bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 22
Jeremiah 22
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 23 →
1
ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ඔබ යූදාහි රජුගේ ගෙට බැස ගොස් එහිදී මේ වචනය කියන්න.
2
දාවිත්ගේ සිංහාසනයෙහි හිඳින යූදා රජ්ජුරුවෙනි, ඔබ සහ ඔබේ සේවකයෝද මේ දොරටුවලින් ඇතුල්වන ඔබේ සෙනඟද ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න.
3
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම යුක්තියද ධර්මිෂ්ඨකමද කර, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න. විදේශියාටත් පියා නැත්තාටත් වැන්දඹුවටත් අයුත්තක්වත් බලාත්කාරයක්වත් මේ ස්ථානයෙහි නිදොස් වැගිරීමක්වත් නොකරල්ලා.
4
ඔබ සැම මේ දේ සැබවින්ම කළොත්, දාවිත් වෙනුවට ඔහුගේ සිංහාසනයෙහි හිඳින්නාවූ, රථවල සහ අශ්වයන් පිට නැගීයන්නාවූ රජවරු සහ ඔවුන්ගේ සේවකයෝද ඔවුන්ගේ සෙනඟද මේ ගෘහයේ දොරටුවලින් ඇතුල්වන්නෝය.
5
නුමුත් ඔබ සැම මේ වචන නෑසුවොත්, මේ ගෘහය පාළුවක් වන්නේය කියා මම මා ගැනම දිවුරමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
6
මක්නිසාද යූදාහි රජුගේ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ මට ගිලියද් සහ ලෙබනොන් මුදුන වාගේ නුමුත් සැබවින්ම මම ඔබ කාන්තාරයක්ද වැසියන් නැති නුවරවල්ද කරන්නෙමි.
7
මම ඔබට විරුද්ධව හැමදෙනාම තම තමාගේ ආයුධ ගත් විනාශකරන්නන් වෙන්කොට තබන්නෙමි. ඔව්හු ඔබේ අනර්ඝ කිහිරි ගස් කපා ගින්නෙහි දමන්නෝය.
8
බොහෝ ජාතීහුද මේ නුවර ළඟින් යමින්: ස්වාමීන්වහන්සේ මේ මහත් නුවරට මෙසේ කළේ මක්නිසාදැයි එකිනෙකාගෙන් අසනවා ඇත.
9
එවිට ඔව්හු උත්තරදෙමින්: ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාරකොට ඔවුන්ට සේවයකළ නිසායයි කියනවා ඇත.
10
මැරුණු කෙනෙකු ගැන නාඬන්න, ශෝක නොවෙන්න. අහක්ව යන්නාවූ අය ගැන තදින් අඬන්න; මක්නිසාද ඔහු තවත් හැරී නොඑන්නේය, තමා උපන් දේශයද තවත් නොදකින්නේය.
11
මක්නිසාද යොෂියාගේ පුත්‍රවූ, යූදාහි රජවූ, තමාගේ පියවූ යොෂියා වෙනුවට රජකම්කළාවූ, මේ ස්ථානයෙන් පිටත්ව ගියාවූ ෂල්ලුම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු මෙහි තවත් හැරී නෑවිත්,
12
ඔහු අල්ලාගෙන යනු ලැබූ ස්ථානයේදීම මැරෙන්නේය, ඔහු තවත් මේ දේශය නොදක්නේය.
13
තමාගේ ගෙය අධර්මිෂ්ඨකමින්ද තමාගේ උඩුමහල් අයුක්තියෙන්ද ගොඩනගන්නාවූ, තමාගේ අසල්වාසියාට කුලී නොදී නිකමට ඔහුගෙන් වැඩ ගන්නාවූ,
14
මම මහත් ගෙයක්ද විශාලවූ උඩුමහල්ද ගොඩනගන්නෙමියි කියමින් කවුළු කපාගන්නාවූ, කිහිරි ලීවලින් වසා සාදිලිංගම් ගාන්නාවූ අයට දුක්වේ.
15
ඔබ කිහිරි ලීවලින් උසස්වෙන්ට වීර්ය කරන බැවින් ඔබට රජකම්කරන්ට ලැබේද? ඔබේ පියා කා බී යුක්තියද ධර්මිෂ්ඨකමද කළා නොවේද? එවිට ඔහුට ශුභසිද්ධවූයේය.
16
ඔහු අසරණයාගේද දිළින්දාගේද නඩුව ඇසුවේය; එවිට ශුභසිද්ධවූයේය. මා ඇඳිනගැනීම නම් ඒක නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
17
නුමුත් ඔබේ ඇස් සහ ඔබේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.
18
එබැවින් යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ මාගේ සහෝදරය! අහෝ සහෝදරිය! කියා ඔව්හු ඔහු ගැන නොවැලපෙන්නෝය. අහෝ ස්වාමිනි! අහෝ ඔහුගේ මහිමය! කියා ඔහු ගැන නොවැලපෙන්නෝය.
19
කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.
20
ඔබේ සියලුම ප්‍රේමවන්තයන් නැතිවී ගිය බැවින් ලෙබනොන්ට නැගීගොස් මොරගසන්න; ඔබේ හඬ බාෂාන්හි පවත්වා අබාරීම්හි සිට මොරගසන්න.
21
ඔබ සැපතින් සිටිද්දී ඔබට කථාකෙළෙමි; නාසන්නෙමියි ඔබ කීවෙහිය. මාගේ හඬට කීකරු නොවීම ඔබේ බාල කාලයේ පටන් ඔබේ විධියව තිබුණේය.
22
හුළඟ ඔබේ සියලු එඬේරුන් කාදමන්නේය, ඔබේ ප්‍රේමවන්තයෝද වාලට යන්නෝය. එවිට ඔබේ සියලු නපුරුකම් ගැන ඔබ ලජ්ජාවටත් නින්දාවටත් පැමිණෙන්නෙහිය.
23
අහෝ ලෙබනොන්හි වාසයකරමින් කිහිරි ගස්වල කැදැල්ල තබන තැනැත්තිය, වේදනා එනම් බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් රුජාව ඔබට පැමිණෙන විට ඔබ කොපමණ කාලකණ්ණි නොවන්නෙහිද?
24
යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ කෝනියා මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටියේවී නුමුත්, මම එතනින් ඔබ උදුරාදමන්නෙමියි කියා සහතිකකොට කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
25
ඔබේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් ඔබ භයවෙන අයින් අතටත්, එනම් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් කල්දිවරුන් අතටත් මම ඔබ පාවාදී,
26
ඔබද ඔබ බිහිකළ ඔබේ මවුද ඔබ සැම නූපන් අන් දේශයකට හෙළාදමන්නෙමි; එහිදී ඔබ සැම මැරෙනවා ඇත.
27
ඔවුන් හැරීඑන්ට ආශාවෙන දේශයට නම් ඔව්හු හැරී නොඑන්නෝය.
28
මේ මිනිහා, කෝනියා, නීචවූ බිඳුණු බඳුනක්ද? ඔහු අප්‍රියවූ භාජනයක්ද? ඔහු සහ ඔහුගේ වංශය අහක්කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට හෙළාදමනු ලබන්නේ මක්නිසාද?
29
එම්බා පොළොව, පොළොව, පොළොව, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ මනුෂ්‍යයා දරුවන් නැත්තාවූ, තමාගේ දවස්වලදී සඵල නොවන්නාවූ මනුෂ්‍යයෙක්යයි ලියන්න. මක්නිසාද ඔහුගේ වංශයේ කිසිවෙක් තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ යූදාහි ආණ්ඩුකරමින් සඵල නොවන්නේය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52