bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 5
Numbers 5
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 6 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
2
“බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.
3
මා වාසය කරන කඳවුර නොකෙලසන පිණිස මෙවැන්නක් ඇති ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ම කඳවුරින් පිටතට දැමිය යුතු ය”යි වදාළ සේක.
4
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා ද එලෙස ඉටු කරමින් එවැන්නන් කඳවුරින් පිටතට නෙරපාදැමූ හ.
5
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
6
“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය කඩ කරන යම් පාපයක්, යම් කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ කළොත් ඒ තැනැත්තා වරදකරුවෙකු වනු ඇත.
7
එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය.
8
එහෙත්, වන්දිය ගෙවීම සඳහා ඔහුට නෑයෙක් නැත්නම්, එම වන්දිය පූජකවරයා විසින් ගනු පිණිස සමිඳාණන් වහන්සේට ගෙවිය යුතු වේ. මේ වන්දිය ඔහු උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට පුදන බැටළු වස්සාට අමතර ව ය.
9
තවද, ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන සෑම ශුද්ධ පඬුරක් ම, එය ඔවුන් දෙන පූජකවරයාට අයිති වනු ඇත.
10
ඇරත් යමෙකු සමිඳාණන් වහන්සේට කැප කරන සෑම දෙයක් ම, යමෙකු පූජකවරයාට දෙන සෑම දෙයක් ම, ඔහුට හිමි වනු ඇතැ’ “යි වදාළ සේක.
11
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
12
“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ට මෙසේ කියන්න: ‘යම් මිනිසෙකුගේ බිරිඳක පිට වී ගොස්, තම සැමියාට විරුද්ධ ව වැරැද්දක් කරමින්
13
අන් මිනිසෙකු සමඟ, සැමියා නොදැනුවත්ව ම, රහසින් සයනය කොට, ඈ මෙසේ දූෂණය වූ නමුත් ඈට විරුද්ධ ව සාක්ෂිකරුවෙකු නැතුව ද වරද කරද්දී අසු නොවී ද සිටින්නට පුළුවන.
14
සැමියා ද ‘ඈ දූෂණය වූවා’ය කියා ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන. ඈ දූෂණය නොවී සිටිය දී පවා ඇගේ සැමියා ඇය ගැන ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන.
15
මෙවැනි අවස්ථාවක දී, ඇගේ සැමියා තම බිරිඳ පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඈ උදෙසා පඬුරක් වන යව පිටි කිලෝග්‍රෑම් එකක් රැගෙන ආ යුතු ය. එහෙත්, පඬුර පිට තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. එසේ කළ යුත්තේ එය වැරැද්දක් එළිදරව් කරන සිහි කිරීමේ පූජාවක් ද, ඊර්ෂ්‍යා දුරුකිරීමේ ධාන්‍ය පූජාවක් ද වන බැවිනි.
16
‘පූජකවරයා ඈ ළඟට කැඳවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවිය යුතු ය.
17
ඉන්පසු ඔහු මැටි බඳුනකට පිරිසිදු වතුර ස්වල්පයක් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ පොළොවේ පස් ස්වල්පයක් එහි දැමිය යුතු ය.
18
එවිට පූජකවරයා ඈ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවා, ඇගේ කෙස් කළඹ ලිහා සැක දුරුකිරීමේ පූජාව වන සිහිකිරීමේ පඬුර ඇගේ අත්වල තැබිය යුතු ය. එහෙත්, සාපය සලසන තිත්ත වතුර ඔහු තමාගේ අතේ ම තබාගත යුතු ය.
19
ඉන්පසු ඔහු ඈ දිවුරවමින් ඈට මෙසේ කිව යුතු ය: ‘ඔබේ පුරුෂයා යටතේ ඔබ සිටිය දී, අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කොට, ඔබ දූෂණය වීම සඳහා පිට වී නොගියා නම්, සාපය සලසන මේ තිත්ත වතුරෙන් ඔබට නපුරක් නො වේ වා!
20
එහෙත්, ඔබ ඔබේ පුරුෂයා මෙසේ සිටිය දී දූෂණය වීම සඳහා පිට වී ගියා නම්, ඔබේ සැමියා හැර අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කළොත්,
21
සමිඳාණන් වහන්සේ ඔබේ රහස් අවයව බෙලහීන වීමට ද බඩ ඉදිමීමට ද සලස්වා ඔබට, ඔබේ සෙනඟ අතර පිළිකුලක් හා සාපයක් කරන සේක් වා!
22
සාපය ගෙන දෙන මේ වතුර ඔබේ බඩට ඇතුළු වී, බඩ ඉදිමෙන්නටත්, රහස් අවයව බෙලහීන වන්නටත් සලසන සේක් වා! එවිට ස්ත්‍රිය ද: ‘එසේ ම වේ වා, එසේ ම වේ වා!’ කියා පිළිතුරු දිය යුතු ය.
23
‘පූජකවරයා මේ සාප, පොතක ලියා, ඒවා තිත්ත වතුරෙන් සෝදා දැමිය යුතු ය.
24
ඉන්පසු සාපය ගෙන දෙන මේ තිත්ත වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවනු සඳහා, ඔහු එය ඈට බීමට දිය යුතු වේ.
25
පසුව පූජකවරයා ස්ත්‍රියගේ අතින් සැක දුරු කිරීමේ පූජාව ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට, පූජාසනය මත එය පුද කළ යුතු ය.
26
ඔහු සිහිකිරීමේ පඬුරින් අහුරක් ගෙන, පූජාසනය මත එය දවා, ඉන්පසු ස්ත්‍රියට වතුර බීමට සැලසිය යුතු ය.
27
ඔහු ඈට වතුර බොන්නට සැලැසූ පසු, ඈ දූෂණය වී ඇගේ සැමියාට විරුද්ධ ව වරදක් කර ඇත්නම්, ඒ වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවමින්, ඇගේ බඩ ඉදිමී, ඇගේ රහස් අවයව බෙලහීන වනු ඇත. ඈ ද ඇගේ සෙනඟ අතර සාපයක් වන්නී ය.
28
එහෙත්, ඈ දූෂණය නොවී නිර්දෝෂ ව සිටී නම් ඈට නපුරක් නොවනු ඇත, ඈ ද දරුවන් පිළිසිඳ ගන්නී ය.
29
‘ශංකා පිළිබඳ නීති මෙය වේ. එනම්: යම්කිසි බිරිඳක පිට වී ගොස් අන් මිනිසෙකු සමඟ දූෂණය වූ විට ද
30
යම්කිසි සැමියෙකු තම බිරිඳ ගැන ශංකා සහගත ව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇය සිටුවන විට ද බලපාන නීතිය මෙය වේ. පූජකවරයා ඈ පිළිබඳ ව මේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු වේ.
31
එවිට සැමියා වරදින් නිදහස් වනු ඇත, එහෙත්, ස්ත්‍රිය දඬුවම් ලැබිය යුතු ය.’ “
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36