bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 29
Jeremiah 29
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 30 →
1
යෙකොනියා රජුද මවු බිසවද නපුංසකයන්ද යූදා සහ යෙරුසලමේ අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් ගියායින් පසු,
2
අනාගතවක්තෘවූ යෙරෙමියා විසින්, අසුවී ගියාවූ වැඩිමහල්ලන්ගෙන් ඉතුරු තැනැත්තන්ටද පූජකයන්ටද අනාගතවක්තෘවරුන්ටද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් බබිලෝනියට අල්ලාගන ගිය මුළු සෙනඟටද ලියා,
3
යූදාහි රජවූ ශෙදෙකියා විසින් බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ළඟට බබිලෝනියට යැවුවාවූ, ෂාපාන්ගේ පුත්‍රවූ එලාසා සහ හිල්කියාගේ පුත්‍රවූ ගෙමරියා අතින් යෙරුසලමෙන් ඇරිය ලියුමේ වචන මේවාය:
4
අල්ලාගන්නාලදුව, යෙරුසලමෙන් බබිලෝනියට මා විසින් ගෙන ගියාවූ සියල්ලන්ට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-
5
ඔබ සැම ගෙවල් ගොඩනඟා එහි වාසයකරන්න; වතු වවා ඒවායේ ඵල කන්න;
6
භාර්යාවන් පාවාගෙන පුත්‍රයන්ද දූවරුන්ද උපදවන්න; ඔබ සැමගේ පුත්‍රයන්ටත් භාර්යාවන් ගන්න, ඔබ සැමගේ දූවරුන් විසින් පුත්‍රයන්ද දූවරුන්ද බිහිකරන පිණිස ඔවුන් පුරුෂයන්ට පාවාදෙන්න; මෙසේ ඔබ සැම එහි අඩු නොවී වැඩිවෙන්න.
7
මා විසින් ඔබ සැම දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් ඔබ සැමට සමාදානය ලැබෙයි.
8
තවද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම අතරෙහි සිටින ඔබ සැමගේ ප්‍රොපේතවරුන්ටද පේනකියන්නන්ටද නොරැවටෙන්න, ඔබ සැම දකින ඔබ සැමගේ ස්වප්නවලටත් ඇහුම්කන් නොදෙන්න.
9
මක්නිසාද ඔව්හු මාගේ නාමයෙන් බොරුවට ඔබ සැමට අනාගතවාක්‍ය කියති. මම ඔවුන් නොඑවුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
10
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම ඔබ සැම දෙස බලා නැවත මේ ස්ථානයට ඔබ සැම පැමිණවීමෙන් ඔබ සැම ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි.
11
මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12
ඔබ සැම මට අඬගසන්නහුය, ගොස් මට යාච්ඤාකරන්නහුය, මමද ඔබ සැමට ඇහුම්කන් දෙන්නෙමි.
13
ඔබ සැම මා සොයනවා ඇත, ඔබ සැමගේ මුළු සිතින් මා සොයන කල මා ඔබ සැමට සම්බවෙනවා ඇත.
14
මම ඔබ සැමට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම ඔබ සැමගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා ඔබ සැම පන්නාදැමූ සියලු තැන්වලින්ද ඔබ සැම එකතුකොට, මා විසින් ඔබ සැම යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට ඔබ සැම නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
15
ස්වාමීන්වහන්සේ බබිලෝනියේදී අපට අනාගතවක්තෘවරුන් නැගුටුවා දුන්සේකැයි ඔබ සැම කීවහුය.
16
නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දාවිත්ගේ සිංහාසනයෙහි ඉන්න රජු ගැනද ඔබ සැම සමඟ දාසකමට ගෙනයනු නොලැබූ ඔබ සැමගේ සහෝදරයන් වන මේ නුවර වාසයකරන මුළු සෙනඟ ගැනද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
17
බලව, මම ඔවුන් අතරට කඩුවද සාගතයද වසංගතයද යවා, කන්ට බැරි තරම් නරකව තිබෙන පිළිකුල් අත්තික්කාවලට ඔවුන් සමානකරන්නෙමි.
18
මම කඩුවද සාගතයද වසංගතයද ඇතුව ඔවුන් පස්සේ එළවාගෙන ගොස්, පොළොවේ සියලු රාජ්‍යවල ඔබමොබ විසුරුවනු ලැබීමටත් මා විසින් ඔවුන් පන්නාදමනලද සියලු ජාතීන් අතරේ ශාප වචනයක්ද විස්මයක්ද කවටකමක්ද නින්දාවක්ද වීමටත් ඔවුන් පාවා දෙන්නෙමි.
