bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 51
Jeremiah 51
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 50
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 52 →
1
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. බලව, මම බබිලෝනියට විරුද්ධවද ලෙබ්-කමයි වැසියන්ට විරුද්ධවද නාස්තිකරන හුළඟක් හටගන්වන්නෙමි.
2
මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි, ඔවුන් ඈ පොළා ඇගේ දේශය හිස්කරදමනවා ඇත. මක්නිසාද ඔව්හු විපත්ති දවසේදී වටකරින්ම ඈට විරුද්ධවන්නෝය.
3
දුනුවායා තමාගේ දුන්න තැත් නොකවාවා, ඔහු තමාගේ යුද්ධ සැට්ටය හැඳගෙන නැගිට නොසිටීවා. ඔබ සැම ඇගේ යෞවනයන්ට කරුණා නොකොට ඇගේ මුළු සේනාව සිඳදමන්න.
4
ඔව්හු මැරුම්කා කල්දිවරුන්ගේ දේශයෙහිද අනිනු ලැබ එහි වීථිවලද වැටෙන්නෝය.
5
මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ගේද යූදාවරුන්ගේද දේශය ඉශ්රායෙල්හි ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව කළ වරදෙන් පිරී තිබෙන නුමුත්, ඔවුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් එය අත්හරිනු නොලැබීය.
6
බබිලෝනිය කෙරෙන් පලා ගොස් ඔබ සැම එකිනෙකා තම තමාගේ ප්‍රාණය ගළවාගන්න; ඇගේ අයුතුකමෙන් නාස්ති නොවෙන්න. මක්නිසාද මෙය ස්වාමීන්වහන්සේ ගේ පළිගැනීමේ කාලයය; උන්වහන්සේ ඈට ප්‍රතිඵලදෙනසේක.
7
බබිලෝනිය වනාහි ස්වාමීන්වහන්සේ ගේ අතේ තිබුණු මුළු පොළොව මත් කළාවූ රන් කුසලානක්ය. ඇගේ මුද්‍රික පානයෙන් ජාතීහු බීවෝය; එබැවින් ජාතීහු උමතුව සිටිති.
8
බබිලෝනිය හදිසියෙන් වැටී විනාශවූවාය. ඈ ගැන කෑමොරගසන්න; ඈට සුවවේදෝ කියා බලන පිණිස ඇගේ තුවාලයට ගුගුල් ගෙනෙන්න.
9
අපි බබිලෝනිය සුවකරන්ට උත්සාහකෙළෙමුව, නුමුත් ඈට සුවවෙලා නැත. ඇය අත්හරින්න, අපි එකිනෙකා තම තමාගේ රටට යමු. මක්නිසාද ඇගේ විනිශ්චය අහසට ළංවී වලාකුල් දක්වා නැගුණේය.
10
ස්වාමීන්වහන්සේ අපේ ධර්මිෂ්ඨකම එළිදරව්කළසේක. එන්න, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ක්‍රියාකිරීම සියොන්හි ප්රකාශකරමු.
11
ඊතල මැදලා උල්කර පලිස් තදින් අල්ලාගන්න. ස්වාමීන්වහන්සේ මේදියාවේ රජවරුන්ගේ සිත් පෙළඹෙවුසේක; මක්නිසාද බබිලෝනිය නටබුන් කිරීමට උන්වහන්සේගේ යෝජනාව ඊට විරුද්ධව තිබේ. මෙය වනාහි ස්වාමීන්වහන්සේ ගේ පළිගැනීමය, උන්වහන්ගේ මාළිගාව ගැන පළිගැනීමය.
12
බබිලෝනියේ පවුරුවලට විරුද්ධව කොඩියක් ඔසවා, මුරපළ සවිකර, මුරකාරයන් සිටවා, රහස් සේනාව සූදානම්කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනියේ වැසියන්ට විරුද්ධව කී දේ උන්වහන්සේ යෝජනාකළාක්මෙන්ම ඉෂ්ටකළසේක.
13
එම්බා බොහෝ ජලයන් පිට වසන්නාවූ, බොහෝ වස්තු ඇත්තාවූ තැනැත්තිය, ඔබේ තණ්හාවේ මිම්ම වන ඔබේ අන්තිමය පැමුණුණේය.
14
පළඟැටියන් මෙන් මනුෂ්‍යයන්ගෙන් ඔබ පුරවන්නෙමි; ඔවුන් ඔබට විරුද්ධව ඝෝෂාවක් නගනවා ඇත කියා සේනාවල ස්වාමීන්වහන්සේ තමන් ගැනම දිවුළසේක.
