bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 5
Jeremiah 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 6 →
1
යෙරුසලමේ වීථිවල ඔබ මොබ දුවගොස් බලා, ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. ඔබ සැමට මනුෂ්‍යයෙකු සොයාගන්ට පුළුවන්නම්, යුක්තිය කරන්නාවූ, විශ්වාසවූ කෙනෙක් එහි ඇත්නම්, මම ඒ නුවරට කමාවන්නෙමි.
2
ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා ඔවුන් කියන නුමුත් සැබවින් ඔව්හු බොරුවට දිවුරති.
3
ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් විශ්වාසකම දෙස යොමා තිබෙනවා නොවේද? ඔබ ඔවුන්ට පහරදුන්සේක, නුමුත් ඔවුන්ට රිදුණේ නැත; ඔබ ඔවුන් නාස්තිකළසේක, නුමුත් ඔව්හු හික්මවීම පිළිනොගෙනම සිටියෝය. ඔව්හු තමුන්ගේ මුහුණ පර්වතයකට වඩා දැඩිකරගෙන, හැරීඑන්ට අකමැතිවූවෝය.
4
එවිට මම කථාකොට: සැබවින් මොව්හු දිළින්දෝය. මොව්හු ස්වාමීන්වහන්සේ ගේ මාර්ගයද තමුන්ගේ දෙවියන්වහන්සේගේ විනිශ්චයද නොදන්න බැවින් මෝඩලෙස හැසිරෙති.
5
මම උත්තමයන් ළඟට ගොස් ඔවුන්ට කථාකරන්නෙමි; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ මාර්ගයත් තමුන්ගේ දෙවියන්වහන්සේගේ විනිශ්චයත් දනිතියි කීමි. නුමුත් මොව්හු එක්ව වියගහ බිඳ, බැඳුම් කඩා දැමුවෝය.
6
එබැවින් කැලෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේය, සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්තිකරන්නේය, දිවියෙක් ඔවුන්ගේ නුවරවල් ළඟ රැක ඉන්නේය, ඒවායින් පිටතට යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝය. මක්නිසාද ඔවුන්ගේ වරද බොහෝවී ඔවුන්ගේ පසුබටවීම් වැඩිවී තිබේ.
7
මා ඔබට කමාවෙන්නේ කොහොමද? ඔබේ දරුවෝ මා අත්හැර දෙවිවරු නොවන්නවුන් ගැන දිවුළෝය. මා විසින් කවා ඔවුන් තෘප්තියට පැමිණෙවුවාට පසුත් ඔව්හු කාමමිථ්‍යාචාරය කළෝය, ඔව්හු රංචුගැසී වේශ්‍යාවන්ගේ ගෙවලට ඇතුල්වුණෝය.
8
ඔව්හු හොඳට පෝෂ්‍යවී ඉන්න අශ්වයන් මෙන් අලුයම නැගිට, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ භාර්යාවට හේෂාරවය කළෝය.
9
මේ කාරණා නිසා මම දඬුවම් නොකර සිටින්නෙම්ද? මෙබඳු ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
10
ඇගේ පවුරුවලට නැගී ගොස් නාස්තිකරන්න. එහෙත් තීන්දුවටම නැතිනොකරන්න. ඇගේ අතු පහකරන්න; මක්නිසාද ඒවා ස්වාමීන්වහන්සේ ට අයිති නැත.
11
මක්නිසාද ඉශ්රායෙල් වංශය සහ යූදා වංශය මට විරුද්ධව බොහෝසෙයින් ද්‍රෝහිකම්කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12
ඔව්හු ස්වාමීන්වහන්සේ ගැන බොරු කියා: ඒ උන්වහන්සේ නොවේ; විපත්තිය අප පිටට නොපැමිණෙයි; කඩුවවත් සාගතයවත් දකින්ට අපට සිද්ධවෙන්නේ නැත.
13
අනාගතවක්තෘවරු හුළඟ වන්නෝය, දේව වචනය ඔවුන් තුළ නැත. ඔවුන්ට මෙසේ කරනු ලැබේයයි කීවෝය.
14
එබැවින් ඔබ සැම ඔය වචනය කියන නිසා සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔබේ මුඛයේ තිබෙන මාගේ වචන ගින්නක්ද මේ සෙනඟ දරද කරන්නෙමි, එයින් ඔවුන් දාලා යනවා ඇත.
15
මෙන්න, ඉශ්රායෙල් වංශය, මම ඔබ සැමට විරුද්ධව දුර සිට ජාතියක් ගෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හු බලවත් ජාතියක්ය, පුරාණ ජාතියක්ය, ඔවුන් ඔබ නොදන්න භාෂාවක් කථාකරන ජාතියක්ය, ඔවුන් කියන දේ ඔබට තේරෙන්නේ නැත.
