bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 2
Jeremiah 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 3 →
1
තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
ඔබ ගොස්- ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි යෙරුසලම් වැසියන්ට ඇසෙන ලෙස ප්‍රකාශකර කියන්නැයි කීය. ඔබේ යෞවන කාලයේ ඇලුම්කමත් ඔබේ විවාහබස්දීමේ ආදරයත් නොවපුළ දේශයක් වන කාන්තාරයෙහි මා පස්සේ ඔබ ආ හැටිත් ඔබේ යහපත පිණිස මම සිහිකරමි.
3
ඉශ්රායෙල් වනාහි ස්වාමීන්වහන්සේ ට ශුද්ධකමව උන්වහන්සේගේ අස්වැන්නේ ප්‍රථම ඵලව සිටියේය. ඔහුව නාස්තිකරන සියල්ලෝ වරදකාරයෝ වන්නෝය; විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
4
එම්බා යාකොබ් වංශය සහ ඉශ්රායෙල් වංශයේ හැම පවුල්වල සෙනඟෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න.
5
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ පියවරුන් මා වෙතින් ඈත්වී දේවරූප පස්සේ ගොස් නිෂ්ඵලකම් කළේ මා තුළ මොන අධර්මිෂ්ඨකමක් සම්බවූ නිසාද?
6
මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.
7
තවද මම සාරවත් දේශයකට, ඔබ සැම එහි ඵලද එහි හොඳ දේවල්ද අනුභවකරන පිණිස ඔබ සැම ගෙනාවෙමි; නුමුත් ඔබ සැම ඇතුල්ව මාගේ දේශය අපිරිසිදුකර, මාගේ උරුමය පිළිකුලක් කළහුය.
8
පූජකයෝ: ස්වාමීන්වහන්සේ කොයිදැයි නෑසුවෝය. ව්‍යවස්ථාවේ යෙදී සිටින්නෝ මා නෑඳින සිටියෝය. පාලකයෝද මට විරුද්ධව කැරළිගැසුවෝය, ප්‍රොපේතවරුද බාල්ගේ නමින් අනාගතවාක්‍ය කියා ප්‍රයෝජන නොවන දේවල් අනුව ගියෝය.
9
එබැවින් ඔබ සැම සමඟ මම තවමත් කාරණා ගෙනහැර දක්වමි, ඔබ සැමගේ දරුවන්ගේ දරුවන් සමඟත් කාරණා ගෙනහැර දක්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
10
මක්නිසාද ඔබ සැම කිත්තිවරුන්ගේ ද්වීපවලට ගොස් බලා, කේදාර්ටත් අසා යවා, හොඳට කල්පනාකර, මෙයාකාර දෙයක් වුණාද කියා බලන්න.
11
යම් ජාතියක් තමුන්ගේ දෙවිවරුන් දෙවි නොවන නුමුත් ඔවුන් මාරුකළෝද? එහෙත් මාගේ සෙනඟ තමුන්ගේ මහිමය ප්‍රයෝජන නොවන දේවලට මාරුකරගත්තෝය.
12
අහෝ ස්වර්ගයෙනි, මේ ගැන විස්මයට පත්වී ත්‍රස්තවී ඉතා මවිතවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
13
මක්නිසාද මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.
14
ඉශ්රායෙල් දාසයෙක්ද? නොහොත් ඔහු ගෙයි උපන් වහලෙක්ද? ඔහු කොල්ලයක් වී සිටින්නේ මන්ද?
15
තරුණ සිංහයෝ ඔහුට විරුද්ධව ගොරවා, තමුන්ගේ හඬ පවත්වා ඔහුගේ දේශය පාළුවක් කළෝය; ඔහුගේ නුවරවල වැසියෙක් නොවසන ලෙස ඒවා දාලාගියේය.
16
නොප් සහ තාහ්පන්හේස්හි පුත්‍රයොත් ඔබේ ඉස්මුදුන කාදැම්මෝය.
17
මේ දේ ඔබට පමුණුවා ගත්තේ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ මාර්ගයෙහි ගෙනෙන කල ඔබ විසින් උන්වහන්සේ අත්හැරිය නිසා නොවේද?
18
ඉතින් ෂීහෝර්හි වතුර බොන පිණිස මිසරයට යන මාර්ගයෙන් ඔබට ඇති කම මොකද? නොහොත් ගංගාවේ ජලය බොන පිණිස අෂූර්ට යන මාර්ගයෙන් ඔබට ඇති කම මොකද?
19
ඔබේ දුෂ්ටකම ඔබ සැමට දඬුවම්කරන්නේය, ඔබේ පසුබටවීම්ද ඔබට අච්චුකරනවා ඇත. එබැවින් ඔබ විසින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය ඔබට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමීවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
20
මක්නිසාද පුරාණයේ සිට ඔබ ඔබේ වියගහ බිඳ, ඔබේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද ඔබ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.
21
එහෙත් මා විසින් ඔබ හොඳ මිදිවැළක්ද මුළුමනින්ම හරිවූ බීජයක්ද කොට හිටවා තිබුණේය. එසේ වී නම් ඔබ වෙනස්වී මට වල් මිදිවැළක නරක්වූ පැළයක් වුණේ කොහොමද?
