bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 6
Jeremiah 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 7 →
1
බෙන්යමින් පුත්‍රයෙනි, යෙරුසලම තුළින් පලාගොස්, තෙකෝවාහි හොරණෑ පිඹ, බෙත්-හක්කෙරෙම් උඩ ලකුණක් නගන්න. මක්නිසාද විපත්තියක්ද මහත් විනාශයක්ද උතුරෙන් පැමිණෙන්ට ළඟය.
2
ශෝභනවූ සිව්මැළිවූ තැනැත්තී වන සියොන් දුව සිඳදමන්නෙමි.
3
එඬේරු ඔවුන්ගේ රැළවල් ඇතුව ඈ ළඟට එන්නෝය; ඔව්හු ඈට විරුද්ධව වටකර තමුන්ගේ කූඩාරම් පිහිටුවා, තම තමුන් සිටින තැන්වලදී උන් කවන්නෝය.
4
තවද ඔවුන් කථාකොට: ඈට විරුද්ධව යුද්ධය පිළියෙළ කරන්න; නැගිටින්න, අපි ඉරමුදුන් වේලාවේදීම නැගීයමුව. අනේ අපට දුක්වේ! මක්නිසාද දවාල පහවන්නේය, සවස් සෙවණැලි දික්වන්නේය.
5
නැගිටින්න, අපි රාත්‍රියෙහි ගොස් ඇගේ මාළිගා විනාශකරමුයයි කියනවා ඇත.
6
මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ගස් කපා, යෙරුසලමට විරුද්ධව ගොඩැල්ලක් නගන්න. දඬුවම් ලැබිය යුතු නුවර මේකය; එහි තුළ තිබෙන්නේ බලාත්කාරකමමය.
7
ළිඳකින් වතුර උනන්නාක්මෙන් ඒකේ නපුරුකම උනාඑන්නේය. බලාත්කාරයත් පීඩාවත් එහි ඇසෙන්නේය; වේදනාවද පහරදීමද නිතරම මා ඉදිරියෙහි ඇත්තේය.
8
එම්බා යෙරුසලම, මාගේ ආත්මය ඔබෙන් වෙන්වී නොයන පිණිසත් මා විසින් ඔබ පාළුවක්ද වැසියන් නැති දේශයක්ද නොකරන පිණිසත් දැනමිතිකම් ලබන්න.
9
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉතුරු මිදිඵල දෙවනුව නෙළාගන්නාක්මෙන් ඉශ්රායෙල්වරුන්ගෙන් ඉතුරුවෙන අයට කරනු ලබන්නේය. මිදිඵල නෙලාගන්න කෙනෙකු මෙන් ඔබේ අත නැවත නැවත රිකිලිවලට පොවන්න.
10
අසන හැටියට මම කාට කථාකර අවවාදකරම්ද? ඔවුන්ගේ කන් අචර්මඡේදිත නිසා ඔවුන්ට ඇහුම්කන්දෙන්ට බැරිය. මෙන්න, ස්වාමීන්වහන්සේ ගේ වචනය ඔවුන්ට නින්දාවක් වී තිබේ; ඔව්හු ඊට ප්‍රිය නොවෙති.
11
ඒ නිසා මම ස්වාමීන්වහන්සේ ගේ කෝපයෙන් පිරී සිටිමි; එය දැරීමෙන් වෙහෙසවී සිටිමි. වීථියේ ඉන්න ළමයින් පිටත් යෞවනයන්ගේ සභාව පිටත් එය එකවිට වගුරුවන්න. මක්නිසාද පුරුෂයා භාර්යාව සමඟද වැඩිමහල්ලා වයසින් පූර්ණවූ තැනැත්තා සමඟද අසුවන්නේය.
12
ඔවුන්ගේ ගෙවල්ද කෙත්ද භාර්යාවෝද එකට අන්‍යයන්ට අයිතිවන්නෝය. එසේය, දේශයේ වැසියන්ට විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
13
මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය අනුව යති; ප්‍රොපේතවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝම වංචාකම් කරති.
14
සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ සෙනඟගේ තුවාලයද ඔව්හු මඳක් සුවකර තිබේ.