15
උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සාදා, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ බුද්ධියෙන් අහස දිගහැරියසේක.
16
උන්වහන්සේ ස්වකීය හඬ පවත්වන කල අහසෙහි ජල ඝෝෂාවක් ඇත්තේය. උන්වහන්සේ පොළොවේ කෙළවරෙන් වලාකුල් නැගී එන්ට සලස්වනසේක; වර්ෂාවට විදුලි සාදනසේක, තමන්ගේ ගබඩා වලින් හුළඟ ගෙනෙනසේක.
17
සියලු මනුෂ්‍යයෝ දැනගැන්ම නැතුව මෘගයන් මෙන් සිටිති; සියලු රන්කරුවෝද තමුන්ගේ කැපූ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. මක්නිසාද ඔවුන්ගේ වාත්තු රූප බොරුවක්ය, ඒවා තුළ හුස්ම නැත.
18
ඒවා නිෂ්ඵලකමය, රැවටිල්ලේ වැඩක්ය. ඒවාට දඬුවම්කරන කාලයේදී ඒවා නැතිවන්නේය.
19
යාකොබ්ගේ කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සෑම දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්රායෙල් උන්වහන්සේගේ උරුම ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේ ය.
20
ඔබ මාගේ යුද්ධ කෙටේරිය හා යුද්ධායුධය. මම ඔබ ලවා ජාතීන් පොඩි කරවා, රාජ්‍යයන් නටබුන්කරවන්නෙමි;
21
ඔබ ලවා අශ්වයාත් ඌ පිට නගින්නාත් පොඩිකරවන්නෙමි;
22
ඔබ ලවා රථය සහ එහි නැගීයන්නාත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා ස්ත්‍රිය සහ පුරුෂයාත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා මහල්ලා සහ බාලයාත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා තරුණයා සහ කන්‍යාවත් පොඩිකරවන්නෙමි;
23
ඔබ ලවා එඬේරා සහ ඔහුගේ රැළත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා ගොවියා සහ ඔහුගේ ගොන්බානත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා ආණ්ඩුකාරයන් සහ මුලාදෑනීන්ද පොඩිකරවන්නෙමි.
24
මෙසේ මම බබිලෝනියට සහ කල්දියාවේ සියලු වැසියන්ට ඔබ සැමගේ ඇස් හමුයේ සියොන්හිදී ඔවුන් විසින් කළාවූ සියලු නපුරුකම් ගැන ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
25
එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම ඔබට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ අත ඔබට විරුද්ධව දිඟුකොට, පර්වතවලින් ඔබ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි.
26
කොනකට ගලක්වත් අත්තිවාරම්වලට ගලක්වත් ඔබෙන් ගනු නොලබන්නේය; ඔබ සදාකාලයටම පාළුවක් වන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.
27
දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.
28
ජාතීන්ද මේදයේ රජවරුන්ද එහි ආණ්ඩුකාරයන්ද එහි සියලු මුලාදෑනීන්ද ඔවුන්ගේ ආණ්ඩුවේ මුළු දේශයද ඈට විරුද්ධව සූදානම්කරන්න.
29
දේශය චංචලවී වේදනා විඳියි. මක්නිසාද බබිලොන් දේශයෙහි වැසියෙක් නොසිටින හැටියට පාළුකිරීමට තිබෙන ස්වාමීන්වහන්සේ ගේ යෝජනා බබිලෝනියට විරුද්ධව ස්ථිරව තිබේ.
30
බබිලෝනියේ බලවන්තයෝ සටනින් වැලකී තමුන්ගේ බලකොටුවල නැවතී සිටිති; ඔවුන්ගේ බලය හීනවී ඔව්හු ස්ත්‍රීන් මෙන් වී සිටිති. ඇගේ වාසස්ථාන ගිනිලා තිබේ; ඇගේ අගුල් කඩාදමනු ලැබීය.
