bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 37
Jeremiah 37
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 36
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 38 →
1
යෙහෝයාකීම්ගේ පුත්‍රවූ කෝනියා වෙනුවට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් යූදා දේශයෙහි රජකමට පත්කළ යොෂියාගේ පුත්‍රවූ ශෙදෙකියා රජව රජකම්කෙළේය.
2
නුමුත් ඔහුවත් ඔහුගේ සේවකයෝවත් දේශයේ සෙනඟවත් ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනවලට ඇහුම්කන් නුදුන්නෝය.
3
එහෙත් ශෙදෙකියා රජ ෂෙලෙමියාගේ පුත්‍රවූ යෙහූකල්ද පූජකවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද අත: අනේ අප උදෙසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරන්නැයි අනාගතවක්තෘවූ යෙරෙමියාට කියා ඇරියේය.
4
යෙරෙමියා වනාහි සෙනඟ අතරේ යමින් එමින් සිටියේය. මක්නිසාද ඒතාක්කල් ඔවුන් ඔහු හිරගෙයි දමා තිබුණේ නැත.
5
තවද ඵාරාවෝගේ සේනාව මිසරයෙන් පිටත්ව ආවෝය. යෙරුසලම වටලාගන සිටි කල්දිවරු ඔවුන් ගැන ආරංචි අසා යෙරුසලම කෙරෙන් අහක්ව ගියෝය.
6
එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:
7
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මාගෙන් විභාගකරන්ට ඔබ සැම මා වෙතට එවූ යූදාහි රජුට මෙසේ කියන්න: බලව, ඔබ සැමට උදව්වෙන්ට පිටත්ව ආවාවූ ඵාරාවෝගේ සේනාව තමුන්ගේ දේශය වන මිසරයට හැරීයනවා ඇත.
8
කල්දිවරු හැරී ඇවිත් මේ නුවරට විරුද්ධව යුද්ධකොට, මේක අල්වා, ගින්නෙන් දවාදමනවා ඇත.
9
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සැබවින්ම කල්දිවරුන් අප කෙරෙන් යනවා ඇත කියා නොරැවටෙන්න; ඔවුන් යන්නේ නැත.
10
මක්නිසාද ඔබ සැමට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන්ගේ මුළු සේනාවට ඔබ සැම විසින් පහරදී, සැර තුවාල ලත් මනුෂ්‍යයන් පමණක් එක එකා තම තමාගේ කූඩාරමෙහි ඔවුන්ගෙන් ඉතුරුවුණත්, ඔවුන් නැගිට මේ නුවර ගින්නෙන් දවාදමනවා ඇත යනුය.
11
තවද ඵාරාවෝගේ සේනාවට භයින් කල්දිවරුන්ගේ සේනාව යෙරුසලම කෙරෙන් ගිය කල,
12
යෙරෙමියා බෙන්යමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්නා පිණිස යෙරුසලමෙන් පිටත්ව ගියේය.
13
ඔහු බෙන්යමින් දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන ඉරියා නම්වූ මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේය; ඔහු අනාගතවක්තෘවූ යෙරෙමියා අල්ලාගෙන: ඔබ කල්දිවරුන්ට එකතුවෙන්ට යන්නෙහියයි කීය.
14
ඒක බොරුවක්ය; මම කල්දිවරුන්ට එකතුවෙන්ට නොයමියි යෙරෙමියා කීය. නුමුත් ඉරියා යෙරෙමියාට ඇහුම්කන් නොදී, ඔහු අල්වා, අධිපතීන් ළඟට ගෙනගියේය.
15
එවිට අධිපතීහු යෙරෙමියා කෙරෙහි උදහස්වී, ඔහුට තළා, යොනාතාන් ලේකමගේ ගෙයි ඔහු හිරඅඩස්සිකළෝය; මක්නිසාද ඔවුන් ඒක හිරගෙයක් කර තිබුණේය.
16
යෙරෙමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ, එහි බොහෝ දවස් සිටි පසු, ශෙදෙකියා රජ ඔහු ගෙන්වා:
17
ස්වාමීන්වහන්සේ ගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා-ඔබ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය.
18
තවද යෙරෙමියා ශෙදෙකියා රජුට කථාකොට: මා හිරගෙයි දැමීමට ඔබටවත් ඔබේ සේවකයන්ටවත් මේ සෙනඟටවත් විරුද්ධව මා විසින් කළ පාපය මොකද?
19
බබිලෝනියේ රජ ඔබටවත් මේ දේශයටවත් විරුද්ධව නොඑන්නේය කියා ඔබ සැමට අනාගතවාක්‍ය කීවාවූ ඔබ සැමගේ අනාගතවක්තෘවරු ඉතින් කොයිද?
20
එබැවින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, අනේ මාගේ බස් අසා, මාගේ කන්නලව්ව පිළිගෙන, මා නොනසින පිණිස යොනාතාන් ලේකමගේ ගෙට මා නැවත නෑරිය මැනවයි කීවේය.
21
ශෙදෙකියා රජද, යෙරෙමියා හිරගෙයි මළුවෙහි තබාගන්ටත් රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස් පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් ඔහුට ගෙනදෙන්ටත් අණකෙළේය. මෙසේ යෙරෙමියා හිරගෙයි මළුවෙහි සිටියේය.
← Chapter 36
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 38 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52