bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 26
Jeremiah 26
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 27 →
1
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී ස්වාමීන්වහන්සේ ගෙන් මේ වචනය පැමිණියේය.
2
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් ඔබට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.
3
සමහරවිට ඔවුන් අසා, එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත; එවිට මම ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකම නිසා ඔවුන්ට පමුණුවන්ට සිතන විපත්තිය ගැන පසුතැවිලිවන්නෙමි.
4
ඔබ ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මා ඔබ සැම ඉදිරියෙහි තබා තිබෙන මාගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසිරෙන හැටියටත් මා අලුයම් වේලේ පටන් ඔබ සැම ළඟට එවන්නාවූ,
5
ඔබ සැම විසින් කන් දෙන්ට නොයෙදුණාවූ අනාගතවක්තෘවරුන් වන මාගේ සේවකයන්ගේ වචනවලට ඇහුම්කන්දෙන හැටියටත් ඔබ සැම මට ඇහුම්කන් නුදුන්නොත්,
6
මම මේ ගෘහය ෂීලෝ මෙන් කරන්නෙමි, මේ නුවරද පොළොවේ සියලු ජාතීන්ට ශාප-වාක්‍යයක් කරන්නෙමියි කියන්න.
7
පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද යෙරෙමියා මේ වචන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි කියනවා ඇසුවෝය.
8
මුළු සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල යෙරෙමියා කියා නිමවූ විට පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද ඔහු අල්වා: ඔබ සැබවින් මරනු ලබන්නෙහිය.
9
මේ ගෘහය ෂීලෝ මෙන් වන්නේය කියාත් මේ නුවර වැසියෙක් නොසිටින හැටියට පාළුවන්නේය කියාත් ඔබ ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් අනාගතවාක්‍ය කීවේ මක්නිසාදැයි කීවෝය. මුළු සෙනඟ යෙරෙමියාට විරුද්ධව ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි එකතුවුණෝය.
10
යූදාහි අධිපතීහු ඒ කාරණා අසා, රජගෙදර සිට ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට නැගී ඇවිත්, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ අලුත් දොරටුවෙහි හිඳගත්තෝය.
11
එවිට පූජකයෝද ප්‍රොපේතයෝද අධිපතීන්ටත් මුළු සෙනඟටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතුය; මක්නිසාද ඔබ සැමගේ කන්වලින් ඔබ සැම ඇසූ ලෙස මොහු මේ නුවරට විරුද්ධව අනාගතවාක්‍ය කීවේයයි කීවෝය.
12
එවිට යෙරෙමියා සියලුම අධිපතීන්ටත් මුළු සෙනඟටත් කථාකොට: ඔබ සැම ඇසූ සියලු වචන අනාගතවාක්‍ය කොට මේ ගෘහයටත් මේ නුවරටත් විරුද්ධව කියන්ට ස්වාමීන්වහන්සේ මා එවූසේක.
13
එබැවින් දැන් ඔබ සැමගේ මාර්ග සහ ක්‍රියා හරිගස්සාගන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුවෙන්න; එවිට ස්වාමීන්වහන්සේ ඔබ සැමට විරුද්ධව කියා තිබෙන විපත්තිය ගැන පසුතැවිලි වෙනවා ඇත.
14
මම නම් ඔබ සැමගේ අතෙහිය. ඔබ සැමගේ ඇස් හමුයෙහි හොඳව හරිව පෙනෙන හැටියට මට කරන්න.
15
එහෙත් ඔබ සැම මා මරනවා නම්, ඔබ සැම පිටටත් මේ නුවර පිටටත් මෙහි වැසියන් පිටටත් ඔබ සැම නිදොස් ලේ පමුණුවන බව සහතිකලෙස දැනගන්න. මක්නිසාද මේ සියලු වචන ඔබ සැමට ඇසෙන ලෙස කියන්ට ස්වාමීන්වහන්සේ සැබවින් මා ඔබ සැම ළඟට එවූසේකැයි කීය.
16
එවිට අධිපතීහුද මුළු සෙනඟද පූජකයන්ටත් ප්‍රොපේතවරුන්ටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතු නැත; මක්නිසාද මොහු අපට කථාකළේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන්යයි කීවෝය.
17
එකල දේශයේ වැඩිමහල්ලන්ගෙන් සමහරු නැගිට රැස්ව සිටි මුළු සෙනඟට මෙසේ කීවෝය.
18
යූදාහි රජවූ හෙසකියාගේ දවස්වලදී මොරෂ්තිය මීකායා අනාගතවාක්‍ය කියමින් යූදාහි මුළු සෙනඟට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද මෙන් වෙනවා ඇතැයි කීවේය.
19
යූදාහි රජවූ හෙසකියා සහ සියලු යූදාවරු ඔහු මැරුවෝද? ඔහු ස්වාමීන්වහන්සේ ට භයව ස්වාමීන්වහන්සේ ට කන්නලව් නොකෙළේද? ස්වාමීන්වහන්සේ ද ඔවුන්ට විරුද්ධව කී විපත්තිය ගැන පසුතැවිලිවුණා නොවේද? මෙසේ අපි අපේම ප්‍රාණවලට විරුද්ධව මහත් නපුරක් කර ගන්නෙමුයයි කීවෝය.
20
තවද ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් අනාගතවාක්‍ය කීවාවූ කිරියත්-යෙයාරීම්හි ෂෙමායාගේ පුත්‍රවූ උරියා නම් මනුෂ්‍යයෙක්ද වූයේය; ඔහු යෙරෙමියාගේ සියලු වචනවල හැටියට මේ නුවරටත් මේ දේශයටත් විරුද්ධව අනාගතවාක්‍ය කීවේය.
21
යෙහෝයාකීම් රජු සහ ඔහුගේ සියලු බලවන්තයන්ද සියලු අධිපතීන්ද ඔහුගේ වචන ඇසූ විට රජ ඔහු මරන්ට සෙවීය; උරියා ඒ අසා භයව පලාගොස් මිසරයට පැමුණුණේය.
22
නුමුත් යෙහෝයාකීම් රජ අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයන්ද මිසරයට යැවීය.
23
ඔව්හු උරියා මිසරයෙන් ගෙනැවිත් යෙහෝයාකීම් රජු ළඟට පැමිණෙවුවෝය; රජද ඔහු කඩුවෙන් මරා ඔහුගේ මළකඳ සාමාන්‍ය ජනයන්ගේ සොහොන්වල දැමුවේයයි කීවෝය.
24
එහෙත් යෙරෙමියා මරන්ට ඔහු සෙනඟ අතට පාවා නොදෙන හැටියට ෂාපාන්ගේ පුත්‍රවූ අහීකාම්ගේ අත ඔහු සමඟ විය.
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 27 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52