bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 9
Numbers 9
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 10 →
1
ඉශ්රායෙල් ජනයා මිසරයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ දී, සමිඳාණන් වහන්සේ සීනයි පාළුකරයේ දී මෝසෙස්ට කතා කොට,
2
“ඉශ්රායෙල් ජනයා පාස්කු මංගල්‍යය නියමිත කාලයේ දී පැවැත්විය යුතු ය.
3
“මේ මාසයේ දහහතර වන දින සවස ඔවුන් එය නියමිත වේලාවට ඊට සම්බන්ධ සියලු ම නීති නියෝග අනුව සිදු කළ යුතු ය”යි වදාළ සේක.
4
එවිට මෝසෙස් ඉශ්රායෙල් ජනයා අමතමින්, “පාස්කු මංගල්‍යය පැවැත්විය යුතු ය”යි කී ය.
5
ඔව්හු සීනයි පාළුකරයේ දී, පළමු වන මාසයේ දහහතර වන දින සවස පාස්කු මංගල්‍යය පැවැත් වූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ලෙස ඉශ්රායෙල්වරු කළෝ ය.
6
මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වූ මිනිසුන් සමහරෙක් එහි සිටියෝ ය. ඔවුන්ට එදින පාස්කුව පැවැත්වීමට නොහැකි වූ බැවින්, ඔව්හු එදින ම මෝසෙස් හා ආරොන් වෙතට පැමිණ
7
ඔවුන්ට කතා කොට, “මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපි අපවිත්‍ර වීමු. එබැවින් සෙසු ඉශ්රායෙල් ජනයා සමඟ නියමිත දිනයේ සමිඳාණන් වහන්සේට පඬුරු පූජා කිරීම අපට තහනම් කර ඇත්තේ මන් දැ”යි ඇසූ හ.
8
මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ කුමක් අණ කරන සේක් දැ යි මා අසාගෙන එන තෙක් ඔබ මෙහි සිටින්නැ”යි කී ය.
9
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා මෙසේ වදාළ සේක:
10
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය දන්වන්න: ‘නුඹලාගෙන් හෝ නුඹලාගේ දරුපරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත්, ඈත දුර ගමනක යෙදී සිටියත්, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතු ය.
11
දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් රොටි හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය.
12
එයින් කිසිවක් උදය දක්වා නොතිබිය යුතු ය. පාස්කු බැටළුවාගේ ඇටයක් පවා නොකැඩිය යුතු ය. තවද, පාස්කුව පිළිබඳ සියලු නියෝග අනුව එය පැවැත්විය යුතු ය.
13
එහෙත්, පවිත්‍ර කෙනෙක් හෝ දුර ගමනක් නොගිය යම් මිනිසෙක් හෝ පාස්කුව නොපවත්වන්නේ නම්, ඔහු නියම කාලයේ දී සමිඳාණන් වහන්සේට තම පඬුර නොගෙනා බැවින්, එවැන්නකු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඔහු තම පාපය ගැන ද වගකිව යුතු වේ.
14
තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පාස්කුව පැවැත්වීමට කැමැති නම්, ඔහු ද පාස්කුව පිළිබඳ නියෝග පිළිපදිමින්, එහි සම්ප්රදායයන් අනුව එය පැවැත්විය යුතු ය. විදේශිකයෙකුට වේ වා ස්වදේශිකයෙකුට වේ වා වලංගු වනුයේ එක ම නියෝගය වේ.’ “
15
මණ්ඩපය ඉදි කළ දවසේ දී, වලාකුළක් විත් සම්මුඛ මණ්ඩපය වසා ගත්තේ ය. සවස පටන් උදය දක්වා ගින්න වැනි පෙනුමක් එහි තිබිණි.
16
නිතර ම එලෙස විය. දවල් කාලයේ දී මණ්ඩපය වලාකුළකින් වැසිණි. රාත්‍රි කාලයේ දී එහි ගින්න වැනි පෙනුමක් තිබිණි.
17
මණ්ඩපයෙන් වලාකුළ ඉවත් කරනු ලැබූ සැම විට ම ඉශ්රායෙල් ජනයා ද යන්නට පිටත් වූ හ. වලාකුළ යළි පහළ වූයේ යම් තැනක ද එතැන ඉශ්රායෙල් ජනයා තම තමන්ගේ කූඩාරම් ගැසූ හ.
18
මෙලෙස ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණ පරිදි යන්නට පිටත් වූ හ; සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කූඩාරම් ගැසූ හ. වලාකුළ සම්මුඛ මණ්ඩපය වසා සිටි මුළු කාලය තුළ ම ඔව්හු තම තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ.
19
බොහෝ දවසක් වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි විට ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණට කීකරු ව ඉදිරියට ගමන් නොකළහ.
20
මෙලෙස වලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු යන්නට ද පිටත් වූ හ.
21
සමහර විට වලාකුළ සවස සිට උදය දක්වා එහි තිබී, උදය කාලයේ දී ඉවත් කරනු ලැබී නම් ඔව්හු යන්නට වූ හ. දවල් කාලයේ හෝ රාත්‍රි කාලයේ හෝ වේ වා, වලාකුළ ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ.
22
දවස් දෙකක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ වලාකුළ මණ්ඩපය මත රැඳී තිබුණේ නම්, ඉශ්රායෙල් ජනයා පිටත් ව නොගොස්, තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. එය ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ;
23
සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු කූඩාරම්වල පදිංචි වූ හ. එලෙස ම ඔව්හු යන්නට ද පිටත් වූ හ. උන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ පරිදි ඔව්හු උන් වහන්සේගේ නියමයන් ඉටු කළහ.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36