bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 3
Numbers 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 4 →
1
සමිඳාණන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කළ කාලයේ දී, ඔහුගේ සහ ආරොන්ගේ පවුල්වලට අයත් අය මොවුහු වූ හ.
2
ආරොන්ගේ පුත්‍රයන්ගේ නාම වනාහි ඔහුගේ කුලුඳුලා වූ නාදාබ් සහ අබීහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.
3
පූජක නිලයේ සමිඳාණන් වහන්සේගේ සේවාවට කැප කරන පිණිස ආරොන් ආලේප කළ ඔහුගේ පුත්‍රයෝ මොවුහු වූ හ.
4
සීනයි පාළුකරයේ දී නාදාබ් සහ අබීහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔව්හු මළහ. ඔවුන්ට දරුවෝ ද නො වූ හ. එබැවින් එලෙයාසර් සහ ඊතාමාර්, තම පියා වන ආරොන්ගේ ජීවිත කාලයේ දී පූජක නිලයේ සේවා ඉටු කළහ.
5
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
6
“ලෙවීගේ ගෝත්‍රයට අයිති වූවන් කැඳවාගෙනවුත්, පූජක ආරොන්ට සේවය කරන පිණිස ඔවුන් පත් කරන්න.
7
මණ්ඩපයේ සේවාවන්ට අදාළ ව, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ආරොන් සහ මුළු ජනතාව පිළිබඳ වගකීම් ඔවුන් බාරගත යුතු ය.
8
ඔවුන් සම්මුඛ මණ්ඩපයට අයත් බඩු භාණ්ඩ භාරගෙන, මණ්ඩපයේ සේවාවන් පිළිබඳ ව ඉශ්රායෙල් ජනයාගේ වගකීම් ඉටු කළ යුතු ය.
9
නුඹ ලෙවීවරුන් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැප කොට භාර දිය යුතු ය. මෙසේ ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔවුන් භාර දෙනු ඇත.
10
එහෙත්, නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිලයේ සේවාවන් ඉටු කිරීම පිණිස පත් කළ යුතු ය. අන් කිසිවෙකු ළං වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ ය”යි වදාළ සේක.
11
යළි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්,
12
“මම ඉශ්රායෙල් ජනයාගේ මවු කුසයෙන් බිහි වන සියලු ම කුලුඳුලන් වෙනුවට ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් තෝරාගතිමි. ඔවුන් මාගේ වනු ඇත.
13
මන්ද, සියලු කුලුඳුලෝ මට අයිති ය. මිසර දේශයේ සියලු කුලුඳුලන් මැරූ දිනයේ දී, මම ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුල් දරුවන් හා කුලුඳුල් සතුන් මට ම කැප කොටගතිමි. ඔවුන් මට අයිති වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි”යි වදාළ සේක.
14
නැවතත් සමිඳාණන් වහන්සේ සීනයි පාළුකරයේ දී මෝසෙස්ට කතා කොට,
15
“ලෙවීගේ ගෝත්‍රයට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින් ඔවුන්ගේ පිය පෙළපත් හා පවුල් අනුව ලියාපදිංචි කරන්නැ”යි වදාළ සේක.
16
මෝසෙස් ද උන් වහන්සේ අණ කළ පරිදි එය ඉටු කෙළේ ය.
17
ලෙවීගේ පුත්‍රයෝ නම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරී ය.
18
පවුල් වශයෙන් ගේර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලිබ්නි සහ ෂිමෙයි ය.
19
පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.
20
පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවා ය.
21
ගේර්ෂොන්ගේ පවුල්වලට අයිති වූවෝ ලිබ්නිගේ සහ ෂිමෙයිගේ පවුල්වල අය වෙත්.
22
ඔවුන් අතර ලියාපදිංචි කරන ලද, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හත්දාස් පන්සියයක් විය.
23
මොවුන් මණ්ඩපයෙන් බටහිර දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු වේ.
24
තවද, මොවුන්ගේ ප්‍රධානියා, ලායෙල්ගේ පුත් එලියාසාප් ය.
25
මොවුන්ට සම්මුඛ මණ්ඩපයේ පහත දක්වන කොටස් භාර විය. එනම්, මළුවේ තිර ද, මණ්ඩපය ද, එහි වැස්ම ද කඩතුරාව ද
26
මළුවේ තිර ද මණ්ඩපයට සම්බන්ධ පූජාසනය වටේට වූ මළුවේ දොරට දැමූ තිරය ද මේවා සම්බන්ධ සියලු සේවාවන්ට අවශ්‍ය ලණු ද වේ.
27
කොහාත්ගේ පවුල්වලට අයිති වූවෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල්ගේ පවුල්වල අය වෙත්.
28
ඔවුන් අතර ලියාපදිංචි කළ, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු එකතුව අටදාස් හයසියයක් වේ. මොවුහු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝ ය.
