bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 4
Numbers 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 5 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“ලෙවීගේ පුතුන් අතරෙන් කොහාත්ගේ පරපුරට පැවතෙන්නන්ගේ පවුල් හා පිය පෙළපත් අනුව සංගණනයක් ගන්න.
3
අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.
4
සම්මුඛ මණ්ඩපය තුළ මොවුන්ගේ සේවය නම්, එහි ඇති ශුද්ධ බඩු භාණ්ඩ ගැන වගකීම ය.
5
“කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය.
6
ඉන්පසු පදම් කළ සම් ආවරණය එය මත දමා, මේ සියල්ල මත නිල් පාට රෙද්දක් ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යන හරස් පොලු ඊට දැමිය යුතු වේ.
7
“ඉන්පසු පිදුම් රොටි තබන මේසය මත නිල්වන් රෙද්දක් අතුරා, ඒ පිට තැටි ද ධූම පාත්‍ර ද පිදීමේ පාත්‍ර ද කෙණ්ඩි ද තැබිය යුතු ය. රොටි ද නිරන්තරයෙන් ඒ මත තිබෙන්නට හැරිය යුතු ය.
8
පසුව මේවා පිට දම් පාට රෙද්දක් අතුරා, පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල වැසිය යුතු ය. මෙසේ කළ පසු මෙය උසුලාගෙන යෑමට හරස් පොලු දැමිය යුතු වේ.
9
“තවද, ඔවුන් නිල්වන් රෙදි කඩක් ගෙන, පහන් රුක ද එහි සේවාවන්ට ගන්නා පහන් ද කතුරු ද ඒවායේ තැටි ද තෙල් බඳුන් ද වැසිය යුතු ය.
10
මෙසේ කළ පසු පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල ඔතා මැස්ස පිට තැබිය යුතු වේ.
11
“ඉන්පසු රන් පූජාසනය මත නිල්වන් රෙදි කඩක් අතුරා, පදම් කළ සම් ආවරණයකින් එය වසා, උසුලාගෙන යන හරස් පොලු එහි දැමිය යුතු ය.
12
තවද, ශුද්ධස්ථානයේ සේවාවට භාවිත කෙරෙන බඳුන් සියල්ල ගෙන, ඒවා නිල්වන් රෙදි කඩකින් ඔතා, පදම් කළ සම් ආවරණයක් එය මත අතුරා, මේ සියල්ල මැස්ස උඩ තැබිය යුතු ය.
13
පූජාසනයේ අළු ඉවත් කොට, එය මත දම් පාට රෙදි කඩක් ඇතිරිය යුතු ය.
14
ඉන්පසු පූජාසනයේ මෙහෙයට භාවිත කරන සියලු ම භාණ්ඩ වන ධූම පාත්‍ර ද මස් කොකු ද හැඳි ද තලි ද එය මත තබා, පදම් කළ සම් ආවරණයක් මේ සියල්ල පිට ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යෑමට හරස් පොලු එහි දැමිය යුතු වේ.
15
“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.
16
“පූජක ආරොන්ගේ පුත්‍ර එලෙයාසර්ට පැවරෙන වගකීම පහනට උවමනා තෙල් ද සුවඳ ද්‍රව්‍ය ද දිනපතා පුදන ධාන්‍ය පූජාව සහ ආලේප තෛලය ද බලාගැනීමත්, කූඩාරම මුළුමනින් ම ද ශුද්ධස්ථානයේ ඇති සියල්ල හා එහි බඩු භාණ්ඩ ද බලාගැනීමත් වනු ඇත.”
17
නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට,
18
“ලෙවීවරුන් අතරෙන් කොහාත්ගේ ගෝත්‍රයේ දරුපරපුර පහ නොකරන්න.
19
ඔවුන් අතිශුද්ධ බඩු භාණ්ඩවලට ළඟා වන විට නොමැරී, ජීවත් වනු පිණිස ඔවුන් ගැන කලින් කී පරිදි ක්‍රියා කරන්න. ආරොන් හා ඔහුගේ පුත්‍රයන් ඇතුළු වී, කොහාත්ගේ ගෝත්‍රයේ සෑම කෙනෙකුට ම පැවරෙන සේවාව හා වගකීමට ඔවුන් පත් කළ යුතු ය.
20
එහෙත්, ඔවුන් මොහොතකට වත් අතිශුද්ධ බඩු භාණ්ඩ බැලීමට ඇතුළු නොවිය යුතු ය. එසේ බැලුවොත් ඔවුන් මැරෙනු ඇතැ”යි වදාළ සේක.
21
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
22
“ගේර්ෂොන්ගේ දරුපරපුරේ සංගණනය ඔහුගේ පිය පෙළපත් සහ පවුල් අනුව පවත්වන්න.
23
අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.
24
මොවුන්ගේ සේවාව සහ වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය.
