bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 31
Numbers 31
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 30
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 32 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
2
“මිදියන්වරුන් ඉශ්රායෙල් ජනයාට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න. මේ දිවියෙන් පසු නුඹ, නුඹේ සෙනඟ සමඟ එක් වනු ඇතැ’යි වදාළ සේක.
3
එවිට මෝසෙස් සෙනඟට කතා කොට, “ඔබගෙන් සමහරෙකු යුද්ධයට සැරසී, මිදියන්වරුන්ට විරුද්ධ ව ගොස්, ඔවුන් සමිඳාණන් වහන්සේට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දිය යුතු ය.
4
එක එක ගෝත්‍රයෙන් දහස බැගින්, ඉශ්රායෙල්හි සියලු ම ගෝත්‍රවලින් සෙනඟ යා යුතු ය”යි කී ය.
5
මෙලෙස එක එක ගෝත්‍රයෙන් දහස බැගින් මුළු ඉශ්රායෙල් ජනතාව අතරෙන් දොළොස්දාහක් යුද්ධයට සන්නාහ සන්නද්ධ වූ හ.
6
මෝසෙස් මේ සෙනඟ ද පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද ශුද්ධ භාජන සහ පිඹීමට හොරණෑ ද අතේ ඇති ව ඔවුන් යුද්ධයට යැවූ හ.
7
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු මිදියන්වරුන්ට විරුද්ධ ව සටන් කොට සියලු පිරිමින් මරාදැමූ හ.
8
ඔවුන්ගෙන් මැරුම්කෑ අය අතර එවී, රෙකෙම්, ශූර්, හුර් සහ රෙබා යන මිදියන් රජුන් පස්දෙනා ද වූ හ. තවද, ඔව්හු බෙයෝර්ගේ පුත් බාලාම් ද කඩුවෙන් මරාදැමූ හ.
9
ඉශ්රායෙල් ජනයා මිදියන් ස්ත්‍රීන් සහ දරුදැරියන් ද සිරබාරයට ගෙන ඔවුන්ගේ ගවමහිෂයන්, එළු බැටළු පට්ටි සහ ධනසම්පත් සියල්ල පැහැරගත්හ.
10
තවද, ඔවුන් විසූ නගර හා කඳවුරු සියල්ල ද ගිනිබත් කළහ.
11
එහෙත්, කොල්ලකාගත් සියල්ල ද සිරබාරයට ගත් මිනිසුන් සහ පැහැරගත් සතුන් ද තබාගත්හ.
12
ඉන්පසු ඔව්හු ජොර්දාන් ගං තෙර ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ කඳවුරේ සිටි මෝසෙස් ද පූජක එලෙයාසර් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද වෙත සිරකරුවන් හා පැහැරගත් කොල්ලය ද ගෙනාහ.
13
එවිට මෝසෙස්, පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයෝ සියලු දෙන ඔවුන් හමු වීමට කඳවුරෙන් පිටත ගියහ.
14
එහෙත්, මෝසෙස් සටනින් ආපසු පැමිණි හමුදාවේ නිලධාරීන්, සහශ්‍රාධිපතීන් සහ ශතාධිපතීන් සමඟ කිපිණි.
15
මෝසෙස් ඔවුන්ට කතා කොට, “ඔබ හැම මේ ස්ත්‍රීන් සියල්ලන් පණපිටින් ඉතුරු කළහු ද?
16
බලන්න, පේයොර් නම් ස්ථානයේ දී, බාලාම්ගේ උපදෙස් පිට ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධ කෙළේ මොවුන් නිසා ය. සමිඳාණන් වහන්සේගේ ජනතාව අතර වංසගතයක් පැතිර ගියේත් ඒ නිසා ම ය.
17
දැන් ඉතින් කුඩාවූවන් අතර සියලු පිරිමි දරුවන් ද මිනිසෙකු සමඟ සයනය කළ සෑම ස්ත්‍රියක ද මරන්න.
18
එහෙත්, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවන් ඔබ හැම සඳහා ඉතුරු කරගන්න.
19
තවද, යමෙකු මැරූ අය ද මැරුම්කෑ කෙනෙකු ස්පර්ශ කළ අය ද හත් දිනක් කඳවුරෙන් බැහැර සිටිය යුතු ය. තුන් වන දින සහ සත් වන දින ඔබ ද සිරකරුවන් ද පවිත්‍ර විය යුතු ය.
20
ඔබ හැමගේ වස්ත්‍ර ද සමින් සහ එළු ලොමින් සහ ලීයෙන් සාදන ලද සියල්ල ද පවිත්‍ර කළ යුතු ය”යි කීවේ ය.
21
පූජක එලෙයාසර් ද යුද්ධ කළ මිනිසුන් අමතමින්, “සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ නියෝගය මෙය වේ.
22
‘ගින්නෙන් පිළිස්සී නොයන රන්, රිදී, ලෝකඩ, යකඩ සහ ඊයම් වැනි දේවල් ගින්නේ දවාගත් විට ඒවා පවිත්‍ර යයි සැලකෙනු ඇත. එහෙත්, අපවිත්‍රකම පහකරන ජලයෙනුත් ඒවා, පවිත්‍ර කළ යුතු ය. ගින්නෙන් පිළිස්සී යන අනිකුත් ඒවා ජලයේ දමා ගත යුතු ය.
23
***
24
හත් වන දින ඔබේ ඇඳුම් සෝදාගත් පසු ඔබ පවිත්‍ර වනු ඇත. ඉන්පසු ඔබට කඳවුරට ඇතුළු විය හැකි ය’යි” කී ය.