22
ඔබ යවාක්ෂර දියෙන් ඔබම සෝදාගන බොහෝ සබන් ගාගත්තත් ඔබේ අපරාධය මා ඉදිරියෙහි නොමැකී තිබේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
23
මම අපවිත්‍ර නොවීමි, මම බාල්වරුන් පස්සේ නොගියෙමියි ඔබ කියන්නේ කොහොමද? මිටියාවතෙහි තිබෙන ඔබේ හැසිරීම බලන්න, ඔබ කළේ මොකද කියා දැනගන්න. ඔබ එහා මෙහා දුවන ශීඝ්‍ර ඔටුදෙනකි;
24
කාන්තාරයට පුරුදුවූ, තෘෂ්ණාවට ඉව අල්ලන්නාවූ වල් කොටළුදෙනකි; ඇගේ කාලයේදී ඈ නවත්වන්නේ කවුද? ඈව සොයන කිසිවෙක් වෙහෙසෙන්නේ නැත; ඇගේ මාසයේදී ඈ සම්බවෙයි.
25
වහන් නැතුව නොතිබෙන හැටියට ඔබේ පාදද පිපාස නොවන හැටියට ඔබේ උගුරද ආරක්ෂාකර ගන්න. නුමුත් ඔබ: ඒක නිෂ්ඵලය, එසේ නොව මම අන්‍යයන්ට ආදරේවීමි, ඔවුන් පස්සේද යන්නෙමියි කීවෙහිය.
26
හොරෙක් අසුවූ විට ලජ්ජාවට පැමිණෙන්නාක්මෙන් ඉශ්රායෙල් වංශයද ඔවුන්ගේ රජවරුද ඔවුන්ගේ අධිපතියෝද ඔවුන්ගේ පූජකයෝද ඔවුන්ගේ ප්‍රොපේතවරුද ලජ්ජාවට පැමිණෙති.
27
ඔව්හු: මාගේ පියාණෝ ඔබයයි දණ්ඩකටද: ඔබ මා ඉපදෙවුවෙහියයි ගලකටද කියති. මක්නිසාද ඔව්හු මට තමුන්ගේ මුහුණ නොව පිට පෑවෝය. එහෙත් ඔවුන්ගේ විපත්ති කාලයේදී: ඔබ නැගිට අප ගැළෙවුව මැනවයි ඔවුන් කියනවා ඇත.
28
නුමුත් ඔබ සාදාගත් දෙවිවරු කොයිද? ඔබේ විපත්ති කාලයේදී ඔබ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, ඔබේ නුවරවල ගණනට ඔබට දෙවිවරු සිටිති.
29
ඔබ සැම මා සමඟ විවාදකරන්නේ මක්නිසාද? ඔබ සැම සියල්ලෝම මට විරුද්ධව කැරළිගැසුවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
30
මා විසින් ඔබ සැමගේ දරුවන්ට පහරදුන්නා නිෂ්ඵලය; ඔවුන් දැනමුතුකම පිළිගත්තේ නැත. ඔබ සැමගේ කඩුව වනාහි විනාශකරන සිංහයෙකු මෙන් ඔබ සැමගේ ප්‍රොපේතවරුන් කාදැමුවේය.
31
එම්බා වංශය, ස්වාමීන්වහන්සේ ගේ වචනය බලන්න. මම ඉශ්රායෙල්වරුන්ට කාන්තාරයක්ව නොහොත් ඝනාන්ධකාර දේශයක්ව සිටියෙම්ද? අපි නිදහසට පැමුණුණෙමුව, අපි තවත් ඔබ ළඟට නොඑන්නෙමුයයි මාගේ සෙනඟ කියන්නේ මක්නිසාද?
32
කන්‍යාවක් ඇගේ ආභරණද මනමාලියක් ඇගේ ඉඟපටියද සිහිනැති කරනවා ඇද්ද? එහෙත් මාගේ සෙනඟ ගණන් නැති දවස්වල මා සිහිනැතිකළෝය.
33
ඔබ ආදරය සොයන පිණිස ඔබ ඔබේ මාර්ග හොඳකරගන්න හැටි! එසේ ඔබ නපුරු ස්ත්රීන්ට පවා ඔබේ මාර්ග ඉගැන්වුවෙහිය.
34
තවද නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ ඔබේ වස්ත්‍ර කොන්වල සම්බවිය. රහස් තැන්වල නොව මේ සියල්ල පිට එය තිබෙනවා මට සම්බවිය.
35
එහෙත්: මම නිර්දෝෂයෙමි; සැබවින්ම උන්වහන්සේගේ උදහස මාගෙන් පහව ගියේයයි ඔබ කියන්නෙහිය. බලව: මම පව් නොකෙළෙමියි ඔබ කියන නිසා මම ඔබ සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.
36
ඔබේ මාර්ගය වෙනස්කරන්ට ඔබ ඔපමණ තැනින් තැන යන්නේ මක්නිසාද? අෂූර් නිසා ඔබ ලජ්ජාවට පැමුණුණාක්මෙන් මිසරය නිසාත් ඔබ ලජ්ජාවට පැමිණෙන්නෙහිය.
37
එතනිනුත් ඔබ ඔබේ අත් ඉස පිට තබාගෙන පිටත්ව යන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබේ විශ්වාසයන් එපාකර තිබේ, ඒවායින් ඔබ සඵල නොවන්නෙහිය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52