bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 3
Jeremiah 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 4 →
1
මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාව අත්හැරිය කල, ඈ ඔහු වෙතින් ගොස් වෙන මනුෂ්‍යයෙකුට වුණොත්, ඔහු නැවත ඈ වෙතට හැරෙනවා ඇද්ද? ඒ දේශය ඉතා පිළිකුල් නොවන්නේදැයි ඔව්හු කියති. ඔබ වනාහි ආලය ඇත්තන් බොහෝදෙනෙකු සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; එහෙත් මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
2
මුඩු කඳු දෙස ඔබේ ඇස් ඔසවා, ඔබ සංවාසය නොකළේ කොතැන්හිද කියා බලන්න. කාන්තාරයෙහි අරාබියා මෙන් ඔබ ඔවුන් ගැන බලා ඉඳ, ඔබේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටකමින්ද දේශය කිලුටුකෙළෙහිය.
3
ඒ නිසා වැහිවලා නැවතුණේය, අන්තිම වර්ෂාවද නොආයේය; එහෙත් ඔබ වේශ්‍යාවෙකුගේ නළල ඇතුව, කිසි ලජ්ජාවක් නැතුව සිටියෙහිය.
4
මාගේ පියාණෙනි, ඔබ මාගේ තරුණ වයසේ මිත්‍රයාව සිටිසේකැයි ඔබ මෙවක් පටන් මට අඬ නොගසන්නෙහිද?
5
උන්වහන්සේ තමන් උදහස සදාකාලේටම තබාගන්නාසේක්ද? එය කෙළවර දක්වා පවත්වනසේක්ද? මෙන්න, ඔබ මෙසේ කථාකළ නුමුත් නපුරු දේවල් කොට ඔබේ කැමැත්ත ඉෂ්ටකරගත්තෙහිය.
6
තවද යොෂියා රජුගේ දවස්වලදී ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අහක්ව ගියාවූ ඉශ්රායෙල් කළ දේ ඔබ දුටුවෙහිද? ඈ උස්වූ සියලු කඳු උඩටත් සියලු අමුගස් යටටත් ගොස් එහිදී වේශ්‍යාකම්කළාය.
7
ඈ ඒ සියල්ල කළායින් පසු: ඈ මා වෙතට හැරීඑනවා ඇතැයි කීවෙමි; නුමුත් ඈ හැරී ආවේ නැත. ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා එය දුටුවාය.
8
එහෙත් ඒ සියලු කාරණා නිසා එනම් අහක්ව ගියාවූ ඉශ්රායෙල් කාමමිථ්‍යාචාරය කළ නිසා මම ඈ අත්හැරදමා ඇගේ අත්හැරීම් පත්‍රය ඈට දුන් නුමුත්, ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදාත් භය නොවී ගොස් වේශ්‍යාකම් කරන බව දුටිමි.
9
ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.
10
මේ සියල්ල සිදුවූ නුමුත් ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා ඇගේ මුළු සිතින් නොව බොරුවෙන් මා වෙතට හැරී ආවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
11
තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: අහක්ව ගිය ඉශ්රායෙල් ද්‍රෝහිකාර යූදාට වඩා තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වා තිබේ.
12
ඔබ ගොස් උතුරු දෙසට මේ වචන ප්‍රකාශකරන්න: අහක්ව ගියාවූ ඉශ්රායෙල්, හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියන සේක; මම ඔබ සැම දෙස කෝපයෙන් නොබලන්නෙමි; මක්නිසාද මම කරුණාවන්තයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම සදාකාලේටම උදහස තබා නොගන්නෙමි.
13
ඔබේ අයුතුකම පමණක් දැනගන්න, මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව ඔබ කැරළිගසා, එහා මෙහා සියලු අමුගස් යට අන්‍යයන් ළඟට ගියෙහිය, මාගේ හඬට අකීකරුවුණෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.
