bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 34
Jeremiah 34
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 35 →
1
බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ ආණ්ඩුව යටතේ තිබුණු පොළොවේ සියලු රාජ්‍යවල්ද සියලු ජනයන්ද යෙරුසලමට සහ ඊට අයිති සියලු නුවරවලටත් විරුද්ධව යුද්ධකරද්දී ස්වාමීන්වහන්සේ ගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
2
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ ගොස් යූදාහි රජවූ ශෙදෙකියාට කථාකොට මෙසේ කියන්න- ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර බබිලෝනියේ රජු අතට පාවාදෙමි, ඔහු ඒක ගින්නෙන් දවාදමන්නේය.
3
ඔබද ඔහුගේ අතින් නොගැළවී, සැබවින් අසුවී, ඔහු අතට දෙනු ලබන්නෙහිය; ඔබේ ඇස්ද බබිලෝනියේ රජුගේ ඇස් දකිනවා ඇත, ඔහුගේ මුඛයද ඔබේ මුඛය සමඟ කථාකරනවා ඇත, ඔබ බබිලෝනියට පැමිණෙනවා ඇත.
4
එහෙත් යූදාහි ශෙදෙකියා රජ්ජුරුවෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ ඔබ ගැන මෙසේ කියනසේක:
5
ඔබ කඩුවෙන් නොමැරී, සමාදානයෙන් නසින්ෙනහිය; ඔබට පළමුවෙන් සිටි ප්‍රථම රජවරුන් වන ඔබේ පියවරුන් ගැන පැවැත්තුවාවූ දැවීම් මෙන් ඔබ ගැනත් දැවීමක් පවත්වා: අහෝ ස්වාමිනි! කියා ඔබ ගැන විලාපකියනවා ඇත, මක්නිසාද ඒ වචනය කීවේ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
6
බබිලෝනියේ රජුගේ සේනාවද යෙරුසලමටත් ඉතුරුව තිබුණු යූදාහි සියලුම නුවරවලටත් ලාකීෂ්ටත් අසේකාටත් විරුද්ධව යුද්ධකරමින් සිටි කල්හි,
7
අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචන යෙරුසලමේදී කීවේය; මක්නිසාද යූදා නුවරවල් අතරෙන් මේවා පමණක් බලකොටු නුවරවල්ව ඉතුරුව තිබුණේය. නිදහස ලත් දාසයන් වහල්කර ගැනීමට දඬුවම්
8
එක එකා විසින් තම තමාගේ හෙබ්‍රෙව් වැඩකාරයාත් තම තමාගේ හෙබ්‍රෙව් වැඩකාරීත් නිදහස්කර හැර, කිසිවෙක් තමාගේ සහෝදරයින් වන යූදාවරුන්වූ ඔවුන් යටත්කර නොගෙන සිටින හැටියට ඔවුන්ට නිදහස ප්‍රකාශකිරීමට,
9
ශෙදෙකියා රජු යෙරුසලමේ සිටි මුළු සෙනඟ සමඟ ගිවිසුමක් කළ පසු ස්වාමීන්වහන්සේ ගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
10
එක එකා තම තමාගේ වැඩකාරයාද තම තමාගේ වැඩකාරීද තවත් යටත්කර නොගෙන ඔවුන් නිදහස්කර හරින හැටියට ගිවිසුමට ඇතුළත්වූ සියලු අධිපතීහුද මුළු සෙනඟද කීකරුවුණෝය; කීකරුවී ඔවුන් යන්ට හැරියෝය.
11
එහෙත් පසුව ඔව්හු හැරී තමුන් විසින් නිදහස්කර හැරිය වැඩකාරයන්ද වැඩකාරියන්ද නැවත ගෙනැවිත් වැඩකාරයන් සහ වැඩකාරියන් කොට බලාත්කාරයෙන් තබාගත්තෝය.
12
එබැවින් ස්වාමීන්වහන්සේ ගේ වචනය ස්වාමීන්වහන්සේ ගෙන් යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය.
13
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ඔබ සැමගේ පියවරුන් මිසර දේශය වන වහල්කමේ ගෙයින් ගෙනා දවසේදී ඔවුන් සමඟ ගිවිසුමක් කරමින්-
14
එක එකා තම තමාට විකුණනු ලැබ හය අවුරුද්දක් තමාට වැඩකළාවූ තමාගේ සහෝදරවූ හෙබේරවුවා අවුරුදු හතක කෙළවරේදී තමා වෙතින් නිදහස්කර හැරිය යුතුයයි කීවෙමි. එහෙත් ඔබ සැමගේ පියවරු මට ඇහුම්කන්දුන්නේවත් තමාගේ කන් යොමුකළේවත් නැත.
15
නුමුත් ඔබ සැම අලුතකදී හැරී, එක එකා තම තමාගේ අසල්වාසියාට නිදහස ප්‍රකාශකිරීමෙන් මාගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කොට, මාගේ නාමය තබා තිබෙන ගෘහයෙහි මා ඉදිරියේදී ගිවිසුමක් කළෝය.
16
එහෙත් ඔබ සැම හැරී මාගේ නාමය කෙලහමින්, තමුන්ගේ කැමැත්ත ලෙස යන්ට ඔබ සැම එක එකා නිදහස්කරහැරියාවූ තම තමාගේ වැඩකාරයාද වැඩකාරීද නැවත ගෙනැවිත්, ඔබ සැමට වැඩකාරයන්ද වැඩකාරියන්ද වීමට ඔවුන්ට බලාත්කාරකළහුය.
17
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම එක එකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ අසල්වාසියාටත් නිදහස ප්‍රකාශකරන්ට ඔබ සැම මට ඇහුම්කන්දුන්නේ නැත. බලව, කඩුවටත් වසංගතයටත් සාගතයටත් අසුවීමට ඔබ සැමට මම නිදහස ප්‍රකාශකරමි; පොළොවේ සියලු රාජ්‍යයන් අතරෙහි ඔබ සැම ඔබමොබ විසිරයන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
18
මාගේ ගිවිසුම කඩකළාවූ, වස්සෙක් දෙපළුකොට ඒ පළු අතරෙන් ගොස් මා ඉදිරියෙහි කරගත් ගිවිසුමේ වචන ඉෂ්ට නොකළාවූ මනුෂ්‍යයන් වන
19
යූදාහි අධිපතීන්ද යෙරුසලමේ අධිපතීන්ද නපුංසකයන්ද පූජකයන්ද වස්සාගේ පළු අතරෙන් ගියාවූ දේශයේ මුළු සෙනඟද,
20
ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.
21
මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් ඔබ සැම වෙතින් අහක්ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවාදෙන්නෙමි.
22
බලව, මම අණකොට මේ නුවර කරා නැවත ඔවුන් ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලා, ගින්නෙන් දවාදමන්නෝය. වැසියෙක් නොසිටින ලෙස මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 35 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52