bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 25
Jeremiah 25
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 26 →
1
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්ද වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ගේ පළමුවෙනි අවුරුද්දේදී යූදාහි මුළු සෙනඟ ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
2
එය අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි මුළු සෙනඟටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් කීවේය.
3
ඔහු මෙසේ කීය: ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දහතුන්වෙනි අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේම ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණියේය, මමද අලුයම නැගිට ඔබ සැමට කථාකෙළෙමි; එහෙත් ඔබ සැම ඇහුම්කන් දුන්නේ නැත.
4
තවද ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් අලුයම් වේලාවේ පටන්ම ඔබ සැම ළඟට එවූසේක; එහෙත් ඔබ සැම ඇසුවේවත් අසන්ට ඔබ සැමගේ කන්යොමුකළේවත් නැත.
5
එනම්: ඔබ සැම එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද ඔබ සැමගේ ක්‍රියාවල නපුරුකමෙන්ද හැරී ස්වාමීන්වහන්සේ ඔබ සැමටත් ඔබ සැමගේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයටම දුන් දේශයෙහි වාසයකරන්න.
6
අන් දෙවිවරුන්ට සේවයකිරීමටද ඔවුන්ට නමස්කාරකිරීමටද ඔවුන් පස්සේ නොයන්න, ඔබ සැමගේ අත්වැඩවලින් මා කෝප නොකරන්න; එවිට මම ඔබ සැමට අනතුරු නොකරන්නෙමියි කියා එවූසේක.
7
නුමුත් ඔබ සැමට අනතුරු පැමිණෙන ලෙස ඔබ සැමගේ අත්වැඩවලින් මා කෝපකරවන හැටියට ඔබ සැම මට ඇහුම්කන්දුන්නේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
8
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම මාගේ වචන නොඇසූ බැවින්,
9
මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.
10
ඇරත් මම ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළියද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි.
11
මේ මුළු දේශයද පාළුවක් සහ විස්මයක් වන්නේය; මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවයකරන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12
තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.
13
මා විසින් ඒ දේශයට විරුද්ධව කීවාවූ මාගේ සියලුම වචන වන යෙරෙමියා සියලු ජාතීන්ට විරුද්ධව අනාගතවාක්‍යයෙන් කීවාවූ මේ පොතෙහි ලියා තිබෙන සියල්ලම ඒ දේශය පිටට පමුණුවන්නෙමි.
14
මක්නිසාද බොහෝ ජාතීහුද මහත් රජවරුද ඔවුන් පවා දාසකමට ගන්නෝය. මමද ඔවුන්ගේ ක්‍රියා ලෙසත් ඔවුන්ගේ අත්වල වැඩේ ලෙසත් ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
15
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට කථාකොට: කෝපය නැමති මේ මුද්‍රිකපාන-කුසලාන ඔබ මාගේ අතින් රැගෙන මා විසින් ඔබ යවන සියලු ජාතීන්ට එයින් පොවන්න.
16
ඔව්හු බී, මා විසින් ඔවුන් අතරට යවන කඩුව නිසා වැනි වැනී යමින්, උමතුවන්නෝයයි කීසේක.
17
එවිට මම ස්වාමීන්වහන්සේ ගේ අතින් කුසලාන රැගෙන ස්වාමීන්වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට පෙවුවෙමි:
18
එනම් යෙරුසලමටත් යූදාහි නුවරවලටත් එහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් අද දවසේ පෙනෙන ලෙස ඔවුන් පාළුවක්ද විස්මයක්ද නින්දාවක්ද ශාප-වචනයක්ද කරන පිණිස පෙවුවෙමි.
