bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 21
Ezekiel 21
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 22 →
1
ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, ඔබේ මුහුණ යෙරුසලම දෙසට හරවා තබාගන, ශුද්ධස්ථාන දෙසට ඔබේ වචනය පිටෝතුකරමින්, ඉශ්රායෙල් දේශයට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.
3
ඉශ්රායෙල් දේශයට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මෙන්න, මම ඔබට විරුද්ධය, මාගේ කඩුවද කොපුවෙන් ඇද ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් ඔබ කෙරෙන් සිඳදමන්නෙමි.
4
මා විසින් මෙසේ ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් ඔබ කෙරෙන් සිඳදමන බැවින් මාංසමය වූ සියල්ලන්ට විරුද්ධව දකුණේ සිට උතුර දක්වා මාගේ කඩුව කොපුවෙන් පිටත්ව යනවා ඇත.
5
ස්වාමීන්වහන්සේ වන මා විසින් මාගේ කඩුව කොපුවෙන් ඇදගත් බව මාංසමයවූ සියල්ලන් දැනගන්නවා ඇත; නැවත ඒක කොපුවට හැරී නොයන්නේය.
6
එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, ඔබ සුසුම්ලන්න; තුනටිය කැඩෙන තරමට ශෝකයෙන් ඔවුන් ඉදිරියෙහි කෙඳිරිගාන්න.
7
ඔබ සුසුම්ලන්නේ මක්නිසාදැයි ඔවුන් ඔබෙන් අසන කල මෙසේ කියන්න: ආරංචිය නිසාය, මක්නිසාද එය පැමිණෙන්නේය. සියලු සිත් දියවෙන්නේය, සියලු අත් හෙලාවැටෙන්නේය, සියලු ආත්ම ක්ලාන්තවන්නේය, සියලු දණහිස් දිය මෙන් බෙලහීනවන්නේය. බලව, එය පැමිණෙන්නේය, එය සිදුවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
8
ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
9
මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියා, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: කඩුවක්ය, කඩුවක්ය, ඒක මුවහත්කර මැදලාත් තිබේයයි කියන්න.
10
ඒක මුවහත්කර තිබෙන්නේ මරාදමන පිණිසය; මැදලා තිබෙන්නේ විදුලිය මෙන් දිලිහෙන පිණිසය. එසේ නම් අපට ප්‍රීතිවෙන්ට යුතුද? මාගේ පුත්‍රයාගේ ජයකොන්තය සියලු ගස් සුළුකරන්නේය.
11
ඒක අතට ගන්න පිණිස මැදීමට දී තිබේ. මරාදමන අයගේ අතට දෙන පිණිස මේ කඩුව මුවහත්කර මැදලාත් තිබේ.
12
මනුෂ්‍ය පුත්‍රය, කෑගසා මොරගසන්න. මක්නිසාද ඒක මාගේ සෙනඟ පිටටත් සියලු ඉශ්රායෙල් අධිපතීන් පිටටත් පැමුණුණේය. ඔව්හු මාගේ සෙනඟ සමඟ කඩුවට පාවාදෙනු ලැබුවෝය. එබැවින් කළවයට ගසාගන්න.
13
මක්නිසාද නඩු විභාගයක් ඇත්තේය; තවද සුළුකරන්නාවූ ජයකොන්තය පවා නැතුව ගියත් මොකදැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
14
එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඔබ වනාහි අනාගතවාක්‍ය කියමින්, අත්දෙක එකට ගසන්න; කඩුව එනම් මරණීය තුවාල ලැබූ අය මරාදැමූ කඩුව නැවත තුන්වෙනි වරට පැමිණේවා. එය නම් මරණීය තුවාල ලැබූ උත්තමයා මරාදැමූ කඩුවය, එය ඔවුන්ගේ ඇතුල් ගෙවලට වදින්නේය.
15
සිත දියවීයන පිණිසත් පැකිලීම් වැඩිවෙන පිණිසත් ඔවුන්ගේ සියලු දොරටුවලට විරුද්ධව කඩුවේ භයානකකම මම නියමකෙළෙමි. අහෝ ඒක විදුලිය මෙන් ඔප් නගා, මරාදැමීමට තියුණුකර තිබේ.
16
කඩුව, යොමුවෙන්න, දකුණට ගසන්න; සෑදී සිටින්න, වමට ගසන්න; ඔබේ මූණත හැරී තිබෙන කොයි අතට නුමුත් ගසන්න.
17
මමත් මාගේ අත් දෙක එකට ගසා, මාගේ කෝපය සංසිඳුවාගන්නෙමි. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමියි කීය.
