bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 38
Jeremiah 38
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 39 →
1
එකල මත්තාන්ගේ පුත්‍රවූ ෂෙපතියාද පෂ්හූර්ගේ පුත්‍රවූ ගෙදලියාද ෂෙලෙමියාගේ පුත්‍රවූ යූකල්ද මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර්ද යෙරෙමියා මුළු සෙනඟට කී වචන ඇසුවෝය.
2
එනම්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ නුවර නවතින අය කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නෝය. පිටතට කල්දිවරුන් වෙතට යන අය ජීවත්වන්නෝය, මෙසේ ඔහු ජීවත්වන ලෙස ඔහුගේ ප්‍රාණය ඔහුට කොල්ලයක් මෙන් ලැබෙන්නේය.
3
සැබවින් මේ නුවර බබිලෝනියේ රජුගේ සේනාව අතට අසුවී ඔහු ඒක අල්ලාගන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක යනුය.
4
අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.
5
ශෙදෙකියා රජද: මෙන්න, ඔහු ඔබ සැමගේ අතෙහිය. ඔබ සැමට විරුද්ධව කිසිවක් කරන්ට රජුට බැරියයි කීවේය.
6
එකල ඔව්හු යෙරෙමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු රාජ පුත්‍රවූ මල්කියාගේ වළට ඔහු ලනුවලින් බැස්සෙවුවෝය. වළේ වතුර නොව මඩ තිබුණේය. යෙරෙමියා මඩේ එරුණේය.
7
යෙරෙමියා වළේ දැමූ බව රජගෙදර සිටි නපුංසකයෙක්වූ කූෂීය එබෙද්මෙලෙක් අසා, බෙන්යමින් දොරටුවේ ඉඳගෙන හුන් රජු වෙතට,
8
රජගෙයින් නික්ම ගොස් රජුට කථාකොට:
9
මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මේ මනුෂ්‍යයන් විසින් වළේ දැමූ අනාගතවක්තෘවූ යෙරෙමියාට ඔවුන් කළ සියල්ල නපුරුය; ඔහු සිටින තැනදී බඩගින්නෙන් මැරෙනවා ඇත. මක්නිසාද නුවර තවත් කෑමට රොටි නැතැයි කීය.
10
එවිට රජ කූෂීය එබෙද්-මෙලෙක්ට අණකර: ඔබ සමඟ මෙතැනින් මනුෂ්‍යයන් තිස්දෙනෙක් කැඳවාගෙන ගොස්, අනාගතවක්තෘවූ යෙරෙමියා මැරෙන්ට පළමුවෙන් ඔහු වළෙන් ගොඩට ගන්නැයි කීවේය.
11
එබෙද්-මෙලෙක්ද ඒ මනුෂ්‍යයන් තමා සමඟ කැඳවාගෙන රජගෙදර ගබඩාව යටට වැද, එතනින් පරණ රෙදි කෑලිද පරණ වැරහැලිදගෙන, ඒවා වළ ඇතුළට යෙරෙමියා ළඟට ලනුවලින් බෑවේය.
12
කූෂීය එබෙද්මෙලෙක්: මේ පරණ රෙදි කෑලි සහ වැරහැලි ඔබේ කිහිලිවල ලනු යට තබාගන්නැයි යෙරෙමියාට කීවේය. යෙරෙමියා එසේ කෙළේය.
13
එවිට ඔව්හු යෙරෙමියා ලනුවලින් ඇද වළෙන් ගොඩට ගත්තෝය. යෙරෙමියා හිරගෙයි මළුවේ සිටියේය.
14
එවිට ශෙදෙකියා රජ අනාගතවක්තෘවූ යෙරෙමියා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ තුන්වෙනි දොරටුවට තමා ළඟට ගෙන්වාගෙන, යෙරෙමියාට කථාකොට: මම ඔබෙන් කාරණයක් අසමි; කිසිවක් මාගෙන් නොසඟවන්නැයි කීය.
15
මම ඔබට දැන්නුවොත් සැබවින් ඔබ මා නොමරන්නෙහිද? මා ඔබට දැනමුතුකම් දුන්නත් ඔබ මට ඇහුම්කන් දෙන්නේ නැතැයි යෙරෙමියා ශෙදෙකියාට කීවේය.