29
මොවුන් මණ්ඩපයෙන් දකුණු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.
30
තවද, මොවුන්ගේ ප්‍රධානියා උශ්ශියෙල්ගේ පුත් එලිශාපාන් ය.
31
මොවුන් හට පහත දක්වන ඒවා භාර විය යුතු ය. එනම්, ගිවිසුම් කරඬුව සහ මේසය ද, පහන් රුක ද පූජාසනය සහ සේවාවට ගන්නා ශුද්ධස්ථානයේ සියලු බඩු භාණ්ඩ ද, කඩතුරාව සහ මේවා සම්බන්ධ සේවාවන් සියල්ල ද වේ.
32
පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්, ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතු ය.
33
මෙරාරීගේ පවුල්වලට අයත් වූවෝ නම්, මාලී සහ මුෂීගේ පවුල්වල අය වෙත්.
34
ඔවුන් අතර ලියාපදිංචි කළ මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හයදාස් දෙසියයකි.
35
තවද, මොවුන්ගේ ප්‍රධානියා අබිහයිල්ගේ පුත් ශුරියෙල් ය. මොවුන් මණ්ඩපයෙන් උතුරු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.
36
මොවුන් හට පැවරෙන වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය. එනම්, මණ්ඩපයේ ලෑලි ද හරස් පොලු ද කණු ද තවු ද එහි සියලු භාණ්ඩ සහ මේවා සම්බන්ධ සේවාවන්ට ගන්න සියල්ල ද
37
මළුව වටේට ඇති කණු ද ඒවායේ තවු ද ඇබ සහ ලණු ද වේ.
38
මණ්ඩපයේ ඉදිරිපිට සිට එහි පෙරදිගට එනම්, සම්මුඛ මණ්ඩපයෙන් නැගෙනහිර අංශයට කූඩාරම් ගැසිය යුත්තෝ නම් මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ වෙති. මොවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා ශුද්ධස්ථානයේ පවත්වන මෙහෙයයන් පිළිබඳ වගකීම දැරිය යුතු ය. අන් කිසිවෙකු ළඟා වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ.
39
මෙලෙස සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද, ලෙවීවරුන්ගේ පවුල්වලට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින්ගේ මුළු ගණන විසි දෙදහසක් විය.
40
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා අතරෙන් මාසයකට හා ඊට වඩා වයසැති සියලු කුලුඳුල් දරුවන්ගේ නම් අනුව ඔවුන් ලියාපදිංචි කරන්න.
41
මම සමිඳාණන් වහන්සේ වෙමි. ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන් පමණක් මට වෙන් කරන්න. තවද, ඉශ්රායෙල් ජනයාගේ සියලු කුලුඳුල් ගවයන් වෙනුවට, ලෙවීවරුන්ගේ ගවයන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක.
42
මෝසෙස් ද සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් ලියාපදිංචි කෙළේ ය.
43
මෙලෙස මාසයක් හා ඊට වඩා වයසැති වෙන් වෙන් ව ලියාපදිංචි කරන ලද අයගේ මුළු එකතුව විසි දෙදාස් දෙසිය හැත්තෑතුනක් විය.
44
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
45
“ඉශ්රායෙල් ජනයා අතර සිටින සියලු කුලුඳුලන් වෙනුවට, ලෙවීවරුන්ගේ කුලුඳුලන් ද, ඉශ්රායෙල් ජනයාගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන් ද මට වෙන් කරන්න. ලෙවීවරුන් මගේ වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.
46
ලෙවීවරුන්ගේ කුලුඳුලන් සංඛ්‍යාවට වඩා වැඩි වූ ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුලන් දෙසිය හැත්තෑතුන් දෙනා මුදාගැනීම පිණිස
47
නුඹ ලියාපදිංචි කළ ඒ එක් එක්කෙනා වෙනුවට ශුද්ධස්ථානයේ සම්මත රිදී කාසි මිල අනුව රිදී කාසි පහ බැගින් අය කළ යුතු ය. රිදී කාසි එකක් ගේරා විස්සකට සමාන වේ.
48
තවද, නුඹ මෙලෙස වැඩිපුර සිටි අය මුදාගැනීමට ආපසු ගෙවූ මුදල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දිය යුතු ය”යි වදාළ සේක.
49
මෝසෙස් ද ලෙවීවරුන්ට වඩා ඉශ්රායෙල් ජනයා අතර සිටි කුලුඳුලන් ආපසු මුදාගැනීමට ගෙවූ මුදල ගත්තේ ය.
50
ශුද්ධස්ථානයේ සම්මත මිල අනුව, ගෙවූ මුදල රිදී කාසි එකදාස් තුන්සිය හැටපහක් විය.
51
සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, ඔහු එය ඉටු කරමින් මුදාගැනීමට ගෙවූ මුදල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට දුන්නේ ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36