15
ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජාවූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනවා ඇත. මා විසින් ඔවුන්ට දඬුවම්කරන කාලයෙහි ඔව්හු පැකිල වැටෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
16
ඔබ සැම මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න, එවිට ඔබ සැමගේ ආත්මවලට සහනය ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඔව්හු: අපි එහි නොයන්නෙමුයයි කීවෝය.
17
මමද ඔවුන් කෙරෙහි රැකවලුන් පත්කොට: හොරණෑ ශබ්දයට ඇහුම්කන්දෙන්නැයි කීවෙමි; නුමුත් ඔව්හු: අපි ඇහුම්කන් නොදෙන්නෙමුයයි කීවෝය.
18
එබැවින් ජාතීනි, අසන්න, එම්බා සමූහයෙනි, ඔවුන් අතරේ සිද්ධවෙන දේ දැනගන්න.
19
එම්බා පොළොව, අසන්න මෙන්න, මේ සෙනඟ මාගේ වචනවලට ඇහුම්කන් නොදී, මාගේ ව්‍යවස්ථාව එපාකළ හෙයින්, මම ඔවුන්ගේ යෝජනාවල ප්‍රතිඵලය වන විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි.
20
ෂෙබායෙන් කට්ටකුමංචල්ද දුර දේශයකින් මිහිරි සුවඳ දඬුද මට ගෙනෙන්නේ කුමටද? ඔබ සැමගේ දවන පූජා මට ප්‍රසන්න නැත, ඔබ සැමගේ යාගද මට ප්‍රිය නැත.
21
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මේ සෙනඟ ඉදිරියෙහි පැකිලවන දේවල් තබමි. පියවරු සහ පුත්‍රයෝද අසල්වාසියා සහ ඔහුගේ මිත්‍රයාද එක්ව ඒවායේ පැකිල විනාශවන්නෝය.
22
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහත් ජාතියක්ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැගිටිනවා ඇත.
23
ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲරය, කරුණාවක් නැත්තෝය; ඔවුන්ගේ හඬ මුහුද මෙන් ඝෝෂාකරයි; එම්බා සියොන් දුව, ඔබට විරුද්ධව යුද්ධකරන්ට ඔවුන් සියලුදෙනා එක්කෙනෙකු මෙන් පේළිගැසී අශ්වයන් පිට නැගී එති.
24
ඒ ප්‍රවෘත්තිය අප විසින් අසා තිබේ; අපේ අත් දුර්වලවී තිබේ. දුක්ද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාවද අපට අල්ලා තිබේ.
25
කෙතට නොයන්න, මාර්ගයෙහි නොයන්න; මක්නිසාද සතුරාගේ කඩුවද හැම අතින්ම භීතියද තිබේ.
26
මාගේ දියණිය වන සෙනඟෙනි, ගෝණිරෙදි බැඳගෙන අළුවල පෙරළී ඉඳ, එකම පුත්‍රයෙකු උදෙසා මෙන් ඉතා දුක් සහිත විලාපයකින් වැලපෙන්න; මක්නිසාද විනාශකරන්නා හදිසියෙන් අපට විරුද්ධව එනවා ඇත.
27
ඔබ මාගේ සෙනඟගේ මාර්ගය විභාගකර දැනගන්නා පිණිස මම ඔබ ඔවුන් අතරෙහි විභාගකරන්නෙක්ද බලකොටුවක්ද කෙළෙමි.
28
ඔවුන් සියල්ලෝම මුරණ්ඩුවූ කැරළිකාරයෝව, කේලාම් කියා ඇවිදින්නෝව, පිත්තල හා යකඩ වැනිව සිටිති. සියල්ලෝම දූෂ්‍යකම් කරන්නෝය.
29
මයිනහම සැරෙන් පිඹිනු ලැබේ; ඊයම්ද ගින්නෙන් දා ගියේය. ඔවුන්ගේ උණුකිරීම නිෂ්ඵලය; මක්නිසාද දුෂ්ටයෝ වෙන්කරනු නොලද්දෝය.
30
ස්වාමීන්වහන්සේ ඔවුන් එපාකළ නිසා: වටේට රිදීයයි මනුෂ්‍යයෝ ඔවුන්ට නම් තබන්නෝය.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52