bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 48
Jeremiah 48
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 47
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 49 →
1
මෝවබ් ගැනය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ නෙබෝට දුක්වේ! මක්නිසාද එය පාළුවිය; කිරියාතයිම් ලජ්ජාවට පත්විය, එය අසුවිය. මිස්ගාබ් ලජ්ජාවටත් කැලඹීමටත් පැමුණුණේය.
2
හෙෂ්බොන් ගැන මෝවබ් තවත් පාරට්ටු නොකරන්නේය; එන්න, ජාතියක්ව නොසිටින ලෙස ඇය සිඳදමමුයයි ඔව්හු ඈට විරුද්ධව නපුර යෝජනාකළෝය. එම්බා මද්මේන්, ඔබත් නාස්තිවන්නෙහිය; කඩුව ඔබ පසුපස්සේ එන්නේය.
3
නාස්තියත් මහත් විනාශයත් නිසා කෑගැසීමේ හඬක් හොරොනයිම් කෙරෙන් පැමිණෙන්නේය.
4
මෝවබ් කඩාදමනු ලැබුවාය; ඇගේ බාලයෝ කෑගැසීමක් පැවැත්තුවෝය.
5
මක්නිසාද ලුහිත්හි නැගුමේ ඇඬීම පිට ඇඬීම නගින්නේය. එසේය, හොරොනයිම්හි බැස්මේ විනාශයේ දුක්ඛිත කෑගැසීම ඇසුණේය.
6
ඔබ සැම පලාගොස්, ඔබ සැමගේ ප්‍රාණ ගළවාගෙන, කාන්තාරයේ රෝතෙම් ගස මෙන් වෙන්න.
7
මක්නිසාද ඔබේ විශ්වාසය ඔබේ වැඩ හා ඔබේ සම්පත්ද කෙරෙහි තිබෙන බැවින් ඔබත් අසුවන්නෙහිය. කෙමොෂ්ද ඔහුගේ පූජකයෝද අධිපතීහුද එක්ව වාලට යන්නෝය.
8
නාස්තිකරන්නාද සියලු නුවරවලට පැමිණෙන්නේය, කිසි නුවරක් නොගැළවෙන්නේය; ස්වාමීන්වහන්සේ කී ලෙස මිටියාවත නැතිවන්නේය, තලාව විනාශවන්නේය.
9
ඉගිලී ඉවත්වයන පිණිස මෝවබ්ට පියාපත් දෙන්න. එහි නුවරවල් වැසියෙක් නැතුව පාළුවන්නේය.
10
ස්වාමීන්වහන්සේ ගේ වැඩ අලසකමින් කරන්නාට ශාපවේවා, ලෙයින් තමාගේ කඩුව වලක්වාගන්නාටත් ශාපවේවා.
11
මෝවබ් භාජනයෙන් භාජනයට වත්කරනු නොලැබ, වාල්කමට නොගොස්, තමාගේ බාල වයසේ පටන් සුවසේ හිඳ, තමාගේ මණ්ඩි පිටින් නිශ්චලවී සිටියේය. එබැවින් ඔහුගේ රස ඔහු තුළ තවම තිබේ, ඔහුගේ සුවඳ වෙනස් නොවී තිබේ.
12
එබැවින් පෙරළා ඉහිරවන්නන් ඔහු ළඟට මා විසින් අරින දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හුද ඔහු පෙරළා, ඔහුගේ භාජන හිස්කොට, ඔහුගේ පාත්‍ර බිඳදමන්නෝය.
13
ඉශ්රායෙල් වංශය තමුන්ගේ විශ්වාසයවූ බෙතෙල් නිසා ලජ්ජාවට පැමුණුණාක්මෙන් මෝවබ් කෙමොෂ් නිසා ලජ්ජාවට පැමිණෙන්නේය.
14
අපි බලවන්තයෝය, යුද්ධයට බලවත් මනුෂ්‍යයෝයයි ඔබ සැම කියන්නේ කොහොමද?
15
මෝවබ් පාළුවිය, ඔව්හු ඇගේ නුවරවලට ගියෝය, ඔහුගේ තෝරාගත් යෞවනයෝද මැරුම් කෑමට බැස ගියෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.
