bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 22
Numbers 22
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 23 →
1
ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ජෙරිකෝවට මූණ ලා ජොර්දාන් ගඟින් එතෙර මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ.
2
තවද, ශිප්පෝර්ගේ පුත් බාලාක් ඉශ්රායෙල්වරුන් අමෝරිවරුන්ට කළ සියල්ල දිටී ය.
3
ඉශ්රායෙල් සෙනඟ බොහෝ වූ බැවින් මෝවබ්හි වැසියෝ ඔවුන්ට අතිශයින් බියපත් වී ඔවුන් නිසා කැළඹුණාහ.
4
මෝවබ්හි වැසියෝ මිදියන්හි මූලිකයන්ට කතා කොට, “ගොනෙකු කෙතේ තණ කොළ කා දමන්නාක් මෙන්, මේ පිරිස අප අවට ඇති සියල්ල කාදමනු ඇතැ”යි කී හ. ඒ සමයෙහි මෝවබ්වරුන්ගේ රජ ශිප්පෝර්ගේ පුත් බාලාක් විය.
5
මොහු අමවු නම් රටේ යුප්රටීස් නදිය අසල වූ පෙතෝර් නම් නගරයේ විසූ බෙයෝර්ගේ පුත් බාලාම් කැඳවීමට දූතයන් යවමින්, ඔහුට මෙසේ දැන්විය: “බලන්න, මිසරයෙන් පිටතට පැමිණි සෙනඟක් මෙහි ඇත. ඔව්හු මගේ රට පුරා පැතිරී, එය අල්ලාගැනීමට තර්ජනය කරති.
6
දැන් ඉතින් කරුණාකර, ඔබ මෙහි පැමිණ, මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න. එසේ කළොත් ඔවුන්ට පහර දී මේ රටින් ඔවුන් පන්නාදැමීමට අපට පුළුවන් වනු ඇත. මන්ද, ඔබ යමෙකුට ආසිරි පැතුවොත් ආසිරි ලැබෙන බවත්, සාප කළොත් සාප ලැබෙන බවත් මම දනිමි.”
7
එවිට මෝවබ්හි සහ මිදියන්හි ප්රජා මූලිකයෝ පේන කීමට ගෙවිය යුතු මුදල් රැගෙන, බාලාම් වෙත ගොස් බාලාක්ගේ පණිවුඩය සැළ කළහ.
8
ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අද රෑ මෙහි නවතින්න. සමිඳාණන් වහන්සේ මට කියන ලෙස මම යළි ඔබට දන්වන්නෙමි”යි කී ය. මෝවබ්හි ප්රජා මූලිකයෝ ද බාලාම් සමඟ නවාතැන් ගත්හ.
9
දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, “නුඹ සමඟ සිටින මේ මිනිස්සු කවුරු දැ”යි ඇසූ සේක.
10
බාලාම් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “මෝවබ්හි රජ වූ ශිප්පෝර්ගේ පුත් බාලාක් මා වෙත දූතයන් එවා,
11
‘බලන්න, මිසරයෙන් පිටත් ව මෙහි සෙනඟක් පැමිණ ඇත. ඔව්හු මාගේ රට පුරා පැතිරී සිටිති. දැන් ඉතින් කරුණාකර, ඔබ මෙහි පැමිණ මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න. එසේ කළොත්, මට ඔවුන් පරාජය කොට, පන්නාදැමීමට පුළුවන් වනු ඇතැ’යි කියා දන්වා තිබේ ය”යි පැවසී ය.
12
එවිට දෙවියන් වහන්සේ බාලාම්ට කතා කොට, “නුඹ ඔවුන් සමඟ නොයා යුතු ය. ඒ සෙනඟට සාප නොකළ යුතු ය. මන්ද, ඒ සෙනඟ ආසිරි ලත් සෙනඟක් ය”යි වදාළ සේක.
13
බාලාම් උදෑසන නැඟිට බාලාක්ගේ ප්රජා මූලිකයන් අමතා, “ඔබේ රටට ආපසු යන්න, ඔබ සමඟ මට යන්නට සමිඳාණන් වහන්සේ අවසර නොදෙන සේකැ”යි කී ය.
