bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 49
Jeremiah 49
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 48
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 50 →
1
අම්මොන් පුත්‍රයන් ගැනය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්රායෙල්ට පුත්‍රයෝ නැද්ද? ඔහුට උරුමක්කාරයෙක් නැද්ද? ඇත්නම් මල්කාම් ගාද් රට හිමිකරගත්තෙත් ඔහුගේ සෙනඟ එහි නුවරවල වාසයකරන්නෙත් මක්නිසාද?
2
එබැවින් අම්මොන් පුත්‍රයන්ගේ රබ්බාහි යුද්ධ ඝෝෂාවක් ඇසෙන්ට මා විසින් සලස්වන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඒක පාළුවූ ගොඩක් වන්නේය, ඊට අයිති ගම්ද ගින්නේ දවා දමනු ලබන්නේය. ඉශ්‍රායෙල්ද තමුන්ගේ දේශය හිමිකරගත් අයගේ දේශය හිමිකරගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
3
අහෝ හෙෂ්බොන්, කෑමොරගසන්න, මක්නිසාද හායි නටබුන්විය; එම්බා රබ්බාහි ගම්, කෑගසා, ගෝණි රෙදි හැඳගන, විලාප කියා තාප්ප අතරේ එහා මෙහා දුවන්න; මක්නිසාද මල්කාම්ද ඔහුගේ පූජකයෝද අධිපතීහුද එක්ව වාල්කමට යන්නෝය.
4
පසුබටවන දියණිය, ඔබ මිටියාවත් ගැන එනම් ඔබේ ගලායන මිටියාවත් ගැන පාරට්ටුකරගන්නේ මක්නිසාද? මට විරුද්ධව පැමිණෙන්නේ කවුදැයි කියා ඔබේ වස්තු කෙරෙහි ඔබ විශ්වාසකරන්නෙහිය.
5
බලව, ඔබ වටකර සිටින සියල්ලන්ගෙන් ඔබ පිටට භීතියක් පමුණුවන්නෙමියි මහෝත්තමවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; ඔබ සැම එකිනෙකා තම තමා ඉදිරිපිටින් පන්නනු ලබන්නහුය, පලායන අය පිළිගැනීමටද කිසිවෙක් නොවන්නේය.
6
නුමුත් පසුව මම අම්මොන් පුත්‍රයන්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියන සේක.
7
ඒදොම ගැනය. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: තේමාන්හි තවත් ප්‍රඥාව නැද්ද? බුද්ධිමත් අය අතරෙන් මන්ත්‍රණය නැතිවීද? ඔවුන්ගේ ප්‍රඥාව පහවගියාද?
8
දෙදාන් වැසියෙනි, දුවන්න, හැරී දුරස්තරයටම ගොස් වාසයකරන්න; මක්නිසාද ඒසව්ගේ විපත්තිය, එනම් මා ඔහුට දඬුවම්කරන කාලය ඔහු පිටට පමුණුවමි.
9
මිදිඵල නෙළන්නෝ ඔබ ළඟට ආවොත් ඔව්හු මිදිඵල ස්වල්පයක්වත් ඉතුරු නොකරද්ද? රාත්‍රියේ සොරු ආවොත් ඔව්හු තමුන්ට සෑහෙන පමණ ගන්නා තුරු නාස්ති නොකරන්නෝද?
10
නුමුත් මම ඒසව් නිර්වස්ත්‍රකෙළෙමි, ඔහු සැඟවෙන ස්ථාන එළිදරව් කෙළෙමි, ඔහුට සැඟවී සිටින්ට බැරි වන්නේය. ඔහුගේ වංශයද සහෝදරයෝද අසල්වාසීහුද නාස්තිවුණෝය, ඔහුද නැත.
11
ඔබේ පියා නැති දරුවන් අත්හරින්න, මම ඔවුන් පණපිටින් ආරක්ෂාකරන්නෙමි; ඔබේ වැන්දඹුවෝ ද මා කෙරෙහි විශ්වාසකරත්වා.