16
මෝවබ්ගේ විනාශය පැමිණෙන්ට ළඟය, ඔහුගේ විපත්තිය ඉතා ඉක්මන්වන්නේය.
17
ඔහු වටකර සිටින සියල්ලෙනි, ඔහුගේ නාමය දන්නා සියල්ලෙනි, ඔහු ගැන විලාප කියන්න; අහෝ බලවත් ජයකොන්ත යවන අලංකාර සැරයටිය කැඩුණු හැටියයි කියන්න.
18
අහෝ දීබොන්හි වාසයකරන දියණිය, ඔබේ ඓශ්වර්යයෙන් හීනව බැස, පිපාසායෙන් හිඳගන්න; මක්නිසාද මෝවබ් නාස්තිකරන්නා ඔබට විරුද්ධව ඇවිත් ඔබේ බලකොටු විනාශකෙළේය.
19
අහෝ ආරොයේර් වැසිය, මාර්ගයෙහි බලබලා සිට: මක්වුණාද කියා පලායන තැනැත්තන්ගෙන්ද ගැළවීයන තැනැත්තන්ගෙන්ද අසන්න.
20
මෝවබ් ලජ්ජාවට පැමුණුණේය; මක්නිසාද ඒක බිඳිනලද්දේය. කෑමොරගසන්න; මෝවබ් පාළුවූබව අර්ණෝන්හි දන්වන්න.
21
තැනිතලාවේ දේශයවන හොලොන්ද යහශාද මෙපායත්ද,
22
දීබොන්ද නෙබෝද බෙත්-දිබ්ලාතයිම්ද,
23
කිරියාතයිම්ද බෙත්-ගාමුල්ද බෙත්-මෙයෝන්ද,
24
කෙරියෝත්ද බොශ්රාද පිටටත් මෝවබ් දේශයේ සියලුම නුවරවල් පිටටත් ඒවා දුර වුවත් ළඟ වුවත් විනිශ්චය පැමිණ තිබේ.
25
මෝවබ්ගේ අඟ කපාදමා තිබේ, ඔහුගේ හස්තයත් කඩා තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
26
ඔහු ස්වාමීන්වහන්සේ ට විරුද්ධව අහංකාරවූ නිසා ඔහු මත්කරන්න. මෝවබ්ද තමාගේ වමනයේ පෙරළී ඉඳ, කවටකමක් වන්නේය.
27
මක්නිසාද ඔබට ඉශ්රායෙල් කවටකමක් වුණා නොවේද? ඔහු සොරුන් අතරේ සම්බවීද? මක්නිසාද ඔබ ඔහු ගැන කථාකරන සෑම විටම ඔබ හිස වනන්නෙහිය.
28
අහෝ මෝවබ් වැසියෙනි, නුවරවල් අත්හැර පර්වතවල වාසයකරන්න; ගුහා මුඛයේ පැතිවල කූඩු බඳින පරෙවියා මෙන් වෙන්න.
29
ඉතා උඩඟුවූ මෝවබ්ගේ උඩඟුකමත් ඔහුගේ ආඩම්බරයත් ඔහුගේ උදාරමත් ඔහුගේ අහංකාරයත් ඔහුගේ හිතේ උසස්කමත් ගැන ඇසීමුව.
30
ඔහුගේ කෝපය හිස් එකක් බවත් ඔහුගේ ප්‍රලාපවලින් කිසි සිද්ධියක් නූණ බවත් දනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
31
එබැවින් මෝවබ් ගැන කෑමොරගසන්නෙමි; එසේය, මුළු මෝවබ් ගැන කෑගසන්නෙමි. කීර්-හෙරෙස්හි මනුෂ්‍යයන් ගැන ඔව්හු වැලපෙන්නෝය.
32
අහෝ සිබ්මාහි මිදිවැල, යාසේර්හි ඇඬීමට වඩා ඔබ ගැන අඬන්නෙමි. ඔබේ අතු මුහුදෙන් එපිටට ගියේය, ඒවා යාසේර් මුහුද දක්වාම පැතිර ගියේය. ඔබේ ඵල නෙළාගැනීමේදීත් ඔබේ මුද්‍රික වලු කපාගැනීමේදීත් නාස්තිකරන්නා පැමුණුණේය.