14
ඔව්හු නැඟිට, බාලාක් වෙත පැමිණ, “බාලාම් අප සමඟ එන්නට බැරි ය කියන්නේ ය”යි සැළ කළහ.
15
එවිට බාලාක් කලින් යැවූ දූතයන්ට වඩා ගරුතර නායකයන් බොහෝ දෙනෙකු නැවත යැවී ය.
16
ඔව්හු බාලාම් වෙත පැමිණ, “ශිප්පෝර්ගේ පුත් බාලාක් මෙසේ කියනු ඇත: ‘කරුණාකර, මා වෙත එන්නට බැහැ නොකියන්න.
17
මම ඔබට ගරු සම්මාන ප්රදානය කරමි, ඔබ ඉල්ලන්නේ කුමක් ද, ඒ දේ මම දෙමි. එබැවින් කරුණාකර, මෙහි පැමිණ, මා වෙනුවෙන් මේ සෙනඟට සාප කරන්න’ කියා ඉල්ලා සිටින්නේ ය”යි සැළ කළහ.
18
එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය.
19
එබැවින් කරුණාකර, මේ රාත්රියත් මෙහි ගත කරන්න, සමිඳාණන් වහන්සේ ඊට වැඩි යමක් මට කියන සේක් නම්, මම එය දැන ගන්නෙමි”යි සැළ කෙළේ ය.
20
එදින රෑ දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, ඔහුට කතා කොට, “නුඹ කැඳවීමට මේ මිනිස්සු පැමිණියෝ නම්, ඔවුන් සමඟ යන්න. එහෙත්, මා නුඹට දන්වන පණිවුඩය අනුව පමණක් නුඹ කළ යුතු ය”යි වදාළ සේක.
21
බාලාම් උදෑසනින් නැඟිට කොටළුවාට සෑදලය යොදා මෝවබ්හි නායකයන් සමඟ ගියේ ය.
22
බාලාම් මෙසේ ගිය බැවින් දෙවියන් වහන්සේගේ උදහස ඇවිළිණි. ඔහු තම කොටළුවා පිට නැඟී ගියේ ය. ඔහු සමඟ මෙහෙකරුවෝ දෙදෙනෙක් ද වූ හ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අවහිර කරමින් පාර හරහා සිටගත්තේ ය.
23
අතේ කඩුවක් ඇති, සමිඳාණන් වහන්සේගේ දූතයා පාර හරහා සිටිනු දුටු විට, කොටළුවා පාරෙන් ඉවත් ව කෙතට ගියේ ය. එහෙත් බාලාම් කොටළුවා ආපසු පාරට හරවන පිණිස, ඌට පහර දුන්නේ ය.
24
එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා, දෙපැත්තේ තාප්ප ඇති, මිදි වතු මැදින් වූ පටු පාරක් හරහා සිටගත්තේ ය.
25
කොටළුවා, සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, ඌ තාප්පය දෙසට වැරෙන් තල්ලු වී ගිය නිසා බාලාම්ගේ පය තාප්පයේ හැපී තුවාළ විය. එවිට ඔහු තවත් වරක් ඌට තැළී ය.
26
ඉන්පසු සමිඳාණන් වහන්සේගේ දූතයා ඉදිරියට ගොස් වමතට හෝ දකුණතට හෝ හැරෙන්නට ඉඩ නැති ඉතා පටු පාරක සිටගත්තේ ය.
27
මෙවර කොටළුවා සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, බාලාම් ඌ පිට සිටිය දී ම බිම වැදහොත්තේ ය. ඔහු තදින් රොස් වී, කෙවිටෙන් ඌට පහර දෙන්නට විය.
28
එවිට සමිඳාණන් වහන්සේ කොටළුවාට කතා කිරීමේ බලය දුන් සේක. ඌ බාලාම්ට කතා කොට, “ඔබ මට තුන් වතාවක් ම පහර දුන්නේ මා ඔබට කුමන වරදක් කළ නිසා දැ”යි ඇසී ය.