19
මෙසේ කරන්නේ මා විසින් අලුයම නැගිට මාගේ සේවකයන්වූ අනාගතවක්තෘවරුන් ඔවුන් ළඟට ඇරිය නුමුත් ඔවුන් මාගේ වචන නෑසූ නිසායයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔබ සැමද ඇසුවේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
20
එබැවින් මා විසින් යෙරුසලමෙන් බබිලෝනියට ඇරියාවූ දාසව සිටින සියල්ලෙනි, ඔබ සැම ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න.
21
මාගේ නාමයෙන් බොරුවට ඔබ සැමට අනාගතවාක්‍ය කියන්නාවූ, කෝලායාගේ පුත්‍රවූ අහාබ්ද මයසේයාගේ පුත්‍රවූ ශෙදෙකියාද ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවාදෙන්නෙමි; ඔහු ඔබ සැමගේ ඇස් හමුයෙහි ඔවුන් මරන්නේය.
22
බබිලෝනියේ දාසව සිටින සියලුම යුදාවරුන්ද බබිලෝනියේ රජු විසින් ගින්නෙන් පිළිස්සුවාවූ ශෙදෙකියාටත් අහාබ්ටත් ස්වාමීන්වහන්සේ ඔබ සමානකරනසේක්වයි කියා ඔවුන් ගැන ශාප වචනයක් ව්‍යවහාරකරනවා ඇත.
23
මක්නිසාද ඔව්හු ඉශ්රායෙල්හි දුෂ්ටකම් කොට තමුන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරයකළෝය, මා විසින් ඔවුන්ට අණ නොකළ වචන බොරුවට මාගේ නාමයෙන් කීවෝය; නුමුත් මම දනිමි, මම සාක්ෂිකාර වෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
24
නෙහෙලාමිය ෂෙමායා ගැන මෙසේ කියන්න:
25
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ ඔබේම නාමයෙන් යෙරුසලමෙහි සිටින මුළු සෙනඟටත් මයසේයාගේ පුත්‍රවූ පූජකයාවූ ශෙපනියාටත් සියලු පූජකයන්ටත් ලියුම් ලියමින්:
26
උමතුකම්කර අනාගතවාක්‍ය කියන සියලුදෙනා කෙරෙහි ඔබ සැම ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි මුලාදෑනීන් වන පිණිසත්, ඔබ එබඳු අය දඬුකඳේද විලංගුවලද දමන පිණිසත්, යෙහෝයාදා පූජකයා වෙනුවට ස්වාමීන්වහන්සේ ඔබ පූජකයා කළසේක.
27
එබැවින් ඔබ සැමට අනාගතවාක්‍ය කියන අනාතෝත්හි යෙරෙමියාට ඔබ තරවටු නොකළේ මක්නිසාද?
28
මෙයාකාර ඔහු අප ළඟට බබිලෝනියට ලියා එවා: වහල්කමේ කාලය දීර්ඝය. ඔබ සැම ගෙවල් ගොඩනගා වාසයකරන්න; වතු වවා ඒවායේ ඵල කන්නැයි කියා තිබේ.
29
අනාගතවක්තෘවූ යෙරෙමියා අසාගන සිටිද්දී පූජකවූ ශෙපනියා ඒ ලියුම කියෙවුවේය.
30
එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:
31
දාසව සිටින සියල්ලන්ට ඔබ ලියා ඇර: නෙහෙමිය ෂෙමායා ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මා විසින් ෂෙමායා නොඑවූ නුමුත් ඔහු ඔබ සැමට අනාගතවාක්‍ය කියා බොරුවක් කෙරෙහි විශ්වාසකරන්ට ඔබ සැමට සැලැස්සූ නිසා ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
32
බලව, මම නෙහෙලාමිය ෂෙමායාටත් ඔහුගේ වංශයටත් දඬුවම්කරන්නෙමි; ඔහු ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කැරළිකාර වචන කථාකළ බැවින් මේ සෙනඟ අතරේ වාසයකිරීමට මනුෂ්‍යයෙක් ඔහුට නොවන්නේය, මා විසින් මාගේ සෙනඟට කරන යහපත ඔහු දකින්නෙක් නැත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා අරින්නැයි කීවේය.
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 30 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52