bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 21
Numbers 21
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 22 →
1
දකුණු දිශාවේ විසූ අරාද් නම් කානානිය රජ අතාරිම් නම් මාර්ගය ඔස්සේ ඉශ්රායෙල්වරුන් එන බව ඇසූ විට, ඔහු ඔවුන් ආක්රමණය කර ඔවුන්ගෙන් සමහරෙකු අල්ලාගත්තේ ය.
2
ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ මේ සෙනඟ අප අතට පාවා දෙන සේක් නම්, අපි ඔවුන්ගේ නගර සහමුලින් වනසාලන්නෙමු”යි කී හ.
3
උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ ඉල්ලීමට සවන් දී කානානිවරුන් ඔවුන්ට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් සහ ඔවුන්ගේ නගර සහමුලින් වනසා ලූ හ. ඉන්පසු එම ස්ථානය හෝර්මා කියා නම් කරන ලදී.
4
ඔව්හු හෝර් නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදොම් නම් දේශය වටකර ගියහ. මෙසේ යන විට සෙනඟ බොහෝ සේ අධෛර්යයට පත් වූ හ.
5
සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ.
6
එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ.
7
එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, “අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය.
8
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ”යි වදාළ සේක.
9
එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.
10
ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ඔබොත් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ.
11
එතැනින් නික්ම ඔව්හු පෙරදිග වූ මෝවබ් ප්රදේශයට ඉදිරියෙන් පිහිටි පාළුකරයේ ඉයේ-අබාරීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ.
12
එතැනින් ද නික්ම ශෙරෙද් නම් මිටියාවතේ කඳවුරු බැඳගත්හ.
13
එතැනින් ද යළි ඔව්හු පිටත් ව ගොස්, අමෝරිවරුන්ගේ දේශ සීමා දක්වා ඇති පාළුකරයේ පිහිටි අර්ණොන් ගඟින් එගොඩ කඳවුරු බැඳගත්හ. අර්ණොන් ගඟ පිහිටියේ මෝවබ්වරුන්ගේ හා අමෝරිවරුන්ගේ රටවල් අතර මෝවබ් දේශ සීමාවේ ය.
14
එබැවින් සමිඳුන්ගේ සටන් ග්රන්ථයෙහි මෙසේ කියා තිබේ: “සුපා නම් පෙදෙස්හි වහෙබ් නුවර ය, මිටියාවත් ය, අර්ණොන් නදිය ඇත,
15
ආර් නුවර හා මෝවබ් දේශ සීමා පැතිරී යන මිටියාවත්හි බෑවුම් ය.”
16
එතැනින් ඔව්හු බෙයේර් නම් ස්ථානයට ගියහ. ‘සෙනඟ එක්රැස් කරන්න, මම ඔවුන්ට බොන්නට වතුර දෙමි’යි කියා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාරා ඇත්තේ එහි ය.
17
එවිට ඉශ්රායෙල් මේ ගීය ගැයූ හ. “එම්බා ළිඳ, දිය උනන්න. ඊට ගී ගයන්න.
18
කුමරුන් කැණි ළිඳ මේ ය, නායකයන් හෑරූ ළිඳ මේ ය, ජයකොන්තයෙන් කැණි ළිඳ මේ ය, සැරයටියෙන් හෑරූ ළිඳ මේ ය.” ඔව්හු පාළුකරයෙන් නික්ම මත්තානයට ද
19
එතැනින් නහලීයෙලට ද එතැනින් බාමොත්ට ද
20
එතැනින් කාන්තාරයට මූණ ලා පිහිටි පිස්ගා කඳු ශිඛරයට පහතින් මෝවබ් දේශයේ මිටියාවතට ද පැමිණියහ.
21
ඉශ්රායෙල්වරු අමෝරිවරුන්ගේ සීහොන් රජු වෙත දූතයන් යවමින්,
22
“ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර දෙනු මැනව, ඔබේ කෙත් වතුවලට හෝ මිදි වතුවලට හෝ නොයන්නෙමු. ළිංවලින් වතුර නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කරන තෙක් රජ මාවත ඔස්සේ ම යන්නෙමු”යි සැළ කළහ.
