bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 7
Ezekiel 7
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 8 →
1
තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ
2
මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉශ්රායෙල් දේශය ගැන මෙසේ කියනසේක-තීන්දුවක්, එනම් දේශයේ සතර කොනට තීන්දුවක් පැමිණ තිබේ.
3
ඔබ පිටට තීන්දුව දැන් පැමිණ තිබේ, මාගේ උදහස ඔබට විරුද්ධව එවා, ඔබේ මාර්ග ලෙස ඔබ විනිශ්චයකොට, ඔබේ සියලු පිළිකුල්කම් ඔබ පිටට පමුණුවන්නෙමි.
4
මාගේ ඇස ඔබ කෙරෙහි දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔබේ මාර්ග ඔබ පිටට පමුණුවන්නෙමි, ඔබේ පිළිකුල් දේ ඔබ මධ්‍යයෙහි වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුය.
5
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: විපත්තියක්ය, එක්තරා විපත්තියක්ය; බලව, ඒක පැමිණෙයි.
6
තීන්දුවක් පැමුණුණේය, තීන්දුව පැමුණුණේය, ඒක ඔබට විරුද්ධව පිබිද තිබේ; බලව, ඒක පැමිණෙන්නේය.
7
එම්බා දේශයේ වැසිය, ඔබේ දඬුවම් වාරය පැමිණියේය. කාලය පැමිණ තිබේ, දවස කිට්ටුය; එය වනාහි ප්‍රීතිඝෝෂා දවසක් නොව කඳුවල කැලඹීමේ ඝෝෂා දවසක්ය.
8
දැන් ඉක්මනින් මාගේ කෝපය ඔබ පිටට වගුරුවා, මාගේ උදහස ඔබ කෙරෙහි ඉෂ්ටකරන්නෙමි. ඔබේ මාර්ග ලෙස ඔබ විනිශ්චය කොට, ඔබේ සියලු පිළිකුල්කම් ඔබ පිටට පමුණුවන්නෙමි.
9
මාගේ ඇස දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි, මම ඔබේ මාර්ග ලෙස ඔබ පිටට [දඬුවම්] පමුණුවන්නෙමි, ඔබේ පිළිකුල්කම්ද ඔබ තුළට පැමිණෙනවා ඇත; පහරදෙන්නේ ස්වාමිවූ මා බව මෙසේ ඔබ සැම දැනගන්නවා ඇත.
10
මෙන්න, ඒ දවස! බලව, එය පැමිණෙයි! ඔබේ දඬුවම් වාරය පැමුණුණේය; ඉපල මල්ගත්තේය, උඩඟුකමද දළුලෑවේය.
11
බලාත්කාරය දුෂ්ටකමේ දණ්ඩක් පිණිස නැගුටුණේය; ඔවුන්ගෙන් හෝ ඔවුන්ගේ සමූහයන්ගෙන් හෝ කිසිවෙක්වත් ඔවුන්ගේ වස්තුවෙන් කිසිවක්වත් ඉතිරි නොවන්නේය. ඒවා අතරේ උත්තමකමක්ද නොවන්නේය.
12
කාලය පැමිණ තිබේ, දවස ළංවී තිබේ. මිලේට ගන්නා ප්‍රීති නොවේවා, විකුණන්නා නොවැලපේවා. මක්නිසාද කෝපය එහි මුළු සමූහයා පිට තිබේ.
13
විකුණන්නාද ජීවත්ව සිටින්නන් අතරෙහි ජීවත්ව සිටියත්, ඔහු වික්ක උරුමයට නැවත නොපැමිණෙන්නේය. මක්නිසාද මේ දර්ශනය එහි මුළු සමූහයාට විරුද්ධව තිබේ, කිසිවෙක් හැරීඑන්නේ නැත; කිසිවෙක්ද තමාගේ අයුතුකමින් තමාගේ ජීවිතය බලවත්කර නොගන්නේය.
14
ඔවුන් හොරණෑව පිඹ සියල්ල සූදානම් කර තිබේ; නුමුත් කිසිවෙක් සටනට නොයයි. මක්නිසාද මාගේ කෝපය එහි මුළු සමූහයා කෙරෙහි ඇත්තේය.