25
ඔවුන් මණ්ඩපයේ තිර ද, තිරයෙන් ආවරණය වූ සම්මුඛ මණ්ඩපය ද, එහි අභ්‍යන්තර ආවරණය ද, ඒ මත අතුරා ඇති පදම් කළ සම් ආවරණය ද, සම්මුඛ මණ්ඩපයේ දොරටුවේ කඩතුරාව ද,
26
මළුවේ තිර ද, මණ්ඩපය සහ පූජාසනය වටේට ඇති මළුවේ දොරටුවට යොදා තිබෙන කඩතුරාව ද, ඒවායේ ලණු ද, ඒවායේ මෙහෙයට භාවිත කරන සියලු බඩු භාණ්ඩ සහ අනිකුත් සියල්ල ද උසුලාගෙන යා යුතු ය.
27
ගේර්ෂොන්ගේ දරුපරපුරට පැවරෙන සේවාව සහ වගකීම්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ඔවුන්ට භාර දෙන ලෙස ඉටු විය යුතු ය. එබැවින් නුඹ ද ඔවුන්ට ඔවුන්ගේ වගකීම පැවරිය යුතු වේ.
28
ගේර්ෂොන්ගේ දරුපරපුරට සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව පැවරෙන වගකීම ඉහත දැක්වෙන ඒවා ය. තවද, පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ඔවුන් ඒ වගකීම් ක්‍රියාත්මක කළ යුතු වේ.”
29
“නුඹ මෙරාරී දරුපරපුර ද ඔවුන්ගේ පවුල්, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ යුතු ය.
30
මෙලෙස අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කළ යුතු වේ.
31
සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව මොවුන්ට පැවරෙන වගකීම් පහත දක්වන ඒවා වනු ඇත. මොවුන් මණ්ඩපයේ ලෑලි ද හරස් ලී ද කණු ද තවු ද
32
වටේට ඇති මළුවේ කණු ද ඒවායේ තවු ද ඇබ ද ලණු ද සියලු මෙහෙයයන්ට භාවිත කරන බඩු භාණ්ඩ සියල්ල ද උසුලාගෙන යා යුතු ය. තවද, එක් එක්කෙනා උසුලාගෙන යා යුතු බඩු භාණ්ඩ, නම් වශයෙන් වෙන් කොට ඔවුන්ට භාර දිය යුතු වේ.
33
සම්මුඛ මණ්ඩපයේ බඩු භාණ්ඩ පිළිබඳ මෙරාරීගේ දරුපරපුරට පැවරෙන වගකීම් ඉහත දක්වන ලදී. මේ සියල්ල ඔවුන් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ය.”
34
ඉන්පසු මෝසෙස්, ආරොන් සහ ප්‍රජා මූලිකයෝ, කොහාත්ගේ දරුපරපුර ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව ලියාපදිංචි කළහ.
35
සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙසේ ලියාපදිංචි කරන ලද්දෝ අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට බැඳිය යුතු ඇත්තෝ ය.
36
පවුල් අනුව මොවුන්ගේ මුළු ගණන දෙදාස් හත්සිය පණහක් විය.
37
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට දුන් අණ පරිදි, ඔහු සහ ආරොන් විසින්, සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා කොහාත්ගේ දරුපරපුර ලියාපදිංචි කරන ලදී.
38
තවද, ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව, ගේර්ෂොන්ගේ දරුපරපුරට අයත්
39
අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට සුදුස්සෝ සම්මුඛ මණ්ඩපය තුළ සේවාව සඳහා ලියාපදිංචි කරන ලදහ.
40
මේ අයගේ මුළු ගණන දෙදාස් හයසිය තිහක් විය.
41
මෙලෙස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද අය මොවුහු වූ හ.
42
පවුල් හා පිය පෙළපත් අනුව මෙරාරීගේ දරුපරපුරේ අය ද ලියාපදිංචි කරන ලදහ.
43
අවුරුදු තිහේ සිට පණහ දක්වා, හමුදාවේ සේවයට සුදුසු, සම්මුඛ මණ්ඩපය තුළ සේවය සඳහා
44
මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන තුන්දාස් දෙසියයක් විය.
45
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, ඔහු සහ ආරොන් විසින් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙරාරීගේ දරුපරපුර මෙසේ ලියාපදිංචි කරන ලදී.
46
මෙලෙස ලෙවීවරුන් සියලු දෙන ම පවුල් හා පිය පෙළපත් අනුව, මෝසෙස්, ආරොන් සහ ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයන් විසින් ලියාපදිංචි කරන ලදහ.
47
අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට සුදුසු අයට සම්මුඛ මණ්ඩපය තුළ සේවාවේ වගකීම පැවරිය හැකි ය.
48
මේ සියල්ලන්ගේ මුළු එකතුව අටදාස් පන්සිය අසූවක් විය.
49
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, සේවාව සහ වගකීම ඔවුන්ට පැවරීම පිණිස ඔව්හු ගණන් කරන ලදහ. මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ලියාපදිංචි කරන ලදහ.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36