bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 20
Numbers 20
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 21 →
1
පළමු වන මාසයේ දී මුළු ඉශ්රායෙල් ජනතාව ශීන් නම් පාළුකරයට ඇතුළු වී කාදෙෂ් නම් ස්ථානයේ නවාතැන් ගත්හ. එහි දී මීරියම් මරණයට පත් වූයෙන්, ඈ භූමදාන කෙරිණි.
2
ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී
3
මෝසෙස්ට අභියෝග කරමින්, “සමිඳාණන් වහන්සේ ඉදිරිපිට අපේ සොහොයුරන් නැසුණු විට අපිත් නැසුණෙමු නම් කෙතරම් හොඳ ද?
4
ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මේ පාළුකරයට ගෙනාවේ මන් ද? අපත් අපේ ගවමහිෂයනුත් මරාදමන්නට ද?
5
ඔබ දෙදෙන මිසරයෙන් පිටතට අප ගෙනාවේ මන් ද? මේ කාලකණ්ණි තැනට අප ගෙනෙන්නට ද? මෙතැන ධාන්යයටත්, අත්තික්කාවලටත්, මිදිවලටත්, දෙළුම් ගස්වලටත් තැනක් නොවේ. ඒ මදිවාට බොන්නට වතුරත් නැතැ”යි කී හ.
6
එවිට මෝසෙස් සහ ආරොන් සෙනඟගෙන් ඉවත් ව, සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගොස් මුණින්තලා වැටුණාහ. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඔවුන්ට දර්ශනය විය.
7
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,
8
“නුඹේ සැරයටිය ගෙන නුඹත්, නුඹේ සොහොයුරු ආරොනුත් ජනතාවත් එකට රැස් කරන්න. එසේ රැස් කොට, ඔවුන්ට පෙනෙන අර පර්වතයට අණ කරන්න. ඉන් වතුර ගලා යනු ඇත. නුඹ පර්වතයෙන් ගලා යන ඒ වතුර ඔවුන්ට දිය යුතු ය. මෙසේ සෙනඟටත්, ඔවුන්ගේ සතුන්ටත් බොන්නට වතුර ලැබෙනු ඇතැ”යි වදාළ සේක.
9
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු උන් වහන්සේ ඉදිරිපිටින් සැරයටිය ගත්තේ ය.
10
ඔවුන් දෙදෙන පර්වතය ඉදිරිපිට ජනතාව එක්රැස් කළහ. ඉන්පසු මෝසෙස් ඔවුන් අමතමින්, “දැන් ඉතින්, කැරලිකරුවෙනි, මට සවන් දෙනු. මේ පර්වතයෙන් වතුර ගලා එවන්නට දැ”යි ඇසී ය.
11
ඔහු අත ඔසවා, සැරයටියෙන් පර්වතයට දෙවරක් ගැසී ය. මහා ජලධාරාවක් පිටාර ගැලී ය, ජනතාව සහ ඔවුන්ගේ සත්තු එයින් බීවෝ ය.
12
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.
13
ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දොස් තැබූ බැවිනුත්, ඒ වතුර මඟින් උන් වහන්සේ සිය ශුද්ධ බල මහිමය ඔවුන්ට ප්රකාශ කළ බැවිනුත්, ඒ වතුර “මෙරිබාහි වතුර ය”යි නම් කරනු ලැබී ය.
14
මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම්හි රජතුමන් වෙත දූතයන් යවමින් මෙසේ සැළ කෙළේ ය: “ඔබේ සගයන් වන ඉශ්රායෙල්වරුන් මෙසේ දන්වනු ඇත. අපට මූණපාන්නට වූ දුක් කරදර සියල්ල ම ඔබ දන්නෙහි ය.
15
අපේ මුතුන්මිත්තන් මිසරයට ගිය සැටිත්, දීර්ඝ කාලයක් අප එහි වාසය කළ සැටිත්, මිසර වැසියන් අපට හා මුතුන්මිත්තන්ට පීඩා කළ සැටිත් ඔබ දන්නෙහි ය.
