bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 20
Ezekiel 20
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 21 →
1
තවද සත්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ දසවෙනිදා ඉශ්රායෙල් වැඩිමහල්ලන්ගෙන් සමහරෙක් ස්වාමීන්වහන්සේ ගෙන් විභාගකරන පිණිස ඇවිත් මා ඉදිරියෙහි හිඳගත්තෝය.
2
එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
3
මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඉශ්රායෙල් වැඩිමහල්ලන්ට කථාකොට ඔවුන්ට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක- ඔබ සැම ආවේ මාගෙන් විභාගකරන්ටද? මා ජීවමාන බව සැබෑවා සේම ඔබ සැමගේ විභාග කිරීමට මම ඇහුම්කන් නොදෙන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
4
මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඔවුන් විනිශ්චයකරනවාද? විනිශ්චයකරනවාද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල්කම් ඔවුන්ට දන්වමින්,
5
ඔවුන්ට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-මම ඉශ්රායෙල් තෝරාගෙන, යාකොබ්ගේ වංශයට මාගේ අත ඔසවා, මිසර දේශයේදී මා ඔවුන්ට ප්රකාශවූ දවසේදී: මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය කියා මාගේ අත ඔවුන්ට එසෙවුවෙමි.
6
ඒ දවසේදී, මා විසින් ඔවුන් උදෙසා තෝරාගන තිබුණාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවයි කියා මම ඔවුන්ට මාගේ අත ඔසවා-
7
ඔබ සැම එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකරදමා, මිසරයේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යයි ඔවුන්ට කීමි.
8
නුමුත් ඔව්හු මට ඇහුම්කන්දෙන්ට කැමැති නොවී, මට විරුද්ධව කැරළිගැසුවෝය; ඔවුන් තම තමුන්ගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකර දැමුවේවත් මිසරයේ දේවරූප අත්හැරියේවත් නැත. එවිට මම මිසර දේශයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා, මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.
9
නුමුත් ඔවුන් වට කර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නෙකෙලහෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි. මක්නිසාද ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්ට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට ප්‍රකාශවුණෙමි.
10
එබැවින් මම ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනැවිත් කාන්තාරයට පැමිණෙවුවෙමි.
11
මාගේ පනත් ඔවුන්ට දී, මාගේ විනිශ්චයන් ඔවුන්ට දැන්වීමි; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය.
12
තවද මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක්ව තිබෙන්ට මාගේ සබත් ඔවුන්ට දුනිමි.
13
නුමුත් ඉශ්රායෙල් වංශය කාන්තාරයේදී මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් එපාකළෝය; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය; ඔව්හු මාගේ සබත් බොහෝසෙයින් කෙලසුවෝය. එවිට ඔවුන් නැතිකරදැමීමට කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවන්ට සිතුවෙමි.
14
නුමුත් ජාතීන් ඉදිරියෙහි මා විසින් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි.
15
තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.
16
මෙසේ කළේ ඔවුන් මාගේ විනිශ්චයන් එපාකොට, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසාය. මක්නිසාද ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේවරූප පස්සේ ගියෝය.
17
එසේවී නුමුත් ඔවුන් විනාශකර කාන්තාරයේදී ඔවුන් තීන්දුවටම නැතිකර නොදමන ලෙස මාගේ ඇස ඔවුන්ට දයාවුණේය.
18
මම කාන්තාරයේදී ඔවුන්ගේ දරුවන්ට කථාකොට: ඔබ සැමගේ පියවරුන්ගේ පනත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ විනිශ්චයන් නොපවත්වා, ඔවුන්ගේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න.
19
මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ විනිශ්චයන් පවත්වා, ඒවා කරන්න.
20
මාගේ සබත් ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්න පිණිස ඒවා මා සහ ඔබ සැම අතරේ සලකුණක් වන්නේයයි කීමි.
21
නුමුත් දරුවෝ මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මනුෂ්‍යයෙක් ජීවත්වෙන පිණිස ඔහු විසින් පවත්වන්ට ඕනෑවූ මාගේ විනිශ්චයන් ඉෂ්ටකරන ලෙස ඒවා නොපවත්වා, මාගේ සබත් කෙලෙසුවෝය. එවිට මම කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.
