bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 6
Numbers 6
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 7 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ විශේෂ බාරයක් වී සමිඳාණන් වහන්සේට කැප වී වෙන් වන පිණිස නාසරීයයෙකුගේ බාරයක් වූ විට
3
එවැන්නෙකු මිදියුස ද මත්පැන් ද පානය නොකළ යුතු ය. තවද, ඔහු මිදියුසේ කාඩි හෝ මත්පැනක කාඩි හෝ මිදි ගෙඩිවලින් පෙරාගත් මත් වන බීමක් හෝ පානය නොකළ යුතු ය. වියළි මිදි හෝ අමු මිදි ගෙඩි හෝ නොකෑ යුතු ය.
4
කැප වූ මුළු කාලය තුළ ම ඔහු මිදි වැලෙන් හෝ මිදි ගෙඩියේ මදයෙන් හෝ ලෙල්ලෙන් හෝ සෑදූ කිසිවක් නොකෑ යුතු ය.
5
‘තවද, සමිඳාණන් වහන්සේට තමන් කැප කරගත් මුළු කාලය තුළ ම, එය අවසාන වෙන තෙක් ම ඔහු තම හිස කෙස් නොකැපිය යුතු ය. ඒ කාලයේ දී ඔහු ශුද්ධ කෙනෙකු වනු ඇත. තම කේශ කලාපය ද වැඩීමට ඉඩ දිය යුතු ය.
6
මේ කාලය තුළ දී ඔහු කිසි ම කෙනෙකුගේ මළකඳක් සමීපයට නොපැමිණිය යුතු ය.
7
තම පියා හෝ මව හෝ සහෝදරිය හෝ සහෝදරයා හෝ මියගිය විට පවා, තමා අපවිත්‍ර නොවිය යුතු ය. මන්ද, ඔහු දෙවියන් වහන්සේට කැපවීමේ ලකුණු තම හිස මත දරන බැවිනි.
8
තමන් කැප වූ මුළු කාලය තුළ ම ඔහු සමිඳාණන් වහන්සේට කැප වූ කෙනෙකි.
9
‘තමන් ළඟින් සිටින යමෙකු හදිසියෙන් මියගියොත්, ඔහු තමන් කැප කරගත් කේශ කලාපය දූෂණය කරගත්තේ යයි සැලකෙනු ඇත. එවිට ඔහු තමාගේ පවිත්‍ර වීමේ දිනය වන සත් වන දින තම හිස බූගෑ යුතු ය.
10
අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පූජකවරයා වෙත ගෙනා යුතු ය.
11
පූජකවරයා ඉන් එකෙකු පාප පූජාවක් සඳහා ද, අනිකා දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කොට, මළකඳ නිසා වූ පාපයට, ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කර, එදින ම ඔහුගේ කේශ කලාපය ඔහු යළි කැප කළ යුතු ය.
12
මෙලෙස තමන් කැප කරගත් කාලය සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඔහු වන්දි ගෙවීමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවෙකු ගෙනා යුතු ය. එහෙත්, ඔහුගේ කැපවීම දූෂණය වූ බැවින් කලින් කැප වූ කාලය වලංගු නොවනු ඇත.
13
‘තමන් කැප වූ කාලය අවසාන වූ පසු, නාසරීයයෙකු සම්බන්ධ පහත දැක්වෙන නීති වලංගු වේ. ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පැමිණ
14
නොකැළැල් අවුරුද්දක් වයසැති, පිරිමි බැටළු පැටවෙකු දවන යාග පූජාවක් සඳහා ද, කැළැල් නැති අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක පාප පූජාවක් සඳහා ද, නොකැළැල් බැටළු වස්සෙකු සහභාගිකමේ පූජාවක් සඳහා ද පඬුරු කොට ඔප්පු කළ යුතු ය.
15
පසුව නුමුහුන් රොටි කූඩයක් ද, තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ රොටි ද, තෙල් ගාන ලද නුමුහුන් තුනී රොටි පෙති ද රොටි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද පිදිය යුතු ය.
16
‘පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියට ඒවා ගෙනවුත් ඔහුගේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදනු ඇත.
17
ඉන්පසු ඔහු, සහභාගිකමේ පූජාවක් වශයෙන් බැටළු වස්සා සහ නුමුහුන් රොටි කූඩය ද ඔප්පු කළ යුතු ය. තවද, තම ධාන්‍ය පූජාව ද පානීය පූජාව ද ඔප්පු කළ යුතු ය.
18
ඉන්පසු නාසරීයයා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තම කැපවීමේ සංකේතය වන තමාගේ හිස බූගා, හිස කෙස් රැගෙන, සහභාගිකමේ පූජාව යට තිබෙන ගින්නට දැමිය යුතු ය.
19
‘පූජකවරයා බැටළු වස්සාගේ තම්බන ලද ගාතයත්, රොටි කූඩයෙන් එක නුමුහුන් රොටියකුත්, එක නුමුහුන් තුනී රොටි පෙත්තකුත් රැගෙන, නාසරීයයා තම හිස බූගාගත් පසු ඔහුගේ අත්හි තැබිය යුතු ය.
20
මෙසේ පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවායින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිළිගැන්වූ ළැපැත්තට හා පිදූ ගාතයට අමතර ව, මෙය පූජකවරයාට හිමි වන ශුද්ධ පඬුරකි. මින්පසු මිදියුස පානය කරන්නට නාසරීයයාට අවසර ඇත.
21
බාරයක් වූ නාසරීයයන් පිළිබඳ වලංගු නීතිය මෙය වේ. කැප වූ කාලය සඳහා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර හැර, ඊට අමතර වෙන යමක් ඔහු බාර විණි නම්, ඔහු කැප වූ කාල සීමාවෙන් පසු ඒ බාරය අකුරට ම ඉෂ්ට කළ යුතු වේ.’
22
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
23
“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් අමතා, ‘නුඹලා ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරන විට මෙලෙස කිව යුතු වේ:
24
‘සමිඳාණෝ ඔබට ආශීර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක් වා!
25
‘සමිඳාණෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක් වා!
26
‘සමිඳාණෝ සිය නෙත් ඔබ කෙරෙහි යොමා ඔබට සාමදානය දෙන සේක් වා!’
27
‘ඔවුන් ඉශ්රායෙල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයැදිනවා ඇත. එවිට මම ද ඔවුනට ආසිරි වස්වමි.’ “
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36