bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 23
Jeremiah 23
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 24 →
1
මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැතිකරන්නාවූ විසුරුවාදමන්නාවූ එඬේරුන්ට දුක්වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
2
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ සෙනඟ පෝෂණයකරන එඬේරුන්ට විරුද්ධව මෙසේ කියනසේක: ඔබ සැම මාගේ බැටළුවන් බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහුය; බලව, ඔබ සැමගේ ක්‍රියාවල නපුරුකමට ඔබ සැමට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
3
නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය.
4
ඔවුන් පෝෂණයකරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි. ඔව්හු තවත් භය නොවන්නෝය, නොකැලඹෙන්නෝය, එකෙක්වත් නැති නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
5
බලව, මා විසින් දාවිත්ට ධර්මිෂ්ඨවූ පැළැටියක් නැගුටුවන දවස් පැමිණෙන්නේය, උන්වහන්සේ රජෙක්ව රජකම්කරමින් නුවණින් ක්‍රියාකොට, ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
6
උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.
7
එබැවින්: ඉශ්රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානයයි තවත් නොකියා,
8
ඉශ්රායෙල් වංශයේ දරුවන් උතුරු දේශයෙන්ද මා ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද පමුණුවා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානය කියා කියන දවස් පැමිණෙන්නේය; ඔවුන් තමුන්ගේම දේශයෙහි වාසයකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9
ප්‍රොපේතවරුන් ගැනය. මාගේ සිත මා තුළ බිදී, මාගේ සියලු ඇට චංචලවී තිබේ; ස්වාමීන්වහන්සේ නිසාත් උන්වහන්සේගේ ශුද්ධවූ වචන නිසාත් මම මත්වී සිටින්නෙක්ද මුද්‍රිකපානයට යටවී සිටින මනුෂ්‍යයෙක්ද මෙන් වෙමි.
10
මක්නිසාද දේශය කාමමිථ්‍යාචාරිකයන්ගෙන් පිරී තිබේ; ශාපයක් නිසාද දේශය වැලපෙයි; කාන්තාරයේ තණබිම් වියළී තිබේ; ඔවුන්ගේ හැසිරීම නපුරුය, ඔවුන්ගේ බලයද හරි නැත.
11
මක්නිසාද ප්‍රොපේතවරයා සහ පූජකයාත් දූෂ්‍යවී සිටිති; එසේය, මාගේ ගෘහයෙහි පවා ඔවුන්ගේ නපුරුකම මට සම්බවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12
එබැවින් ඔවුන්ගේ මාර්ගය අඳුරේ ලිස්සන සුළු ඒවා මෙන් ඔවුන්ට වන්නේය. ඔව්හු පන්නනු ලැබ වැටෙන්නෝය. මම ඔවුන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
13
සමාරියේ ප්‍රොපේතවරුන් අතරේ මම අනුවණකම දුටිමි; ඔව්හු බාල්ගේ නාමයෙන් අනාගතවාක්‍ය කියා, මාගේ සෙනඟවූ ඉශ්රායෙල් මුළාකෙරෙවුවෝය.
14
යෙරුසලමේ ප්‍රොපේතවරුන් අතරෙහිත් භයංකරවූ දෙයක් වන කාමමිථ්‍යාචාරය කිරීමත් බොරුකාරකමෙන් හැසිරීමත් දුටිමි. මෙසේ කිසිවෙක් තමාගේ නපුරුකමෙන් නොහැරෙන හැටියට ඔව්හු නපුරකරන්නන්ගේ අත් සවිකරති. ඔවුන් සියල්ලෝම මට සොදොම මෙන්ද එහි වැසියෝ ගොමොරාව මෙන්ද වී සිටිති.
15
එබැවින් ප්‍රොපේතවරුන් ගැන සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි. මක්නිසාද යෙරුසලමේ ප්‍රොපේතවරුන්ගෙන් දූෂිතය දේශය මුළුල්ලෙහි පැතිර ගියේය.
16
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ වචනවලට කන්නොදෙන්න; ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට ඔබ සැමට උගන්වති. ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් ඔබ සැමට කියති.
17
ඔබ සැමට සමාදානය වන්නේය කියා ස්වාමීන්වහන්සේ කියා තිබේයයි මා සුළුකරන්නන්ට ඔව්හු කිය කියා සිටිති; විපතක් ඔබ සැම පිටට නොපැමිණෙන්නේයයි තමුන්ගේ සිත්වල මුරණ්ඩුකමේ හැසිරෙන සියල්ලන්ටද ඔව්හු කියති.
18
එසේ කීමට ස්වාමීන්වහන්සේ ගේ මන්ත්‍රණයෙහි පිහිටා සිට උන්වහන්සේගේ වචනය දුටුවේවත් ඇසුවේවත් කවුද? උන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ඇසුවේ කවුද?
19
බලව, ස්වාමීන්වහන්සේ ගේ කුණාටුව, එනම් උන්වහන්සේගේ කෝපය, එසේය, කරකැවෙන කුණාටුවක් නික්ම ගියේය. එය දුෂ්ටයන්ගේ හිස් පිට කඩා වැටෙන්නේය.
