bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 44
Ezekiel 44
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 43
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 45 →
1
එවිට ඔහු නැගෙනහිරට තිබෙන ශුද්ධස්ථානයේ දොරටුව දෙසට යන මාර්ගයෙන් මා නැවත ගෙනගියේය; නුමුත් ඒක වසා තිබුණේය.
2
ස්වාමීන්වහන්සේ මට කථාකොට: මේ දොරටුව නෑර වසා තිබිය යුතුය, කිසිවෙක් එයින් ඇතුල් නොවන්නේය, මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එයින් ඇතුල්වූසේක; එබැවින් එය වසා තැබිය යුතුය.
3
අධිපතියාට නම් ඔහු අධිපතියා බැවින් එහි හිඳගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කෑම කන්ට ලැබෙනවා ඇත; ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්වෙනවා ඇත, ඒකේ මාර්ගයෙන් පිටතට යනවා ඇතැයි කීසේක.
4
එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් ගෘහයේ ඉස්සරහ පැත්තට මා පැමිණෙවුවේය; මම බැලූ විට ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ ස්වාමීන්වහන්සේ ගේ තේජසින් පිරී තිබෙන බව දැක මුහුණින් වැටුණෙමි.
5
ස්වාමීන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ සියලු නියෝග ගැනද එහි සියලු ව්‍යවස්ථා ගැනද මා විසින් ඔබට කියන සියල්ලම ඔබ සිතට ගෙන, ඔබේ ඇස්වලින් බලා, ඔබේ කන්වලින් අසන්න; ගෘහයට ඇතුල්වෙන තැනටත් ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් ඔබේ සිත යොමුකරන්න.
6
කැරළිකාර ඉශ්රායෙල් වංශයට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: එම්බා ඉශ්රායෙල් වංශය, ඔබ සැමගේ සියලු පිළිකුල්කම් ඔබ සැමට ඉතින් ඇත.
7
ඔබ සැම මාගේ ආහාර වන තෙලද ලේද ඔප්පුකරන විට, මාගේ ගෘහය කෙලහන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට අචර්මඡේදිත සිත්ද අචර්මඡේදිත මාංසද ඇති විදේශීන් ඒක ඇතුළට ගෙනාවහුය; ඔබ සැමගේ සියලු පිළිකුල්කම් මදිවාට ඔව්හු මාගේ ගිවිසුමත් කඩකළෝය.
8
ඔබ සැම මාගේ ශුද්ධවූ සේවය නොපවත්වා, ඔබ සැම වෙනුවට මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් පත්කළහුය.
9
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි සිටින විදේශීන්ගෙන් අචර්මඡේදිත සිතක්ද අචර්මඡේදිත මාංසද ඇති කිසි විදේශියෙක් මාගේ ශුද්ධස්ථානයට ඇතුල් නොවේවා.
10
තමුන්ගේ දේවරූප පස්සේ මුළාව ගිය ඉශ්රායෙල්වරුන් මුළාව ගිය කල මා වෙතින් අහක්ව ගියාවූ ලෙවීවරු ස්වකීය අයුතුකම දරන්නෝය.
11
එහෙත් ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයෝව ගෘහයේ දොරටුවල රැකවල්ලුව ගෘහයේ සේවකයෝව සිටින්නාහුය. ඔවුන් වනාහි දවන පූජාව සහ යාගය සෙනඟට මරාදෙනවා ඇත, ඔවුන්ට සේවයකිරීමටද ඔවුන් ඉදිරියෙහි සිටිනවා ඇත.
12
ඔවුන්ගේ දේවරූප ඉදිරියෙහි ඔවුන්ට මොවුන් සේවයකොට ඉශ්රායෙල් වංශය පැකිලවන අපරාධකමේ ගලක් වූ බැවින්, මාගේ අත මොවුන්ට විරුද්ධව එසෙවුවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක, ඔවුන් තමුන්ගේ අයුතුකම දරනවා ඇත.
13
මට පූජකකම් කරමින් මාගේ සියලු ශුද්ධ දේවල් වන අතිශුද්ධ දේවලින් යමක් ළඟටවත් මා ළඟටවත් ඔවුන් නොපැමිණිය යුතුය. ඔවුන් තමුන්ගේ ලජ්ජාව සහ තමුන් කළ තමුන්ගේ පිළිකුල්කමුත් දරනවා ඇත.
14
එසේ ගෘහයේ මුළු මෙහෙයටත් එහි කෙරෙන සියල්ලටත් ඔවුන් ගෘහය බලාගන්න රැකවලුන් කරන්නෙමි.