22
නුමුත් මම මාගේ අත නවත්වාගෙන, ජාතීන් ඉදිරියෙහි මා විසින් ඔවුන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස, එය උදෙසා ක්‍රියාකෙළෙමි.
23
තවද: මම ඔවුන් ජාතීන් අතරට පන්නා දේශවල විසුරුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි;
24
මක්නිසාද ඔව්හු මාගේ විනිශ්චයන් ඉෂ්ට නොකර, මාගේ පනත් එපාකොට, මාගේ සබත් කෙලෙසුවෝය, ඔවුන්ගේ ඇස්ද තමුන්ගේ පියවරුන්ගේ දේවරූප දෙස තිබුණේය.
25
එබැවින් මමත් යහපත් නුවූ පනත්ද ජීවනය දීමට සුදුසු නොවන විනිශ්චයන්ද ඔවුන්ට දුනිමි.
26
තවද මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නා පිණිස, මම ඔවුන් අසරණ භාවයට පමුණුවන්ට, ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් ගිනි මැදින් යැවීමෙන් ඔවුන් දුන් ඔවුන්ගේම පඬුරුවලදී ඔවුන් අපවිත්‍ර බව ප්‍රකාශකෙළෙමි.
27
එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැමගේ පියවරු මට විරුද්ධව ද්රෝ්හිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාසකළෝය.
28
ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය.
29
මමද කථාකොට: ඔබ සැම යන උස්තැන කිමෙක්දැයි ඔවුන්ට කීමි. ඊට බාමා යන නම අද දවස දක්වා කියති.
30
එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැමගේ පියවරුන් කළාක්මෙන් ඔබ සැම තමුන්ම අපවිත්‍රකරගන්නහුද? ඔවුන්ගේ අශික්ෂිතකම් අනුව යමින් වේශ්‍යාකම්කරන්නහුද?
31
ඔබ සැමගේ පුත්‍රයන් ගිනි මැදින් යැවීමෙන් ඔබ සැමගේ පඬුරු ඔප්පුකරන කල, ඔබ සැම අද දක්වා ඔබ සැමගේ සියලු දේවරූප කරණකොටගෙන කිලුටුවන්නහුද? එබැවින් ඉශ්රායෙල් වංශය, මම ඔබ සැම විසින් විභාගකරනු ලබම්ද? මා ජීවමාන බව සැබෑවා සේම මම ඔබ සැම විසින් විභාගකරනු නොලබන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
32
ඔබ සැමගේ සිත්වල හටගන්න දේ එනම්: අපි ජාතීන් වන දේශවල වංශ මෙන් ලීවලටත් ගල්වලටත් සේවය කරන්නෙමුයයි ඔබ සැම කියන එක සිද්ධ වෙන්නේම නැත.
33
මා ජීවමාන බව සැබෑවා සේම බලවත් අතකින්ද දිගුකළ හස්තයකින්ද කෝපය වැගිරවීමෙන්ද ඔබ සැම කෙරෙහි රජකම්කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
34
මම ජනයන් අතරෙන් ඔබ සැම පිටතට පමුණුවා, ඔබ සැම විසිරී සිටින දේශවලින් බලවත් අතකින්ද දිගුකළ හස්තයකින්ද කෝපය වැගිරවීමෙන්ද ඔබ සැම රැස්කරන්නෙමි.
35
ජනයන් නමැති කාන්තාරයට ඔබ සැම ගෙනැවිත්, එහිදී මුහුණට මුහුණලා ඔබ සැම සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.
36
මිසර දේශයේ කාන්තාරයේදී මම ඔබ සැමගේ පියවරුන් සමඟ විනිශ්චයට පැමුණුණාක්මෙන් ඔබ සැම සමඟත් විනිශ්චයට පැමිණෙන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
37
මම ඔබ සැම දණ්ඩ යටින් යන්ට සලස්වා ගිවිසුම් බැම්මට ඔබ සැම පමුණුවන්නෙමි.
