bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 41
Ezekiel 41
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 42 →
1
එවිට ඔහු මාළිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේය, ඒවා එක පැත්තක හරියනක් පළලටද අනික් පැත්තෙහි හරියනක් පළලටද තිබුණේය, එය කූඩාරමේ පළලය.
2
දොරකඩ පළල රියන් දසයක්ය; දොරකඩ එක පැත්තක් රියන් පහක්ය, අනික් පැත්තත් රියන් පහක්ය. ඔහු මාළිගාව මැන්නේය, ඒකේ දිග රියන් සතළිසක්ය, පළල රියන් විස්සක්ය.
3
එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේය, එය රියන් දෙකක්ය. දොරකඩ රියන් හයක්ය; දොරකඩ පළල රියන් සතක්ය.
4
ඔහු මාළිගාවට ඉදිරිපිටින් ඒකේ දිගට රියන් විස්සක්ද පළලට රියන් විස්සක්ද මැන: මෙය අති ශුද්ධස්ථානයයයි මට කීවේය.
5
ඔහු ගෘහයේ බිත්තියත් මැන්නේය, ඒක රියන් හයක්ය; වටකරම ගෘහයට තිබුණු කාමරවල පළල රියන් සතරක්ය.
6
ඒ කාමර, කාමරයක් පිට කාමරයක් වශයෙන් තුනක්ද පේළියට තිහක්ද බැගින් තිබුණේය; කාමර වනාහි ගෘහයේ බිත්තියට අල්ලන්නේ නැතුව, ඒවා අල්ලා තිබීම පිණිස වටකරම ගෘහයට තිබුණු බිත්තියට වැදී තිබුණේය.
7
කාමරවලට නැගී යන්ට යන්ට වටකරින්ම ඒවා වඩ වඩා පළල්ව තිබුණේය; මක්නිසාද ගෘහය වටකරම ඉහළින් ඉහළට ගෘහය කාමරවලින් වටවී තිබුණේය. එබැවින් ගෘහයේ පළල ඉහළින් වැඩිව තිබුණේය; එසේ යට තට්ටුවේ සිට මැද එක මැදින් ඉහළ එකට නගිති.
8
වටකරින් ගෘහයේ උස දුටිමි; කාමරවල අත්තිවාරම මුළු දණ්ඩක්වූ සම්පූර්ණ රියන් හයක්ය.
9
පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු බිත්තියේ පළල පස් රියනක්ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් ඉඩමක් තිබුණේය.
10
ඒවාටත් මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින්ම විසි රියනක් පළල ඇති ඉඩමක් තිබුණේය.
11
කාමරවල දොරකඩ හිස් ඉඩම දෙසට තිබුණේය, එක දොරකඩක් උතුරු දෙසටත් එක දොරකඩක් දකුණු දෙසටත් තිබුණේය. හිස් ඉඩමේ පළල වටකරම පස් රියනක්ය.
12
බස්නාහිර පැත්තෙහි වෙන්වූ මළුවට ඉදිරිපිට තිබුණු ගොඩනැගිල්ලේ පළල රියන් සැත්තෑවක්ය; ඒ ගොඩනැගිල්ලේ බිත්තියේ පළල වටකරම රියන් පහක්ය, ඒකේ දිග රියන් අනූවක්ය.
13
ඔහු ගෘහයත් මැන්නේය, එහි දිග රියන් සියයක්ය; වෙන්වූ මළුවේද එහි තිබුණු ගොඩනැගිල්ලේද ඒකේ බිත්තිවලද දිග රියන් සියයක්ය;
14
නැගෙනහිරට තිබුණු ගෙයි ඉස්සරහ පැත්තේද වෙන්වූ මළුවේද පළල රියන් සියයක්ය.
15
වෙන්වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටි පස්සෙන් තිබුණු ගොඩනැගිල්ලේ දිගද දෙපැත්තෙහි තිබුණු ඒකේ පිට-ශාලාද මැන්නේය, ඒවා රියන් සියයක්ය;
16
ඇතුල් මාළිගාවද මිදුලේ ශාලාද එළිපත්ද පටු කවුළුද මහල් තුනටම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට-ශාලාද තුනී ලෑලිවලින් වසා තිබුණේය, බිම සිට කවුළු දක්වාත් එසේම තිබුණේය; කවුළුත් වසා තිබුණේය;
17
දොරකඩට ඉහළින්ද ඇතුල් ගෘහය දක්වාද පිටතින්ද වටකරම ඇතුළ සහ පිට මුළු බිත්තියද මැන්නේය.
18
කෙරුබ්ද තල් ගස්ද සාදා තිබුණේය; කෙරුබ් දෙකකට අතරේ තල්ගසක් බැගින් තිබුණේය, කෙරුබ් එකකට මුහුණු දෙකක් තිබුණේය.
19
එනම් එක පැත්තක තල්ගහ දෙසට මනුෂ්‍ය මුහුණක්ද අනික් පැත්තෙහි තල්ගහ දෙසට තරුණ සිංහ මුහුණක්ද තිබුණේය. වටකරම මුළු ගෘහයෙහි එසේ සාදා තිබුණේය.
20
බිම සිට දොරකඩ ඉහළ දක්වා කෙරුබ් සහ තල්ගස්ද මාළිගාවේ බිත්තියෙහි සාදා තිබුණේය.
21
මාළිගාවේ උළුවහු කණු සතරැස්ව තිබුණේය; ශුද්ධස්ථානයේ ඉස්සරහ පැත්තේ පෙනීමද මාළිගාවේ පෙනීම වාගේය.
22
පූජාසනය ලී පූජාසනයක්ය, උස රියන් තුනක්ය, ඒකේ දිග දෙරියනක්ය; ඒකේ කොන්ද ඒකේ අඩියද ඒකේ පැතිද ලීවලින්ය. එවිට ඔහු: මෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසයයයි මට කීය.
23
මාළිගාවටත් ශුද්ධස්ථානයටත් දොරවල් දෙකක් තිබුණේය.
24
දොරවලට දෙපියන් එනම් හැරෙන පියන් දෙකක් තිබුණේය; එක දොරකට පියන් දෙකක්ද අනික් එකට පියන් දෙකක්ද තිබුණේය.
25
බිත්තිවල සාදා තිබුණාක්මෙන් මාළිගාවේ දොරවල් පිටත් කෙරුබ් සහ තල්ගස් සාදා තිබුණේය; පිටතින් ශාලාව ඉස්සරහ ඝනවූ ලී පඩි කඳන් තිබුණේය.
26
පටු කවුළු සහ තල්ගස් ශාලාවේ දෙපැත්තෙහිද කාමරවලද තිබුණේය, ඝනවූ (ලී) පඩි කඳන්ද තිබුණේය.
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 42 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48