට
52
නුඹලාට ඉදිරියෙන් එහි සිටින දේශවාසී සියල්ලන් පලවා හැරිය යුතු ය. ඔවුන් ගලින් නෙළූ, ලෝහයෙන් වාත්තු කළ පිළිම නසා වනසා, ගිරිකුළු දේවාල නටබුන් කළ යුතු ය.
53
නුඹලා දේශය උරුම කොටගෙන එහි පදිංචි විය යුතු ය. මන්ද, ස්වාමීන් වන මා එය නුඹලාට දුන් බැවිනි.
54
තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.
55
නුඹලා දේශවාසී සියල්ලන් පලවා නොහැරියොත්, එහි ඉතිරි වන අය නුඹලාගේ ඇහැට උලක් ද ඇලයට කටුවක් ද වැනි මහා කරදරයක් වී නුඹලා වසන දේශයේ දී ඔවුන් නුඹලාට හිරිහැර කරනු ඇත.
56
ඇරත්, නුඹලා මා කී ලෙස නොකරන්නහු නම්, මම ඔවුන්ට දෙන්නට යන දඬුවම් නුඹලාට දෙන්නෙමි.’ “
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 34 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36