38
තවද මට විරුද්ධව කැරළිගසන්නන්ද ද්‍රෝහිකම්කරන්නන්ද මම ඔබ සැමගෙන් වෙන්කොට ඔවුන් පොරොත්තුව සිටින දේශයෙන් පිටකරන්නෙමි, නුමුත් ඔව්හු ඉශ්රායෙල් රටට ඇතුල් නොවන්නෝය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුය.
39
එම්බා ඉශ්රායෙල් වංශය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම වනාහි ගොස් එකිනෙකා තම තමාගේ දේවරූපවලට සේවයකරන්න, ඔබ සැම මට ඇහුම්කන්දෙන්නේ නැත්නම් පසුත් එසේ කරන්න. නුමුත් ඔබ සැම මාගේ ශුද්ධ නාමය ඔබ සැමගේ පඬුරුවලින්ද ඔබ සැමගේ දේවරූපවලින්ද තවත් කෙලසන්නේ නැත.
40
මක්නිසාද උස්වූ ඉශ්රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී මුළු ඉශ්රායෙල් වංශය වන දේශයෙහි සිටින ඔවුන් සියල්ලෝම මට සේවයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එහිදී මම ඔවුන් පිළිගන්නෙමි, එහිදී මම ඔබ සැමගේ පඬුරුද ඔබ සැම ඔප්පුකරන ප්‍රථම ඵලද ඔබ සැමගේ සියලු ශුද්ධ දේත් ඇතුළුව මට දෙන්ට නියමකරන්නෙමි.
41
මා විසින් ජනයන් අතරෙන් ඔබ සැම පිටතට පමුණුවා, ඔබ සැම විසිරී සිටින දේශවලින් රැස්කළ කල්හි, මිහිරි සුවඳක්කොට ඔබ සැම පිළිගෙන, ඔබ සැම කරණකොටගෙන ජාතීන් ඉදිරියෙහි මා පිරිසිදු බව පෙන්වන්නෙමි.
42
ඔබ සැමගේ පියවරුන්ට දෙන හැටියට මා විසින් මාගේ අත ඔසවා දිවුළ දේශය වන ඉශ්රායෙල් රටට මා විසින් ඔබ සැම පැමිණෙවු කල්හි මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නවා ඇත.
43
එහිදී ඔබ සැමගේ සියලු මාර්ගද ඔබ සැමම අපවිත්‍රකරගත්තාවූ ඔබ සැමගේ සියලු ක්‍රියාද ඔබ සැම සිහිකොට, ඔබ සැම කළාවූ ඔබ සැමගේ සියලුම නපුරුකම් නිසා ඔබ සැමටම පිළිකුල්කරන්නහුය.
44
ඉශ්රායෙල් වංශය, මා විසින් ඔබ සැමගේ නපුරු මාර්ගවල හැටියටවත් ඔබ සැමගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියටවත් නොව මාගේ නාමය නිසා ඔබ සැම උදෙසා ක්‍රියාකළ කල්හි මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
45
නැවත ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
46
මනුෂ්‍ය පුත්‍රය, ඔබේ මුහුණ දකුණු දෙසට හරවා තබාගන, ඔබේ වචනය දකුණු දෙසට පිටෝතුකර, දකුණු පළාතේ වනයට විරුද්ධව අනාගතවාක්‍ය කියා,
47
දකුණු දිශාවේ වනයට මෙසේ කියන්න- ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔබ තුළ ගින්නක් පත්තුකරමි, එයින් ඔබ තුළ තිබෙන සියලු අමු ගස්ද සියලු වියළි ගස්ද දැවීයන්නේය. ඒ ඇවිළෙන ගිනිමැලය නොනිවී, එයින් දකුණේ සිට උතුර දක්වා සියලු මුහුණු දැවෙන්නේය.
48
මාංසමයවූ සියල්ලෝද ස්වාමීන්වහන්සේ වන මා විසින් එය දැල්වූ බව දකින්නෝය. එය නොනිවෙන්නේයයි කීය.
49
එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔහු උපමා කථාකරන කෙනෙක් නොවේදැයි ඔව්හු මා ගැන කියතියි කීයෙමි.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48