19
මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ සේවකයන්ටත් අධිපතීන්ටත් ඔහුගේ මුළු සෙනඟටත්,
20
මිශ්‍රවූ මුළු සේනාවටත් ඌශ් දේශයේ සියලු රජවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත් අෂ්කෙලෝන්ටත් ගාසාටත් එක්‍රෝන්ටත් අෂ්දොද්හි ඉතිරි අයටත්,
21
ඒදොම් සහ මෝවබ්ටත් අම්මොන් පුත්‍රයන්ටත්,
22
තීර්හි සියලු රජුන්ටත් ශිදොන්හි සියලු රජුන්ටත් මුහුදෙන් එතර පළාත්වල රජුන්ටත්,
23
දෙදාන් සහ තේමාටත් බූස්ටත් තමුන්ගේ ඉසකේ කොන් කපන සියල්ලන්ටත්,
24
අරාබියේ සියලු රජුන්ටත් කාන්තාරයෙහි වාසයකරන මිශ්‍රවූ සෙනඟගේ සියලු රජවරුන්ටත්,
25
ශිම්රීහි සියලු රජුන්ටත් ඒලාම්හි සියලු රජුන්ටත් මේදවරුන්ගේ සියලු රජුන්ටත්,
26
එකිනෙකාට සමීපව සිටින්නන් සහ දුරුව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත් පෙවුවෙමි. මොවුන්ට පසුව ෂේෂක්හි රජ බොනවා ඇත.
27
ඔබ ඔවුන්ට කථාකොට: ඔබ සැම බී මත්වී වමනයකොට, මා විසින් ඔබ සැම අතරට එවන කඩුව නිසා වැටී නොනැගිට සිටින්නය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
28
එවිට ඔව්හු බොන පිණිස ඔබේ අතින් කුසලාන ගන්ට අකමැතිවන්නෝ නම් ඔබ ඔවුන්ට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැම බොන්නහුමය.
29
මක්නිසාද, මෙන්න, මාගේ නාමය තබා තිබෙන නුවරට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම් ඔබ සැම දඬුවම් නොලැබම සිටිනවා ඇද්ද? ඔබ සැම දඬුවම් නොලැබ නොසිටින්නහුය. මක්නිසාද පොළොවේ සියලු වැසියන්ට විරුද්ධව කඩුවක් ගෙන්වමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
30
එබැවින් ඔබ ඔවුන්ට අනාගතවාක්‍ය කියා, මේ සියලු වචන ඔවුන්ට කියන්න: ස්වාමීන්වහන්සේ උසස්ථානයේ සිට ගර්ජනාකොට තමන්ගේ ශුද්ධවූ වාසස්ථානයේ සිට තමන් හඬ පවත්වනසේක; උන්වහන්සේ තමන් පට්ටියට විරුද්ධව බලවත්ලෙස ගර්ජනාකරනසේක; මුද්‍රික ඵල මඩින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධව ඝෝෂාවක් පවත්වනසේක.
31
මහත් ශබ්දයක් පොළොවේ කෙළවර දක්වා පැමිණෙන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ට ජාතීන් සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනසේක; දුෂ්ටයන් වනාහි කඩුවට පාවා දෙනසේකැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
32
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, විපත්තිය ජාතියෙන් ජාතියට යන්නේය, මහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නගින්නේය.
33
ස්වාමීන්වහන්සේ ගෙන් මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.
34
එඬේරුනි, කෑමොරගසා හඬන්න; රැළේ ප්‍රධානියෙනි, අලුවල පෙරළී ඉඳින්න. මක්නිසාද මැරුම්කෑමට ඔබ සැමගේ දවස් සම්පූර්ණවී තිබේ; මම ඔබ සැම කැබලිකොට බිඳින්නෙමි. ඔබ සැමද අනර්ඝ භාජනයක් මෙන් වැටෙනවා ඇත.
35
එඬේරුන්ට පලායන්ටවත් රැළේ ප්‍රධානීන්ට ගැළවීයන්ටවත් නොලැබෙන්නේය.
36
එඬේරුන්ගේ කෑගැසීමේ හඬත් රැළේ ප්‍රධානීන්ගේ මොරගැසීමත් ඇසෙන්නේය! මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ගොදුරුබිම පාළුකරනසේක;
37
ස්වාමීන්වහන්සේ ගේ බලවත් කෝපය නිසා සමාදාන පිට්ටනි නිශ්ශබ්දකරනු ලබයි.
38
උන්වහන්සේ සිංහයා මෙන් තමන් නිවාසය අත්හැර ගියසේක; මක්නිසාද පීඩාකරන කඩුව නිසාත් උන්වහන්සේගේ බලවත් උදහස නිසාත් ඔවුන්ගේ දේශය පාළුවක් විය.
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 26 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52