23
එහෙත්, සීහොන් රජ, තම රට මැදින් යන්නට ඉශ්රායෙල්වරුන්ට අවසර නුදුන්නේ ය. තවද, ඔහු තම සියලු සෙනඟ රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද අරඹා පාළුකරයේ පිහිටි ජහශ් නම් ස්ථානයට ගොස්, ඔවුන්ට පහර දුන්නේ ය.
24
ඉශ්රායෙල්වරු ද ඔවුන්ට විරුද්ධ ව කඩුවෙන් ප්රති ප්රහාර දී, අර්ණොන් නදියේ සිට ජබ්බොක් දක්වා ද අම්මොන්වරුන්ගේ දේශ සීමාවේ පිහිටි ජාශර් නම් ස්ථානය දක්වා ද රට යටත් කරගත්හ.
25
ඉශ්රායෙල්වරු මෙසේ අමෝරිවරුන්ගේ මේ නගර සියල්ල ම අල්ලාගත්හ. ඉන්පසු ඔව්හු හෙෂ්බොන් ඇතුළු ඊට යාබද සියලු නගරවල පදිංචි වූ හ.
26
හෙෂ්බොන් වනාහි අමෝරිවරුන්ගේ, සීහොන් නම් රජතුමාගේ ප්රධාන නගරය විය. ඔහු කලින් සිටි මෝවබ්හි රජුට විරුද්ධ ව සටන් කොට අර්ණොන් නදිය දක්වා මුළු ප්රදේශය ම අල්ලාගෙන තිබුණේ ය.
27
එබැවින් කිවීහු මෙසේ ගැයූ හ: “හෙෂ්බොන් වෙත එන්න, සීහොන් නුවර ඉදි කොට එය ලකලෑස්ති කරන්න.
28
හෙෂ්බොනින් නික්ම ගිය ගින්න, සීහොන් නුවරින් නික්ම ගිය ගිනි දලුව, මෝවබ්හි ආර් ද අර්ණොන් ගිරිකුළු නායකයන් ද දවාදැමී ය.
29
එම්බා මෝවබ්, තිට වන විපතක මහත! කෙමොෂ් වැසියෙනි, තෙපි විනාශ යි! දරුවන් කෙමොෂ් කෙරෙන් පලා යාමටත් දැරියන් අමෝරි රජු හට වහල්කමටත් පාවා දුනි.
30
හෙෂ්බොන් සිට දීබොන් දක්වා, නාෂිම් සිට මෙදිබා අසල නෝපා දක්වා, ඔවුන්ගේ පෙළපත වැනසී ඇත.”
31
මෙලෙස ඉශ්රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයෙහි පදිංචි වූ හ.
32
මෝසෙස් ජාශර් නුවරට ඔත්තු බැලීමට දූතයන් යවා, ඊට යාබද නගර අල්ලා ගෙන ඒවායේ විසූ අමෝරිවරුන් පන්නා දැමී ය.
33
ඉන්පසු ඔව්හු හැරී බාෂාන් බලා ගියහ. එවිට බාෂාන්හි රජු වූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද අරඹා පහර දීමට එද්රෙයි නම් ස්ථානයට ගියහ.
34
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “රජුට බිය නොවන්න; නුඹ අතට ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් මම පාවාදෙමි. හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට නුඹ කළාක් මෙන්, ඔහුටත් දඬුවම් කළ යුතු ය”යි වදාළ සේක.
35
එවිට ඉශ්රායෙල්වරු එම රජුටත්, ඔහුගේ දරුවන්ටත්, ඔහුගේ සෙනඟටත් පහර දී ඔවුන්ගෙන් කිසිවෙකු ඉතුරු නොකොට මරාදැමූ හ. ඉන්පසු ඔව්හු එම දේශය අත්පත් කරගත්හ.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36