15
නුමුත් ඉශ්රායෙල් පුත්‍රයන් මා වෙතින් මුළාව ගිය විට මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්තුවාවූ ලෙවීවරුන්වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම් මට සේවයකිරීමට මා ළඟට පැමිණෙන්ටත් තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්ටත් පුළුවනැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
16
ඔවුන්ට නම් මාගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙන්ටත් මට සේවයකිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්ටත් මාගේ සේවය පවත්වන්ටත් පුළුවන.
17
ඔවුන් ඇතුල් මළුවේ දොරටුවලට ඇතුල්වෙන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතුය; ඇතුල් මළුවේ දොරටුවලට ඇතුළතින්ද ගෘහයෙහිද සේවයකරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත්වා.
18
ඔවුන්ගේ හිස් පට හණ තොප්පිද ඔවුන්ගේ ඉඟටිවල හණ වැසුම්ද තිබේවා; ඩහදිය හටගන්වන දෙයක් පෙරවා නොගනිත්වා.
19
ඔවුන් පිට-මළුවට එනම් පිට-මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවයකරන්ට අඳින තමුන්ගේ වස්ත්‍ර ගළවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමුන්ගේ වස්ත්‍රවලින් සෙනඟ විශුද්ධ නොකරන පිණිස වෙන වස්ත්‍ර ඇඳගනිත්වා.
20
ඔව්හු තමුන්ගේ ඉස් බූගාන්නේවත් ඉසකේ දික්වීමට අරින්නේවත් නැතුව, තමුන්ගේ ඉසකේ කපත්වා.
21
ඇතුල් මළුවට ඇතුල්වෙන කල කිසි පූජකයෙක් මුද්‍රිකපානය නොබී සිටීවා.
22
ඔව්හු වැන්දඹුවක්වත් අත්හරිනු ලැබූ ස්ත්‍රියෙක්වත් නොව ඉශ්රායෙල් වංශයේ කන්‍යාවන් සරණපාවා ගනිත්වා; නුමුත් පූජකයෙකුගේ වැන්දඹුවක්ව සිටින ස්ත්‍රියෙක් පාවාගන්ට ඔවුන්ට පුළුවන.
23
ශුද්ධවූ එක සහ ශුද්ධ නැති එක අතරේ තිබෙන වෙනස ඔවුන් මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර එක සහ පවිත්‍ර එක අතරෙත් තිබෙන වෙනස ඔවුන්ට දන්වත්වා.
24
පැමිණිල්ලක් ගැන නම් ඔව්හුම විනිශ්චයකිරීමට සිට, මාගේ විනිශ්චයවල හැටියට ඒක විනිශ්චයකරත්වා. මාගේ ව්‍යවස්ථාද මාගේ නියෝගද ඔව්හු මාගේ සියලු සභාවලදී රක්ෂාකරත්වා; මාගේ සබත් දවස්ද ශුද්ධකොට පවත්වත්වා.
25
ඔව්හු මළ කෙනෙකු ළඟට පැමිණ අපවිත්‍ර නොවෙත්වා. නුමුත් පියා නිසාවත් මවු නිසාවත් පුත්‍රයෙකු නිසාවත් දුවෙකු නිසාවත් සහෝදරයෙකු නිසාවත් පුරුෂයෙකු ඇතුව නොසිටිය සහෝදරියෙකු නිසාවත් ඔවුන්ට අපවිත්‍ර වෙන්ට අවසර තිබේ.
26
ඔහු පිරිසිදුවූ පසු ඔහුට සත් දවසක් නියමකරන්ට යෙදේවා.
27
ඔහු ශුද්ධස්ථානයෙහි සේවයකරන්ට ශුද්ධස්ථානයේ ඇතුල් මළුවට ඇතුල්වෙන දවසේ ඔහු තමාගේ පාප පූජාව ගෙනෙන්ට යෙදේවයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
28
ඔවුන්ට ලැබෙන උරුමය මෙසේය; ඔවුන්ගේ උරුමය මමය. ඔබ සැම ඔවුන්ට ඉශ්රායෙල්වරුන් අතරෙහි කොටසක් නොදිය යුතුය; ඔවුන්ගේ කොටස මමය.
29
ඔවුන්ට ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද කන්ට පුළුවන; ඉශ්රායෙල් අතරෙහි කැපවූ සියල්ලම ඔවුන්ට වන්නේය.
30
සියලුම දේවල සියලුම ප්‍රථම ඵලවලින් පළමු ඒවාද ඔබ සැමගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ලද පූජකයන්ට වන්නේය. ඔබේ ගෙය මතුයෙහි ආශීර්වාදයක් පවතින පිණිස ඔබ සැමගේ අනාපු පිටියෙන් පළමු කොටස පූජකයාට දෙන්න.
31
ඉබේම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදැමූ කිසි පක්ෂියෙක්වත් මෘගයෙක්වත් පූජකයන් විසින් නොකෑ යුතුය.
← Chapter 43
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 45 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48