bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 33
Ezekiel 33
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 34 →
1
ස්වාමීන්වහන්සේ ගේ වචනයද මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, ඔබේ සෙනඟගේ පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න-මා විසින් යම් දේශයකට කඩුව පමුණුවන විට ඒ දේශයේ සෙනඟ තමුන් අතරෙන් මනුෂ්‍යයෙකු ගෙන තමුන්ට මුරකාරයා කොට තැබුවොත්,
3
දේශය පිටට කඩුව පැමිණෙනවා ඔහු දැක හොරණෑව පිඹ සෙනඟට දැන්වූ කල්හි,
4
හොරණෑ ශබ්දය අසා ඒක නොසලකා සිටින යම් කෙනෙකු කඩුව පැමිණ පහකළොත්, ඔහුගේ ලේ තමාගේම හිස පිට වන්නේය.
5
ඔහු හොරණෑ ශබ්දය අසා නොසලකා සිටියේය; ඔහුගේ ලේ තමා පිට වන්නේය. නුමුත් ඔහු සැලකුවේ නම් තමාගේ ප්‍රාණය ගළවාගන්නවා ඇත.
6
නුමුත් මුරකාරයා කඩුව පැමිණෙනවා දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, කඩුව පැමිණ ඔවුන්ගෙන් යමෙකු පහකරන්ට යෙදුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා පහකරනු ලැබේ, නුමුත් ඔහුගේ ලේ මුරකාරයාගේ අතින් අයකරන්නෙමියි කියන්න.
7
එසේම, මනුෂ්‍ය පුත්‍රය, මම ඔබ ඉශ්රායෙල් වංශයට මුරකාරයෙකු කෙළෙමි; ඔබද මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
8
එම්බා දුෂ්ටය, ඔබ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී කල්හි, තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාදකිරීමට ඔබ කථා නොකර සිටියොත්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත, එහෙත් ඔහුගේ ලේ ඔබ අතින් අයකරන්නෙමි.
9
එසේවී නුමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස ඔබ ඒ ගැන දුෂ්ටයාට අවවාදකළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත, ඔබ ඔබේ ප්‍රාණය ගළවාගත්තෙහිය.
10
තවද මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: ඔබ සැම කථාකොට-අපේ වරද සහ අපේ පාපද අප කෙරෙහි තිබී අප එයින් ක්ෂයවී යද්දී අප ජීවත්වන්නේ කොහොමදැයි කියා ඔබ සැම කියන එක හරිය.
11
මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඉශ්රායෙල් වංශය හැරෙන්න, ඔබ සැමගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; ඔබ සැම නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.
12
එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, ඔබේ සෙනඟගේ පුත්‍රයන්ට මෙසේ කියන්න: ධර්මිෂ්ඨයා වරද කරන දවසේදී ස්වකීය ධර්මිෂ්ඨකම නිසා ඔහු නොගැළවෙන්නේය; දුෂ්ටයාද තමාගේ දුෂ්ටකමෙන් හැරෙන දවසේදී තමාගේ දුෂ්ටකම නිසා වැටී නොයන්නේය. ධර්මිෂ්ඨයා පව්කරන දවසේදී ධර්මිෂ්ඨකම නිසා ජීවත්වෙන්ට ඔහුට පුළුවන්වෙන්නෙත් නැත.
13
ඔබ සැබවින් ජීවත්වන්නෙහියයි මා විසින් ධර්මිෂ්ඨයාට කීවාම ඔහු තමාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි විශ්වාසකරමින් අයුතුකම්කළොත්, ඔහුගේ සියලු ධර්මිෂ්ඨකම් සිහිකරනු නොලබන්නේය; ඔහු කළාවූ ස්වකීය අයුතුකම නිසා ඔහු නසිනවා ඇත.
14
ඔබ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී විට ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්,
15
උකස නැවත දී කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අධර්මිෂ්ඨකම් නොකර ජීවන-පනත් ප්‍රකාර හැසුරුණොත්, ඔහු නොනැසී ජීවත්වන්නේමය.
16
ඔහු කළාවූ ඔහුගේ කිසිම පාපයක් ඔහුට විරුද්ධව සිහිකරනු නොලබන්නේය. ඔහු යුක්තියද ධර්මිෂ්ඨකමද කෙළේය; ඔහු සැබවින්ම ජීවත්වන්නේය.
17
එහෙත්: ස්වාමීන්වහන්සේ ගේ මාර්ගය සාධාරණ නැතැයි ඔබේ සෙනඟගේ පුත්‍රයෝ කියති. නුමුත් සාධාරණ නැත්තේ ඔවුන්ගේ මාර්ගයය.
