bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 15
Numbers 15
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 16 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන නුඹලාගේ වාස භූමිය වන රටට පැමිණි කල
3
ගව පට්ටිවලින් හෝ එළු බැටළු පට්ටිවලින් හෝ ගත් සතෙකු සමිඳාණන් වහන්සේගේ මහිමයට ගින්නෙන් දවා, දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් වශයෙන් හෝ ස්වේච්ඡා පූජාවක් වශයෙන් හෝ මංගල දිනක දී පුදන පූජාවක් වශයෙන් හෝ පුදන්නහු නම්, ඒවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.
4
තවද, එවැන්නක් සමිඳාණන් වහන්සේට පුදන තැනැත්තේ, තෙල් ලීටර් එකක් සමඟ ඇනූ පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනා යුතු ය.
5
නුඹලා දවන යාග පූජාවක් වශයෙන් පුදන එක් එක් බැටළු පැටියෙකු සමඟ, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකක් ද පිදිය යුතු ය.
6
නුඹලා පුදන එක් එක් බැටළු වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් තෙල් ලීටර් එකහමාරක් ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ද පිදිය යුතු ය.
7
තවද, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකහමාරක් පිදිය යුතු ය. මේවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.
8
දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් හෝ සහභාගිකමේ පූජාවක් වශයෙන් හෝ ගොනෙකු සමිඳාණන් වහන්සේට ඔප්පු කරන කල
9
ගොනා සමඟ ආහාර පූජාවක් වශයෙන් තෙල් ලීටර් දෙකක් ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද ගෙනා යුතු ය.
10
පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් දෙකක් ද ගෙනා යුතු ය. ගින්නෙන් දවා පිදූ මෙය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
11
පූජා කරන එක් එක් ගොනෙකු ද බැටළු වස්සෙකු ද බැටළු පැටියෙකු ද සඳහා මෙලෙස කළ යුතු ය.
12
නුඹලා පුදන සතුන්ගේ ගණන අනුව, එක එක සතා සම්බන්ධයෙන් මෙලෙස ඉටු කළ යුතු ය.
13
‘ස්වදේශිකයන් සියලු දෙන ම, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, මේ අයුරින් සියල්ල ඉටු කළ යුතු ය.
14
තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් වේ වා, නිත්‍ය පදිංචිය ඇති කෙනෙක් වේ වා, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, නුඹලා කරන හැටියට ම ඔහුත් කළ යුතු ය.
15
ඉශ්රායෙල් ජනයා වන නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් ඉදිරියට සදහට ම එක ම නියෝගයක් වලංගු වනු ඇත. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා සහ විදේශිකයන් එක සමාන වනු ඇත.
16
නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් එක ම නීතියක් සහ එක ම නියෝගයක් වලංගු වනු ඇත.’ “
17
යළි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
18
“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘මා නුඹලා ව ගෙනෙන රටට නුඹලා පැමිණි පසු
19
ඒ රටේ නිපද වූ ආහාර අනුභව කරන විට, ඉන් කොටසක් විශේෂ පඬුරු පිණිස සමිඳාණන් වහන්සේ වන මා සඳහා වෙන් කළ යුතු ය.
20
අස්වැන්න නෙළන විට සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස, පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක් ද ඔප්පු කළ යුතු ය.
21
මෙලෙස පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක්, නුඹලාගේ සෑම පරම්පරාවක් ම සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් කොට පිදිය යුතු ය.
22
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ මේ සියලු ආඥා යම් කිසි අතපසු වීමකින් නුඹලා කඩ කළොත්
23
එසේ නැත් නම්, උන් වහන්සේ ඒවා අණ කළ දින පටන් ඉදිරියට මතු පරම්පරාවන්, මෝසෙස් මඟින් දුන් ආඥා කඩ කළොත්,
24
එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය.
25
මුළු ඉශ්රායෙල් ජනතාව ම උදෙසා පූජකවරයා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත්කමින් වූ නිසා, ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
26
මුළු සෙනඟගේ නොදැනුවත්කමින් වූ නිසා මුළු ඉශ්රායෙල් ජනතාවගේ ද, ඔවුන් අතර වසන විදේශිකයන්ගේ ද පව් කමා කරනු ලැබේ.
27
‘යමෙකු නොදැනුවත්කමින් පව් කළොත්, එවැන්නෙකු පාප පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති එළුදෙනක ගෙනා යුතු ය.
28
මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු, ඔහුගේ පව් කමා කරනු ලැබේ.
29
නොදැනුවත්කමින් වන පව් පිළිබඳ ව මවුබිම උපන් ඉශ්රායෙල් ජනයාටත්, ඔවුන් අතර කලකට වසන විදෙශිකයන්ටත් එක ම නීතියක් වලංගු වනු ඇත.
30
‘ස්වදේශිකයෙක් හෝ විදේශිකයෙක් හෝ දැන දැන නීතිය කඩ කරයි නම්, එවැන්නෙකු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දුෂ්ට අපරාධයක් කරන බැවින් ඔහු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.
31
ඔහු සමිඳාණන් වහන්සේගේ වචනය හෙළා දැක, උන් වහන්සේගේ ආඥා කඩ කළ බැවින්, එවැන්නෙකු සහමුලින් ම නෙරපාදමනු ඇත. ඔහුගේ දුෂ්ටකම ගැන ඔහු ම වගකිව යුතු ය.’ “
32
ඉශ්රායෙල් ජනයා පාළුකරයේ සිටිය දී, සබත් දින දර එකතු කළ මිනිසෙක් ඔවුන්ට සම්බ විය.
33
එවිට ඔව්හු මෝසෙස් සහ ආරොන් ඇතුළු ජනතාව ඉදිරියට ඒ මිනිසා ගෙනාවෝ ය.
34
ඔහුට කුමක් කළ යුතු ද කියා නියම ව නොතිබුණ හෙයින්, ඔව්හු ඔහු සිර අඩස්සි කළහ.
35
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඒ මිනිසා මරණයට පත් කළ යුතු ය. මුළු ජනතාව ම ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මැරිය යුතු ය”යි වදාළ සේක.
36
උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි මුළු ජනතාව ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස්, ඔහුට ගල් ගසා, මරාදැමූ හ.
37
සමිඳාණන් වහන්සේ යළි මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
38
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ අණ කරන්න. ‘ඔවුන්ගේ මතු පරම්පරාවල සැම කෙනෙක් ම තම තමන්ගේ වස්ත්‍රවල වාටියේ දාවලු සෑදිය යුතු ය. තවද, ඒ එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් දැමිය යුතු ය.
39
නුඹලාට මේ දාවලු පෙනෙන විට, සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල සිහි කොට ඒවා පිළිපැදීමට සිතට ගත යුතු ය. එවිට නුඹලා මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගත් මෙන්, නුඹලාගේ නෙත් සිත් ඇදී යන පරිදි එසේ නොකළ යුතු ය.
40
නුඹලා මෙය සිහි කොට, මාගේ ආඥා සියල්ල ඉටු කරමින්, නුඹලාගේ දෙවියන් වහන්සේට පමණක් කැප විය යුතු ය.
41
දෙවි සමිඳාණන් වහන්සේ මම ය. නුඹලාගේ දෙවියන් වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය.’ “
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36