25
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
26
“නුඹ ද පූජක එලෙයාසර් ද ජනතාවගේ ප්‍රධානීන් ද අල්ලාගත් සිරකරුවන් සහ පැහැරගත් සතුන් ද ගණන් කළ යුතු ය.
27
ඒ සියල්ල යුද වැදී සටන් කළ අය සහ ඉතිරි අනිත් ජනයා අතර දෙකොටසකට බෙදන්න.
28
තවද, සටන් කළ භටයන්ට අයිති කොටසින්, මිනිසුන් පන්සියයකට එක්කෙනා බැගිනුත් ගවයන්ගෙන් ද කොටළුවන්ගෙන් ද එළු බැටළුවන්ගෙන් ද පන්සියයකට එකෙකු බැගිනුත් සමිඳාණන් වහන්සේට දෙන බද්දක් මෙන් වෙන් කරන්න.
29
ඔවුන්ගෙන් ගත් මේ කොටස සමිඳාණන් වහන්සේට පුදන විශේෂ පඬුරක් මෙන් පූජක එලෙයාසර්ට දෙන්න.
30
සෙසු ඉශ්රායෙල් ජනයාට දුන් කොටසින් සිරකරුවන්ගෙන් පණහකට එක්කෙනා බැගිනුත් ගව, කොටළු, එළු, බැටළු ආදී නන්වැදෑරුම් සතුන්ගෙන් පණහකට එකෙකු බැගිනුත් ගෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටින ලෙවීවරුන්ට දෙන්නැ”යි වදාළ සේක.
31
උන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් සහ එලෙයාසර් ඉටු කළහ.
32
යුද්ධ භටයන් තමන්ට ම තබාගත් සතුන් හැරුණු විට කොල්ලකෑ සතුන්ගේ ගණන බැටළුවන් හයලක්ෂ හැත්තෑපන්දහසක් ද
33
ගවයන් හැත්තෑදෙදහසක් ද
34
කොටළුවන් හැටඑක්දහසක් ද විය.
35
තවද, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවෝ තිස්දෙදහසක් වූ හ.
36
සටන් කළ භටයන්ගේ දෙකෙන් කොටස බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සියයක් වූ අතර
37
සමිඳාණන් වහන්සේට දුන් බද්ද බැටළුවෝ හයසිය හැත්තෑපහක් වූ හ.
38
යුද්ධ භටයන්ගේ කොටස ගවයන් තිස්හයදාහක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද බැටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ.
39
යුද්ධ භටයන්ගේ කොටස කොටළුවන් තිස්දහස් පන්සියයක් වූ අතර, සමිඳාණන් වහන්සේගේ බද්ද කොටළුවෝ හැටඑකක් වූ හ.
40
යුද්ධ භටයන්ගේ කොටස කන්‍යාවන් දහසයදහසක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද කාන්තාවෝ තිස්දෙදෙනෙක් වූ හ.
41
තවද මෝසෙස්, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ පූජා පඬුර පූජක එලෙයාසර්ට දුන්නේ ය.
42
සටන් කළ යුද්ධ භටයන්ගෙන් ඉශ්රායෙල් ජනයා සඳහා මෝසෙස් වෙන් කළ දෙකෙන් කොටස
43
බැටළුවෝ තුන්ලක්ෂ තිස්හත්දාස් පන්සියයක් ද,
44
ගවයන් තිස්හයදහසක් ද
45
කොටළුවන් තිස්දාස් පන්සියයක් ද
46
කන්‍යාවෝ දහසයදහසක් ද වූ හ.
47
ඉශ්රායෙල් ජනයාට වූ මේ කොටසින් ද මෝසෙස් සිරකරුවන් පණස්දෙනෙකුට එක්කෙනා බැගින් ද, සතුන් පණස්දෙනෙකුට එකා බැගින් ද ගෙන, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටි ලෙවීවරුන්ට දුන්නේ ය.
48
හමුදාවේ නිලධාරීහු ද සහශ්‍රාධිපතීහු සහ ශතාධිපතීහු ද මෝසෙස් වෙත පැමිණ
49
ඔහුට කතා කොට, “ඔබේ සේවකයන් වන අපි අපේ බල ඇණිවල යුද්ධ භටයන් ගණන් කෙළෙමු. එක් කෙනෙක් වත් අඩු නැත.
50
එබැවින් සමිඳාණන් වහන්සේ අපේ පණ බේරා දුන් බැවින්, අපි සෑම කෙනෙකු ම ගත් ස්වර්ණාභරණ වන පාද මාලා ද වළලු ද මුදු ද කුණ්ඩලාභරණ ද මාල ද උන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෙමු”යි කී හ.
51
එවිට මෝසෙස් සහ පූජක එලෙයාසර් රනින් කළ, ඒ සියලු ආභරණ ගත්හ.
52
සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් සමිඳාණන් වහන්සේට පිදූ මුළු රත්රන් තොගයේ බර කිලෝග්‍රෑම් දෙසියයක් විය.
53
එහෙත්, යුද්ධ භටයන් කොල්ලකෑ දේ ඔව්හු තමන්ට ම තබාගත්හ.
54
මෙලෙස මෝසෙස් සහ එලෙයාසර් සහශ්‍රාධිපතීන්ගෙන් සහ ශතාධිපතීන්ගෙන් ගත් රන් රැගෙන ඒවා සම්මුඛ මණ්ඩපය තුළ තැබූ හ. ඒවා ඉශ්රායෙල් ජනයා හට සමිඳාණන් වහන්සේගේ රැකවරණය සිහි ගන්වන සංකේතයක් විය.
← Chapter 30
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 32 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36