29
බාලාම් ඌට කතා කොට, “මා නුඹට එසේ කෙළේ නුඹ මට සරදම් කරන බැවිනි. මා අත කඩුවක් තිබුණා නම් නුඹ මරාදමන එක සිකුරු ය”යි කීවේ ය.
30
එවිට කොටළුවා බාලාම්ට කතා කොට, “මා ඔබට අයිති වූ දින සිට අද දක්වා ඔබ නැඟී ගිය ඔබේ කොටළුවා මම නොවෙම් ද? මින් ඉහත කවදා වත් මේ විදියට මම ඔබට සංග්රහ කෙළෙම් දැ”යි ඇසූ විට, ඔහු “නැතැ”යි පිළිතුරු දුනි.
31
එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි.
32
සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “නුඹේ කොටළුවාට නුඹ තුන් වතාවක් පහර දුන්නේ මන් ද? නුඹ මේ ගමන නොයා යුතු බැවින්, නුඹට අවහිර කිරීමට මම ආවෙමි.
33
කොටළුවා මා දැක තුන්වරක් පාරෙන් ඉවතට ගියේ ය. ඌ එසේ ඉවතට නොගියේ නම්, සත්තකින් ම නුඹ මරා දමා ඒ සතාගේ පණ බේරාගන්නට මම හිතාගෙන සිටියෙමි”යි කීවේ ය.
34
එවිට බාලාම් සමිඳාණන් වහන්සේගේ දූතයාට කතා කොට, “මම පව් කෙළෙමි. ඔබ මට අවහිර කරමින් පාර හරහා උන් බව මම නොදැන සිටියෙමි. දැන් ඉතින් මගේ ගමනට ඔබ අකමැති නම්, මම හැරී ආපසු යන්නෙමි”යි කීවේ ය.
35
එවිට උන් වහන්සේගේ දූතයා බාලාම්ට කතා කොට, “මේ මිනිසුන් සමඟ යන්න. එහෙත්, මම නුඹට දන්වන දේ පමණක් නුඹ කිව යුතු ය”යි උත්තර දුනි. එවිට බාලාම් බාලාක්ගේ නායකයන් සමඟ යන්නට ගියේ ය.
36
බාලාම් පැමිණි බව බාලාක් දැනගත් විට ඔහු බාලාම් හමුවනු සඳහා මෝවබ් දේශ සීමාවේ අර්ණොන් ගං තෙර පිහිටි ආර් නම් නුවරට ගියේ ය.
37
එවිට බාලාක්, බාලාම්ට කතා කොට, “ඔබ කැඳවනු පිණිස, මම ඔබ වෙත ඉතා ඕනෑකමින් දූතයන් නෑරියෙම් ද? මා වෙත නාවේ මන් ද? ඔබට ගරු සම්මාන ප්රදානය කිරීමට මට නුපුළුවන් ය කියා ඔබ සිතන්නෙහි දැ”යි විචාළේ ය.
38
එවිට බාලාම් උත්තර දෙමින්, “මෙන්න, මම ඇවිත් සිටිමි. එහෙත්, යමක් කීමට මට ඇති බලය කුමක් ද? දෙවියන් වහන්සේ මට කියන දේ පමණක් මම ඔබට දන්වමි”යි සැළ කෙළේ ය.
39
ඉන්පසු ඔවුන් දෙදෙන ගමන් කොට, කිර්යත්-හුශෝත් නම් නුවරට පැමිණියහ.
40
එහි දී බාලාක් ගොනුන් සහ බැටළුවන් මරා, බාලාම් සහ ඔහු සමඟ සිටි නායකයන් වෙත සතුන්ගේ කොටස් යැවී ය.
41
පසු දින උදය බාලාක් බාලාම් කැඳවාගෙන බාමොත්-බාල් නම් ගිරිකුළට ගියේ ය. එහි දී ඉශ්රායෙල් සෙනඟගෙන් කොටසක් බාලාම්ට දකින්නට පුළුවන් විය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36