16
ඔවුන්ගේ ඊ කොපුව වනාහි ඇරී තිබෙන මිනීවළක් මෙන්ය, ඔවුන් සියල්ලෝම බලවන්තයෝය.
17
ඔවුන් ඔබේ පුත්‍රයන්ද දූවරුන්ද විසින් කන්ට යුතුවූ ඔබේ අස්වැන්නද ඔබේ ආහාරද කා දමනවා ඇත. ඔවුන් ඔබේ බැටළුවන්ද ඔබේ ගවයන්ද කා දමනවා ඇත; ඔබේ මිදිවැල්ද ඔබේ අත්තික්කා ගස්ද කා දමනවා ඇත; ඔබ විශ්වාසකරන ඔබේ බලකොටු නුවරවල් ඔවුන් කඩුවෙන් නටබුන්කරනවා ඇත.
18
එසේ වී නුමුත් ඒ දවස්වලදීත් තීන්දුවටම ඔබ සැම නැති නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
19
තවද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ සියල්ල අපට කළේ මක්නිසාදැයි ඔබ සැම අසන කල-ඔබ සැම මා අත්හැර ඔබ සැමගේ ම දේශයේදී අන්‍ය දෙවිවරුන්ට සේවයකළාක්මෙන්ම ඔබ සැමට අයිති නැති දේශයකදී ඔබ සැම අන්‍යයන්ට සේවයකරන්නහුයයි ඔවුන්ට කියන්න.
20
මේක යාකොබ්ගේ වංශය අතරෙහි දන්වමින්ද, යූදාහි ප්‍රකාශකරමින්ද, කියන්න:
21
මෝඩවූ තේරුම් නැත්තාවූ, ඇස් තිබෙන නුමුත් නොදකින්නාවූ, කන් තිබෙන නුමුත් නෑසෙන්නාවූ ජනයෙනි, මේක අසන්න:
22
මට ඔබ සැම භයවන්නේ නැද්ද? මා ඉදිරියෙහි වෙවුලන්නේ නැද්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම වනාහි සදාකාල නියෝගයක් කොට මුහුදේ මායිම් පිණිස වැලි තැබුවාවූ තැනන්වහන්සේය, ඒකද එය පසුකර නොඑන්නේය. එහි රැළ ගසන නුමුත් එය ඉක්මවා යන්ට පුළුවන්වෙන්නේ නැත; ඒවා ඝෝෂාකරන නුමුත් එය පසුකර යන්ට නොහැකිය.
23
නුමුත් මේ සෙනඟට මුරණ්ඩු කැරළිකාර සිතක් තිබේ; ඔව්හු අහක්වී ගියෝය.
24
වර්ෂාව එනම් පළමුවෙනි වර්ෂාවද අන්තිම වර්ෂාවද නිසි කාලයට දෙන්නාවූ, ගොයම් කැපීමට නියම සති අපට සලස්වා දෙන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතිව සිටිමුයයි ඔව්හු තමුන්ගේ සිත් තුළ නොකියති.
25
ඔබ සැමගේ අපරාධ නිසා ඒවා පහවුණේය, ඔබ සැමගේ පාප නිසා ශුභසිද්ධියද ඔබ සැමට නොලැබී ගියේය.
26
මක්නිසාද මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. බලා සිටින පක්ෂි වැද්දන් නැමෙන්නාක් මෙන් ඔව්හු රැක සිටිති; ඔව්හු මලපතක් තබා මනුෂ්‍යයන් අසුකරගනිති.
27
පක්ෂීන්ගෙන් පිරී තිබෙන කූඩුවක් මෙන් ඔවුන්ගේ ගෙවල් රැවටිල්ලෙන් පිරී තිබේ. ඒ නිසා ඔව්හු මහත්වී සිටිති, පොහොසත්වී සිටිති.
28
ඔව්හු තරවී දිලිහෙති. එසේය, ඔව්හු අධික ලෙස දුෂ්ටකම් කරති. සඵලවන පිණිස යුක්තිය එනම් පියා නැත්තාගේ කාරණය ඔව්හු නොඅසති; දිළිඳුන්ගේ යුක්තියත් විනිශ්චය නොකරති.
29
මේ කාරණා නිසා මම දඬුවම් නොකරන්නෙම්ද? මෙවැනි ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
30
පුදුමවූ භයංකාරවූ දෙයක් දේශයේ සිදුවී තිබේ;
31
අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී ඔබ සැම කරන්නේ කුමක්ද?
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52