18
ධර්මිෂ්ඨයා තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී අයුතුකම්කළොත්, ඔහු ඒ නිසා නසින්නේය.
19
දුෂ්ටයාද තමාගේ දුෂ්ටකමෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්, ඔහු ඒ නිසා ජීවත්වන්නේය.
20
එහෙත්: ස්වාමීන්වහන්සේ ගේ මාර්ගය සාධාරණ නැතැයි ඔබ සැම කියන්නහුය. එම්බා ඉශ්රායෙල් වංශය, මම ඔබ සැම එකිනෙකා තම තමාගේ මාර්ග ලෙස විනිශ්චයකරන්නෙමියි කීය.
21
අපේ වහල්කමේ දොළොස්වෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ පස්වෙනිදා යෙරුසලමෙන් ගැළවුණු කෙනෙක් මා ළඟට ඇවිත්: නුවර අසුවුණායයි කීය.
22
ගැළවුණු තැනැත්තා එන්ට ඉස්සරින්දා සවස ස්වාමීන්වහන්සේ ගේ අත මා පිටට පැමිණ තිබුණේය. තවද ඒ අය පසුවදා උදේ මා වෙතට එන තුරු උන්වහන්සේ මාගේ මුඛය ඇර තිබුණේය; මාගේ මුඛය ඇරී, මම තවත් ගොළුව නොසිටියෙමි.
23
ස්වාමීන්වහන්සේ ගේ වචනයද මා වෙතට පැමිණ කියනුයේ:
24
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කථාකොට-ආබ්‍රහම් එක්කෙනෙක්ව සිටි නුමුත් ඔහුට දේශය උරුමවිය. අපි වනාහි බොහෝ දෙනෙක්ය; දේශයද උරුමයක් කොට අපට දී තිබේයයි කියති.
25
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ලේ පිටින් කන්නාවූ, ඔබ සැමගේ ඇස් ඔබ සැමගේ රූපවලට ඔසවන්නාවූ, ලේ වගුරුවන්නාවූ ඔබ සැමට දේශය භුක්තිවිඳින්ට ලැබේද?
26
ඔබ සැමගේ කඩුව කෙරෙහි පිහිටා සිටින්නාවූ, පිළිකුල්කම්කරන්නාවූ, තම තමාගේ අසල්වාසියාගේ භාර්යාව අපවිත්‍රකරන්නාවූ ඔබ සැමට දේශය භුක්තිවිඳින්ට ලැබේද?
27
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මා ජීවමාන බව සැබෑවා සේම, පාළු ඉඩම්වල සිටින්නෝ කඩුවෙන් වැටෙන්නෝය, කෙතේ පිටත සිටින අය මෘගයන්ට කෑම පිණිස දෙන්නෙමි, බලකොටුවලද ගුහාවලද සිටින්නෝ වසංගතයෙන් නසින්නෝය
28
මම දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි, ඇගේ බලයේ උඩඟුකමද පහවන්නේය; ඉශ්රායෙල් කඳුවල කිසිවෙකු නොයන ලෙස ඒවා පාළුවන්නේය.
29
ඔවුන් කළ සියලු පිළිකුල්කම් නිසා මා විසින් දේශය පාළුවක්ද නාස්තියක්ද කළාම මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
30
තවද, මනුෂ්‍ය පුත්‍රය, ඔබේ සෙනඟගේ පුත්‍රයෝ පවුරු ළඟදීද ගෙවල්වල දොරකඩවලදීද ඔබ ගැන කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේ ගෙන් පැමිණෙන වචනය මොකද කියා අසන්නැයි එකිනෙකා තම තමාගේ සහෝදරයාට කියති.
31
එසේ ඔව්හු සෙනඟක් එන්නාක්මෙන් ඔබ ළඟට ඇවිත්, මාගේ සෙනඟ මෙන් ඔබ ඉදිරියෙහි හිඳගෙන, ඔබේ වචන අසති, නුමුත් ඔව්හු ඒවා නොපවත්වති. මක්නිසාද තමුන්ගේ කටින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති, නුමුත් ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේය.
32
ඔබ වනාහි මිහිරි හඬක් ඇත්තාවූ හොඳට ගායනා කරන කෙනෙකුගේ ප්‍රේම ගීයක් මෙන් ඔවුන්ට සිටියි. මක්නිසාද ඔව්හු ඔබේ වචන අසති, නුමුත් ඒවා නොපවත්වා සිටිති.
33
මේ කාරණය සිදුවන්නේමය. එය සිදුවන කල තමුන් අතරෙහි අනාගතවක්තෘ කෙනෙක් සිටි බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය.
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 34 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48