bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 10
Ezekiel 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 11 →
1
තවද මම බැලූ විට, කෙරුබ්වරුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයෙහි නීලමාණික්‍ය වැන්නක් ඔවුන්ට ඉහළින් තිබෙනවා දුටිමි. එය සිංහාසනයක සමානත්වයේ පෙනීමක් මෙන් ඔවුන්ට උඩින් පෙනුණේය.
2
උන්වහන්සේ හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට කථාකොට: ඔබ කෙරුබ්ට යටින් කරකැවෙන චක්‍ර අතරට ඇතුල්වී, කෙරුබ්වරුන් අතරේ තිබෙන ගිනි අඟුරුවලින් ඔබේ දෑත පුරවාගෙන, නුවර පිට විසුරුවන්නැයි කීසේක. ඔහු මා ඉදිරියෙහි ඇතුල්වුණේය.
3
ඒ මනුෂ්‍යයා ඇතුල්වෙන කොට කෙරුබ්වරු ගෘහයේ දකුණු පැත්තෙහි සිටියෝය; ඇතුල් මළුවද වලාකුළෙන් පිරුණේය.
4
එවිට ස්වාමීන්වහන්සේ ගේ තේජස කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත මතුයෙහි නැවතුණේය; ගෘහය වලාකුළෙන් පිරුණේය, මළුවද ස්වාමීන්වහන්සේ ගේ තේජසේ දීප්තියෙන් පිරුණේය.
5
කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දයද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ කථාකරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේය.
6
කරකැවෙන චක්‍ර අතරෙන් එනම් කෙරුබ්වරුන්ට අතරෙන් ගිනි අරගන්න කියා හණ වස්ත්‍ර හැඳගන සිටි මනුෂ්‍යයාට උන්වහන්සේ අණකළ විට ඔහු ඇතුල්වී චක්‍රයක් ළඟ සිටගත්තේය.
7
ඒ කෙරුබ් තෙමේ කෙරුබ්වරුන්ට අතරේ තිබුණු ගින්නට තමාගේ අත කෙරුබ්වරුන් අතරෙන් දිඟුකොට එයින් රැගෙන, හණ වස්ත්‍ර හැඳගන සිටි තැනැත්තාගේ දෑතට දුන්නේය, ඔහුද අරගන පිටතට ගියේය.
8
කෙරුබ්වරුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අතක ස්වරූපයක් පෙනුණේය.
9
මම බැලූ විට මෙසේ දුටිමි: කෙරුබ්වරුන් ළඟ රෝද සතරක් එනම් එක කෙරුබ් කෙනෙක් ළඟ එක රෝදයක්ද තවත් කෙරුබ් කෙනෙක් ළඟ තවත් රෝදයක්ද වශයෙන් තිබුණේය. රෝදවල පෙනීමද රන්කාන්තියක දිලිහීම වාගේය.
10
ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය, ඒවායේ පෙනීම වනාහි රෝදයක් තුළ රෝදයක් තිබෙන්නාක්මෙන්ය.
11
ඒවා යන කල නොහැරී ඒවායේ සතර පැති දෙසට ගියෝය; ඒවා යන කල නොහැරී හිස තිබෙන දිශාවටම ඒ පස්සේ ගියෝය.
12
ඔවුන්ගේ මුළු ශරීරවලද ඔවුන්ගේ පිටවල්වලද අත්වලද පියාපත්වලද රෝදවලද වටකර පුරාම ඇස් තිබුණේය, ඒ සතර දෙනාටත් ඔවුන්ගේ රෝදවලටත් එසේ තිබුණේය.
13
ඒ රෝදවලට කරකැවෙන චක්රයයි නම් තබනවා මට ඇසුණේය.
14
එකිනෙකාට මුහුණු සතරක් විය. පළමුවෙනි මුහුණ කෙරුබ් මුහුණය, දෙවෙනි මුහුණ මනුෂ්‍ය මුහුණය, තුන්වෙනි එක සිංහ මුහුණය, සතරවෙනි එක රාජාලි මුහුණය. කෙරුබ්වරුද ඉහළට නැංගෝය.
15
ඒ වනාහි කෙබාර් ගඟ ළඟදී මා දුටු සත්වයාය.
16
තවද කෙරුබ්වරුන් යන විට රෝදත් ඔවුන් කැටුව ගියෝය. පොළොව මතුපිටින් නගින්ට කෙරුබ්වරුන් තමුන්ගේ පියාපත් එසවූ විට රෝදත් ඔවුන් වෙතින් අහක්නූණෝය.
17
ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණාහ; ඔවුන් නගින කල ඒවාත් ඔවුන් සමඟ නැංගෝය. මක්නිසාද සත්වයාගේ ආත්මය ඒවා තුළ විය.
18
එවිට ස්වාමීන්වහන්සේ ගේ තේජස ගෘහයේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට උඩින් සිටියේය.
19
කෙරුබ්වරු පිටතට යන විට තමුන්ගේ පියාපත් ඔසවා මාගේ ඇස් හමුයෙහි පොළොවෙන් නැංගෝය, රෝදත් ඔවුන් එක්කම නැංගෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ නැගෙනහිර දොරකඩ සිටියෝය; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජසද ඔවුන්ට උඩින් තිබුණේය.
20
ඒ වනාහි කෙබාර් ගංගාව ළඟදී ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට පහළින් සිටිනවා මා දුටු සත්වයාය; ඔවුන් කෙරුබ්වරුන් බව දැනගතිමි.
21
එක එකාට මුහුණු සතරක් බැගින්ද එක එකාට පියාපත් සතරක්ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක්ද තිබුණේය.
22
ඔවුන්ගේ මුහුණුවල ස්වරූපයේ හැටියට ඒවායේ පෙනීමත් ඒවාත් මා කෙබාර් ගඟ ළඟදී දුටු මුහුණුය; ඔව්හු එකිනෙකා කෙළින්ම ඉස්සරහට ගියෝය. දුෂ්ට මූලිකයන් විනාශවන බවට තර්ජනය.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48