bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 29
Numbers 29
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 30 →
1
“හත් වන මාසයේ පළමු වන දින නුඹලා නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. එදින, හොරණෑ පිඹීමේ දවසකි.
2
නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් හා අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් හත්දෙනෙක් ද වෙති.
3
ඒවා සමඟ පුදන ධාන්‍ය පූජා නම් තෙල් ඇනූ සිහින් පිටි ය. එක ගොන් වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද
4
එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය.
5
තවද, ඔබට පව් කමාව ලබාගැනීම සඳහා පාප පූජාවක් වශයෙන් එක එළුවෙකු පිදිය යුතු ය.
6
මේවා මේ පිළිවෙළට පිදිය යුත්තේ මාසික දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද දෛනික දවන යාග පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය. මේවා ගින්නෙන් දවා පිදූ විට සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
7
“හත් වන මාසයේ දහ වන දින නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින උපවාස කර, කිසි වැඩක් නොකළ යුතු ය.
8
එහෙත් එදින නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.
9
ඒවා සමඟ පුදන ධාන්‍ය පූජාව නම් තෙල් ඇනූ සිහින් පිටි ය. ගොන් වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද, බැටළු වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද,
10
එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය.
11
පාප පූජාවට එක එළුවෙකු පිදිය යුතු ය. මෙය පව් කමාවේ පාප පූජාවට ද නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය.”
12
“හත් වන මාසයේ පසළොස් වන දින නුඹලා නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේගේ ගෞරවයට දින හතක් ම මංගල්‍යය පැවැත්විය යුතු ය.
13
තවද, සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් ගින්නෙන් දවා උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති ගොන් වස්සන් දහතුන්දෙනෙක් ද, බැටළු වස්සන් දෙන්නෙක් හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දහහතරදෙනක් ද වෙති.
14
ධාන්‍ය පූජාව වශයෙන් තෙල් ඇනූ සිහින් පිටි පිදිය යුතු ය. එක එක ගොන් වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද, එක එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද
15
එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය.
16
නිරන්තර දවන යාග පූජාවට ද පානීය පූජාවට ද ධාන්‍ය පූජාවට ද අමතර ව, පාප පූජාව සඳහා එළුවෙකු ද පිදිය යුතු ය.
17
“දෙ වන දවසේ දී ගොන් වස්සන් දොළොස්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.
18
ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.
19
නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.
20
තුන් වන දවසේ දී ගොන් වස්සන් එකළොස්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් රහිත බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.
21
ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.
22
නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.
23
“සතර වන දවසේ දී ගොන් වස්සන් දහදෙනක් ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.
24
ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.
25
නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.
26
“පස් වන දවසේ දී ගොන් වස්සන් නවදෙනකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.
27
ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.
28
නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට සහ පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.
29
“හය වන දවසේ දී ගොන් වස්සන් අටදෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.
30
ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.
31
නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.
32
“හත් වන දවසේ දී ගොන් වස්සන් හත්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.
33
ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යා අනුව ගණන් ගත යුතු ය.
34
නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට සහ පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.
35
“අට වන දවසේ දී නමස්කාරය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.
36
සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින, ගින්නෙන් දවා පිදූ දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව සඳහා එක ගොන් වස්සෙකු ද එක බැටළු වස්සෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් හත්දෙනෙකු ද ගත යුතු ය.
37
ගොන් වස්සා, බැටළු වස්සා සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.
38
නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ද ඔප්පු කළ යුතු ය.
39
“නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.”
40
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඔහු ඉශ්රායෙල් ජනයාට දැන්වී ය.
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 30 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36