16
එවිට ශෙදෙකියා රජ: මා විසින් ඔබ මරන්නේවත් ඔබේ ප්‍රාණය හානිකරන්ට සොයන ඒ මනුෂ්‍යයන් අතට ඔබ පාවාදෙන්නේවත් නැතැයි මේ ප්‍රාණය අපට මවාදුන් ස්වාමීන්වහන්සේ ගේ ජීවිතය ගැන දිවුරමියි කියා, යෙරෙමියාට රහසින් දිවුරුම්දුන්නේය.
17
එකල යෙරෙමියා ශෙදෙකියාට කථාකොට: සේනාවල දෙවියන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ ඇත්තටම බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට ගියොත් ඔබේ ප්‍රාණය ජීවත්වන්නේය, මේ නුවරද ගිනිලනු නොලබන්නේය; ඔබත් ඔබේ වංශයත් ජීවත්වන්නෝය.
18
එහෙත් ඔබ බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට නොගියොත්, මේ නුවර කල්දිවරුන් අතට අසුවන්නේය, ඔව්හු ඒක ගිනිලන්නෝය, ඔබද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැයි කීවේය.
19
කල්දිවරුන්ට එකතුවූ යුදෙව්වන් මට සරදම්කරන පිණිස ඔවුන් අතට මා පාවාදේදෝ කියා ඔවුන්ට භයවෙමියි ශෙදෙකියා රජ යෙරෙමියාට කීවේය.
20
එවිට යෙරෙමියා: ඔවුන් ඔබ පාවාදෙන්නේ නැත. මා විසින් ඔබට කියන හැටියට ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුවුණ මැනවි; එයින් ඔබට ශුභසිද්ධවී ඔබේ ප්‍රාණය ජීවත්වන්නේය.
21
එහෙත් ඔබ යන්නේ නැතැයි කියතොත්, ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබෙන වචනය මෙසේය:
22
බලව, යූදාහි රජුගේ ගෙදර ඉතුරුව සිටින සියලු ස්ත්‍රීන් බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට ගෙනයනු ලබනවා ඇත, ඔවුන් කථාකොට-ඔබේ හිතමිත්‍රයෝ ඔබ පොළඹා ඔබෙන් ජයගත්තෝය. ඔබේ පාද මඩේ එරුණු විට ඔව්හු අහක්ව ගියෝයයි කියනවා ඇත.
23
ඔබේ සියලු භාර්යාවන්ද දරුවන්ද කල්දිවරුන් ළඟට ගෙනයන්ට යෙදෙනවා ඇත. ඔබත් ඔවුන්ගේ අතින් නොගැළවී බබිලෝනියේ රජු අතට අසුවන්නෙහිය. ඔබ මේ නුවරත් ගිනිලන්ට සලස්වන්නෙහියයි කීවේය.
24
ශෙදෙකියාද: මේ වචන කිසිවෙක් දැන නොගනීවා, එවිට ඔබ මරණයට පත්වන්නේ නැත.
25
නුමුත් මා ඔබ සමඟ කථාකළ බව අධිපතීහු අසා ඔබ ළඟට ඇවිත්: ඔබ රජුට කීවේ මොකද කියාත් රජු ඔබට කීවේ මොකද කියාත් අපෙන් නොසඟවා අපට දන්වන්න, එවිට අපි ඔබ නොමරන්නෙමුයයි ඔබට කීවොත්-
26
මා යොනාතාන්ගේ ගෙයි නොමැරෙන පිණිස එහි මා නැවත නාරින ලෙස මාගේ කන්නලව්ව රජ්ජුරුවන් ඉදිරියෙහි ඔප්පුකෙළෙමියි කියන්නැයි යෙරෙමියාට කීවේය.
27
එවිට සියලු අධිපතීහු යෙරෙමියා ළඟට ඇවිත් ඔහුගෙන් විචාළෝය. රජු අණකළ මේ සියලු වචනවල හැටියට ඔහු ඔවුන්ට දැන්නුවේය. ඔව්හු නිශ්ශබ්දවී ඔහු වෙතින් ගියෝය; මක්නිසාද ඒ කාරණය දැනගන්ට යෙදුණේ නැත.
28
මෙසේ යෙරෙමියා යෙරුසලම අසුවුණ දවස දක්වා හිරගෙයි මළුවේ සිටියේය.
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 39 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52