16
අප සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, උන් වහන්සේ අප හඬට සවන් දී දූතයෙකු එවමින් මිසරයෙන් අප පිටතට ගෙනා සේක. මෙන්න, දැන් අපි ඔබේ දේශ සීමාවන්හි පිහිටි කාදෙෂ් නම් නුවර නැවතී සිටිමු.
17
කරුණාකර ඔබේ දේශය මැදින් ගමන් කිරීමට අපට අවසර දෙනු මැනවි. කෙත් වතු හෝ මිදි වතු හෝ මැදින් අපි නොයන්නෙමු. ඔබේ ළිංවලින් ජලය ද අපි නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කර යන තෙක් දකුණතට හෝ වමතට හෝ නොහැරී අපි රජ මාවත ඔස්සේ ම යන්නෙමු.”
18
එහෙත්, ඒදොම්හි රජ ඔවුන්ට කතා කොට, “මාගේ දේශය මැදින් ඔබ හැමට ගමන් කිරීම තහනම් ය. එසේ කළොත් මම ඔබ හැමට විරුද්ධ ව යුද්ධ අරඹමි”යි කී ය.
19
ඉශ්රායෙල් ජනයා ඔහුට යළි කතා කොට, “අපි රජ මාවත දිගේ පමණක් යන්නෙමු. අප වත්, අපේ ගවමහිෂයන් වත් ඔබට අයිති වතුර බීවොත් අපි වන්දි ගෙවන්නෙමු. අපට ඕනෑ යන්තම් පයින් ගමන් කිරීම පමණ ය”යි කී හ.
20
එහෙත් රජ තෙම, “ඔබ හැමට යාම තහනම් ය”යි අණ කෙළේ ය. මෙසේ කී පසු ඒදොම් වැසියෝ මහා බලය පාමින්, විශාල පිරිසක් රැගෙන ඔවුන්ට විරුද්ධ ව පැමිණියා හ.
21
මෙසේ වූයේ ඒදොම්හි රජු ඉශ්රායෙල් ජනයාට තම දේශය මැදින් යාමට අවසර නුදුන් බැවිනි. එබැවින් ඉශ්රායෙල් ජනයා එතැනින් වෙන අතකට හැරුණාහ.
22
මුළු ඉශ්රායෙල් ජනතාව කාදෙෂ් නම් ස්ථානයෙන් පිටත් ව හෝර් නම් කන්දට පැමිණියහ.
23
ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් නම් කන්ද මත, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට,
24
“නුඹලා මාගේ අණට විරුද්ධ ව, මෙරිබාහි ජලය සමීපයේ දී කැරලි ගැසූ බැවින්, ඉශ්රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු වූ දේශයට ආරොන් ඇතුළු නොවන්නේ ය. ඔහු මැරෙනු ඇත.
25
ආරොන් සහ ඔහු පුත් එලෙයාසර් කැඳවාගෙන හෝර් කන්දට නඟින්න.
26
ආරොන්ගේ ඇඳුම් ගලවා, ඔහු පුත් එලෙයාසර්ට ඒවා පළඳවන්න. ආරොන් එහි දී මරණයට පත් වනු ඇතැ”යි වදාළ සේක.
27
සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. මුළු ජනතාව බලාගෙන සිටිය දී ඔව්හු හෝර් කන්දට නැංගාහ.
28
ඉන්පසු මෝසෙස් ආරොන්ගේ ඇඳුම් ගලවා ඔහු පුත් එලෙයාසර්ට ඒවා පැළඳ වී ය. ආරොන් කඳු මුදුනේ දී මියගියේ ය. ඉන්පසු මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් පහතට බැස ආහ.
29
මුළු ජනතාව ආරොන් මියගිය බව දැනගත් විට, ඉශ්රායෙල් වංශයේ සියල්ලෝ ම දින තිහක් ආරොන් උදෙසා වැලපුණාහ.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36