18
ස්වාමීන්වහන්සේ ගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:
19
මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජුගේ කඩුව එන්ට මාර්ග දෙකක් නියමකරගන්න; ඒ දෙකම එක දේශයකින් පැමිණෙන්නේය. අත් ලකුණක් තබන්න, නුවරට පැමිණෙන මාර්ග සන්ධියෙහි ඒක පිහිටුවන්න.
20
කඩුව අම්මොන් පුත්‍රයන්ගේ නුවරවූ රබ්බාටත් යූදාට සහ පවුරු ඇති යෙරුසලමටත් පැමිණෙන්ට මාර්ගයක් නියමකරන්න.
21
බබිලෝනියේ රජ පේන අහන්ට මාර්ගය බෙදෙන තැන දෙමංසන්ධියේ සිට, ඊගස් සොලවා, තෙරාඵීම් රූප කරණකොටගෙන විභාගකර, අක්මාව බැලුවේය.
22
යුද්ධ යන්ත්‍ර තබන්ටත් මරාදැමීමට මුඛය හැර ඝෝෂා කිරීමෙන් ශබ්දනගන්ටත් දොරටුවලට විරුද්ධව යුද්ධ යන්ත්‍ර තබන්ටත් ගොඩැලි සාදන්ටත් කොටු ගොඩනගන්ටත් යෙරුසලම ගැන ඔහුගේ දකුණතට පේනඊගස වැටුණේය.
23
ඔවුන් ඒ අයට දිවුරුම් දී තිබෙන නුමුත් ඒක බොරු පේනකීමක් වාගේ ඔවුන්ට පෙනේ. නුමුත් ඔවුන් අසුවෙන පිණිස ඔහු අයුතුකම සිහිකරන්නේයයි කීය.
24
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ සියලුම ක්‍රියාවලින් ඔබ සැමගේ පාප පෙනීයාමට ඔබ සැමගේ වරද එළිදරව්වෙන හැටියට ඔබ සැමගේ අයුතුකම ඔබ සැම සිහිකෙරෙවූ බැවින්ද ඔබ සැම ගැන මෙසේ සිහිවුණ බැවින්ද ඔබ සැම ඔවුන් අතට අසුවෙනවා ඇත.
25
අනිනු ලැබුවාවූ, දුෂ්ටවූ ඉශ්රායෙල් අධිපතිය, ඔබේ කාලය අන්තිම අයුතුකමේ කාලයෙහි පැමිණ තිබේ;
26
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: කිරීටය ගළවාදමන්න, ඔටුන්න අහක්කරන්න. මෙය තිබුණ අන්දමටම නොවන්නේය. පහත් දේ උසස්කරන්න, උසස් දේ පහත් කරන්න.
27
පෙරළාදමන්නෙමි, පෙරළාදමන්නෙමි. පෙරළාදමන්නෙමි. අයිතිවාසිය ඇති තැනැත්තා එන තුරු ඒකත් තවත් නොවන්නේය; මම ඒක ඔහුට දෙන්නෙමි.
28
මනුෂ්‍ය පුත්‍රය, ඔබ අනාගතවාක්‍ය කියා, ස්වාමිවූ දෙවියන්වහන්සේ අම්මොන් පුත්‍රයන් ගැනද ඔවුන්ගේ නින්දාකිරීම ගැනද මෙසේ කියනසේකැයි කියන්න:
29
අන්තිම අයුතුකමේ කාලයේදී සිටියාවූ මැරුම්කෑවාවූ දුෂ්ටයන්ගේ කුළල් පිටට ඔබ හෙළනු ලබන පිණිස ඔවුන් ඔබ උදෙසා නිෂ්ඵල දේ දකිමින් ඔබට බොරු පේනකියන අතර කඩුවක්-මරාදැමීමට කඩුවක්-ඇද තිබේ, විදුලිය මෙන් දිලිහෙන පිණිස පුළුවන් පමණ ඒක මැදලා තිබේ.
30
ඔබේ කඩුව කොපුවේ නැවත දමන්න. ඔබ මවනු ලැබූ ස්ථානයෙහි ඔබේ උත්පත්ති දේශයේදී ඔබ විනිශ්චයකරන්නෙමි.
31
මාගේ උදහස ඔබ පිටට වගුරුවා, මාගේ කෝපය නමැති ගින්නෙන් ඔබට පිඹ, රෞද්‍රවූ, විනාශ කිරීමට දක්ෂවූ මනුෂ්‍යයන් අතට ඔබ පාවාදෙන්නෙමි.
32
ඔබ ගින්නට දර පිණිස වන්නෙහිය; ඔබේ ලේ දේශය මැද වැගිරෙන්නේය; ඔබ තවත් සිහිකරනු නොලබන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඒක කීමියි කීය
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48