12
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, කුසලානෙන් බොන්ට නියම නැති අය බොනවාම ඇත; එසේවීනම් ඔබ කිසි දඬුවමක් නොලැබ සිටින්නෙහිද? ඔබ දඬුවම් නොලැබ නොසිට බොනවාම ඇත.
13
මක්නිසාද බොශ්රා විස්මයක්ද නින්දාවක්ද පාළුවක්ද ශාප-වචනයක්ද එහි සියලු නුවරවල් සදාකාල පාළු ඉඩම්ද වන්නෝයයි මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
14
රැස්වී ඈට විරුද්ධව ඇවිත් යුද්ධයට නැගිටින්නැයි කියන්ට ජාතීන් අතරට තානාපතියෙක් යවනලද්දේය යන ආරංචිය ස්වාමීන්වහන්සේ ගෙන් ලැබීමි.
15
මක්නිසාද: මෙන්න මම ඔබ ජාතීන් අතරේ කුඩා කෙළෙමි, මනුෂ්‍යයන් අතරේ සුළුකෙළෙමි.
16
අහෝ පර්වත විවරවල වසන්නාවූ, හෙල්මුදුන් අල්ලාගෙන සිටින්නාවූ තැනැත්ත, ඔබේ සිතේ භයංකරකම ගැන ඔබේ සිතේ උඩඟුකමෙන් ඔබ රැවටුණෙහිය. ඔබේ කූඩුව රාජාලියාමෙන් ඉහළින් සෑදුවත් එතැනින් ඔබ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
17
ඒදොම විස්මයට හේතුවක් වන්නේය. ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්ව, ඊට පැමුණුණු සියලු විපත්ති ගැන සරදම්කරන්නෝය.
18
සොදොම සහ ගොමොරාවේද එහි අසල නුවරවලද විනාශය මෙන්, කිසි මනුෂ්‍යයෙක් එහි වාසය නොකරන්නේය, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි පොරොත්තුව නොසිටින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
19
බලව, ඔහු සිංහයෙකු මෙන් යොර්දාන් වනයේ සිට බලවත් නිවාසයට විරුද්ධව නැගී එන්නේය. මක්නිසාද මම ඇසිල්ලකින් ඈ වෙතින් ඔහු දුවන්ට සලස්වන්නෙමි; තෝරාගන්නාලද කවරෙකු නුමුත් මම ඈ කෙරෙහි පත්කරන්නෙමි. මක්නිසාද මට සමාන කවුද? මට කාලයක් නියමකරන්නේ කවුද? මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් එඬේරාත් කවුද?
20
එබැවින් ස්වාමීන්වහන්සේ ඒදොමට විරුද්ධව කරගත් මන්ත්‍රණයද තේමාන්හි වැසියන්ට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත; සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.
21
ඔවුන්ගේ වැටීමේ ශබ්දයට පොළොව සෙලවේ; කෑගැසීමේ හඬ රතු මුහුද දක්වා ඇසෙයි.
22
බලව, ඔහු රාජාලියෙකු මෙන් නැගී ඉගිලී ඇවිත්, බොශ්රා පිට තමාගේ පියාපත් විදහනවා ඇත. ඒ දවසේ ඒදොමේ බලවතුන්ගේ සිත බිහිකරන ස්ත්‍රියෙකුගේ සිත මෙන් වන්නේය.
23
දමස්කය ගැනය. හමාත්ද අර්පාද්ද ලජ්ජාවට පැමුණුණෝය; මක්නිසාද ඔව්හු නරක ආරංචියක් අසා දියවී ගියෝය. මුහුද පිට චංචලය ඇත්තේය; ඊට නිශ්චලවෙන්ට බැරිය.
24
දමස්කය බෙලහීනව පලායන්ට හැරුණාය, වෙවුලුම ඈ අල්ලාගත්තේය. බිහිකරන ස්ත්‍රියෙකුට මෙන්, විපත්තියද වේදනාවද ඈට පැමිණ තිබේ.
