bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 14
Jeremiah 14
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 15 →
1
නියඟ ගැන යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේ ගේ වචනයය.
2
යූදා වැලපෙයි, එහි දොරටුද මලානිකවෙයි; කළු ඇඳගෙන ඔව්හු බිම හිඳිති; යෙරුසලමේ කෑගැසීමද නැගී ගියේය.
3
ඔවුන්ගේ උත්තමයෝ තමුන් යටතේ සිටින්නන් වතුර ගෙනෙන්ට හරිති. ඔව්හු ළින් ළඟට පැමිණ වතුර සම්බනොවී, හිස් භාජන ඇතුව හැරීඑති. ඔව්හු ලජ්ජාවටත් නින්දාවටත් පැමිණ තමුන්ගේ හිස් වසාගනිති.
4
දේශයට වර්ෂාව නොලැබුණු නිසා බිම පැළී තිබෙන කාරණයෙන් ගොවියෝ ලජ්ජාවට පැමිණ, තමුන්ගේ හිස් වසාගනිති.
5
එසේය, වනයේ සිටින මුවදෙන පවා වදා තෘණ නැතිකම නිසා පැටවා අත්හැර යන්නීය.
6
වල් කොටළුවෝද මුඩු කඳු පිට සිට සිවලුන් මෙන් හුළඟට ඉව අල්ලති; තණකොළ නැති නිසා උන්ගේ ඇස්ද ක්ෂයවෙයි.
7
ස්වාමීන්වහන්ස, අපේ අයුතුකම් අපට විරුද්ධව සාක්ෂිදෙන නුමුත් ඔබගේ නාමය නිසා ක්‍රියාකළ මැනව. මක්නිසාද අපේ පසුබටවීම් බොහෝය; අපි ඔබට විරුද්ධව පව්කෙළෙමුව.
8
ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුවද විපත්ති කාලයේදී ඔවුන්ගේ ගැළවුම්කාරයාදවූ තැනන්වහන්ස, ඔබ දේශයෙහි ආගන්තුකයෙකු මෙන්ද රැයක් නැවතී මට කූඩාරම පිහිටුවාගත් ගමන්කාරයෙකු මෙන්ද සිටින්නේ මක්නිසාද?
9
ඔබ ත්‍රස්තවී සිටින මනුෂ්‍යයෙකු මෙන්ද ගළවන්ට බැරි බලවන්තයෙකු මෙන්ද සිටින්නෙක් මක්නිසාද? එහෙත්, ස්වාමීන්වහන්ස, ඔබ අප මධ්‍යයෙහි සිටිනසේක, ඔබගේ නාමයත් අප කෙරෙහි තබා තිබේ; අප අත්නෑරිය මැනව.
10
ඔවුන් තමුන්ගේ පාද නවත්වා නොගෙන මුළාවයන්ට මෙපමණ ප්‍රියවූ බැවින් ස්වාමීන්වහන්සේ ඔවුන් කෙරෙහි අප්‍රසන්නවූසේකැයි කියාත් දැන් උන්වහන්සේ ඔවුන්ගේ අපරාධකම සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනවා ඇත කියාත් ස්වාමීන්වහන්සේ මේ සෙනඟට කියනසේක.
11
ස්වාමීන්වහන්සේ මට කථාකොට: යහපත පිණිස ඔබ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න.
12
ඔවුන් නිරාහාරව සිටින කල මම ඔවුන්ගේ කන්නලව්ව නොඅසන්නෙමි; ඔවුන් දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකරන විටත් මම ඒවා පිළිනොගෙන, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන් විනාශකරන්නෙමියි කීසේක.
13
එකල මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස-ඔබ සැම කඩුව දකින්නේවත් ඔබ සැමට සාගතය පැමිණෙන්නේවත් නැතුව, ස්ථිර සමාදානය මේ ස්ථානයෙහි ඔබ සැමට දෙන්නෙමියි අනාගතවක්තෘවරු ඔවුන්ට කියතියි කීමි.
14
එවිට ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාගතවාක්‍ය කියති. මා විසින් ඔවුන් එවුවේවත් ඔවුන්ට අණකළේවත් ඔවුන්ට කථාකළේවත් නැත. ඔවුන් ඔබ සැමට බොරු දර්ශනයක්ද පේනකීමද හිස්කමද තමුන්ගේ සිත්වල වංචාවද අනාබසින් කියති.
15
එබැවින්, මා විසින් නොඑවූ නුමුත් මාගේ නාමයෙන් අනාගතවාක්‍ය කියන්නාවූ-කඩුවවත් සාගතයවත් මේ දේශයට නොපැමිණෙන්නේයයි කියන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: කඩුවෙනුත් සාගතයෙනුත් ඒ අනාගතවක්තෘවරුම නැතිවන්නෝය.
16
ඔවුන්ගේ අනාගතවාක්‍ය අසන සෙනඟත් සාගතයද කඩුවද කරණකොටගෙන යෙරුසලමේ වීථිවල හෙළාදමනු ලබන්නෝය; ඔවුන්වත් ඔවුන්ගේ භාර්යාවන්වත් පුත්‍රයන්වත් දූවරුන්වත් වළලන්ට කිසිවෙක් නොවන්නේය. මක්නිසාද මම ඔවුන්ගේ දුෂ්ටකම ඔවුන් පිට වගුරුවන්නෙමි.
17
මේ වචනය ඔවුන්ට කියන්න, එනම්: නොනැවතී රෑ දාවල් මාගේ ඇස්වලින් කඳුළු ගලාවා. මක්නිසාද මාගේ සෙනඟවූ කන්‍යා දුව මහත් තුවාලයකින්ද ඉතා තද පහරකින්ද පීඩිතවූවාය.
18
මා පිටතට ගියොත් කඩුවෙන් මැරුම්කෑ අය පෙනේ! මා නුවරට ඇතුල්වුණොත් සාගතයෙන් ලෙඩවී ඉන්න අය පෙනේ! මක්නිසාද අනාගතවක්තෘද පූජකයාද කිසිවක් නොදැන දේශයෙහි ඔබමොබ යති.
19
ඔබ යූදා මුළුමනින්ම එපාකළසේක්ද? සියොන් ඔබගේ ආත්මයට පිළිකුලක්වී තිබේද? අපට සුවවීමක් නැති හැටියට ඔබ අපට පහරදුන්නේ මක්නිසාද? අපි සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නොවීය; සුවවීමේ කාලයක් ගැනද බලා සිටියෙමුව, නුමුත්, මෙන්න, භයානකකම තිබේ.
20
ස්වාමීන්වහන්ස, අපේ දුෂ්ටකමත් අපේ පියවරුන්ගේ අපරාධකමත් කියාදෙමුව. මක්නිසාද අපි ඔබට විරුද්ධව පව්කෙළෙමුව.
21
ඔබගේ නාමය නිසා අප අහක නොදැමුව මැනව; ඔබගේ තේජසේ සිංහාසනයට අගෞරව නොකළ මැනව. සිහිකළ මැනව, අප සමඟ තිබෙන ඔබගේ ගිවිසුම කඩ නොකළ මැනව.
22
වර්ෂාව වස්වන කෙනෙක් ජාතීන්ගේ නිෂ්ඵල දෙවිවරුන් අතරේ ඇද්ද? නොහොත් වැහිවලා දෙන්ට අහසට පුළුවන්ද? අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දේ කරන්නේ ඔබ නොවේද? එබැවින් අපි ඔබ ගැන බලා සිටින්නෙමුව; මක්නිසාද ඔබම මේ සියල්ල කළසේක.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52