33
සරු කෙතෙන්ද මෝවබ් දේශයෙන්ද ප්‍රීතිය සහ සන්තෝෂය පහවිය; මුද්‍රික තටාකවල මුද්‍රිකපානය නැතුව යන්ට සැලැස්වීමි. කිසිවෙක් ඝෝෂාව ඇතුව මිදිපැස නොමඩින්නේය; ඒ ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් නොවන්නේය.
34
හෙෂ්බොන්හි කෑගැසීමට එලෙයාලේද යහශ්ද දක්වාත්, ශෝවර් සිට හොරොනායිම්ද එග්ලත්-ෂෙලීෂියද දක්වාත්, ඔව්හු තමුන්ගේ හඬ පැවැත්වුවෝය. මක්නිසාද නිම්රීම්හි ජල පවා සිඳීයන්නේය.
35
තවද උස ස්ථානයෙහි පූජාකරන්නාද තමාගේ දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන්නාද මෝවබ් කෙරෙන් නැතිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
36
ඒ නිසා මාගේ සිත මෝවබ් ගැන නළා මෙන් ශබ්දදෙයි, මාගේ සිත කීර්-හෙරෙස්හි මනුෂ්‍යයන් ගැනත් නළාවක් මෙන් ශබ්දදෙයි. මක්නිසාද ඔහු උපදවාගත් සම්පත් නැතිවිය.
37
සියලුම ඉස් මුඩුකර, සියලුම රැවුල් කපා තිබේ. සියලුම අත්වල කැපීම්ද ඉඟටිවල ගෝණි රෙදිද තිබේ.
38
මෝවබ්හි සියලු පියසි උඩද එහි සියලු වීථිවලද වැලපීම ඇත්තේය. මක්නිසාද අප්‍රියවූ භාජනයක් මෙන් මෝවබ් බිඳදැමුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
39
ඒක හෙළාදමනු ලැබූ හැටි! ඔවුන් කෑමොරගසන හැටි! මෝවබ් පිටිපා ලජ්ජාවට පැමුණුණු හැටි! මෙසේ මෝවබ් ඔහු වටකර සිටින සියල්ලන්ට කවටකමක් සහ භයංකාරකමක් වන්නේය.
40
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔහු රාජාලියෙකු මෙන් ඉගිලී ඇවිත් මෝවබ් පිට තමාගේ පියාපත් විහිදනවා ඇත.
41
නගරවල් අසුවිය, බලකොටුද අල්ලාගනු ලැබීය, ඒ දවසේ මෝවබ්හි බලවතුන්ගේ සිත බිහිකරන ස්ත්‍රියෙකුගේ සිත මෙන් වන්නේය.
42
මෝවබ් ස්වාමීන්වහන්සේ ට විරුද්ධව අහංකාරකම් කළ නිසා, ජාතියක්ව නොසිටින ලෙස නැතිකරනු ලබන්නේය.
43
අහෝ මෝවබ් වැසිය, භීතියත් වළත් මලපතත් ඔබ පිට තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
44
භීතිය ඉදිරියෙන් පලායන්නා වළේ වැටේ; වළෙන් ගොඩට එන්නා මලපතේ අසුවේ. මක්නිසාද ඈට, එනම් මෝවබ්ට, දඬුවම්කරන අවුරුද්ද පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
45
පලාගිය අය හෙෂ්බොන්හි සෙවණෙහි බලය නැතුව සිටිති. මක්නිසාද හෙෂ්බොන්හි සිට ගින්නක් ද සීහොන් ඇතුළෙන් ගිනිදළුවක්ද නික්ම ඇවිත්, මෝවබ් පළාත සහ ඝෝෂාකාර පුත්‍රයන්ගේ හිස්මුදුන්ද දවාදැමුවේය.
46
අහෝ මෝවබ් ඔබට දුක්වේ! කෙමොෂ්ගේ සෙනඟ නාස්තිවූය. මක්නිසාද ඔබේ පුත්‍රයෝ වාලටද ඔබේ දූවරු වාල්කමටද ගෙනයනු ලැබුවෝය.
47
එහෙත් මතු දවස්වලදී මම මෝවබ්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මෝවබ්ගේ විනිශ්චය තීන්දුය.
← Chapter 47
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 49 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52