bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 46
Ezekiel 46
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 45
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 47 →
1
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නැගෙනහිර දෙස තිබෙන ඇතුල් මළුවේ දොරටුව වැඩකරන දවස් හයේ වසා තිබිය යුතුය; නුමුත් සබත් දවසේද අමාවක දවසේද ඇර තිබෙන්නේය.
2
අධිපතියාද දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් පිටතින් ඇතුල්වී, දොරටුවේ කණුව ළඟ සිටින්නේය, පූජකයෝ ඔහුගේ දවන පූජාවද ඔහුගේ ශාන්ති පූජාවද පිළියෙළකරන්නෝය, ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාරකොට පිටතටයන්නේය. නුමුත් සවස්වෙන තුරු දොරටුව නොවසා තිබිය යුතුය.
3
දේශයේ සෙනඟද එම දොරකඩ ළඟ සබත් දවස්වලද අමාවක් දවස්වලද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය.
4
අධිපතියා සබත් දවසේදී ස්වාමීන්වහන්සේ ට ඔප්පුකළ යුතු දවන පූජාව නම් කැලලක් නැති බැටළුපැටියන් හදෙනෙකුත් කැලලක් නැති බැටළුවෙකුත්ය;
5
ආහාර පූජාව නම් බැටළුවාට පිටි ඒඵාවකුත් බැටළුපැටවුන්ට ඔහු දෙන පමණකුත් පිටි ඒඵාවට තෙල් හිනකුත්ය.
6
අමාවක දවසේදී කැලලක් නැති තරුණ ගොනෙකුත් බැටළුපැටවුන් හදෙනෙකුත් බැටළුවෙකුත් ඔප්පු කරන්නේය; උන් කැලලක් නැති එවුන් විය යුතුය.
7
ගොනාට ඒඵාවකුත් බැටළුවාට ඒඵාවකුත් බැටළුපැටවුන්ට තමාගේ පුළුවන්කමේ හැටියටත් ඒඵාවට තෙල් හිනකුත් පිළියෙළකරන්නේය.
8
අධිපතියා ඇතුල්වෙන කල ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්විය යුතුය, ඒ මාර්ගයෙන්ම පිටතට යායුතුය.
9
නුමුත් දේශයේ සෙනඟ නියම කාලවලදී ස්වාමීන්වහන්සේ ඉදිරියට ඇතුල්වෙන කල නමස්කාර කරන්ට උතුරු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය දකුණු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය; දකුණු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය. කවුරු නුමුත් ඇතුල්වෙන දොරටුවේ මාර්ගයෙන් හැරී නොගොස් ඊට ඉදිරිපිටින් පිටතට යා යුතුය.
10
ඔවුන් ඇතුල්වෙන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුල්වන්නේය; ඔවුන් පිටතට යනකල ඔහුත් පිටතට යන්නේය.
11
මංගල්‍යවලදීද නියම කාලවලදීද ඔප්පුකරන ආහාර පූජාව ගොනෙකුට ඒඵාවකුත් බැටළුවෙකුට ඒඵාවකුත් බැටළුපැටවුන්ට ඔහු දෙන පමණකුත් ඒඵාවට තෙල් හිනකුත් වන්නේය.
12
අධිපතියා ස්වේච්ඡා දවන පූජාවක්වත් ස්වේච්ඡා ශාන්ති පූජාවක්වත් ස්වාමීන්වහන්සේ ට පිළියෙළකරන්ට එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇරදිය යුතුය, ඔහු සබත් දවසේදී කරන ප්‍රකාරයට තමාගේ දවන පූජාවද ශාන්ති පූජාවද පිළියෙළකර පිටතට යන්නේය; ඔහු ගියායින් පසු දොරටුව වසනු ලබන්නේය.
13
තවද කැලලක් නැති අවුරුද්දක බැටළු පැටවෙක් දවන පූජාවක් කොට දවස් පතාම ස්වාමීන්වහන්සේ ට පිළියෙළකරන්න. උදයෙන් උදය එසේ පිළියෙළකරන්න.
14
ඌ සමඟ උදයෙන් උදය ආහාර පූජාවක් වන ඒඵාවකින් හයෙන් කොටසක්ද සිහින් පිටි තෙමන්ට තෙල් හිනකින් තුනෙන් කොටසක්ද ස්වාමීන්වහන්සේ ට ආහාර පූජාවක් කොට පිළියෙළකරන්න; ඒක නිරන්තරවූ සදාකාල නියෝගයක්ය.
15
එසේ නිරන්තර දවන පූජාවක් කොට බැටළුපැටවාද ආහාර පූජාවද තෙල්ද උදයෙන් උදය පිළියෙළකළ යුතුය.
16
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: අධිපතියා තමාගේ පුත්‍රයන්ගෙන් යමෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමයය, එය ඔහුගේ පුත්‍රයන්ට අයිතිවන්නේය; උරුමවීමෙන් එය ඔවුන්ගේ කොටසය.
17
නුමුත් තමාගේ උරුමයෙන් තෑග්ගක් තමාගේ සේවකයන්ගෙන් යමෙකුට දුන්නොත්, එය නිදහස්වීමේ අවුරුද්ද දක්වා ඔහුට වන්නේය; එකල එය අධිපතියාට නැවත වන්නේය; ඔහුගේ උරුමය ඔහුගේ පුත්‍රයන්ට පමණක් වන්නේය.
18
සෙනඟ ඔවුන්ගේ කොටස්වලින් අහක්කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනීවා; මාගේ සෙනඟ තම තමුන්ගේ කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේම කොටසෙන් තමාගේම පුත්‍රයන්ට උරුමයෙන් දේවයි කීවේය.
19
එවිට ඔහු දොරටුවේ පැත්තක ඇතුල්වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධවූ කාමරවලට මා පැමිණෙවුවේය. එහි පිටිපස්ස පැත්තෙහි බස්නාහිර දෙසට ඉඩමක් තිබුණේය.
20
ඔහුද: මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්ටත් ආහාර පූජාව බදින්ටත් ඕනෑවූ ඉඩමය; එසේ කරන්නේ සෙනඟ ශුද්ධකරන පිණිස ඒවා පිට-මළුවට නොගෙනියන පිණිසයයි මට කීවේය.
21
එවිට ඔහු පිට-මළුවට මා පමුණුවා, මළුවේ මුලු හතර ළඟින් මා ගෙනගියේය; එවිට මළුවේ එක එක මුල්ලෙහි මළුවක් තිබෙන බව දුටිමි.
22
මළුවේ මුලු හතරේ මළු සෙවිලි කර, සතළිස් රියනක් දිගව තිස් රියනක් පළල්ව තිබුණේය. ඒ සතරම එක මිම්මට තිබුණේය.
23
ඒ සතරම වටේට ඒවා ඇතුළෙහි බැම්මක් බැගින් තිබුණේය, වටකරින් බැමි යට ලිප් සාදා තිබුණේය.
24
එවිට ඔහු: මේවා ගෘහයේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බන්ට ඕනෑවූ ගෙවල්යයි මට කීවේය.
← Chapter 45
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 47 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48