31
ඔහුගේ නුවර හැම පැත්තෙන්ම අසුවී, තොටුපළවල් අල්ලනු ලැබූ බවත්, බටගස් ගිනිලෑ බවත්, යුද්ධකාරයන් කැලඹී ඉන්න බවත්,
32
බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවිඩකාරයෙකුගේ පෙරමගට පණිවිඩකාරයෙක්ද දැනුම්දෙන අයගේ පෙරමගට දැනුම්දෙන අයෙක්ද දුවනවා ඇත
33
මක්නිසාද: බබිලොන් දුව මඩිනු ලබන කලවිටක් මෙන්ය; තව ටිකකින් ගොයම් කපන කාලය ඈට පැමිණේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
34
බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් මා කාදමා, මා නාස්තිකොට, මා හිස් භාජනයක් කෙළේය, ඔහු දීර්ඝයෙකු මෙන් මා ගිල, මාගේ ප්‍රියවූ දේවලින් තමාගේ බඩ පුරවාගෙන, මා අහකදැම්මේය.
35
මටත් මාගේ මාංශයටත් කළ බලාත්කාරය බබිලෝනිය පිටට පැමිණේවයි සියොන්හි වැසියා කියනවා ඇත; මාගේ ලේ කල්දියාවේ වැසියන් පිටට පැමිණේවයි යෙරුසලමද කියනවා ඇත.
36
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔබට යුක්තිය කරදී, ඔබ උදෙසා පළිගන්නෙමි; මම ඇගේ මුහුද හින්දවා,
37
ඇගේ උල්පත් වියළවන්නෙමි. බබිලෝනිය වැසියෙක් නැතුව ජරාවාස ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද විස්මයක්ද කවටකමක්ද වන්නීය.
38
ඔවුන් සිංහයන් මෙන් එක්ව නාදකර සිංහපැටියන් මෙන් ගොරවනවා ඇත.
39
ඔවුන් රත්ව සිටින කල මම ඔවුන්ට මංගල්‍යය පිළියෙළකරදී, ඔවුන් ප්‍රීතිමත්ව, නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන පිණිස, ඔවුන් මත්කරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
40
බැටළුපැටවුන්ද බැටළුවන් සහ එළුවන්ද මෙන් මැරුම්කෑමට ඔවුන් ගෙනෙන්නෙමි.
41
ෂේෂක් අසුවූ හැටි! මුළු පොළොවේ කීර්තිය ඇත්තී අල්ලනු ලැබූ හැටි! බබිලෝනිය ජාතීන් අතරේ පාළුවක්වූ හැටි!
42
මුහුද බබිලෝනිය පිටට ගලා ආයේය. ඈ එහි රැළ රාශියෙන් වැසීගියේය.
43
ඇගේ නුවරවල් පාළුවක්ද වියළි භූමියක්ද මරුකතරක්ද කිසි මනුෂ්‍යයෙක් වාසය නොකරන්නාවූ, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් ගමන් නොකරන්නාවූ දේශයක්ද වී තිබේ.
44
මම බබිලෝනියේදී බේල්ට දඬුවම්කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට නික්මවන්නෙමි; ජාතීහු ඔහු වෙතට තවත් ගලාගන නොයන්නෝය. එසේය, බබිලෝනියේ පවුර වැටෙන්නේය.
45
මාගේ සෙනඟ, ඈ මධ්‍යයෙන් පිටවී ගොස් එකිනෙකා තම තමාගේ ප්‍රාණය ස්වාමීන්වහන්සේ ගේ බලවත් උදහසෙන් ගළවාගන්න.
46
දේශයේදී අසන ආරංචියට ඔබ සැමගේ සිත් දුර්වලවෙන්ට ඉඩ නොදෙන්න, භය නොවෙන්න; මක්නිසාද එක අවුරුද්දකදී ආරංචියක්ද ඊට පසු අවුරුද්දේ ආරංචියක්ද දේශයෙහි බලාත්කාරකමද ආණ්ඩුකාරයෙක් ආණ්ඩුකාරයෙකුට විරුද්ධවීමද පැමිණෙන්නේය.
47
එබැවින් බබිලෝනියේ තිබෙන කැපූ රූපවලට මා විසින් දඬුවම්කරන දවස් පැමිණෙන්නේය, ඇගේ මුළු දේශය ලජ්ජාවට පැමිණෙන්නේය; ඈ තුළ මැරුම්කන සියල්ලෝ ඈ තුළම වැටෙන්නෝය.
48
එකල ස්වර්ගයද පොළොවද එහි සිටින සියල්ලෝද බබිලෝනිය ගැන ප්‍රීතියෙන් ගීකියන්නෝය; මක්නිසාද නාස්තිකරන්නෝ උතුරුදිග සිට ඈ ළඟට එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
49
ඉශ්රායෙල්වරුන් මැරුම්කා වැටෙන්ට බබිලෝනිය විසින් සැලැස්සුවාක්මෙන් මුළු දේශයේ මැරුම්කෑවුන් බබිලෝනියේදී වැටෙනවා ඇත.