25
කීර්තිමත් නුවරවන මාගේ ප්‍රීතියේ නුවර අත්හරිනු ලැබූ හැටි!
26
එබැවින් ඒ දවසේදී ඇගේ යෞවනයෝ එහි වීථිවල වැටෙන්නෝය, එහි සියලු යුද්ධකාරයෝද නිශ්ශබ්ද කරනු ලබන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
27
මම දමස්කයේ පවුර ඇතුළෙහි ගින්නක් අවුළුවන්නෙමි, එයින් බෙන්-හදද්ගේ මාළිගා දාලායන්නේය.
28
කේදාර් ගැනත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් පහරදුන් හාශෝර්හි රාජ්‍යවල් ගැනත්ය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම නැගිට කේදාර්ට නැගීගොස්, නැගෙනහිර දිශාවේ පුත්‍රයන් නාස්තිකරන්න.
29
ඔවුන්ගේ කූඩාරම්ද බැටළු රැළවල්ද ගෙනයනු ලබන්නෝය, ඔවුන්ගේ තිරද ඔවුන්ගේ සියලු භාණ්ඩද ඔවුන්ගේ ඔටුවන්ද තමුන්ටම අරගෙන යන්නෝය. භීතිය වටකරින්ම ඇත්තේය කියා ඔව්හු ඔවුන්ට මොරගසන්නෝය.
30
හාශෝර් වැසියෙනි, දුවන්න, ඈතට පලාගොස් දුරස්තරයෙහි වාසයකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ඔබ සැමට විරුද්ධව මන්ත්‍රණයක් කරගෙන, ඔබ සැමට විරුද්ධව යෝජනාවක්ද කර තිබේ.
31
ඔබ සැම නැගිට, නොසැලකිලිව අප්රවේසම්ලෙස වාසයකරන්නාවූ, දොරවල්ද අගුල්ද නැතිව තනිව වාසය කරන්නාවූ ජාතියට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
32
ඔවුන්ගේ ඔටුවෝ කොල්ලයක්ද ඔවුන්ගේ ගව සමූහයා ගොදුරක්ද වන්නෝය. හිසකේ කොන් කපාදමන අය මම සියලු දිශාවලට විසුරුවන්නෙමි; එහි සෑම පැතිවලින්ද ඔවුන්ට විනාශය පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
33
හාශෝර් වනාහි සිවලුන්ගේ වාසයක්ද සදාකාල පාළුවක්ද වන්නේය. කිසි මනුෂ්‍යයෙක් එහි වාසයකරන්නේවත් කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි නැවතී සිටින්නේවත් නැත.
34
යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී ඒලාම ගැන අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේ ගේ වචනයය.
35
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඒලාමේ ප්‍රධාන බලයවූ ඔවුන්ගේ දුන්න කඩා දමමි.
36
මම ඒලාමට විරුද්ධව අහසේ සතර කොනෙන් හුළං සතරක් පමුණුවා, ඒ සියලු හුළංවලට ඔවුන් විසුරුවා දමන්නෙමි; පන්නනු ලබන ඒලාම්වරුන් නොපැමිණෙන්නාවූ කිසි ජාතියක් නොවන්නේය.
37
එසේය. මම ඒලාම්වරුන් ඔවුන්ගේ සතුරන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ද ඉදිරියෙහි කලඹා, ඔවුන් පිටට විපත්තිය වන මාගේ බලවත් උදහස පමුණුවා, මා විසින් ඔවුන් විනාශකරන තුරු ඔවුන් පස්සේ කඩුව හරින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
38
මාගේ සිංහාසනයද ඒලාමේ පිහිටුවා, එතැනින් රජු සහ අධිපතීන් නැතිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
39
එහෙත් මතු දවස්වලදී ඒලාමේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
← Chapter 48
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 50 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52