bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 12
Ezekiel 12
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 13 →
1
ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, ඔබ වාසයකරන්නේ කැරළිකාර වංශයක් අතරෙහිය, දැකීමට ඔවුන්ට ඇස් තිබෙන නුමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට ඔවුන්ට කන් තිබෙන නුමුත් ඔවුන්ට ඇසෙන්නේ නැත; මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.
3
ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, ඔබ මාර්ගෝපකරණ සූදානම්කරගෙන, දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න; ඔවුන් බලාසිටියදී ඔබේ ඉඩමේ සිට වෙන ඉඩමකට පිටත්ව යන්න. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් සමහරවිට ඔවුන් ඒක සිතට ගන්නවා ඇත.
4
ඔබේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටතට ගෙන, මිනිසුන් වහල්කමට පිටත්ව යන්නාක්මෙන් සවස ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න.
5
ඔබ ඔවුන් බලාසිටියදී බිත්තිය හාරා, එයින් බඩු පිටතට ගෙනියන්න.
6
ඔබ ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට ගෙනියන්න; බිම නොපෙනෙන පිණිස ඔබේ මුහුණ වසාගන්න. මක්නිසාද මම ඉශ්රායෙල් වංශයට ලකුණක් පිණිස ඔබ තැබීමියි කීයේය.
7
මමද මට අණකළ ලෙසම කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතටගෙන, සවස මාගේ අතින් බිත්තිය හාරා, අඳුරුවූ කල්හි ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.
8
උදයේ ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
9
මනුෂ්‍ය පුත්‍රය, කැරළිකාර වංශය වන ඉශ්රායෙල් වංශය-ඔබ මක්කරනවාදැයි ඔබට කීවා නොවේද?
10
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මේ දිව්‍ය ප්රකාශනය යෙරුසලමේ අධිපතියා සහ එහි තුළ සිටින මුළු ඉශ්රායෙල් වංශය ගැනය.
11
මෙසේ කියන්න-මම ඔබ සැමගේ සලකුණය. මා කළ ලෙස ඔවුන්ට සිද්ධවන්නේය. ඔව්හු පිටත්වී අන් රටකට වාල්කමට යන්නෝය.
12
ඔවුන් අතරේ සිටින අධිපතියාද බඩු කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට එනවා ඇත. පිටතට ගෙනෙන පිණිස ඔවුන් පවුර හාරනවා ඇත. ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසා ගන්නවා ඇත.
13
මාගේ දැලද ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය. මම කල්දිවරුන්ගේ දේශයවූ බබිලෝනියට ඔහු ගෙනෙන්නෙමි; ඔහු එහිදීම නසින නුමුත් ඒක දකින්නේ නැත.
14
ඔහුට උපකාරකරන පිණිස ඔහු වටකර සිටින සියල්ලන්ද ඔහුගේ සියලුම සමුදාවල්ද මම සියලු හුළං දෙසට විසුරුවා ඔවුන් පසුපස්සේ කඩුව දිගුකරන්නෙමි.
15
මා විසින් ඔවුන් ජාතීන් අතරට පන්වා, දේශවල විසිරෙවු කල්හි, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
16
එහෙත් මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ගළවා ඉතිරිකරන්නෙමි; මෙසේ කරන්නේ ඔවුන් පැමිණෙන දේශවල ජාතීන් අතරේදී ඔවුන් තමුන්ගේ සියලු පිළිකුල්කම් ප්‍රකාශකරන පිණිසය; මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීවේය.
17
තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
18
මනුෂ්‍ය පුත්‍රය, ඔබේ කෑම වෙවුලුම ඇතුව කා, චංචලකමද පිරිමැසීමද ඇතුව වතුර බී,
19
දේශයේ සෙනඟට මෙසේ කියන්න-ඉශ්රායෙල් රටෙහි සිටින යෙරුසලමේ වැසියන් ගැන ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔව්හු තමුන්ගේ කෑම පිරිමසා ගෙන කා, තමුන්ගේ වතුර කනස්සලුකමින් බොන්නෝය, මෙසේ වන්නේ ඔවුන්ගේ දේශය එහි වැසි සියල්ලන්ගේ බලාත්කාරකම නිසා එහි තිබෙන සියල්ලෙන් පාළුවෙන පිණිසය.
20
වැසියන් ඇති නුවරවල්ද නාස්තිවී, දේශය පාළුවක් වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුයයි කීවේය.
21
තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
22
මනුෂ්‍ය පුත්‍රය, දවස් පසුවන්නේය, දර්ශන සියල්ල නැතිවන්නේය කියා ඉශ්රායෙල් රටෙහි ඔබ සැම අතරේ ව්‍යවහාරවෙන උපමාකීම කිමෙක්ද?
23
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මම මේ උපමාකීම නවත්වන්නෙමි, එය උපමාකීම කොට ඉශ්රායෙල්හි තවත් ව්‍යවහාර නොවන්නේය; එසේය, ඒ දවස්ද සියලු දර්ශනවල කාරණාද ළංවී තිබේයයි ඔවුන්ට කියන්න.
24
මක්නිසාද තවත් කිසි නිෂ්ඵල දර්ශනයක්වත් ඉච්චාකාර දිවස්කීමක්වත් ඉශ්රායෙල් වංශය අතරෙහි නොවන්නේය.
25
මක්නිසාද මම ස්වාමීන්වහන්සේය; මම කියන දේ කියන්නෙමි, එය තවත් පමා නොවී ඉෂ්ටවන්නේය. එසේය, එම්බා කැරළිකාර වංශය, මම ඔබ සැමගේ දවස්වලදීම වචනයක් කියා ඒක ඉෂ්ටකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
26
නැවත ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
27
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය කථාකොට-ඔහු දකින දර්ශනය ඉෂ්ටවෙන්ට බොහෝ දවස් යන්නේය, ඔහු අනාගතවාක්‍ය කියන්නේ දුර කාලවල් ගැනයයි කියති.
28
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවී, මා විසින් කියන වචනයක් සිදුවන්නේමය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීවේය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48