50
කඩුවෙන් ගැළවුණාවූ තැනැත්තෙනි, නැවතී නොසිට යන්න; දුරදීම ස්වාමීන්වහන්සේ සිහිකොට යෙරුසලම මතක්කරගන්න.
51
අපි නින්දාව ඇසූ බැවින් ලජ්ජාවට පැමිණියෙමුව; විදේශීන් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ ශුද්ධස්ථානවලට ඇතුල්වූ බැවින් අපේ මුහුණු වියවුල්කමින් වැසී තිබේ.
52
එබැවින් මා විසින් ඇගේ රූපවලට දඬුවම්කරන දවස් පැමිණෙන්නේය; ඇගේ දේශය මුළුල්ලෙහි තුවාල ලැබූ අය කෙඳිරිගානවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
53
බබිලෝනිය අහස දක්වා නැගුණත්, ඇගේ ශක්තියේ උස් කොටුව ඉතා බලවත්කළත්, මා වෙතින් නාස්තිකරන්නන් ඈ කරා පැමිණෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
54
මොරගැසීමේ ශබ්දයක් බබිලෝනියෙන්ද මහත් විනාශයේ ශබ්දයක් කල්දිවරුන්ගේ දේශයෙන්ද ඇසෙන හැටි!
55
මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනිය නාස්තිකරනසේක, එතනින් මහත් ශබ්දයද නැතිකරනසේක; ඔවුන්ගේ රැළවල් මහත් ජලයන් මෙන් ඝෝෂාකෙරෙති, ඔවුන්ගේ කෝලාහල ශබ්දය නගියි.
56
මක්නිසාද ඈට එනම් බබිලෝනියට විරුද්ධව නාස්තිකරන්නා පැමිණියේය, ඇගේ බලවන්තයෝ අසුවුණෝය, ඔවුන්ගේ දුනුද කඩාදමනු ලැබුවේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ විපාකදෙන දෙවියන්වහන්සේය, උන්වහන්සේ ප්‍රතිඵලදෙනවාම ඇත.
57
මම ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද ඇගේ ආණ්ඩුකාරයන්ද ඇගේ මුලාදෑනීන්ද ඇගේ බලවතුන්ද මත්කරවන්නෙමි; ඔව්හුද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම් වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.
58
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ පළල්වූ පවුරු සහමුලින්ම හෙළාදමනු ලබන්නේය, ඇගේ උස් දොරටුද ගින්නෙන් දවනු ලබන්නේය; මෙසේ ජනයෝ හිස්කමටද ජාතීහු ගින්නටද පමණක් වීර්යකර වෙහෙසෙන්නෝය.
59
මයසේයාගේ පුත්‍රවූ නේරියාගේ පුත්‍රයාවන සෙරායා යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ සතරවෙනි අවුරුද්දේදී ඔහු සමඟ බබිලෝනියට යනවිට අනාගතවක්තෘවූ යෙරෙමියා සෙරායාට අණකළ වචනයය. සෙරායා වනාහි ගබඩා නිලමේ විය.
60
බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති වන බබිලෝනියට විරුද්ධව ලියා තිබෙන මේ සියලුම වචන යෙරෙමියා පොතක ලිවීය.
61
යෙරෙමියා සෙරායාට කියනුයේ: ඔබ බබිලෝනියට පැමිණි කල මේ සියලු වචන කියවා කථාකොට-
62
අහෝ, ස්වාමීන්වහන්ස, මේ ස්ථානයෙහි මනුෂ්‍යයෙක් වුවත් මෘගයෙක් වුවත් කිසිම වැසියෙක් නැතුව එය සදාකාල පාළුවක් වෙන හැටියට එය සිඳදැමීමට ඔබ ඊට විරුද්ධව කථාකර තිබේයයි කියන්න.
63
තවද ඔබ මේ පොත කියවා නිමවූ විට ඊට ගලක් බැඳ ප්‍රාත් ගංගාව මැදට හෙළා: මෙසේම බබිලෝනිය කිදී,
64
මා විසින් ඈ පිටට පමුණුවන විපත්තියෙන් ගොඩනොඑන්නීය. ඔව්හු වෙහෙසවන්නෝයයි කියන්නැයි කීවේය. යෙරෙමියාගේ වචන මෙසේ නිමි.
← Chapter 50
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 52 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52