20
ස්වාමීන්වහන්සේ තමන්ගේ සිතේ අභිප්රායන් ඉෂ්ටකරන තුරුත් සම්පූර්ණකරන තුරුත් උන්වහන්සේගේ උදහස නොහැරෙන්නේය. මතු දවස්වලදී ඔබ සැම එය සම්පූර්ණ ලෙස තේරුම්ගන්නවා ඇත.
21
මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.
22
ඔව්හු මාගේ මන්ත්‍රණයෙහි පිහිටා සිටියෝ නම් ඔවුන් මාගේ වචනවලට කන්දෙන්ට මාගේ සෙනඟට සලස්වා ඔවුන්ගේ නපුරු මාර්ගයෙන්ද ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකමෙන්ද ඔවුන් හරවනවා ඇත.
23
මම ළඟ සිටින දෙවිකෙනෙක් මෙන්ම දුර සිටින දෙවිකෙනෙක් නොවෙම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
24
මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
25
ස්වප්නයක් දුටිමි, ස්වප්නයක් දුටිමියි කියා මාගේ නාමයෙන් බොරුවට අනාගතවාක්‍ය කියන ප්‍රොපේතවරුන් කියන දේ ඇසීමි.
26
බොරුවට අනාගතවාක්‍ය කියන්නාවූ, තමුන්ගේ සිත්වල වංචාව අනාගතවාක්‍ය කොට කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ සිතේ මෙය කොපමණ කල් පවතින්නේද?
27
මේ සෙනඟගේ පියවරුන් බාල් නිසා මාගේ නාමය මතකනැතිකළාක්මෙන්, තමුන් විසින් එකිනෙකාට කියාදෙන තමුන්ගේ ස්වප්න කරණකොටගෙන මාගේ සෙනඟ ලවාම මාගේ නාමය මතකනැතිකරවන්ට ඔව්හු සිතින් අභිප්‍රායකරති.
28
ස්වප්නයක් දුටු ප්‍රොපේත තෙම ස්වප්නයක් කියාවා; මාගේ වචනය ඇත්තා මාගේ වචනය විශ්වාස ලෙස කියාවා; ධාන්‍ය සමඟ පිදුරු තිබෙන්ට යුතුකම මොකදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
29
මාගේ වචනය ගින්නක් මෙන්ද පර්වතය පොඩිකරන කුළුගෙඩියක් මෙන්ද නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
30
එබැවින් බලව, එකිනෙකාගෙන් මාගේ වචන සොරකම්කරගන කියන ප්‍රොපේතවරුන්ට මම විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
31
බලව, තමුන්ගේ දිව පාවිච්චිකොට: උන්වහන්සේ කියනසේකැයි කියන ප්‍රොපේතවරුන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
32
මෙන්න, බොරු ස්වප්න අනාගතවාක්‍ය කොට කියන්නාවූ, ඒවා කියාදී තමුන්ගේ බොරුවලින්ද හිස් පාරට්ටුවෙන්ද මාගේ සෙනඟ මුළාකරවන්නාවූ තැනැත්තන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් මම ඔවුන් නොයැවීමි, ඔවුන්ට අණ නොකෙළෙමි; ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
33
මේ සෙනඟවත් ප්‍රොපේතවරුවත් පූජකයෙක්වත් ස්වාමීන්වහන්සේ ගේ බර කිමෙක්දැයි ඔබෙන් අසන විට-ඒ බර නම් ඔබ සැමය, මම ඔබ සැම අහක්කර දමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.
34
ප්‍රොපේත කෙනෙක් හෝ පූජකයෙක් හෝ සෙනඟගෙන් යමෙක් හෝ ස්වාමීන්වහන්සේ ගේ බරයයි කීවොත්, මම ඒ මනුෂ්‍යයාටත් ඔහුගේ පවුලටත් දඬුවම්කරන්නෙමි.
35
ස්වාමීන්වහන්සේ කුමන උත්තරයක් දුන්සේක්ද? ස්වාමීන්වහන්සේ කුමක් කීසේක්ද යන අන්දමෙන් ඔබ සැම එකිනෙකාටත් තම තමාගේ සහෝදරයාටත් කියන්න.
36
ස්වාමීන්වහන්සේ ගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන ඔබ සැම පෙරළා තිබේ.
37
ස්වාමීන්වහන්සේ කුමන උත්තරයක් ඔබට දුන්සේක්ද? ස්වාමීන්වහන්සේ කුමක් කථාකළසේක්දැයි යන අන්දමෙන් ප්‍රොපේත තැනට කියන්න.
38
නුමුත් ස්වාමීන්වහන්සේ ගේ බරයයි ඔබ සැම කීවොත්, ඒ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමීන්වහන්සේ ගේ බරයයි නොකියන්නය කියා මා විසින් ඔබ සැමට කියා එවූ නුමුත්: ස්වාමීන්වහන්සේ ගේ බර යන වචනය ඔබ සැම කියන නිසා,
39
මම ඔබ සැම සහමුලින්ම මතක නැතිකර දමන්නෙමි, ඔබ සැම සහ ඔබ සැමගේ පියවරුන්ට මා විසින් දුන් නුවරද මා ඉදිරියෙන් පහකරදමා,
40
සිහිනැති නොවන සදාකාල නින්දාවක්ද නිරන්තර ලජ්ජාවක්ද ඔබ සැම පිටට පමුණුවන්නෙමියි කියනසේක.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52