14
අහක්ව ගියාවූ දරුවෙනි, මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; මක්නිසාද මම ඔබ සැමට ස්වාමිපුරුෂයෙක්ය. මම නුවරකින් එක්කෙනෙක්ද වංශයකින් දෙදෙනෙක්ද වුවත් ඔබ සැම පිළිගෙන සියොන්ට ගෙනෙන්නෙමි.
15
මාගේ සිතට එකඟවූ එඬේරුන්ද ඔබ සැමට දෙන්නෙමි, ඔවුන් දැනගැන්මෙන්ද නුවණින්ද ඔබ සැම පෝෂ්‍යකරනවා ඇත.
16
ඔබ සැම ඒ දවස්වලදී දේශයෙහි වැඩිවී සශ්‍රීකවෙන කල, මනුෂ්‍යයන්: ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටියයයි තවත් කියන්නේවත්, ඒ ගැන සිහිවීමක් වන්නේවත් නැත. ඔව්හු ඒ ගැන සිහි නොකරන්නෝය; ඒක නැති බවත් නොදැනෙන්නේය; ඒක තවත් සාදනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
17
ඒ කාලයෙහි යෙරුසලමට: ස්වාමීන්වහන්සේ ගේ සිංහාසනයයයි කියනවා ඇත; සියලු ජාතීහුද ඒක ළඟට, ස්වාමීන්වහන්සේ ගේ නාමය නිසා යෙරුසලමට, රැස්වන්නෝය. ඔව්හු තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට තවත් නොහැසිරෙන්නෝය.
18
ඒ දවස්වලදී යූදා වංශය ඉශ්රායෙල් වංශය සමඟ ගමන්කර, උතුරු දේශයේ සිට මා විසින් ඔබ සැමගේ පියවරුන්ට උරුමකරදුන් දේශයට එක්ව එනවා ඇත.
19
නුමුත් මම කථාකොට: ඔබ දරුවන් අතරේ ගණන්ගෙන ප්‍රියවූ දේශයක් වන රාශි ගණන් ජාතීන් අතරෙන් ඉතා අලංකාර උරුමය ඔබට දෙන්නේ කොහොමදැයි කීවෙමි. එවිට-මාගේ පියාණෙනියි ඔබ මට කියා, මා වෙතින් අහක් නොවී සිටින්ට ඕනෑයයි කීවෙමි.
20
එහෙත්, ඉශ්රායෙල් වංශය, භාර්යාවක් ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම්කරන්නාක්මෙන් ඔබ සැම මට විරුද්ධව ද්‍රෝහිකම්කළහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
21
හඬක් මුඩු කඳු උඩ ඇසෙයි, එය වනාහි ඉශ්රායෙල් පුත්‍රයන් තමුන්ගේ මාර්ගය පෙරළාගෙන, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කළ නිසා ඔවුන්ගේ ඇඬීම සහ කන්නලව්කිරීමත්ය.
22
අහක්ව ගියාවූ දරුවෙනි, හැරීඑන්න, මම ඔබ සැමගේ පසුබටවීම් සුවකරන්නෙමි. මෙන්න, අපි ඔබ වෙතට ඇවිත් සිටිමුව; මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබම අපේ දෙවියන්වහන්සේය.
23
සැබවින්ම හෙල්ද කඳු රාශියද කෙරෙහි විශ්වාසකිරීම නිෂ්ඵලය. සැබවින්ම ඉශ්‍රායෙල්ගේ ගැළවීම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ තිබේ
24
එහෙත් නින්දිතයා අපේ බාල වයසේ පටන් අපේ පියවරුන්ගේ වස්තුද ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන්ද ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන්ද, කාදැමුවේය.
25
අපේ ලජ්ජාවෙහි අපි වැටී ඉඳිමු, අපේ නින්දාවද අප වසාගනීවා. මක්නිසාද අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපිද අපේ පියවරුද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරු නොවී, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කෙළෙමුව.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52