15
පිටත කඩුවත් ඇතුළත වසංගතය හා සාගතයත් තිබේ. කෙතේ සිටින අය කඩුවෙන් මැරෙනවා ඇත; නුවර සිටින අය සාගතයෙන්ද වසංගතයෙන්ද විනාශවන්නෝය.
16
එහෙත් ඔවුන් අතරෙන් ගැළවෙන අය ගැළවී ගොස්, සියල්ලෝ එකිනෙකා තම තමාගේ අයුතුකම නිසා මිටියාවත්වල පරෙවියන් මෙන් කෙඳිරිගාමින් කඳුවල සිටින්නෝය.
17
සියලු අත් හෙළා වැටෙන්නේය, සියලු දණහිස්ද වතුර මෙන් බෙලහීනවන්නේය.
18
ඔව්හු ගෝණි රෙදි ඇඳගන්නෝය, භයානකකම ඔවුන් වසාගන්නේය; සියලු මුහුණුවල ලජ්ජාවත් ඔවුන් සියල්ලන්ගේ හිස් පිට මුඩුකමත් ඇතිවන්නේය.
19
ඔවුන් තමුන්ගේ රිදී වීථිවල විසිකරනවා ඇත, ඔවුන්ගේ රන්ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේය; ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන ස්වාමීන්වහන්සේ ගේ උදහස් දවසේදී ඔවුන්ට ගැළවෙන්ට නොහැකිවන්නේය; එයින් ඔවුන්ගේ ආශාව තෘප්තියට පැමිණෙන්නේවත් ඔවුන්ගේ බඩ පිරෙන්නේවත් නැත. මක්නිසාද ඔවුන්ගේ අයුතුකම නමැති පැකිලීමේ ගල ඒකය.
20
උන්වහන්සේගේ ආභරණවල අලංකාරය වනාහි ඔව්හු අහංකාරකමට පෙරළාගත්තෝය. තමුන්ගේ පිළිකුල් රූප වන තමුන්ගේ අශික්ෂිත දේ එහි සාදාගත්තෝය. එබැවින් මම ඒක ඔවුන්ට අපවිත්‍ර දෙයක්කොට තැබුවෙමි.
21
මම එය විදේශීන්ට කොල්ලයක්ද පොළොවේ දුෂ්ටයන්ට කොල්ලකෑමක්ද පිණිස දෙමි; ඔවුන් ඒක කෙලහනවා ඇත.
22
මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගනිමි, ඔවුන් මාගේ රහස් ස්ථානය කෙලහනවා ඇත. කොල්ලකාරයන්ද ඊට ඇතුල්වී කෙලහනවා ඇත. දම්වැළ සාදන්න.
23
මක්නිසාද දේශය මිනීමැරීමේ අපරාධයෙන් පිරී තිබේ, නුවරත් බලාත්කාරයෙන් පිරී තිබේ.
24
එබැවින් මම ඉතා නපුරු ජාතීන් ගෙන්වන්නෙමි, ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුමකරගන්නෝය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථානද කෙලහනු ලබන්නේය.
25
විනාශය පැමිණෙන්නේය; ඔව්හු සමාදානය සොයන්නෝය, නුමුත් ලැබෙන්නේ නැත.
26
විපත්තියක් පාසා විපත්තියක්ද ආරංචියක් පාසා ආරංචියක්ද පැමිණෙන්නේය; ඔවුන් අනාගතවක්තෘවරයාගෙන් දර්ශනයක් සොයනවා ඇත; නුමුත් පූජකයාගෙන් ව්‍යවස්ථාවද වැඩිමහල්ලන්ගෙන් මන්ත්‍රණයද නැතිවන්නේය.
27
රජ වැලපෙන්නේය, අධිපතියා පාළුකම පැළඳගන්නේය, දේශයේ සෙනඟගේ අත් කැලඹෙන්නේය. මම ඔවුන්ගේ මාර්ග ලෙස ඔවුන්ට කරන්නෙමි, ඔවුන්ගේ විනිශ්චයවල හැටියට ඔවුන් විනිශ්චයකරන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48